• About us
  • Contact us
Friday, June 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හිමාලයේ මහා හිම පතනයේදීත් බවුන් වැඩූ විස්මිත යෝගිතුමා ගැන පුදුම හිතෙන කතාව I Sri Lanka Latest News

March 7, 2024
in Exclusive, News
Reading Time: 5 mins read
A A
Share on WhatsAppShare on Facebook

‘අවුරුදු සිය ගණන්වල ඉඳලා හිමාලයේ නොයෙකුත් තැන්වල ඍෂිවරු සහ යෝගීන් බවුන් වඩනවා. ඇළ, දොළ, ගංගා, කඳු මුදුන්, වනාන්තර මේ හැම තැනකම ඔවුන් දැහැනට සමවැදිලා ඉන්නවා අපි දැකලා වගේම අහලා තියෙනවා. ඒත් පුසගියදා සයිබර් අවකාශයේ (අන්තර්ජාලයේ) අපට දකින්න ලැබුණු මේ දර්ශනය නම් අතිශයින්ම පුදුමසහගතයි. සෙන්ටිග්‍රේඩ් අංශක ඍණ 20කටත් වඩා අඩුවෙන් තියෙන හිම මිදෙන විවෘත පරිසරයක යම් යෝගිවරයකු බවුන් වඩන මේ දර්ශනය සත්‍ය එකක්ද කියා සිතාගන්නට අමාරුයි.(Sri Lanka Latest News)

මේක හිමාලයේ ශීත ඍතුව ඉතා උච්ච තත්ත්වයක තිබෙන කාලයක්. ශරීරය හරියටම වසාගන්නේ නැති ඇඳුමක් නැතිව භාවනා කරනවා තබා හිම තියෙන පරිසරයේ විනාඩි ගණනක්වත් ඉන්න බැහැ. මෙම යෝගිවරයාගේ දර්ශනය නම් කෘත්‍රිමව පරිගණක තාක්ෂණයෙන් නිර්මාණය කරපු වීඩියෝවක්. මේ සඳහා කෘත්‍රිම බුද්ධිය භාවිත කර තිබෙන ආකාරය හොඳින්ම පෙනෙනවා. මෙය සත්‍ය සිදුවීමක් ලෙස කෙසේවත් හිතන්න බැහැ…’

සාමාන්‍යයෙන් අපට සුලබව අසන්නට නොලැබෙන මෙවැනි කතාවක් කෙසේ හෝ අපට පසුගියදා අසන්නට ලැබුණේ කොතැනකින්ද? මේ අපූරු වගතුග පසුගියදා අපගේ සවනට වැටුණේ යාබද ඉන්දියාවෙනි. ඉන්දියාව ආශ්‍රිත හිමාලය ප්‍රදේශයේ වාසය කරන එක්තරා ඍෂිවරයකුගේ හෝ යෝගිවරයකුගේ හෝ දර්ශනයක් මෙම අන්තර්ජාල වීඩියෝවට අයත් විය. එම වීඩියෝ දසුන හරියටම විනාඩියකට අඩු කාලයක් පුරා විකාශය වන්නකි. එනම් එම යෝගිවරයා තම ගතට නිසි හිම පතනයකට සුදුසු ඇඳුමක් හෝ නොමැතිව හිම කඩාවැටෙන දැඩි ශීතල පරිසරයක එළිමහනේ එරමිණියා ගොතාගෙන භාවනා කරන ආකාරය දක්නට හැකිය.

ඔහු මෙම මහා දුෂ්කර ක්‍රියාව යම් දීර්ඝ වේලාවක් පුරා සිදුකර ඇතැයි සිතිය හැක්කේ ඔහුගේ ශරීරය පුරා හිම පතිතවී තැන්පත් වී ඇති ආකාරය දුටු විටය. දැන් එසේ නම් මෙම ලිපියේ ඉහත ඔබට ලියා තැබූ යමකු හෝ යම් පිරිසක් හෝ විසින් ප්‍රකාශිත වූ වගතුග කුමක්ද? පසුගියදා ඉහත සඳහන් කළ වීඩියෝ දසුන් අන්තර්ජාලයෙහි විකාශය වූ පසුව විශාල ආන්දෝලනයක් හටගත්තේය. ඉන්දියාවේ පාර්ශ්ව ගණනාවක් මෙහිදී ප්‍රකාශ කර සිටියේ මෙම වීඩියෝව සම්පූර්ණයෙන්ම කෘත්‍රිම බුද්ධිය (Artificial intelligence) නමැති පරිගණක තාක්ෂණයෙන් නිර්මාණය කරන ලද අසත්‍ය වීඩියෝවක් බවයි.

ඉන්දියාවේ පමණක් නොව ලෝකයේ තවත් රටවල පාර්ශ්ව විසින්ද අදහස් ප්‍රකාශ කර සිටියේ මෙලෙස දැඩි හිම පතනයකට නිසි සුදුසු ඇඳුමක් නොමැති නිරාවරණය වීම කිසිසේත්ම කළ නොහැකි කාරියක් බවයි. එහිදී සැණින් ශරීර උෂ්ණත්වය වෙනස් වී ඉක්මනින් මරණයට පත්වන බව එම පාර්ශ්ව අවධාරණය කළහ. එහෙයින් මෙය කෘත්‍රිමව නිර්මාණය කරන ලද්දක් පමණක් බවද පැවැසිණි.

මෙම මහා ආන්දෝලනය මැද දින දෙක තුනක් ගෙවී ගියේය. මුළු ලොවම මහත් විමතියට පත්කළ මෙම වීඩියෝව ගැන ඇත්ත නැත්ත සොයා බලන්නට ඉන්දියාවේ යම් පාර්ශ්වයක් ඉදිරිපත් විය. එය නම් වෙනත් කවරකු හෝ නොව ලොව පුරා මහත් ප්‍රකටත්වයට පත්ව තිබෙන ඉන්දියානු ජනමාධ්‍ය ආයතනයක් වන ඉන්ඩියා ටුඩේ (India Today) මාධ්‍ය ආයතනයයි. මෙම ආයතනය සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් තම ප්‍රකාශ එළිදක්වන ආයතනයකි. ඔවුන්ගේ ප්‍රධානතම ප්‍රකාශනය වන්නේ සතිපතා එළිදක්වන India Today ප්‍රවෘත්ති සඟරාවයි. මෙම ආතනය දැනට වසර 50ක් පැරැණි ආයතනයක් වන අතර, එය ආරම්භ කර ඇත්තේ 1975 වසරේදීය.

ඉන්දියාවේ ඉතා වැඩියෙන් අලෙවි වන අංක එකේ සිටින පුවත් සඟරාව මෙය වන අතර, එය ඉන්දියාව තුළ පමණක් සතියකට පිටපත් මිලියන 8ක් හෙවත් ලක්ෂ 80ක් අලෙවි වෙයි. මෙම මාධ්‍ය ආයතනයෙහි අනෙක් විශේෂත්ව වන්නේ 2003 වසරේදී ඔවුන් විසින් අරඹන ලද India Today News Channel රූපවාහිනී නාලිකාවයි. එය ඉංග්‍රීසි රූපවාහිනී විකාශයකි. කෙසේ හෝ මෙහිදී හෙළිවන තවත් සුවිශේෂ වගතුගක් වන්නේ ‘ඉන්ඩියා ටුඩේ’ ඉංග්‍රීසි සතිපතා සඟරාව තවත් භාෂා 04කින්ද ප්‍රකාශිත වීමය. එනම් එය හින්දි, දෙමළ, මලයාලම් සහ තෙලිඟු යන භාෂාවලින්ද එළිදැක්වෙයි. මෙම ප්‍රකට මාධ්‍ය ආයතනයේ යම් වගතුගක් ඔබට ලියා තැබුවේ මෙම කතාව තවත් පැහැදිලි කරගන්නටය. එනම් මෙම කීර්තිමත් මාධ්‍ය ආයතනය විසින් ඉහත යෝගිවරයාගේ සිදුවීම ගැන යම් මාධ්‍ය විමර්ශනයක් සිදුකිරීමට පියවර ගත්තේය. ඒ අනුව එම වගතුගේ අලුත් පිටු පෙරළන්නට විය.

මේ අනුව India Today මාධ්‍ය ආයතනයේ නියුතු ගවේෂණශීලී මාධ්‍ය කණ්ඩායමක් මෙම සිදුවීම ගැන විමර්ශනය කරන්නට විය. මෙම සිද්ධිය සිදුවී ඇතැයි කියන ප්‍රදේශය සඳහා සජීවීව සහභාගි වෙමින් විමර්ශනය සිදුකළේය. ඉන්දියාවේ හිමාල කඳුකරයේ හිමචාල් ප්‍රදේශ් නමැති අතිශය දුෂ්කර ප්‍රදේශයක මෙම සිදුවීම ඇතිවී තිබුණේ යැයි කරුණු ප්‍රකාශ වී තිබිණි. ගවේෂණශීලී මාධ්‍ය කණ්ඩායම පියවරෙන් පියවර කරුණු නිරීක්ෂණය කරන්නට වූහ. අවසානයේදී සත්‍යය හෙළිවන්නට විය.

මෙය 100%ක්ම සත්‍ය සිදුවීමක් ලෙස කරුණු වාර්තා විය. වීඩියෝ දසුන්වල යෝගිවරයාගේ හිසේ සහ මුහුණේ පතිතවී ඇත්තේ සුදු පැහැති හිම කැදලි හෙයින් ඔහුගේ මුහුණුවර පැහැදිලි නැත. එය යම් සුදු හිසකෙස් හා රැවුලක ස්වරූපයක්ද පෙන්නුම් කළේය. එහෙත් විමර්ශනයේදී පසුව සොයාගන්නට හැකි වී ඇත්තේ මෙම භාවනාවේ යෙදී සිටින්නේ තවද යම් තාරුණ්‍යයක පසුවන යෝගිවරයකු බවය. ඔහු ප්‍රකට ඉන්දියානු යෝගිවරයකු වන සත්යේන්ද්‍ර නාත් (Satyendra Nath) බවට හඳුනාගන්නා ලදී.

පසුගියදා ඔහු මෙම විස්මිත ක්‍රියාව සිදුකරන ආකාරය ඔහුගේ අනුගාමිකයකු වන රාහුල් නමැත්තා වීඩියෝගත කර ඇත. මෙම සුවිශේෂ යෝගිවරයා දැනට වසර 20ක් පුරා නොකඩවා හිමාල කඳුකරයේ බවුන්වඩමින් සිටින අයකු වෙයි. ඔහු තම යෝග අභ්‍යාස ආරම්භ කර ඇත්තේ වසර 07ක් වැනි ළමා වියේදී බැව් පැවැසෙයි. මොහුට මේ වන විට ලොව පුරා අනුගාමිකයන් රැසක් සිටින අතර, කලින් කලට මෙම පිරිස් ඔහු හමුවීම සඳහා හිමාල අඩවියට යන බවද පැවැසෙයි. ඔහු මින් පෙරද හිම මත සිටිමින් යෝග භාවනා සිදුකර ඇතත් මෙතරම් තීව්‍ර අයුරින් එවැනි බවුන් වැඩීමක් සිදුකර ඇත්තේ ප්‍රථම වතාවට බවද පැවැසෙයි.

Sri Lanka Latest News

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

හුස්ම වැඩසටහනින් ‘සජිත්-ජලනි-දියත්නා’ පවුල කාසල් ‌රෝහලට දෙන්න යන ඉන්කියුබේටරය සහ ඉන්ෆැන්ට් යන්ත්‍ර 3ට විශේෂඥ වෛද්‍යවරුන්‌ගෙන් ප්‍රශංසා පිට ප්‍රශංසා! මේ කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය සනත් ලැනරෝල් කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

Next Post

කොවිඩ් ඉවර නෑ : මෙන්න දැනගන්න අතුරු ආබාධ ගොඩක් තියෙනවා I Sri Lanka Latest News

MORE NEWS

සජබ – යූ.ඇන්.පී. එකතු වෙන්න කියලා රනිල් දුන්නේ ලොකු ලනුවක්! එයා තව අවුරුදු ගානකට නායකත්වයෙන් යන්නෑ! ඉන්නකල් වැඩකුත් නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොන්දක් තියෙන තරුණ නායකයෙක්…! සුජීවට සැලියුට්! Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ බලන්න අද මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා යනවා! I Sri Lanka Latest News

රාජපක්ෂ ‌පවුලේ ශෂීන්ද්‍රට ජනපති තවත් ඇමැතිකමක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 88ක් වන්දි අරන්! ශෂීන්ද්‍ර ඇතුළු තිදෙනෙකුට අද මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුවෙයි! I Sri Lanka Latest News

සැමියා මියගියන් මාස 4ට දෙන්නෙක් එක්ක පෙමින් බැඳුණු කත ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ! Sri Lanka Latest News
Exclusive

ටෙන්ඩර් නැතිව ඇසුරුම් අරන් සමාගමට එක්කෝටි හතළිස් තුන් ලක්ෂයක අයුතු වාසියක් කරලා! ලංකා ලුණු සමාගමේ CEO අත්අඩංගුවට! I Sri Lanka Latest News

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News
Exclusive

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News

කල්පිටි වෙඩි පිටියේ සිද්ධිය ගැන පොලිසියෙන් වගේම ගුවන් හමුදාවෙනුත් විශේෂ විමර්ශන! I Sri Lanka Latest News
Exclusive

කල්පිටි වෙඩි පිටියේ සිද්ධිය ගැන පොලිසියෙන් වගේම ගුවන් හමුදාවෙනුත් විශේෂ විමර්ශන! I Sri Lanka Latest News

Load More
සජබ – යූ.ඇන්.පී. එකතු වෙන්න කියලා රනිල් දුන්නේ ලොකු ලනුවක්! එයා තව අවුරුදු ගානකට නායකත්වයෙන් යන්නෑ! ඉන්නකල් වැඩකුත් නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොන්දක් තියෙන තරුණ නායකයෙක්…! සුජීවට සැලියුට්! Sri Lanka Latest News

ඔබතුමියත් ආණ්ඩුවේද? රතු කට්ටේදී සුජීවට රතුකට්ට පනී... රතු කට්ට හොඳටම උණුසුම් Sri Lanka Latest News

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේ බලන්න අද මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා යනවා! I Sri Lanka Latest News

රාජපක්ෂ ‌පවුලේ ශෂීන්ද්‍රට ජනපති තවත් ඇමැතිකමක් දෙයි! I Sri Lanka Latest News

ලක්ෂ 88ක් වන්දි අරන්! ශෂීන්ද්‍ර ඇතුළු තිදෙනෙකුට අද මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුවෙයි! I Sri Lanka Latest News

සැමියා මියගියන් මාස 4ට දෙන්නෙක් එක්ක පෙමින් බැඳුණු කත ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ! Sri Lanka Latest News

ටෙන්ඩර් නැතිව ඇසුරුම් අරන් සමාගමට එක්කෝටි හතළිස් තුන් ලක්ෂයක අයුතු වාසියක් කරලා! ලංකා ලුණු සමාගමේ CEO අත්අඩංගුවට! I Sri Lanka Latest News

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.