• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගහලා බැනලා කපලා කොටලා ප්‍රශ්න විසඳන්න පුළුවන් ද I Sri Lanka Latest News

July 17, 2023
in Exclusive, News
Reading Time: 5 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

නීතිය අතට ගත්ත මිනිස්සු…

මේ ලිපිය ලියන්නේ හොර තක්කඩි චීවරධාරියාගේ කතාව සම්බන්ධයෙන්. ඒ චීවරධාරියාගේ කතාව අද වෙද්දී හැමෝම දන්නවා. අපි මේ හොයන්න හදන්නේ ඒ තක්කඩියාගේ ජීවිතය ගැන හෝ ඔහුගේ හැසිරීම ගැන හෝ ඔහු සම්බන්ධව නෙවෙයි. ඔහු කවුද, කින්ද, මන්ද කිසිවක් අපි මෙහි සඳහන් කරන්නේ නැහැ. ඒකට හේතුව ඔහු විසින් කළ වරදට නිසි දඬුවම් ලබාදීම අදාළ පාර්ශ්වයේ මහානායක හිමිවරුන් සතුයි.(Sri Lanka Latest News)

ඔහුට නායකත්වය දෙන, ඔහුව පාලනය කරනු ලබන යම් කිසිවෙක් ඉන්නවා නම්, ඔහුව ඉවත් කළ යුතුයි. මේ වගේ පුද්ගලයෝ සම්බන්ධව ගතයුතු නීතිමය ක්‍රියාමාර්ගය මොකක්ද කියලා අපි හොයලා බැලුවම, ඇත්තටම ඒ සම්බන්ධව අපට නිසි නීත්‍යනුකූල කාරණා මතුකරගන්න බැරි වුණා. ඒකට හේතුව සමහර විට මෙවැන්නක් සිදුවේ යැයි පූර්ව නිගමනය නොකළ නිසා එවැන්වුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගතහැක්කේ කෙසේද යන්න බුදුරාජාණන්වහන්සේ දේශනා කරලා නැති නිසා වෙන්නට පුළුවන්.

කොහොම නමුත් අපි දන්නේ නෑ මෙවැනි අය සම්බන්ධයෙන් කුමක් කළ යුතුද කියන එක ගැන ඔබට අදහසක් තියෙනවා යැයි කියලා. ඒකට හේතුව මේ සම්බන්ධයෙන් අපටත් අදහසක් නැති නිසා. හැබැයි අපි මේ ලිපිය ලියන්නේ සාමාන්‍ය මහජනතාව අතර ඉඳලා අද මේ ප්‍රශ්නෙට මැදිවෙච්ච මිනිස්සු වෙනුවෙන්. ඒක ලියන්න හේතුව ඒ මිනිස්සු අපේම මිනිස්සු නිසා. ඒ මිනිස්සු සම්බන්ධව හැඟීමක් අපට තියෙන නිසා.

ඒ මිනිස්සු හවසට ගෙදරට කෑමක් බීමක් අරගෙන යන්න හිටපු, හෙට උදේට රස්සාවට යන්න හිටපු, මාසයක් වැඩ කරලා දරුමල්ලන්ගේ අවශ්‍යතා ඉෂ්ට කරන්න හිටපු මිනිස්සු. ඒ මිනිස්සු වෙනුවෙන් පවුලක් බලාගෙන ඉන්නවා. ඒ මිනිස්සු දුසිරිතෙන්, සුරාවෙන්, සූදුවෙන් තොරයිද කියලා අපි දන්නේ නෑ. හැබැයි ඔවුන් එවැනි වරදක් කරලා නෑ. නිවැරැදි මිනිස්සු වෙනුවෙන් ඇත්ත මිනිස්සු මග බලාගෙන ඉන්නවා.

වැරැදි මිනිස්සු ගෙදරට එනවට ඒ ගෙදර මිනිස්සු අකැමැති වුණාට, නිවැරැදි මිනිස්සු ගෙදර එනවට ඒ දරුවෝ බලාගෙන ඉන්නවා. තාත්තා එනකන් පුතා, දුව බලාගෙන ඉන්නවා. අම්මා එනකන් පුතා, දුව බලාගෙන ඉන්නවා. ස්වාමියා එනකන් බිරිඳ බලාගෙන ඉන්නවා. ඇයි ඔබට ඒක අමතක වෙන්නේ කියන එක විතරයි අපි පළමුවෙන්ම ඔබෙන් අහන ප්‍රශ්නය.

පළමු කාරණාව තමයි රටේ ඕනෙ තරම් වැරැදි සිද්ධ වෙනවා. ඒ වැරැදි සම්බන්ධයෙන් ගතයුතු නීත්‍යනුකුල පියවරවල් යම් තරමකට හෝ අපි දන්නවා. ඒවා ක්‍රියාත්මක කරන්න ඕනේ සීමාවන් තියෙනවා. උදාහරණයක් විදියට හොරෙක් අල්ල ගත්තාම ඒ හොරාට ගහන එක නෙවෙයි කළ යුත්තේ. ඒ හොරා සම්බන්ධයෙන් නීතිමය පියවර අරගෙන හොරාව පොලිසියට භාරදෙන එක.

මහා මාර්ගයේ යම් අනතුරක් සිදුවුණොත්, වාහන දෙකක් හැප්පුණොත්, වාහන දෙකේ රියැදුරන් පාර මැද්දේ රණ්ඩු වෙලා හරියන්නේ නෑ. ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්න පුළුවන් ක්‍රමවේද තේරුම් අරගෙන ඒ පියවර ගන්න ඕනේ. මේ විදියට තවත් දහස් ගණන් දේවල් ඔය විදියට තමයි ක්‍රියාත්මක වෙන්නේ. මොකද ඒකට හේතුවක් තියෙනවා.

මේ වගේ යම් සිදුවීමක් සමාජය ඇතුළේ සුවිශේෂීව සිදුවුණාට පස්සේ, ඒ සුවිශේෂ අවස්ථාවෙදී මිනිස්සු හැසිරෙන්නේ ඉතාම සුවිශේෂ ආකාරයට. උදාහරණයක් විදියට සාමාන්‍යයෙන් මනුෂ්‍යයකුට පාරෙදි මුණගැහිලා පහර නොදෙන මිනිස්සු, අපරාධයක් සිදුවුණාම මිනිස්සුන්ට ගහනවා. මේ මිනිස්සු සම්බන්ධයෙන් කතා කළොත් ඔවුන් කිසිසේත්ම කාන්තාවන්ගේ ඇඳුම් ගලවන්න බලාපොරොත්තුවෙන් හිටපු අය නෙවෙයි.

ඔවුන් කිසිසේත්ම කාන්තාවන්ව නිරුවත් කරලා, ඒවා වීඩියෝ කරලා, සමාජ මාධ්‍යවලට මුදාහරින්න හිටපු අය නෙවෙයි. ඔවුන් කිසිසේත්ම යම් කිසි ස්ථානයකට කඩාගෙන බිඳගෙන ඇතුළු වෙන්න බලාපොරොත්තුවෙන් හිටපු අය නෙවෙයි. මේ හැම දෙයක්ම අපි උපකල්පනය කරන දේවල්. බොහෝ විට ඔවුන් එහෙම කරන්න හිටපු අය නෙවෙයි. නමුත් ඔවුන් එහෙම කරන්නේ මේ සුවිශේෂ අවස්ථාවක් නිසා.

ඇත්තටම සාමාන්‍ය මහජනතාවට එහෙම සුවිශේෂ අවස්ථාවලදී අමතක වෙනවා, ඒ අවස්ථාව සුවිශේෂ වුණත් ආවරණය වෙන්නේ රටේ පොදු නීතියට කියලා. එක්කෝ සිවිල් නීතියට, එක්කෝ අපරාධ නීතියට. අපරාධ නීතියෙන් හෝ සිවිල් නීතියෙන් වරදක් යැයි සම්මත යම් කිසි කාරණාවක් ඔබ සිදුකරලා තියෙනවා නම් ඔබට දඬුවම් කරන්නේ සාමාන්‍ය නීතිය අනුව.

උදාහරණයක් විදියට ගත්තොත් පාරෙදී සිදුවෙච්ච රිය අනතුරකදී ඒ අනතුරට සම්පූර්ණයෙන්ම වරදකරුවා යැයි හඳුනාගත්ත පුද්ගලයාට ඔබ විසින් පහර දෙනවා. ඒ පුද්ගලයා මියයනවා. ඔබ එක්කෝ මනුෂ්‍ය ඝාතනයකට වරදකරුවෙක්. අඩුම තරමේ සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයකට වරදකරුවෙක් බවට ඔබ පත්වෙනවා. ඔබට නීති්‍යනුකූල දඬුවම් ලැබෙනවා.

ඔබ යම්කිසි පුද්ගලයෙක්ව නිරුවත් කළා නම්, ඒ නිරුවත් කිරීම කියන කාරණාවට රටේ ලබාදිය යුතු දඬුවම ඔබට නිසි ආකාරව ලැබෙනවා. ඒ නිසා ඔබ කළ යුත්තේ නීතිය කුමක්ද කියලා හඳුනාගෙන ඒ නීතියට අනුව වැඩ රාජකාරි කිරීම. අපි මේ කාන්තාවන් සහ මේ භික්ෂුව සම්බන්ධයෙන් සාමාන්‍ය මහජනතාවගේ හැසිරීම දිහා බැලුවාම තේරුම් අරගත්ත කාරණාව තමයි ඔවුන් කිසිසේත්ම මේ නීතියට අනුව වැඩ කරන්න උත්සාහ කරපු අය නෙවෙයි කියන එක. ඔවුන් හෘදයාංගම වෙලා, හදවතට අනුව වැඩ කරපු අය. ඇත්තටම ඔවුන්ට හැඟීමක් තියෙන බව ඇත්ත.

මේ අඳනකඩේ ඉඳලා පූජා කරපු මිනිස්සු. මේ ඇඳ ඇතිරිලි, කොට්ට, මෙට්ට සියල්ලම දානෙට මානෙට ලැබිච්ච දේවල්. මේ චීවරධාරියා දානෙ වේල කන්නෙත් සාමාන්‍ය මිනිස්සුන්ගෙ සල්ලිවලින්. ඔහුට වැඳපු, මල් පූජා කරපු, මේ අය වෙනුවෙන් කටවුට්, බැනර්, පෝස්ටර් ගහපු මිනිස්සු වෙන්න ඇති මෙතැන ඉන්නේ. ඒ නිසා සාධාරණ වේදනාවක් තියෙනවා. හැබැයි ඒ සාධාරණ වේදනාව අධිකරණයේදී කොයි තරම් සාධාරණ වෙයිද කියන එක ගැන ප්‍රශ්නයක් තියෙනවා.

ඒ නිසා ඔබ මුලින්ම කල්පනා කරන්න ඕනේ ඔබ ගැන. ඔබ ආවේගශීලී වෙලා, පිරිසක් අතර පොරක් වෙන්න උත්සාහ කරලා, කැපිලා පේන විදියට ගැටුම්වලට මුලපුරලා ඒ විදියට ප්‍රශ්න විසඳන්න ගියොත් ඔබට ලැබෙන්නේ සාමාන්‍ය සමාජයේ තියෙන දඬුවම. ඒ වගේම තමයි ඔබේ ජංගම දුරකතනය, ඔබේ කාර් එකේ තියෙන කැමරාව මේ සියල්ලම ඔබ පාව්චිච කරන්න ඕනේ රටේ නීතියට අනුව මිසක් ඔබට හිතෙන හිතෙන ආකාරයෙන් නෙවෙයි.

ඔබට කිසිසේත්ම අයිතියක් නෑ අනෙක් මනුස්සයාගේ පුද්ගලිකත්වයේ අයිතිය විනාශ කරලා දාන්න. ඔබට කිසිසේත්ම අයිතියක් නෑ අනිත් මනුස්සයාගේ අකැමැත්තෙන් ඔහුව හෝ ඇයව වීඩියෝ කරන්න. විශේෂයෙන්ම ඔබට අයිතියක් නෑ මනුස්සයෙක්ව නිරුවත් කරලා වීඩියෝ කරන්න. ඒ වගේම ඒ විදියේ වීඩියෝ එකක් සමාජ ජාලගත කරනවා කියලා කියන්නේ ඔබ නිරුවත් වීඩියෝවක් සමාජ ජාලගත කිරීමේ වැරැදිකාරී දේ සිදුකරපු කෙනෙක් බවට පත්වෙනවා.

මනුස්සයෙක්ගේ ඇඳුම් ගලවලා, ඇයව වීඩියෝ කරලා, ඒවා අන්තර්ජාලයට මුදාහරිනවා කියලා කියන්නේ ඒක ස්ත්‍රී දූෂණයට සම්බන්ධ වරදක්. ඒ නිසා වැරැදි කරන්න තුන් හිතකවත් නොතිබ්බ මිනිස්සු වැරැදිකාරයෝ බවට පත්වෙලා ඉවරයි. මේකට වගකියන්න ඕනේ කවුද? කොහොමද? කොයි විදියටද කියන එක ගැන අහන්න කියන්න කෙනෙක් නෑ. ඇත්තටම අපි දන්නවා මේ රටේ මිනිස්සුන්ට පොලිසිය ගැන සත පහක විශ්වාසයක් නෑ. නීතිය ගැන විශ්වාසයක් නෑ. ඒ නිසා තමයි මිනිස්සු මිනිස්සුම ප්‍රශ්න විසඳා ගන්නේ.

මොකද පොලිසියට එක ටෙලිෆෝන් කෝල් එකක් දුන්නොත් ඔක්කොම ටික උඩු යටිකරු වෙන්න පුළුවන් කියලා සාමාන්‍ය මිනිස්සු අතර මතයක් තියෙනවා. එහෙම නොවෙන තැන් තියෙනවා. නමුත් වැඩිපුර තියෙන්නේ එහෙම වෙන තැන් කියලයි මිනිස්සු හිතාගෙන ඉන්නේ. කබරගොයා තලගොයා කරන්න දන්න රාළහාමිලා ඕනෙ තරම් පොලිසිවල ඉන්නවා. සාමාන්‍යයෙන් උඩ තනතුරක ඉන්න කෙනෙක් කෝල් එකක් ගත්ත ගමන් ප්‍රශ්නෙ වෙනස් කරන්න පුළුවන් තැන් ලංකාවේ තියෙනවා. ඒ නිසා තමයි මිනිස්සු හදන්නේ මිනිස්සුම ප්‍රශ්නෙ විසඳන්න. මිනිස්සුම උත්තරේ හොයාගන්න.

ඒත් මතක තියාගන්න, නීතිය තියෙන්නේ හැමෝටම ඉහළින්. ඒ නිසයි අද මේ මිනිස්සු ටික අමාරුවේ වැටුණේ. ඇත්තටම සාධාරණ වේදනාවක් තියෙනවා ඒ මිනිස්සු වෙනුවෙන් රටේ අයට. ඒකට හේතුව මේ ප්‍රශ්නෙ මූලාශ්‍රය, ප්‍රශ්නෙ මූල බීජය නිර්මාණය කරන්නේ චීවරධාරියා මිස වෙන කෙනෙක් නෙවෙයි. මේ කාන්තාවන් පවු කියන එක සමාජගත වෙනකොට ඇත්තටම මේ කාන්තාවන් මේ පන්සලට ආවේ නොදැනද, නොකළ යුත්තක් කළේ නොදැනද කියන එක සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. මේ කාරණය සම්බන්ධයෙන් සමාජ ජාලවල පළවූ ගමන් අපේ රටේ භික්ෂුන්වහන්සේලා වේගයෙන් සමාජ ජාලවලට වැඩම කරලා පිළිතුරු දේශනා කරමින් යනවා.

ඔවුන් කියනවා සිවුර දාගෙන ඉන්න එක හරි අමාරු වැඩක් කියලා. හැබැයි ඉතින් අවසාන වශයෙන් අපට කියන්න තියෙන්නේ අමාරුයි නම්, කරදරයි නම්, නරක දේවල් කරන්න හිතෙනවා නම්, ඔබවහන්සේලාට තියෙන්නේ සිවුර ගලවලා තියලා කලිසමක් කමිසයක් ඇඳගෙන එළියට බැහැලා යන්න. එහෙම යන ගමන් ගොඩවෙන්න ස්පා, ගණිකා නිවාස ඕනෙ තරම් තියෙනවා. එතකොට කවුරුත් ගහන්න බණින්නවත්, ඕවට කඩාපනින්නවත් එන්නේ නෑ.

ඒ නිසා අහිංසක මිනිස්සු අමාරුවේ දාන්නේ නැතුව තමන්ගේ දේවල් විසඳගන්න කියලත් ඉල්ලා සිටින ගමන්, අපි අපේ මිනිස්සුන්ගෙන් ඉල්ලා සිටින්නේ නීතිය ඔබ අතට ගන්නේ නැතුව නීතියට නීතිය විදියට නීතියේ ක්‍රමවේද යටතේ ප්‍රශ්න විසඳගන්න ඉඩ දීලා ඔබට පුළුවන් නම් නීතිය දැනුවත් කරන එක විතරක් කරන්න. ඒ හොඳටම ඇති.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ආණ්ඩුව හෙට දිනයේදී හදිසියේම තේරීම් කාරක සභාවක් දාන්න යන්නේ අධිකරණයටයි අලුත් මැතිවරණ කොමිසමටයි බලපෑම් කරන්න! විපක්ෂනායකවරයාගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Next Post

සෞඛ්‍ය ඇමැතිට විතරක් නෙමෙයි හරිනම් ආණ්ඩුවටම විශ්වාසභංගයක් ගේන්න ඕන! හැබැයි හෝම්වර්ක් නොකර මේ වෙලාවේ විශ්වාසභංගයක් ගේන එක ගැන දෙපාරක් හිතන්න ඕන! මොකද මටත් එකක් ආවනේ…! ‌ VIDEO I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News
Exclusive

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.