• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පීචං වෙලා පජාත වෙලා එපාම වෙලා ඉන්න රූප සුන්දරියන්ව පාට කරලා ගන්න පුළුවන්ද I Sri Lanka Latest News

August 11, 2023
in Exclusive, News
Reading Time: 6 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සුපිරි බොලිවුඩ් නළු අභිෂේක් බච්චන් පසුගිය දවසක තම විවාහ සංවත්සරය වෙනුවෙන් සිය ට්විටර් ගිණුමෙහි මෙහෙම සටහනක් මුදාහැර තිබුණා.(Sri Lanka Latest News)

‘මගේ ස්වාමීත්වය ගැන මම දැඩි ලෙස ආඩම්බරයට සහ අභිමානයට පත්ව සිටින්නෙමි. එයට කරුණු කිහිපයක්ම වන අතර, එක් කාරණයක් වන්නේ ලෝකයේ සිටින ලස්සනම රූ රැජින ලෙස කිරුළු පැලඳූ ගැහැනිය මගේ බිරිඳ ලෙස මගේ යහන පසෙක මට සමීපව සිටීමය. සත්තකින්ම ඈෂ් හැමදාමත් මගේ ආදරය ඔබ සමග පමණය…’

ඒ අලංකාර පෝස්ටුව පහතින් හරි ලස්සන කමෙන්ට්ස් සිය දහස් ගණනක් වැටී තිබිණි.

‘ඇත්තටම කියනවා නම් ලස්සන සැමදේ මොහොතක සුවදේ…’ යනුවෙන් වියත් වදන් පැවැසුණද ලස්සන රූප සම්පත්තියක් ලබන්නට ගැහැනියක සතුව අසීමිත වාසනා මහිමයක් තියෙන්නට ඕනෑය. ඒ වාගෙම පංචකල්‍යානයන් සියල්ල කිසි අඩුවක් නැතුව පිහිටියේ නම් ඈ රූප සුන්දරියක වන්නේය. ඒ සුන්දරත්වයෙහි වාසනාව දෙගුණ තෙගුණ වන්නේ රුව සමග ඇය බුද්ධි මහිමයෙන්ද පරිපූර්ණත්වයට පැමිණි විටකය.

එතැනදී නැණවත් සුන්දරිය විශ්වයේ රූ රැජින ලෙස කිරුළු දරන්නීය. ඉන්දියාවේ විතරක් නොව අපේ පුංචි ශ්‍රී ලංකාවේද ආසියානු වශයෙන් එවැනි රූප සුන්දරියන් බිහිවිය. රෝසි සේනානායක ඉන් එක් රූප සුන්දරියක. ඊයේ පෙරේදා ලංකාවට පැමිණි අවුරුදු විසිඑකක් වයසැති අම්පාරේ උපන් සශ්මි දිසානායකද ජාත්‍යන්තරව කිරුළ දිනාගත් තවත් එක් රූප සුන්දරියක වූවාය. පැහැපත් රූපවත් බවකින් අනූන සශ්මි රිදී පාට ඒ අභිමානවත් කිරුළ සිය හිස මත දැරුවේ ලෝක මිහිකත විවාහක රූ රැජින ලෙසය.

රටවල් හතළිස්පහකින් පැමිණි සුන්දර විවාහක කතුන් හැට ගණනක් පරදවමින් සශ්මි ජයග්‍රහණය කළේ පිලිපීනයේ මැනිලා නුවරදීය. දින හයක් පුරා පැවැති තරගාවලියේදී අනු තරගාවලි හතරක් ජයගෙන පැමිණි මේ ලස්සන කත මෙලෙස ‘ලෝක මිහිකත විවාහක රූ රැජින’ ලෙස කිරුළ දැරුවාය. එය ශ්‍රී ලාංකිකයන් වූ අපටත් අප රටටත් විශාල කීර්තියකි. මහා සතුටකි.

එහෙත්, දුකට කාරණය වන්නේ ලෝක රූ රැජිනක ලෙස පැමිණි සශ්මිව පිළිගැනීමට, හරසර දැක්වීමට සිතූ තරම් පිරිසක් ගුවන් තොටුපළට ආවේ නැති එකටය. රැස්ව සිටියේ නැති එකටය. එදා රෝසි සේනානායක වෙනුවෙන් එළුණු රතු පාවඩ මේ ලෝක මිහිකත රූ රැජින වෙනුවෙන් මිහිකත මත අතුරා තිබුණේ නැත. දහසකුත් එකක් ප්‍රභූවරුන්, කැමරා අතින් කටින් එල්ලාගත් ඡායාරූප ශිල්පීන් සමග විවිධ ප්‍රශ්න අසා ඇයව ආගන්තුක සත්කාරයෙන් හෙම්බත් කරන මාධ්‍යවේදීන් පිරිස් එදා ඈ වෙනුවෙන් පොර කන්නට මඟ බලා සිටියේ නැත.

ලෝක මිහිකත විවාහක රූ රැජින සිය මවු රටට පැමිණි මොහොතේ එහෙම හුදෙකලා වූයේ ඇයි?

රෝසි සේනානායක කොළඹ ප්‍රදේශයේ කතක වී සශ්මි දිසානායක අම්පාර පැත්තේ උපන් නිසාද? නැත්නම් යම් දේශපාලන බලපෑමක් නිසා සශ්මි අත් දෙකේ ඇඟිලි ගණනටත් වඩා අඩු පිරිසක් සමග පමණක් හුදෙකලා වුණාද? එහෙමත් නැතිනම් හිතාගන්නට බැරි වෙනත් කාරණයක් මීට හේතු වුණාද?

සත්තකින්ම කියනවා නම් අවසාන නිගමනය බොහෝ දුරට හරිය. කාට වුවද ‘ටක්’ යන වේගයට ඔළුවට එන්නේ නැති හේතුවක් නිසා ලෝක මිහිකත විවාහක රූ රැජින ගුවන් තොටුපළ මැද හුදෙකලාව සිටියාය කීවොත් එහි වරදක් නැත.

අනුමාන කළ හැකි ඒ හේතුව කුමක්ද?

උත්තරය හරිම සරලය.

පසුගිය කාලයේ මිස් ශ්‍රී ලංකා තරගාවලිය තුළ සිදුවූ අනේක වූ නාඩගම් මේ සඳහා බලපෑවා යැයි කිව නොහැක්කේ කෙසේද?

බොහෝ දුරට එය එහෙම විය හැකිය. හිටපු විවාහක රූ රැජින කැරොලයින් ජූරි, මෝස්තර නිරූපණ ශිල්පිනී චූලා පත්මේන්ද්‍ර සමග එක්ව ප්‍රසිද්ධ වේදිකාව මත දෙනෝදාහක් හමුවේ පුෂ්පිකා ද සිල්වාගේ හිස මත තිබූ කිරුළ ගලවා දැමුවාහ. ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගයේ නාඩගම සහ කෝලම් පටන්ගත්තේ එතැනින්ය.

ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගාවලියේ අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ දුම්මල වරම අතට ගත්තේය.
‘මමයි ලොක්කා. කැරොලයින්ට මොන ජාතියේ අයිතියක්ද එහෙම කරන්න…?’

සෝෂල් මීඩියා පුරාම ඔහු සිය අණසක පැතරවූයේය. පුෂ්පිකාට බලහත්කාරකම් සහ සුළු තුවාල සිදුකළ වරදට කැරොලයින් ජූරිටත්, චූලා පත්මේන්ද්‍රටත් නඩු වැටිණි. පුෂ්පිකා තමා හඹා එන සෑම පැපරාසියකුටම පාහේ තව තව ලුණු ඇඹුල් දමා විස්තරය කීවේ ටිෂූ කඩදාසියකින් ඇස් පොඟවමින්ය. කැරොලයින් තමාගෙන් ප්‍රසිද්ධියේ සමාව ගත යුතුයැයි පුෂ්පිකා කියා සිටියේ ඇමෙරිකාවේ මිසිස් වර්ල්ඩ් සංගමයද එය එලෙස විය යුතු බව අනාවරණ කරද්දීය. සියල්ල අවසානයේ වංචාවක් නොකළ බව ඔප්පු වීමෙන් පුෂ්පිකා විවාහක රූ රැජින ලෙස මාධ්‍ය සරසද්දී කැරොලයින් ජූරි තමාට හිමිව තිබූ විවාහක රූ රැජින කිරුළෙහි හිමිකාරත්වයෙන් සමුගත්තාය.

ලෝක විවාහක රූ රැජිනන්ගේ නාඩගම් කෝලම් එතැනින් ඉවරයක් වුණාද? කෙසේවත් එය එහෙම වුණේ නැත.

ෆේස්බුක් ඇතුළු සෝෂල් මීඩියා පුෂ්පිකාගේ කිරුළ උදුරාගත් නාටකය උපහාස අපහාස පදමට දමමින් රස විඳ අවසාන වන්නටත් පළමුව 2020 ශ්‍රී ලංකා විවාහක රූ රැජින ලෙස කිරුළ පැලඳි පුෂ්පිකා ද සිල්වා 2021 ලෝක විවාහක රූ රැජින තරගයට සහභාගි වෙමින් ශ්‍රී ලාංකේය නාමය සමග තම මවු රටෙහි ගරුත්වය බිමටම සමතලා කොට දැමුවේ අමු අමුවේය.

එතැන පටලැවිලි ගොඩකි. පුෂ්පිකා කියා සිටියේ තමාට මිසිස් යුනිවර්ස් වීමට තිබූ වරම රෝසි සේනානායක සහ චන්දිමාල් ජයසිංහ විසින් කුමන්ත්‍රණය කොට අහිමි කළ බවකි. ඒ අතරම පුෂ්පිකා තමා එම තරගයෙහි හතරවැනි ස්ථානය ලද බව කිසිදු වගකීමකින් තොරව ප්‍රකාශ කොට සිටියාය. එය වංචනික ප්‍රකාශයක් බව මුළු ලෝකයම දැනගනිද්දී නැවත පුෂ්පිකා පවසා සිටියේ හතරවැනි ස්ථානය ලද තමාට ශ්‍රී ලංකාවාසීන් අමතා කරන ස්තුති කතාව කියා දුන්නේ රෝසි සේනානායක බව සෝෂල් මීඩියා ඔස්සේ ප්‍රකාශ කොට සිටියාය.

ගුවන් ටිකට්පත්, ඇඳුම් පැලඳුම් ගැනද පුෂ්පිකා සහ රෝසි සේනානායක අතර නරිවාදම් මට්ටමේ කතා ඇතිවිය. ඔවුහු ප්‍රසිද්ධියේ ඇනකොටා ගත්හ. චන්දිමාල් ජයසිංහ සමග පියුමි හංසමාලිද එයට ඈඳිණි. අවසානයේ සුපිරි පන්තියේ මේ ශෝභමාන මිනිසුන් අතර ඇතිවූ කෙහෙවලු පැටලැවිල්ල නිසා ශ්‍රී ලාංකේය නාමය ජාත්‍යන්තර වශයෙන් කුඩුපට්ටම්ව ගියේය.

‘අවසානයේ ශ්‍රී ලංකා විවාහක රූ රැජින සංගමයේ ජාතික සංවිධායක කමිටුවේ සියලු දෙනාම හතර පොළේ ගාගත්හ. ඇදගෙන නාගත්හ….’ යනුවෙන් සියලු මාධ්‍ය පුරා සිරස්තල දෙස පළවී තිබිණි.

එයට පසුව ඒ හැමෝම මීයට පිම්බාක් මෙන් නිහඬ වූහ. රූප සුන්දරී තරග මාලා කාටත් එපා විය. සියල්ල එසේ සිදුවන විට 2023 ලෝක විවාහක මිහිකත රෑ රැජින පිළිගන්නට කිසිවකු මඟ බලා සිටිතැයි කිව හැක්කේ කාටද?

සශ්මි මවුරටට ගෙන ආ කීර්තිය වෙනුවෙන් අපි ඔබට සුබ පතන්නෙමු. පිළිගෙන අතට අතදී සුබ පතන්නටවත් ආවේ නැති එක ගැන අපි කනගාටු වන්නෙමු.

එක අතකට ඒ කනගාටුවද වරෙක අසාධාරණය.

එහෙම කියන්නේ, චන්දිමාල් ජයසිංහ සහ රෝසි සේනානායක වැනි සුපිරි මිනිස්සුන්ට රෙද්දක් ඇඳගෙන මෙවැන්නකට කොහොම සහභාගි වන්නදැයි සිතෙන්නේ නම් ඒක ඉතින් සර්ව සාධාරණය.

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

මෛත්‍රීටයි ගෝඨාටයි කලින්ම ගෙදර යන්න වුණු ලොකු හේතුවක් පළමු වතාවට එළියට එයි! මහනුවර ‌ඇසළ පෙරහරේදී වස් වැදුණා කියලා තමයි කියන්නේ! I Sri Lanka Latest News

Next Post

ඉන්දියාව එපා කියද්දි එක පාරක් චීන නැවක් හම්බන්තොටට ඇවිත් මහා ජංජාලයක් වුණා! ඔන්න දැන් චීන යුද නැවක් කොළඹට ඇවිත්! I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ ගැන බලන්න පංච පුද්ගල විශේෂඥ අධිකරණ මණ්ඩලයක් පත්කරයි! කොටුවේ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

මේ වෙනකන් කතා කරපු කිසි කථිකයෙක් කතා කරාද ඒ මරාගෙන මැරෙන බෝම්බකරුවාගේ තාත්තා ජවිපෙ ජාතික ලැයිස්තුවේ කියලා.මරාගෙන මැරෙන බෝම්බකරුවා වෙනුවෙන්...

Read more
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.