• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඇමැතිකම්වලටද? වරදානවලටද? වරප්‍රසාදවලටද? රට වෙනුවෙන් පැත්ත මාරුකිරීම හෙවත් දෑත් ශක්තිමත් කිරීම…

August 22, 2022
in Exclusive, News
Reading Time: 4 mins read
A A
ඇමැතිකම්වලටද? වරදානවලටද? වරප්‍රසාදවලටද? රට වෙනුවෙන් පැත්ත මාරුකිරීම හෙවත් දෑත් ශක්තිමත් කිරීම…
Share on WhatsAppShare on Facebook

මිනිසුන් මිලකර විකිණීම ලෝකය අතහැර දැමූ පිළිකුල් වෙළෙඳාමකි. අතීතයේ වහල් වෙළෙඳාම යැයි කීවේ එයටය. එහෙත් මිනිසෙක් ස්ව කැමැත්තෙන් තමා විසින්ම මිලක් නියම කර විකිණෙන්නේ නම් එය වෙනමම තත්ත්වයකි. ලෝකයේ අන් රටවල කෙසේ වෙතත් ලංකාවේ එයට කියන්නේ ‘දෑත් ශක්තිමත් කරන්නට’ යනවා කියාය. මෙකී දෑත් ශක්තිමත් කරන්නට යෑම ලංකාවේ දේශපාලන සංස්කෘතියට එක්වනු‍යේ 1994න් පසුවය. චන්ද්‍රිකාගේ කාලයේය.

රාජ්‍ය මන්ත්‍රණ සභා, ව්‍යවස්ථාදායක සභා පසුකර ගාලුමුවදොරින් දියවන්නාවට පාර්ලිමේන්තුවට සපැමිණීම හුදු ගොඩනැගිලි මාරුවක් ලෙස සැලකිය නොහැක්කේ එකී ස්ථාන මාරුවෙන් කෙටි කලක ඇවෑමෙන් පෞද්ගලික වාසි තකා පක්ෂ මාරුකිරීමේ පහත් පුරුද්ද දෑත් ශක්තිමත් කිරීම නමින් බෞතීස්ම ලබා කරළියට පැමිණීම නිසාය.

ප්‍රතිපත්ති මූලික ක්‍රියාකාරකමක් වූ දේශපාලනඥයකුගේ තීරණ සහ ප්‍රතිපත්ති වෙනස් වනවා නම් ඒ ජනතා සුබසෙත සදන කරුණක් වෙනුවෙන් පමණක් විය යුතුය. ලාභ ප්‍රයෝජන තකා කිසිම විටෙක එකී ප්‍රතිපත්ති වෙනස් නොවිය යුත්තේය. එහෙත් වර්තමානයේ දෑත් ශක්තිමත් කිරීමට යැයි කියා කරන පක්ෂ මාරුව තනිකරම සිදුවන්නේ පුද්ගලික වාසි තකාය. එමෙන්ම පවතින දේශපාලන රාමුව විසින් නිර්මිත විකාරරූපී ඡන්ද ක්‍රමය නිසාද දෑත් ශක්තිමත් කරන්නන්ට හොඳ ඉඩ හසරක් නිර්මාණය කර තිබේ.

අතීතයේ පක්ෂ මාරුකිරීමේ කප්පිත්තන් වූ රොනී ද මැල් වැන්නෝ එකල මෙලෙස උප සංස්කෘතියක් බිහි කළද ඔවුන්ට තවත් තැනක දේශපාලන වශයෙන් ස්ථාවර වීම හැර වෙනත් මූල්‍ය වාසියක් හෝ තනතුරු ලාභයක් හිමිවූයේ නැත. එ.ජා.ප.ය වෙනුවෙන් අඛණ්ඩව අයවැය ලේඛන 11ක් පර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රොනී 1990දී ශ්‍රීලනිපයට එක්වී නැවත 1994දී එ.ජා.ප.යට එක්වන්නේය. 2001දී පොදුජන එක්සත් පෙරමුණට එක්වූ ඔහු ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස පාර්ලිමේන්තුවට එක් වන්නේය. 2004 වසරේ රොනී යළි එක්සත් ජාතික පක්ෂයට එක්වූයේය. මෙතරම් කරණම් ගැසුවද ඔහු රුපියල් කෝටි ප්‍රකෝටි ගණනට අලෙවි වූ බව අපට චෝදනා කළ නොහැක. එහෙත් මෑත භාගයේ සිදුවූ සියලු දේශපාලන පැති මාරු පසුපස ඇත්තේ එදා රොනීලාගේ කාලයේ මෙන් සරල කරණම් නොව බරැති දේශපාලන ගනුදෙනුය.

1994 පාර්ලිමේන්තු මැතිවරණය ජයගත්තද චන්ද්‍රිකා බණ්ඩාරනායක පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුව පසුවූයේ හෙළවෙන දතක ස්වරූපයෙනි. එක බහුතර ආසනයක් සහිතව පිහිටුවූ ඇගේ ආණ්ඩුව ස්ථාවර කරන්නට ‘දෑත් ශක්තිමත් කරන්නන්’ සොයාගත හැකි වූයේ එ.ජා.පයෙනි. විජයපාල මෙන්ඩිස්, ආචාර්ය සරත් අමුණුගම, සුසිල් මුණසිංහ ප්‍රමුඛ කණ්ඩායමක් චන්ද්‍රිකාගේ ආණ්ඩුවට එක්වීමෙන් ලංකාවේ මුල්ම දෑත් ශක්තිමත් කරන්නෝ බවට පත්වූහ.

1977 පාර්ලිමේන්තු මතිවරණයට කොමියුනිස්ට් පක්ෂය වෙනුවෙන් හඟුරන්කෙත ආසනයට තරග කරමින් අන්ත පරාජයක් ලැබූ එස්.බී. දිසානායකද තවත් ප්‍රකට දෑත් ශක්තිමත් කරන්නෙකි. ශ්‍රීලනිපය වෙනුවෙන් තරග කරමින් 1994 මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුවට පිවිසි ඔහු චන්ද්‍රිකාගේ මුල්ම කැබිනට්ටුවේ ක්‍රීඩා සහ සමෘද්ධි ඇමැති ධුරය හෙබවීය. එහෙත් වසර 2000 වන විට ඔහුට චන්ද්‍රිකා වහ කදුරු මෙන් වූ අතර විකල්පය ලෙස එස්.බී. තෝරා ගත්තේ රනිල්ගේ දෑත් ශක්තිමත් කිරීමය. එදා එස්.බී. සමග මහාචාර්ය ජී.ඇල්. පීරිස්, බන්දුල ගුණවර්ධන, රාජිත සේනාරත්න ඇතුළු පිරිසක් සමග එක්සත් ජාතික පක්ෂයට එක්වී රනිල්ගේ දෑත් ශක්තිමත් කරන මුවාවෙන් ආණ්ඩුවක්ද අටවා ඇමැතිකම්ද ලබාගන්නට සමත් වන්නේය.

රනිල්ගේ දෑත් ශක්තිමත් කරමින් සිටින අතරතුර කළ කතාවකින් අධිකරණයට අපහාසයක් වූ බව තීරණය වීම නිසා 2004 වසරේදී ඔහුට සිරබත් කන්නටද සිදුවන්නේය. එහෙත් එස්.බී. වැනි දෑත් ශක්තිමත් කරන්නකු හිරේ ඉන්නවාට අකැමැති වූ මහින්ද රාජපක්ෂ, 2006 වසරේදී ඔහුට සමාව ලබාදෙන ලදී. අනතුරුව 2009 වසරේ යළි ශ්‍රීලනිපයට එක්වී මහින්දගේ දෑත් ශක්තිමත් කරන ඔහු, 2015 මැතිවරණයේදී පරාජයට පත්වන්නේය.

අද වන විට පොදුජන පෙරමුණේ ක්‍රියාකාරිකයෙක් මෙන්ම හිටපු අගමැති මහින්ද රාජපක්ෂගේ කිට්ටුවන්තම සගයා වී ‘මයිනා ගෝ ගම’ට සහ ‘ගෝඨා ගෝ ගම’ට මැයි 09 වැනිදා එල්ලවූ ප්‍රහාරයේ හවුල්කරුවෙක් වී මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නිතර යනෙන කෙනකු වී සිටින ජොන්ස්ටන් ප්‍රනාන්දුද එ.ජා.ප.යේ සිට මහින්ද රාජපක්ෂගේ දෑත් ශක්තිමත් කරන්නට පැමිණි අයෙකි. ඔහු සමග එකම වකවානුවේ එජාපය හැර දමා ශ්‍රීලනිපයට පැමිණි දයාසිරි ජයසේකර මේ වන විටත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ දෑත් ශක්තිමත් කරමින් සිටී.

1960 සිට නම් දැරූ යූ.ඇන්.පී.කාරයකුව සිට 2006 වසරේ රනිල් වික්‍රමසිංහ සමග පෞද්ගලික ආරෝවක් නිසා මහින්ද රාජපක්ෂගේ දෑත් ශක්තිමත් කරන්නට ගිය ගාමිණි ලොකුගේ අරගලය විසින් රාජපක්ෂවරු නෙරපන තුරුම කැබිනට් අමාත්‍ය ධුර හෙබවූ අයෙකි. හෙට අනිද්දාට සර්වපාක්ෂික අණ්ඩුවක් පිහිටුවූ පසු ඔහුට 2006 එපා වූ රනිල්ගේ දෑත් ශක්තිමත් කරන්නට සිතුණොත් එයද පුදුමයක් නැත.

දෑත් ශක්තිමත් කරන්නන්ගේ ලොකුම කණ්ඩායම කලඑළි බසින්නේ 2007 වසරේ ජනවාරි 28 වැනිදාය. කරු ජයසූරියගේ ප්‍රධානත්වයෙන් යුතු මන්ත්‍රීවරු 18 දෙනෙක් එදා එජාපය හැරදමා මහින්දගේ දෑත් ශක්තිමත් කිරීමට එක්වූහ. එම පිරිස අතර රෝහිත බෝගොල්ලාගම, පී. දයාරත්න, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ධර්මදාස බණ්ඩා, නවීන් දිසානායක, එඩ්වඩ් ගුණසේකර, බන්දුල ගුණවර්ධන, මිලින්ද මොරගොඩ, එම්.එච්. මොහොමඩ්, හේමකුමාර නානායක්කාර, නියෝමාල් පෙරේරා, රාජිත සේනාරත්න, ජී.ඇල්. පීරිස්, සී.ඒ. සූරියආරච්චි, මනෝ විජේරත්න, මහින්ද විජේසේකර වූහ. එදා වූ දේ හැටියට එජාපය මේ ගානට තියෙනවා පුදුමය.

එහෙත් මෙලෙස පැමිණි අයගෙන් කරු ජයසූරිය ඇතුළු කිහිප දෙනකුම නැවතත් එජාපයට ගිය බව සඳහන් කරනුයේ අදටත් නිමක් නැති ඔවුන්ගේ දෑත් ශක්තිමත් කිරීම පිළිබඳ ඔබට සිහි කිරීමටය.

රජවාසල කවටයා වූ අන්දරේට තමන්ගේ නෑකමක් ඇතැයි පැවසූ මර්වින් සිල්වාද දෑත් ශක්තිමත් කිරීමේ රුසියෙකි. ශ්‍රීලනිපයෙන් සිය දේශපාලනය අරඹා ශ්‍රී ලංකා මහජන පක්ෂය හරහා එක්සත් ජාතික පක්ෂයට එන ඔහු, චන්ද්‍රිකාගේ දෑත් ශක්තිමත් කරන්නට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකතු විය. අනතුරුව මහින්ද රාජපක්ෂ සමග සහයෝගයෙන් වැඩ කරන ඔහු, රූපවාහිනී සංස්ථාවට කඩාපැන චණ්ඩිකම් පෙන්වන්නට ගොස් හොඳහැටි ගුටිකා නැවතත් එක්සත් ජාතික පක්ෂයට එකතු විය. දෑත් ශක්තිමත් කිරීමෙන් සුපිරියටම ගොඩගිය පුද්ගලයා විමල් වීරවංශය. මහින්දගේ දෑත් ශක්තිමත් කරන්නට නොගියේ නම් වීරවංශ දෑත් පමණක් නොව දෙපයද දුර්වලවී දේශපාලනයෙන්ද ඉවතට වීසිවන්නට බොහෝ ඉඩකඩ තිබිණි.

කෙසේ වෙතත් මේ ආකාරයට නායකයන්ගේ දෑත් ශක්තිමත් කිරීම සඳහා බලපාන තවත් කාරණාවක්ද ඇති බව නොකියාම බැරිය. ඒ, හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා ලබාදී තිබූ නඩු තීන්දුවකි. එම නඩුවෙන් මන්ත්‍රීවරුන්, හෘද සාක්ෂියට අනුව කටයුතු කළ හැකි බවට තීන්දු වූ නිසා වර්තමානයේ මන්ත්‍රීවරු බොහෝ දෙකු සිය පැති මාරුකිරීම් සාධාරණීකරණය කරන්නේ මෙම නඩු තීන්දුව පදනම් කරගෙනය. ඒ අනුව ඉදිරියේදී මෙම පක්ෂ මාරුකිරීම් තහනම් කිරීමට ව්‍යවස්ථාවෙන්ම කටයුතු නොකරන තාක් මේ දෑත් ශක්තිමත් කිරීම් තවදුරටත් දැකබලාගත හැකි වනු ඇත.

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ප්‍රවීණ බැංකු වෘත්තීයෙකු වන ලක්ෂ්මන් සිල්වා මහතා සෙලාන් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයට…

Next Post

එදා යාපනයේ සිංහල මහා විද්‍යාලය අද සුප්‍රසිද්ධ තැපැල් පෙට්ටියක්! එහෙම වුණේ කොහොමද?

MORE NEWS

අලුත් ත්‍රස්ත පනත භයානක බවට මල්වතු මහනාහිමියන්ගෙන් ප්‍රකාශයක්! VIDEO
Exclusive

මම 2006 ඉඳන් කියපු දේ තිබ්බ ආණ්ඩු කළා නම් අද මේ වගේ ශාසනික පරිහානියක් වෙන්නේ නෑ! අන්තිමේදී මම ඒ අදහස අත්හැරලා දැම්මා! මල්වතු මහනාහිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

පෙළපාලියක් යන්න බෑ! වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා! මාධ්‍යවේදීන්ටත් ලියන්න බෑ! අධිකරණයටත් බලපෑම් එල්ල කරලා! ව්‍යවස්ථාදායක සභාව පිළිගන්නෙත් නෑ! ආණ්ඩුව යන්නේ Shut Up and Sit Down පාරේ! ජනතා අයිතීන් විනාශ කරන මේ මර්දන අණපනත්වලට අත උස්සන මන්ත්‍රීවරු මතක තියාගන්න ඕන මේ නීති කවදාහරි ඒ අයටම විරුද්ධව පාවිච්චි වෙනවා කියලා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අලුත් සටනක් අරඹයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරපු සමහරුන්ම අද ත්‍රස්ත පනතේ බලපෑමට ලක්වෙලා! කාලයක් තිස්සේ ත්‍රස්ත පනත අහෝසි කරනු කියපු සමහරුන්ම අද ඒ පනත ක්‍රියාත්මක කරමින් ඉන්නවා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හැමදාම වගේ අදත් ත්‍රස්ත පනතට එරෙහිව කතාකරයි! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?
Exclusive

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

Load More
අලුත් ත්‍රස්ත පනත භයානක බවට මල්වතු මහනාහිමියන්ගෙන් ප්‍රකාශයක්! VIDEO
Exclusive

මම 2006 ඉඳන් කියපු දේ තිබ්බ ආණ්ඩු කළා නම් අද මේ වගේ ශාසනික පරිහානියක් වෙන්නේ නෑ! අන්තිමේදී මම ඒ අදහස අත්හැරලා දැම්මා! මල්වතු මහනාහිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

සංඝ කතිකාවතක් ගෙන ඒම සඳහා 2006 සිට තමන්වහන්සේ නොගත් උත්සාහයක් නොමැති බවත් කිසිවෙකුගේ සහය නොලැබීම නිසා එම වෑයම සාර්ථක කර...

Read more
පෙළපාලියක් යන්න බෑ! වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා! මාධ්‍යවේදීන්ටත් ලියන්න බෑ! අධිකරණයටත් බලපෑම් එල්ල කරලා! ව්‍යවස්ථාදායක සභාව පිළිගන්නෙත් නෑ! ආණ්ඩුව යන්නේ Shut Up and Sit Down පාරේ! ජනතා අයිතීන් විනාශ කරන මේ මර්දන අණපනත්වලට අත උස්සන මන්ත්‍රීවරු මතක තියාගන්න ඕන මේ නීති කවදාහරි ඒ අයටම විරුද්ධව පාවිච්චි වෙනවා කියලා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අලුත් සටනක් අරඹයි! VIDEO I Sri Lanka Latest News

ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරපු සමහරුන්ම අද ත්‍රස්ත පනතේ බලපෑමට ලක්වෙලා! කාලයක් තිස්සේ ත්‍රස්ත පනත අහෝසි කරනු කියපු සමහරුන්ම අද ඒ පනත ක්‍රියාත්මක කරමින් ඉන්නවා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හැමදාම වගේ අදත් ත්‍රස්ත පනතට එරෙහිව කතාකරයි! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.