• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

හූ…! හූ…! හූ…! ජනාධිපතිවරයෙක් ගෙදර යවපු මහා හූව..!

February 9, 2022
in Exclusive, News
Reading Time: 4 mins read
A A
හූ…! හූ…! හූ…! ජනාධිපතිවරයෙක් ගෙදර යවපු මහා හූව..!
Share on WhatsAppShare on Facebook

කතෝලිකයන්ගේත්, ක්‍රිස්තියානුවන්ගේත් උතුම් වූ නත්තල් උත්සවයට තවත් හරියටම ඇත්තේ දින 03ක් පමණි. රුමේනියාවේ, බුකාරෙස්ට් නැමැති අගනගරය ශීතලෙන් වසාගෙන හිම තුහින පතිත වෙමින් තිබිණි. මේ දිනය හරියටම 1989 වසරේ දෙසැම්බර් 22 වැනිදාය. රුමේනියානු ජනතාව උදය වරුවේ සිටම අගනගරය වෙත රැස්වෙමින් සිටියේ විශේෂ වූ කටයුත්තකටය. දසත වසාගත් ශීතල පවා නොතකමින් ඔවුන් මහත් උනන්දුවෙන් රැස්වන්නට ගත්තේ එක්තරා සුවිශේෂී මිනිසෙකුගේ කතාවක් අසන්නටය. උදෑසන සිට හෝරා දෙකක් පමණ ගතවන විට එතැනට රැස්ව සිටි ජනතාව 80,000ක්ද ඉක්මවා ගියේය. එය මහා විශාල ජනකන්දරාවකි. රුමේනියාවේ ජනපති මන්දිරය ඉහළ මාලයේ සඳළුතලය දෙස ජනතාව ඇසිපිය නොහෙළා බලා සිටියේය. ඉතා මිල අධික කළු පර්සියානු බැටළු සමින් නිමවුණු දිග කබායක් සහ තොප්පියකින්ද සැරැසීගත් මෙම විශේෂිත මිනිසා නියමිත වේලාවට සඳළුතලය මතට පැමිණියේය. ඔහු රුමේනියානු ප්‍රථම ජනාධිපති නිකොලායි සියසෙස්කු (Nicolae Ceausescu) ය. ඉතා දැඩි කොමියුනිස්ට් පාලනයක් ගෙනගිය ඔහු තම ජනතාව අමතන්නට ගත්තේය.

‘වෙනත් සමාජවාදී යුරෝපීය රටවල කොමියුනිස්ට් පාලනය දැන් නැතිවී යමින් තිබුණත්, රුමේනියාවේ කොමියුනිස්ට් පාලනය ඉතාමත්ම ශක්තිමත්. මේ රටේ පාලනය එසේ බිඳවැටෙන්නේ නැහැ. එයට මා ඉඩ තියන්නේ නැහැ. රුමේනියාවේ ස්වාධීනත්වය, අඛණ්ඩතාවය සහ ස්වෛරීභාවය ආරක්‍ෂා කිරීමට මම හැමවිටම කටයුතු කරනවා. ඔබ සැමගේ යහපත් අනාගතය වෙනුවෙන් මම කටයුතු කරනවා කියලා පොරොන්දු වෙනවා.’ නිකොලායි සියසෙක්කු දිගින්, දිගටම කියාගෙන ගියේය. විනාඩි දෙක, තුනක් එසේ ප්‍රකාශ කරගෙන යනවාත් සමගම ජනතාව අතරින් යම් නොසන්සුන්තාවයක් ටිකෙන්, ටික පෙනෙන්නට ගත්තේය. 80,000ක මහා ජනතාව තුළින් විවිධ විරෝධතාවයන් එළිදැක්වෙන්නට විය.

‘නිකොලායි, නිකොලායි ඔබ බොරු කරන්න එපා. පසුගිය කාලයේ ඔබ ජනතාව ආරක්‍ෂා කළේ නැහැ. ජනතාවට සතුරුකම් කළා. මින්පසුව අපට ඔබව එපා. මේ රටට කොමියුනිස්ට් පාලනයත් එපා. ඔබ රුමේනියාවේ ජනාධිපතිවරයාට සුදුසු නැහැ. ඔබ මේ රටේ පාලකයා නෙවෙයි.’ ජනතාව මහහඬින් කෑගසන්නට විය. එහෙත් එම විරෝධතාවය නොසලකා ජනාධිපතිවරයා තම අදහස් දක්වන්නට ගත්තේය. එහෙත් ගතවූයේ මොහොතකි. අදහස් ප්‍රකාශ කළ ජනතාව සියල්ලෝම එක හඬින්ම යම් ශබ්දයක් නඟන්නට ගත්තේය. කුමක්ද ඒ විරෝධය?

‘හූ හූ හූ..’ දසත ගිගුම් දෙමින් ඇසෙන්නට විය. නිකොලායි සියසෙස්කු කතා කරන්නට උත්සාහ ගත්තද, ‘හූ හf`ඩ්’ ප්‍රබලත්වය නිසා එය කරගත නොහැකි විය. 80,000ක පමණ ජනයා එක මොහොතට නඟන ‘හූ හඬ’ ඉතාමත් උද්වේගකර එකක් විය. එමෙන්ම එය ඉතාමත් බලගතුය. දැන් ජනයා නඟන්නේ ‘හූ හඬ’ පමණක්මය. ජනාධිපතිවරයා ලැජ්ජාවෙන් මෙන්ම කෝපයෙන්ද දිදුළන්නට ගත්තේය. තමන් යමක් පැවැසුවාට ඇසෙන්නේ නැත්තේ ‘හූ හඬ’ ඉතාමත් ප්‍රබල හෙයිනි. කරකියාගත නොහැකි වූ ඔහු අවසානයේදී තමන්ගේ මයික්‍රෝපෝනයට දිගට, හරහට තට්ටු කරන්නට විය. රුමේනියානු ජනාධිපතිවරයාගේ මෙම කතාව රූපවාහිනියෙන් විකාශනය වන්නටද ගත්තේය. එහෙත් ‘හූ හඬ’ බලවත් වීම හේතුවෙන් රාජ්‍ය ආරක්‍ෂක අංශ විසින් රූපවාහිනියට නියෝග කළේ වහාම සජීවී විකාශය නවතන ලෙසටය. එහෙත් රූපවාහිනිය එසේ කළේ නැත. ඔවුන් දිගින්, දිගටම සජීවීව සිද්ධිය වාර්තා කළේය. නිකොලායි සියසෙස්කු ‘හලෝ, හලෝ’ යැයි කෑගසමින් මයික්‍රෝපෝනයට තලන්නට විය. සගයනි, සගයනි නිහඬ වෙනු යැයිද ඔහු ශබ්ද නඟන්නට විය. එහෙත් ජනතාවගේ ‘හූ හඬ’ තව, තවත් ප්‍රබල විය. නිකොලායිගේ බිරිය වන රුමේනියාවේ උප අගමැති ධුරය දැරූ එලීනාද ‘නිශ්ශබ්ද වෙයල්ලා’ නිශ්ශබ්ද වෙයල්ලා’ යනුවෙන් කෝපයෙන් කෑගසන්නට වූවාය.

එහෙත් ඒ කිසිවකින් පලක් නොවීය. 80,000ක ජනතාවගේ ‘හූ හඬ’ ඊට වඩා බලවත් විය. එහෙත් ජනාධිපති නිකොලායිද නිකම් සිටියේ නැත. ඔහු වහා තම ආරක්‍ෂක අංශවලට නියෝග කළේ විරෝධතා නඟන ජනතාව මෙල්ල කිරීමටය. යුද හමුදාව සහ පොලිසිය පැමිණ ජනතාවට බැටන්පොලු සහ කඳුළු ගෑස් ප්‍රහාරයන් එල්ල කළේය. යුද ටැංකි පැමිණ ජනතාව දෙසට ධාවනය කරමින් ජනතාව එළවා දමන්නට විය. සමහර මෙල්ල කරගත නොහැකි තරුණ පිරිස්වලට වෙඩි තබන්නටද විය. ඒ අනුව සමහර තරුණයන් මරණයටද පත්විය. රජයේ අණ තකමින් සමහර හමුදා භට පිරිස් කටයුතු කළද, බොහෝ විට පෙනෙන්නට තිබුණේ ජනතාවට ප්‍රහාර එල්ල කිරීමට මැලිවන හමුදා භට කණ්ඩායම්ය. ඔවුන් බොහෝ දෙනෙකුද රුමේනියානු පාලකයාගේ ක්‍රියාකලාපය ප්‍රතික්‍ෂේප කළ පිරිස් විය. කෙසේ හෝ දිනක් යන්නට මත්තෙන් සිදුවූයේ පුදුමයකි. ආරක්‍ෂක හමුදා බහුතරය ජනාධිපතිවරයාගේ පාලනයට විරුද්ධව හමුදා කුමන්ත්‍රණයක් දියත් කළේය. තත්ත්වය දින දෙකක් යන විට අතිශයම ප්‍රබල විය. හමුදාව විසින් ජනාධිපති මැඳුර වටලා ජනපති යුවළ අත්අඩංගුවට ගත්තේය.

ජනතාවගේ ‘හූ හඬ’ හරහා ඇරැඹි එම අරගලය අවසානයේදී මහා ජයග්‍රහණයක් සහ මහා ශෝකාන්තයක් බවටද පත්විය. එනම් රුමේනියානු හමුදාව සමග ජනතාව එක්වී රජය පෙරළා දැමුවේය. එසේම ඉන්පසුව ජනාධිපති නිකොලායි සියසෙස්කු යුවළ හමුදා අත්අඩංගුවට ගෙන හමුදා අධිකරණයක් වෙතට පැමිණවූයේය. එහිදී ඉතාම කෙටි නඩු විභාගයකින් පසුව හරියටම 1989 දෙසැම්බර් 25දා නත්තල් දවසේ උදෑසන අධිකරණ තීන්දුව ලැබුණේ, මෙම යුවළට වහාම වෙඩිතබා ඝාතනය කර දමන ලෙසටය. උතුම් වූ නත්තල් දිනය යැයි පැවසෙමින් නියෝගය තවත් කල්හැරියේ නැත. හරියටම එදින බුකාරෙස්ට් නගරයේ පිහිටි ප්‍රධාන යුද මූලස්ථානය තුළදී සවස 4 වන විටදී හමුදා ඛණ්ඩයක් විසින් යුවළට වෙඩිතබා ඝාතනය කරන ලදී. මේ සඳහා ‘කලාශිකොව් ඒ.කේ.-47’ ස්වයංක්‍රීය මැෂින් තුවක්කු කිහිපයක් භාවිත කර ඇත. ඉතිහාස වාර්තාවලට අනුව මරණයට පත්වූ ජනපති යුවළගේ ශරීර දෙකෙහි වෙඩි උණ්ඩ 120ක් තිබී ඇත. යුවළ ඝාතනය සඳහා බිත්තියක් ඉදිරියේ සිටවූ විටදී ජනාධිපති නිකොලායි කොමියුනිස්ට් නිල ගීතය ගැයූ අතර, බිරිය එලීනා හමුදාවට පරුෂ වචනයෙන් බැනවැදී ඇත.

‘හූ හඬකින්’ ඇරැඹි මෙම මහා අරගලය විටෙක ශෝකාන්තයක් ලෙස පෙනුණද, එය එසේ නැත. එනම් මෙම රුමේනියානු පාලකයා ඉතාමත් කුරිරු පාලකයකු ලෙසට ඉතිහාසය කරුණු කියාපායි. ඔහු තමන්ගේ විරුද්ධවාදීන් මෙන්ම සිවිල් ජනතාවද සමූල ඝාතනයන්ට පත්කළේ යැයි පැවසෙයි. මෙලෙස 1965 සිට 1989 දක්වා ඝාතනයට ලක්වූ පිරිස 60,000කට ආසන්න යැයිද පැවසෙයි. ඔහු රුමේනියාවේ ජනාධිපති ධුරය වසර 15ක් නොකඩවා දරා ඇති අතර, එරට ප්‍රධාන ජනාධිපතිවරයා වන්නේද ඔහුය. ඔහු එරට කොමියුනිස්ට් පාලකයා බවට පත්වන්නේ 1965 වසරේදීය. මොහු ඝාතනයට පත්වන විට 71 වැනි වියෙහි පසුවූ අතර, බිරිය එලීනා 73 වැනි වියෙහි පසුවූවාය. වසර 24ක් පුරා නොකඩවා ඒකාධිපති පාලනයක් ගෙනගිය එකම යුරෝපීය පාලකයා ඔහු ලෙස සැලකෙන අතර, ජර්මනියේ ඇඩොල්ෆ් හිට්ලර්ට පසුව සිටි කුරිරුතම පාලකයා මොහු යැයිද කියති. කෙසේ හෝ මොහු බලයෙන් නෙරපීම සිදුවූයේ 1989 වසරේ රුසියාවේ කොමියුනිස්ට් පාලනය බිඳවැටීමත් සමගය. එවිට යුරෝපයේ රටවල් රැසක සමාජවාදී පාලනය බිඳවැටීමකට ලක්විය.

ලෝක ඉතිහාසයෙහි කළු අකුරින් ලියා තැබූ මෙම සිදුවීම ගැන දැන් ඔබට පැහැදිලි වනු ඇතිය. කෙසේ හෝ ඉන්පසුව අදටත් රුමේනියාව තුළ ‘රුමේනියානු විප්ලවය’ (Romanian Revolution) නමින් වාර්ෂිකව සංවත්සර උත්සවයක් සමරයි. එය සෑම වසරකම දෙසැම්බර් 22 වැනිදා සිට 25 වැනිදා දක්වා සැමරෙන අතර, ප්‍රීතිමත් නත්තල් දිනයද ඉන් එක් දිනයකි. එනම් නත්තල් දිනයේදීම මෙම කුරිරු ජනාධිපතිවරයා සහ ඔහුගේ හිතුවක්කාර බිරියද නීතිමය ලෙස ඝාතනය කිරීම, අදද කිසිදු රුමේනියානුවකු විසින් ප්‍රතික්‍ෂේප කරන්නේ නැත. ඒ නිසා ඔවුන් නත්තල් දිනයේදී නත්තල් උත්සවයට අමතරව මෙම ඝාතනයන්ද සතුටින් සමරනු ලබති. එලෙස 1989 දෙසැම්බර් 25 වැනිදා සිදුකළ ඝාතනය පසුගිය 2021 වසරේදී සමරනු ලැබුවේ 33 වැනි සංවත්සරය ලෙසය. කෙසේ හෝ මෙම වෙඩි තැබීම සිදුකිරීමට අධිකරණය නියෝග කළ විටදී, එහි කිසිදු අවස්ථාවක් රූපගත කිරීමට රූපවාහිනියට ඉඩ නොදීමට හමුදා පාලකයන් තීරණය කළේය. එහෙත් මෙය ආරංචි වූ සැණින් අවසාන මොහොතේදී කැමරාකරුවන් එතැනට කඩාවැදී ඇත. කෙසේ හෝ අවසානයේදී එම සිදුවීමේ සමහර දර්ශන ලබාගෙන ඇති අතර, දැනටද එම දසුන අන්තර්ජාලයෙන් දැකිය හැකිය.

‘හූ හඬකින්’ රටක් කණපිට හැරවූ මහා විප්ලවයක මෙම අපූරු ඉතිහාස කතාව අද ඔබට ලියා තැබුවේ ඇයි? එයට ප්‍රධානතම හේතුව වූයේ, අද මෙරට මෙතෙක් කිසිදු කාලයක සිදුනොවූ ආකාරයෙන් අලුත්ම ‘හූ රැල්ලක්’ ආරම්භ වී තිබීමය. එනම් දැනට මාස 03 – 04ක කාලයක සිට ශ්‍රී ලංකාව තුළද මෙම ‘හූ රැල්ල’ දිනෙන්, දින උද්දීපනය වෙමින් තිබෙයි. මෙයද සිදුවන්නේ දේශපාලනික වටපිටාවක් පසුබිම් කරගනිමිනි. එනම් දැනට වසරක පමණ කාලයක සිට ශ්‍රී ලංකාව තුළ පොදු ජනතාවට ආර්ථික සහ සාමාජයීය වශයෙන් මුහුණ දෙන්නට සිදුවී ඇති කනගාටුදායක වටපිටාවක් හේතු කරගෙන මෙම ‘හූ රැල්ල’ නිර්මාණය විය. එහිදී ප්‍රධාන වශයෙන් ජනතාව ඉතා දරුණු ආහාර අර්බුදයකට සහ අත්‍යාවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය හිඟයකට මුහුණ දීම මූලික හේතුව විය. මෙහිදී ශ්‍රී ලාංකික ජනතාව වසර 45කට පසුව පෝලිම් යුගයක් දක්වා ඇද දැමීම ඉතාමත්ම ඛේදනීය තත්ත්වයක් විය. එසේම මාස 03ක් වැනි කෙටිකාලයක් තුළදී ජනතාව ඉතාමත් අධික උද්ධමනයකට පත්කර දැමුවේය. පහත මධ්‍යම පන්තියේ සිටි ලක්‍ෂ 07ක පමණ ජනතාව අන්ත දුගී පන්තියට ඇදදැමුවේය.

කෙසේ හෝ මෙලෙස වත්මනේදී ශ්‍රී ලංකාව තුළ ඇතිවී තිබෙන ‘හූ රැල්ල’ නිකම්ම අල්ලා ඉවත දැමිය හැකි විෂයක් නොවේ. අද මුළු මහත් ශ්‍රී ලාංකික සමාජයම දන්නා පරිදි මෙම ‘හූ රැල්ල’ ආරම්භ වී ඇත්තේ වත්මන් දේශපාලනික තන්ත්‍රයට එරෙහිවය. එය කිසිවෙකුටත් බැහැර කළ නොහැකි හේතු සාධකයකි. රාජ්‍ය පාර්ශ්වික සහ රාජ්‍ය ගැති යමෙකු එම මතයට විරුද්ධ වන්නේ නම් එය විකට නාඩගමකි. කෙසේ හෝ රාජ්‍ය ගැති යමෙකු හෝ එවැනි ආකල්පයක් මෙතෙක් දරා නැත. එනම් ජනතාව විසින් මෙම ‘හූ හඬ’ නඟන්නේ සිතෙහි පැනනැඟී ඇති මහත් කලකිරීම සහ කෝපයද කරපින්නා ගනිමිනි. මේ අනුව දැනට පසුගිය කාලය තුළ මෙරට තුළ ස්ථාන ගණනාවකදී වත්මන් රාජ්‍ය දේශපාලනික පුද්ගලයන් එල්ල කරගෙන මෙම ‘හූ ප්‍රහාරය’ එල්ල විය. හොඳින් නිරීක්‍ෂණය කිරීමේදී පෙනී යන්නේ මෙම සිදුවීම් කිසිවක් සැලසුම් කර සිදුනොවූ ඒවා බැව්ය. එනම් ජනතාව විසින් ඒ ඒ, තැන්වලදී ඉතාමත් අනපේක්‍ෂිත අයුරින් එම ක්‍රියාව සිදුකළේය. එම සිදුවීම් එකින්, එක මෙහි විස්තර කරන්නට යන්නේ නැත. එහෙත් එම ප්‍රබල, හැඟීම්බර ‘හූ ප්‍රහාරයන්’ රැසක් පසුගියදා රාජ්‍ය ඇමැතිවරුන්ට මෙන්ම ප්‍රධාන රාජ්‍ය පාලකයාටද එරෙහිව එල්ල විය.

‘හූ කීම්‘ නොහොත් ඉංග්‍රීසි බසින් ‘Hooting’ (හූටින්) ලෙසින් හඳුන්වන ක්‍රියාවට බොහෝ ඉපැරැණි ලෝක ඉතිහාසයක් ඇත. එනම් එය වසර දහස් ගණනක් ඉපැරැණි ආදී මානවයාගේ කාලයේ සිට සිදුවූවකි. ‘හූ කීම’ ගැන ඒ, ඒ රටවලට අදාළ වූ වෙනත් ඉතිහාසයන් රැසක් ඇත. එහෙත් ඒවා ගැන සොයා බැලීමට මෙහි ඉඩකඩ මදිය. එසේ වුවද අපගේ ශ්‍රී ලංකාවටද ‘හූ කීම’ ගැන ඉතා පැහැදිලි ඉතිහාසයක් ඇත. එම කතාව බොහෝ විට අපගේ ලාංකික ජනවහරට අයත්වන වගතුගකි. එනම් ආදීකාලයක සිට අපගේ ජනයා විවිධ කාර්යයන් ඉටුකර ගැනීම උදෙසා ‘හූ කීම’ නොහොත් ‘හූ තැබීම’ සිදුකර ඇත. එසේම අපගේ ලාංකික ජන සංස්කෘතියට අනුව එම අපූරු ක්‍රියාව මෙසේ ගෙනහැර දැක්විය හැකිය. එය සැබැවින්ම රසවත් වගතුගකි.

  • ‘පැලේ හූව’ – ගොවිතැන් කටයුතුවලදී භාවිත කෙරෙයි. විශේෂයෙන් වන සතුන් පලවාහැරීම සඳහා අතීතයේ සිට අද දක්වාම මෙම ශබ්ද නැඟීමේ ක්‍රමය භාවිත කරයි.
  • වැදුම්ගෙයි හූව’ – ආදි ලාංකික අතීතයේදී ගමේ කාන්තාවන් අතරේ පැවැති ‘හූ’ ක්‍රමයකි. එනම් නිවෙස් තුළදී දරුවන් උප්පත්තිය ලැබීමේදී විවිධ උදව් ඉල්ලා මෙය සිදුකරනු ලබයි.
  • ‘වැහි හූව’ – අහස බලා අනාවැකි කියන ගැමියන් වැසි ඇතිවීම ගැන අනෙක් සෙසු පිරිසට දැනුම් දීම මේ මගින් සිදුකරයි.
  • ‘රහස් හූව’ – අතීතයේ රජවරුන්ගේ සේනාවන් අතර රහස් හුවමාරු කරගැනීම උදෙසා භාවිත කෙරුණු අතර, හූවේ හඬ, රටාව, වාර ගණන එහිදී ක්‍රියාත්මක කර ඇත.
  • ‘මූකලන් හූව’ – සතුන් දඩයමේ යන පිරිස් විසින් භාවිත කරනු ලබන ක්‍රමයකි. සාමූහික දඩයමේදී අනෙක් දඩයම්කරුවන් දැනුවත් කරනු ලබයි.
  • ’ඔච්චම් හූව’ – අංකෙළිය වැනි පැරැණි ක්‍රීඩාවලදී පරාජය වූවන් උදෙසා භාවිත කර ඇත.
  • ‘යකැදුරු හූව’ – තොවිල්, සන්නි වැනි ශාන්තිකර්මවලදී යකැදුරන් විසින් භාවිත කරනු ලබන ‘හූ’ කීමකි.
  • දේශපාලනික හූව’ – ජනතාව විසින් දේශපාලනය ප්‍රතික්‍ෂේප කිරීම උදෙසා සිදුකරන ‘හූ’ තැබීමකි. අද අපේ රටේ සිදුවන්නේ මෙම ‘හූ’ තැබීමයි.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

ඇමැති ප්‍රසන්නලාගේ ඇවන්ට්ගාඩ්ලාගේ නම් එළියට ආවා! අල්ලපු දෙන්නා ඉස්පිරිතාලෙත් නෑ.. පොලිසියෙත් නෑ..! අනුර කුමාරලාට බිත්තර ගැහුවේ භූතයෙක්ද?

Next Post

අද ඉඳන් ආණ්ඩුව අලුත් ගමනක් අරඹනවා! පුළුවන්නම් දිනලා පෙන්වන්න! පොහොට්ටු වේදිකාවේ සිට මහින්ද විපක්ෂයට අභියෝගයක් දෙයි! ‌ (VIDEO)

MORE NEWS

රඳවා තබා ගැනීම ජාත්‍යන්තර නීතියට පටහැනියි! ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය මුදලිගේ වෙනුවෙන් පෙරට එයි!
Exclusive

සලේ ගැන-සංගීතන් ගනේෂකුමාර් ගැන-ත්‍රස්ත පනත ගැන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වෙතින් විශේෂ නිවේදනයක්! I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!
Exclusive

රුපියල බේරගන්න මහබැංකුව ඩොලර් මිලියන 220ක් වෙළෙඳපොළට නිකුත් කරලා! තෙල් මිල වැඩි කළේ නැත්නම් රුපියල බේරගන්න බෑ! මෙන්න බය හිතෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආයෙත් යුද්ධය පටන් ගත්තා! අමෙරිකාව ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරයි! I Sri Lanka Latest News

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

මෙහෙම දක්ෂකම් තියෙන නායකයෙක් වෙන පක්ෂෙක ඉන්නවාද? මේ විදිහට තමාගේ නායකයාව මාකට් කරන්න දන්නේ ප්‍රසාද් විතරමද? අනිත් අය නොකර ඉන්නේ ඉරිසියාවට? කුහකකමට? නැත්නම් දේශපාලනේ නොදන්න කමටද? VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර දිනලා සජිත් පැරදුණ හේතුව සජබ ගම්පහ මන්ත්‍රී ප්‍රසාද් හරියටම කියයි! මාලිමාව ඕන බොරුවක් ඇත්ත කරන විදිහ මෙන්න! අදටත් සජබය ඉන්නේ පසුපසින්! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරියයි පුත්‍රයායි මල්වතු-අස්ගිරි මහනාහිමිවරු හමුවෙයි! ලොකු ඉල්ලීමක් කරයි! I Sri Lanka Latest News

Load More
රඳවා තබා ගැනීම ජාත්‍යන්තර නීතියට පටහැනියි! ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය මුදලිගේ වෙනුවෙන් පෙරට එයි!
Exclusive

සලේ ගැන-සංගීතන් ගනේෂකුමාර් ගැන-ත්‍රස්ත පනත ගැන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වෙතින් විශේෂ නිවේදනයක්! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා රජය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කිරීමට පෙර පොරොන්දු වී තිබුණ ද, එම පනත යටතේ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම...

Read more
ඩොලරය 330ට යයි!

රුපියල බේරගන්න මහබැංකුව ඩොලර් මිලියන 220ක් වෙළෙඳපොළට නිකුත් කරලා! තෙල් මිල වැඩි කළේ නැත්නම් රුපියල බේරගන්න බෑ! මෙන්න බය හිතෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News

ආයෙත් යුද්ධය පටන් ගත්තා! අමෙරිකාව ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරයි! I Sri Lanka Latest News

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

මෙහෙම දක්ෂකම් තියෙන නායකයෙක් වෙන පක්ෂෙක ඉන්නවාද? මේ විදිහට තමාගේ නායකයාව මාකට් කරන්න දන්නේ ප්‍රසාද් විතරමද? අනිත් අය නොකර ඉන්නේ ඉරිසියාවට? කුහකකමට? නැත්නම් දේශපාලනේ නොදන්න කමටද? VIDEO I Sri Lanka Latest News

අනුර දිනලා සජිත් පැරදුණ හේතුව සජබ ගම්පහ මන්ත්‍රී ප්‍රසාද් හරියටම කියයි! මාලිමාව ඕන බොරුවක් ඇත්ත කරන විදිහ මෙන්න! අදටත් සජබය ඉන්නේ පසුපසින්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.