• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

ඇමැති ප්‍රසන්නලාගේ ඇවන්ට්ගාඩ්ලාගේ නම් එළියට ආවා! අල්ලපු දෙන්නා ඉස්පිරිතාලෙත් නෑ.. පොලිසියෙත් නෑ..! අනුර කුමාරලාට බිත්තර ගැහුවේ භූතයෙක්ද?

February 9, 2022
in Exclusive, News
Reading Time: 3 mins read
A A
බිත්තර ගැහුවේ අනුරගේ වාහනයට නෙමෙයි! වෙන වාහනයකට! ගහපු දෙන්නාවත් අල්ලාගනී! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ලංකාවෙ දේශපාලනය තියෙන්නෙ කොතැනද කියලා කවුරු හරි කෙනෙක් ඔයාගෙන් ඇහුවොත් ඔයා මොකද කියන්නේ? ලංකාවේ දෙශපාලනය තියෙන්නේ මාර තැනක. මාර විදග්ධ දේශපාලනික උපක්‍රම තමයි පාවිච්චි කරන්නේ. බලය ලබාගැනීම බලය පවත්වාගෙන යෑම දේශපාලනිකව සංස්කෘතිකව අපක්ෂපාතීව ඉතා ගෞරවනීය ආකාරයෙන් සිද්ධ කරන… එහෙම කිව්ව ගමන් මං දන්නවා කියවන හැමෝටම හිනා යනවා. දේශපාලනය තරම් විහිළුවක්, නාඩගමක්, කෝලමක්, අප්පිරියා හිතෙන දෙයක් ලංකාවෙ නෑ.

එළිපිටම මෙහෙම කියලා දාන්නේ ප්‍රසිද්ධ පත්තරකාරයෙක් විදියට බය හැක පැත්තකින් තියලා. ඒ තරමට දේශපාලනය අප්පිරියයි. දේශපාලනය කියලා කියන්නේ මඩගොහොරුවක්. ජරා ගොඩක්. කවුරු කළත් දේශපාලනය එහෙමයි. අපේ රටේ දේශපාලකයො දේශපාලනයට එන්නේ සුදු ඇඳගෙන. හැබැයි ගෙදර යන්නේ රෙදි නැතුව. රෙදි නැතුව ගෙදර ගියත්, ලැජ්ජාවක් නැති වෙන තරමටම දේශපාලනය ඇතුළෙදි ලැජ්ජා බය දෙක නැති කරලා දානවා. පාර්ලිමේන්තුවේ හෙළුවෙන් විතරයි තාම ඉඳලා නැත්තේ. පුළුවන් එකා පුළුවන් එකාට ගල් ගහනවා. අනිකට රිදවනවා. කරදර කරනවා. වද වේදනා දෙනවා. සමහර වෙලාවට ගහගන්නවා. මරාගන්නවා. සමහර ඒවා මිරිකනවා. හාමුදුරුවන්ගෙත් මිරිකනවා. ගිහියන්ගෙ විතරක් නෙවෙයි. පාර්ලිමේන්තුවෙ කතානායකට කුණු කූඩෙන් ගහනවා. පාර්ලිමේන්තුවට මිරිස් කුඩු ගෙනල්ලා අනිත් එකාගෙ මූණට ඉහිනවා. කතානායකට එන්න වෙන්නෙ පොලිසියත් එක්ක. එතකොට පොලිසියට පුටුවලින් ගහනවා රජයෙ දැන් ඉන්න ප්‍රධාන මට්ටමේ ඇමැතිවරු. එහෙම පුටුවලින් ගහපු එකාව කැබිනට් ඇමැති ධුරයකට පත් කරලා අපි කට්ටිය අප්පුඩි ගහනවා. එල්ලුම් ගහට නියම වෙච්ච කෙනා පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙනවා. ජනතාව බලාගෙන ඉන්නවා. හැබැයි මතක තියාගන්න මේකෙ හොඳ පූර්විකාවක් අපට තියෙනවා. අපි පාර්ලිමේන්තුවෙ ඉන්න 225 දෙනාට කොහොම බැන්නත් මතක තියාගන්න ඔතැනින් 196ක් පාර්ලිමේන්තුවට ගිහිල්ලා තියෙන්නේ මහජනතාවගෙ ඡන්දෙන්. මහජනතාව ඡන්දෙන් පාර්ලිමේන්තු යවලා තියෙන්නේ කාවද කියන එක ගැන ජනතාවට චෝදනාවක් තියෙනවා. හැබැයි මං ඒ චෝදනාව වෙන විදියකට පැහැදිලි කරලා ඉන්නවා මේ ලිපිය ලියන්න කලින්.

අපේ රටේ දේශපාලකයො හරියට ගම්වල තියෙන කෑම කඩ වගේ. අපි පත්තරකාරයො විදියට රට පුරාම ඇවිදිනකොට හුඟක් ගම්වල රාත්‍රී කෑම විදියට අපට ලැබෙන්නේ එක්කො කොත්තු, එක්කො රයිස්. ඉතින් අපි කරන්නේ කොත්තුයි රයිසුයි දෙකෙන් අඩුවෙන් නරක එක කනවා. බඩගින්න හින්දා. අපේ රටේ මහ ජනතාවටත් වෙලා තියෙන්නේ ඒක. අඩුවෙන් නරක එක කන්න. අපට තියෙන්නෙත් කොත්තුයි රයිසුයි. දෙකම නරකයි. දෙකේම තියෙන්නේ තෙල්. දෙකේම තියෙන්නේ අජිනමොටෝ. දෙකම ශරීරයට අහිතකරයි කියලා අපි දන්නවා. ඒ වගේ ලංකාවෙ දේශපාලනයත් එහෙමයි. දෙකම නරකයි. දෙකම ශරීරයට අහිතකරයි. දෙකම රටට අහිතකරයි. දෙකේම බලපෑම ඉතා භයානකයි. හැබැයි ඉතින් කරන්න දෙයක් නැති හින්දා එකක් කනවා. ඒක තමයි ඔය වෙලා තියෙන්නේ.

ඊට පස්සේ තියෙන විකල්ප මොනවද? කඩේ මුදලාලි කියනවා, ‘ඕනෙ නම් මහත්තයා හැලප තියෙනවා, වඩේ තියෙනවා, විස්කිරිඤ්ඤා තියෙනවා’ කියලා. විස්කිරිඤ්ඤා කාලා බඩ පිරෙන්නෙ නෑනෙ මහත්තයො. හැලපත් එහෙමයි. ආප්පයක් කාල නම් මොකක් හරි කරගත්තහැකි. ඒක නිසා තුන්වැනි හතරවැනි විකල්ප ගැන හිතන්න ගියාමත් අපට තියෙන්නේ ඒ වගේ තත්ත්වයක් මේ රටේ. ඒක නිසා මේ රටේ දේශපාලකයො පොහොසත් නෑ. හැබැයි ඒගොල්ලො දුප්පතුත් නෑ. ඒගොල්ලො දුප්පත් නැත්තෙ සල්ලිවලින්. පොහොසත් නැත්තේ දේශපාලනයෙන්. සල්ලි නම් ඕනෙ තරම් ඒගොල්ලො ගාව ඇති. හැබැයි දේශපාලනය කියන්නේ සල්ලිවලට ගන්න පුළුවන් දෙයක් නෙවෙයි කියලයි ලෝකයේ දේශපාලන මතිමතාන්තර අනුව අපට පැහැදිලි වෙන්නේ. ලංකාවේ දේශපාලනයට අනුව නම් පැහැදිලි වෙන්නේ සල්ලිවලට කරන්න බැරි දෙයක් නෑ කියලා.

පහුගිය සතිය නිමාවෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ පෙරටු කොට ගත්තු සන්ධානය විසින් පවත්වපු දේශපාලන රැස්වීමකින්. මේ දේශපාලන රැස්වීම ගැන මම කතා කරන්නේ සී.සී.ටී.වී. දර්ශන දිහා බලාගෙන. කවුරුත් කියන දේවල් අහගෙන නෙවෙයි. හැබැයි මේකෙ අග කොටසෙදි කවුරු කවුරුත් කියන ඒවා මේකට එකතු කරන්න සිද්ධ වෙනවා. සී.සී.ටී.වී. දර්ශනවලට අනුව අපට පේනවා විශාල උත්සව ශාලාවක කවුරු හෝ හොඳින් වැඩුණු ශරීර තියෙන උස මහත පිරිමි ටිකක් එක දිගට නවත්වපු වාහන පේළියකින් ඒ වාහනත් එක්ක දුවගෙන දුවගෙන එනවා. ඒ පිරිස දුවගෙන එන පිරිසේ පිටිපස්සෙන් තව කිහිප දෙනෙක් එනවා. ඇවිල්ලා එහෙට යන පාරයි මෙහෙට යන පාරයි වෙන් වෙන කොටසේ පොඩි ගැටුමක් වගේ දෙයක් සිද්ධ වෙනවා. එක මිනිහෙක්. ඔහුත් ගහන්න යනවා. අනෙක් පුද්ගලයත් පහර දෙන්න යනවා. පිරිසක් ඇවිල්ලා ඔහුව වටකරගන්නවා. විශාල පිරිසක් මෙහෙම වටකරගෙන දෙන්නෙක් එක්කගෙන යනවා. ඒක තමයි පළමු සී.සී.ටී.වී. දර්ශනය. පළමු දර්ශනයෙන් පස්සේ අපි යනවා දෙවැනි දර්ශනයට. දෙවැනි දර්ශනය සී.සී.ටී.වී. දර්ශනයක් නෙවෙයි. එය ජංගම දුරකතනවලින් පටිගත කළ එකක්.

මේ දර්ශනයෙ ඉන්නේ ලංකාවේ අපි කවුරුත් නොදන්න මනුස්සයො දෙන්නෙක්. ඒත් එක්කම ඉන්නවා එක පැත්තක මහින්ද මන්ත්‍රීතුමා ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන. මේ පුද්ගලයො දෙන්නා මුහුණු එහෙම බෙරි කරගෙන උත්තර දෙනවා. ඔවුන් කියනවා අපි ආවෙ බිත්තර ගහන්න. අපිව එක්කගෙන ආවෙ අහවලා කියලා කවුදෝ කෙනකුගෙ නමකුත් කියනවා. ඒ පුද්ගලයගෙ නම කියලා අන්තිමට කියනවා එයාගෙ දේශපාලන සම්බන්ධතා තියෙන්නෙ ප්‍රසන්න රණතුංගත් එක්ක කියලා. අපි දන්නෙ නෑ, අපට රුපියල් 5000ක් දෙනව කිව්වා. රුපියල් 5000ක් දෙනව කියපු නිසා තමයි මේගොල්ලො ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේගොල්ලන්ට කතා කරපු කෙනා සහ ඒ දේශපාලන සම්බන්ධතා ගැන කතා කරලා අවසානයේදී නිගමනයකට එනවා මේ කතාව ඇතුළේ ඇවන්ට්ගාඩ් කණ්ඩායම තමයි මේ විදියට ඇවිල්ලා තියෙන්නේ කියලා. අපි නෙවෙයි ඒ නිගමනයට එන්නේ, මේ වීඩියෝව ඇතුළෙ තමයි ඒ නිගමනයට එන්නේ. හැබැයි ඇවන්ට්ගාඩ් එකට සම්බන්ධද කියලා ඇහුවාම ඒ අය කියනවා නෑ, සම්බන්ධයක් නෑ. ඉස්සර හිටියා. දැන් ත්‍රීවීල් එකක් එළවන්නේ වගේ දේවල්. මේ වැඩේට රුපියල් 5000ක් ගෙවනවාය කියපු නිසා ආවාය කියලා.

ලංකාවෙ දේශපාලනයෙ තියෙන අප්‍රසන්න බව එක තැනකින් මතුවෙන අවස්ථාවක් තමයි දවසට රුපියල් 5000ක් දෙනවා කියන එක. බිත්තර ගහන්න එන්න කිව්වම මිනිස්සු එන තැනට මේ අයව පත්කළේ කවුද කියන එක. ඇත්තටම දැන් අපිත් පත්වෙලා ඉන්නේ දවසට රුපියල් 5000ක් දෙනව නම් බිත්තර ගහන්න යන තැනට තමයි. මොකද හේතුව දවසට රුපියල් 5000 ගානේ සාමාන්‍යයෙන් මාසෙට දවස් 10ක් 15ක් බිත්තර ගහගත්ත නම් ජීවත් වෙන්න මොනව හරි දෙයක් කරගන්න පුළුවන් තත්ත්වෙක මේ රට තියෙන්නේ. ඒත් දැන් ජනතා විමුක්ති පෙරමුණට කවුද මේ බිත්තර ගැහුවේ? ඒකෙ කොනක ප්‍රසන්න රණතුංග මහත්තයගෙ නම කියැවෙනවා. ඊට පස්සේ ඇවන්ට්ගාඩ් ප්‍රධානියාගෙ නම කියැවෙනවා. මේ වැඩේ කළේ කවුද කියන එක සම්බන්ධව තුන්වැනි වීඩියෝවෙ සහ තුන්වැනි කතාබහ එළියට එනවා. ප්‍රසන්න රණතුංග මහත්තයා තමයි ඒ වෙලාවෙ කතා කරන්නේ. එයා කියනවා, ‘මම බය නෑ. මට අවශ්‍ය නම් මේ 3%ක් ගත්ත ජවිපෙට බිත්තර ගගහ ඉන්නෙ නෑ. මට දෙයක් තියෙනවා නම් මම කෙළින්ම යනවා. එහෙම නැතුව කාවවත් යවන්නෙ නෑ…’ කියලා. ලංකාවෙ දේශපාලකයෙකුට එහෙම ‘මම තමයි චණ්ඩියා, මට ඕනෙ නම් මමමයි යන්නේ’ කියලා කියන්න පුළුවන් කියන එකත් වෙනමම සුන්දර අත්දැකීමක්. මොකද අපි මේ බලන්නේ පාර්ලිමන්ට් ජෝක්ස් චිත්‍රපටය නෙවෙයිනෙ.

පාර්ලිමන්ට් ජෝක්ස් හරි මොනව හරි චිත්‍රපටයක නම් මන්ත්‍රීවරයෙක්ට කියන්න පුළුවන් මම මට ඕනෙ විදියට මගේ වැඩේ කරනවා, මම තමයි චණ්ඩියා කියලා. හැබැයි මේක මමයි චණ්ඩියා කියන්න ‘වන රජා’ නෙවෙයිනෙ. ඒ වුණාට අපේ දේශපාලකයො හරි එඩිතරයි. බය නෑ. ‘මම ගහනවා නම් මමමයි ගහන්නේ’. එතකොට කවුද ජවිපෙට බිත්තර ගැහුවේ? අදෘශ්‍යමාන බලවේගයක් වෙන්න බැරිද? මොකද ඔය යක්කල පැත්තේ ඉස්සර යක් හල කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ යක්කු හිටිය තැන තමයි යක් හල. දැන් මේක යක්කල නිසා අහල පහල තියෙනවා බෙම්මුල්ල, මග ලේ ගොඩක් තිබුණු නිසා ‘මගලේගොඩ’. කඳඔළුවාව, ඔළුව නැතුව කඳ විතරක් තිබුණු නිසා ‘කඳඔළුවාව’. එහෙම පැත්තකට කිට්ටුව නිසා සමහර විටක මේක අදෘශ්‍යමාන බලවේගයක් වෙන්න බැරිද? හැබැයි අදෘශ්‍යමාන බලවේගයක් නම් මේ ජවිපෙ සාමාජිකයො අල්ලා ගත්තේ කාවද? ඒගොල්ලො හොල්මන්ද? හොල්මන් තමන්ගෙ කාගෙ හරි වේශයක් මවාගෙන මේ විදියට පෙනී හිටියා වෙන්න බැරිද?

අපිට හිතෙනවා ස්කුබිඩූ බැලුවා වගේ කියලා. මොකද හේතුව බිත්තර ගහලා, බිත්තර වැදිලා හැබැයි බිත්තර ගෙනාපු කෙනෙක් නෑ. බිත්තර ආපු විදියක් ගහපු කෙනෙක් කවුරුත් නෑ. අවසාන ජවනිකාව එළියට එන්නේ පස්සේ. මේ සිද්ධියට අදාළ පොලිසිය නිට්ටඹුව පොලිසිය කියල තමයි සඳහන් වුණේ. වෙන පොලිසියක් නම් සමාවෙන්න. පොලිසිය මේ පුද්ගලයන්ව උසාවියට ඉදිරිපත් කරන්නේ නෑ. උසාවියට ඉදිරිපත් නොකරන්නේ ඒගොල්ලන්ට අසනීප නිසා. ඒගොල්ලන්ට ගහල නිසා. ඒගොල්ලන්ට රිදුණු නිසා කියල තමයි තියෙන්නේ. එහෙම පොලිසිය විසින් ඉදිරිපත් නොකර ඉන්න පුළුවන්ද? පස්සේ ඒ දෙන්නම නිදහස් කරලා යවලා කියලා රාජ්‍ය මාධ්‍ය වාර්තා කරලා තිබුණා. ඒ වගේම මෙතැන විශාල දේශපාලන ගැටලුවක් තියෙනවා. අනුර කුමාර දිසානායක කියලා කියන්නේ ලංකාවේ ප්‍රධාන දේශපාලන කණ්ඩායමක නායකයා. මේ වෙනකොට ප්‍රධාන දේශපාලන ධාරාව, එහෙම නැත්නම් විකල්ප ධාරාව මොකක්ද කියලා හොයාගන්න බැරි තැනකට ඇවිල්ල කියන එක ඇත්ත. මොකද මේ වෙනකොට ඉන්නවා මහින්ද රාජපක්ෂ කියලා දේශපාලන නායකයෙක්. ඒ වගේම රනිල් වික්‍රමසිංහ කියලා දේශපාලන කණ්ඩායමක නායකයෙක්. සජිත් ප්‍රේමදාස කියලා දේශපාලන කණ්ඩායමක නායකයෙක්. ඒ වගේම මෛත්‍රිපාල සිරිසේන කියලත් දේශපාලන කණ්ඩායමක නායකයෙක්.

මේ දේශපාලන කණ්ඩායමේ නායකයා අනුර කුමාර දිසානායක. ලංකාවෙ පරණම පක්ෂයක්. ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ ලංකාවේ දේශපාලනික බලය හිමිවෙච්ච, ලංකාවෙ පාලනයට හවුල්වෙච්ච මුළු රටම දන්න කණ්ඩායමක්. අනුර කුමාර දිසානායක සහෝදරයා කියන්නේ මුළු රටම ආදරය කරන දේශපාලකයෙක්. ඔහුට ඡන්දය දෙනවද නැද්ද කියන එක කෙසේ වෙතත් අනුර කුමාර දිසානායක සහෝදරයට ඒ ආදරය ජනතාව සතුයි. ඔහු කොහෙ හරි හන්දියක, පාරක කතාවක් කරනව නම් මිනිස්සු දහස් ගානක් වාහන නවත්වගෙන අහගෙන ඉන්නවා. ඒ අහගෙන ඉන්න හැමෝම ඡන්දෙ දෙනවද කියන එක වෙනම ප්‍රශ්නයක්. හැබැයි ඔහුට ජනතාවගෙ ආදරේ තියෙනවා. මෙහෙම ජනතාවගෙ ආදරේ දිනාගත්තු දේශපාලකයෙකුට බිත්තර ගහලා පැනලා යන්න තරම් නිවට වෙච්ච දේශපාලක උන්මත්තකයන්ව පොලිසියට ඉදිරිපත් නොකරන්නේ හතරවැනි ජවනිකාවෙදි. පස්වැනි ජවනිකාව එනකන් අපි බලාගෙන ඉන්නවා. හැබැයි බිත්තර සෙල්ලම කළේ කවුද, වෙන්න ඇත්තේ කොහොමද, මේක පිටිපස්සේ ඉන්න ඇත්තේ කවුද, ඔය කියන කතා බොරුද ඇත්තද කියන එක ජනතාවත් දන්නවා. අපිත් දන්නවා. හැබැයි බයවෙන්න එපා මහත්වරුනි. ඒ වුණාට අපේ මහජනතාව ඕවා ගැන හිතන්නේ නෑ. ඡන්දයක් ආපුවාම ලැජ්ජාව බය පැත්තකින් තියලා ඡන්දෙත් දෙනවා.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

සල්ගාදු පිටියට මහ සෙනගක්!

Next Post

හූ…! හූ…! හූ…! ජනාධිපතිවරයෙක් ගෙදර යවපු මහා හූව..!

MORE NEWS

ගෝල්ෆේස් අරගලයේ වගේමයි! කොටුවේ සත්‍යග්‍රහයේත් ජාතිකාභිමානී ගීත වාදනය වෙන්න පටන් ගනී! විමල් ගම්මන්පිලලා තාලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝල්ෆේස් අරගලයේ වගේමයි! කොටුවේ සත්‍යග්‍රහයේත් ජාතිකාභිමානී ගීත වාදනය වෙන්න පටන් ගනී! විමල් ගම්මන්පිලලා තාලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News

හරිනි බොරු කිව්වද? නලින්ද ලිස්සලා ගිය හැටි කොහොමද? VIDEO I Sri Lanka Latest News
Exclusive

හරිනි බොරු කිව්වද? නලින්ද ලිස්සලා ගිය හැටි කොහොමද? VIDEO I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

දකුණේ හිටපු මහඇමැතිත් අල්ලස් කොමිසමෙන් අල්ලන් යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

ලොකු ලොකු කොම්පැනිකාරයෝ දිගට හරහට දේශපාලඥයෝ සල්ලිවලට අරන් උන්ගේ කටවල් වහලා තියෙද්දී විපක්ෂනායක නොකඩවා.. නොනවත්වා පොඩි ව්‍යාපාරිකයෝ බේරගන්නා සටනේ! ජරාව කාලා ඉන්න ඔස්තාර්ලාට නම් මේවා විහිලු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

එල්-නිනෝ ගැන ඔක්කොම කතා කරනවා දැන්! ඉස්සෙල්ලාම කිව්වේ සජිත්! VIDEO I Sri Lanka Latest News

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මාලිමාවට බලය හිමි නුවරඑළි මහනගර සභාවේ අලි කචල් එකක්! මාලිමා නගරාධිපතියි නියෝජ්‍ය නගරාධිපතියි ඇරගනී! සභාවේ වෙච්ච වංචා දූෂණ වැළක් කියාගෙන යයි! සභාවේ වැරදි තියාගෙන මාධ්‍යට සද්දෙ දාන්න ලෑස්ති වෙන්න එපා! අන්තිමේදී නගරාධිපතිතුමාත් වංචාවක් වෙලා තියෙන බව පිළිගනී! PHOTOS I Sri Lanka Latest News

Load More
ගෝල්ෆේස් අරගලයේ වගේමයි! කොටුවේ සත්‍යග්‍රහයේත් ජාතිකාභිමානී ගීත වාදනය වෙන්න පටන් ගනී! විමල් ගම්මන්පිලලා තාලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝල්ෆේස් අරගලයේ වගේමයි! කොටුවේ සත්‍යග්‍රහයේත් ජාතිකාභිමානී ගීත වාදනය වෙන්න පටන් ගනී! විමල් ගම්මන්පිලලා තාලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් කොටුව දුම්රියපොළ ඉදිරිපිට පැවැත්වෙන සත්‍යග්‍රහයේදී ජාතිකාභිමානී ගීත වාදනය කරමින් රැස්ව සිටි...

Read more
හරිනි බොරු කිව්වද? නලින්ද ලිස්සලා ගිය හැටි කොහොමද? VIDEO I Sri Lanka Latest News

හරිනි බොරු කිව්වද? නලින්ද ලිස්සලා ගිය හැටි කොහොමද? VIDEO I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

දකුණේ හිටපු මහඇමැතිත් අල්ලස් කොමිසමෙන් අල්ලන් යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

ලොකු ලොකු කොම්පැනිකාරයෝ දිගට හරහට දේශපාලඥයෝ සල්ලිවලට අරන් උන්ගේ කටවල් වහලා තියෙද්දී විපක්ෂනායක නොකඩවා.. නොනවත්වා පොඩි ව්‍යාපාරිකයෝ බේරගන්නා සටනේ! ජරාව කාලා ඉන්න ඔස්තාර්ලාට නම් මේවා විහිලු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

එල්-නිනෝ ගැන ඔක්කොම කතා කරනවා දැන්! ඉස්සෙල්ලාම කිව්වේ සජිත්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.