• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මෙදා ඒ ලෙවල්වලින් කොළඹට කිරි ගමට එළකිරි…

September 5, 2022
in Exclusive, News
Reading Time: 3 mins read
A A
මෙදා ඒ ලෙවල්වලින් කොළඹට කිරි ගමට එළකිරි…
Share on WhatsAppShare on Facebook

දහසකුත් එකක් දුක් කම්කටොලු මැද 2021 උසස් පෙළ විභාගයට පෙනී සිටි දූදරුවන්ගේ ප්‍රතිඵල නිකුත් විය. ඒ දරුවෝ කොයිතරම් දුක් වින්දාද, කොයි තරම් ප්‍රශ්නවලට මුහුණ දුන්නාද කියන කාරණය ගැන අපි, ඔබ හොඳින්ම දනිමු. මේ ශිෂ්ටාචාරයේ භයානකම වසංගත සමය ඔවුන්ට ගතකරන්නට සිදුවූයේ ජීවිතයේ තීන්දු වසර දෙකක් අතරය. ඒ නිසා ඒ දරුවෝ අවංකවම අපට වඩා බොහෝ සෙයින් වීරයෝය. අප එය එසේ විශ්වාස කළ යුතුය. එසේ විශ්වාස නොකරයි නම් එසේ නොඅදහයි නම් අප වැරැදිය. ඒ නිසා අප මේ වතාවේ මේ දරුවන් ගැන කතාව ආරම්භ කරන්නේම ඔවුන්ට හිස නමා ආචාර කරමිනි. ආදරණීය දුවේ පුතේ, ඔබ උසස් පෙළ කඩඉම මොන මට්ටමින් ජයගත්තද ඔබ අපට වීරයන්ය. ඒ නිසා ඔබේ ප්‍රතිඵලය ගැන ඔබ දුක් වේ නම්, කනගාටු වේ නම් මුලින්ම නතර කළ යුත්තේ එයයි. උසස් පෙළ විභාග සමය යනු දහසකුත් වේදනා මැද, නිදි නොලැබ, කුසට නිසි අහරක් නොමැතිව ගතකරන්නට සිදුවන සමයකි. නමුත් ඔබට ඒ සමය මේ සියලු ප්‍රශ්න ගැහැට මැද්දේ හිඳිමින් තවත් නොපෙනෙන වෛරසයක් සමග සටන් කරමින් ගතකරන්නට සිදුවූ වසර දෙකක් අතර හමුවිය.

2021 උසස් පෙළ ලියූ කොල්ලන්ට කෙල්ලන්ට විභාගය ආරම්භ කරන්නට සිදුවන්නේම බරපතළ අර්බුදයක් සමගය. ඒ, ඔවුන් පාසලට ආ හැටියේම රටේ සිදුවූ බරපතළ ව්‍යසනයක් හේතුවෙනි. පාස්කු ප්‍රහාරයත් සමග පාසල් වසා දමන්නට බොහෝ විට සිදුවිය. ඇතැම් විට පාසල් ඉලක්ක කරගනිමින් බරපතළ ප්‍රහාර එල්ල වන්නේ යැයි බොහෝ තැන්වල ප්‍රවෘත්ති පළ විය. ඒවා දේශපාලනික වාසි මත, දේශපාලනික කෝන්තර මත සහ දේශපාලනික කොන්ත්‍රාත් මත සිදුවූ ඒවා වුවද ඒවායින් මේ දරුවෝ පීඩා වින්දෝය. පාසල් නතර කරන්නට සිදුවිය. එවැනි අවස්ථාවලදීද මේ දරුවෝ බරපතළ අර්බුදයන්ට මුහුණ දුන්නෝය. හදිසියේ ආ ‘සූම් තාක්ෂණය’, දරුවන් පමණක් නොව ගුරුවරුන්ද අන්දමන්ද කරන සුලු විය. රට වසාදැමීමත් සමග මුළු රටම පමණක් නොව මුළු ලෝකයම අගුළු දැමීමත් සමග සම්පූර්ණයෙන්ම අධ්‍යාපන කටයුතු ඔන්ලයින් ආකාරයෙන් සිදුකරන්නට සිදුවිය. සමහර විට මේ දරුවන් අත ස්මාර්ට් ජංගම දුරකතනයක්වත් තිබුණේ නැත. ඇතැම් විට මේ බොහෝ දරුවන්ට තමන්ගේ නමින් සමාජ ජාල ගිණුම් පවා අලුතෙන් හදාගන්නට සිදුව තිබිණි. වට්ස් ඇප් ගෲප් ආදිය ආවේත් ඒ අතරය. ඔන්ලයින් අධ්‍යාපනයට කිසිම සූදානමක් නොමැතිව සිටි රටක ඔන්ලයින් අධ්‍යාපනයට මුහුණ දීම යනු හිතාගන්නටවත් බැරි ප්‍රශ්නයකි. විශේෂයෙන්ම අගුළු දැමූ රටක එකිනෙකා මුණනොගැසෙනා රටක එවැන්නක් කරන්නට පටන් ගැනීම උභතෝකෝටිකයක් විය. ගුරුවරුන්ට පවා ඔන්ලයින් දැනුමක් තිබුණේම නැත. සූම් තාක්ෂණය යනු සුද්දන්ට ග්‍රීක් වැනි දෙයක් විය. එවැනි තත්ත්වයක් යටතේ පාසල් අධ්‍යාපනයත්, පෞද්ගලික පන්ති අධ්‍යාපනයත් සියල්ලම සිදුකරන්නට සිදුවූ දරුවෝ සිය ජීවිත කතාවේ ඉතාම තීන්දු ප්‍රකාශයක් ලබාගෙන සිටිති. ඒ නිසා දිනූ දරුවන්ටත්, ඔබට අනුව පැරැදුණේ යැයි සිතන දරුවන්ටත් අපි කියන්නේ ඔබ වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම දිනූ දරුවන් බවය. ඒ ජයග්‍රහණය ඔබට නොපෙනේ නම් අපට පෙනෙන වග පමණක් ඔබ විශ්වාස කළ යුතුය. විභාගයට පෙනී සිටීමමත් මේ කාලයේ විභාගය ලිවීමමත් අතිවිශිෂ්ට ජයග්‍රහණයකි.

එසේම විභාගය පැවැත්වෙන දවසක් නොදැන කොයි වෙලාවේ පවත්වාවි දැයි හිතාගන්නට බැරි තත්ත්වයක් යටතේ කල් යමින්, දින වෙනස් වෙමින්, සමහරුන්ගේ සිලබස් කවර් කරගන්නට නොහැකි වෙමින් සියල්ල සිදුවූ කාලයක ඔබ උසස් පෙළ ලියූ වග අපට කිසිදා අමතක නොවනු ඇත. ඒ නිසා ශිෂ්ටාචාරයේ තීරණාත්මකම සමයක ජීවිතයේ තීන්දු ප්‍රකාශය ලියන්නට සිදුවූ ආදරණීය දුවේ පුතේ, මේ දුෂ්කර කාලය ඔබට සැපවත්ව ගතකරන්නට තරම් පහසුකමක් ලබාදෙන්නට බැරි වූ ශ්‍රී ලාංකිකයකු ලෙස අප අපේ රටේ දේශපාලකයන් නොගන්නා සමාව ඔබෙන් ගන්නෙමු. එය එසේ නොකළහොත් අපේ හෘදය සාක්ෂියට ප්‍රශ්නයක් වනු ඇත.

කෙසේ වෙතත් මෙවර උසස් පෙළ ප්‍රතිඵල නිකුත් විය. කොළඹට ලැබුණේ ප්‍රථම ස්ථානවලින් දෙකක් පමණි. ඉන් එකක් කොළඹ රාජකීයයටය. අනෙක දේවිබාලිකාවටය. රාජකීයයට ලැබුණේ ඉතිහාසයේ ප්‍රථම වරට ගණිත අංශයේ ප්‍රථමයා බිහිකිරීමේ අභිමානයයි. ජෛව තාක්ෂණික අංශයේ ප්‍රථමයා බිහිකිරීමේ වාසනාව දේවිබාලිකාවට ලැබිණි. රාජකීයයෙනුත්, දේවිබාලිකාවෙනුත් නොවන්නට කොළඹට සිදුවන්නේ බරපතළ ලෙස ලැජ්ජාවට පත්වන්නටය. එය එසේ වන්නේ අනෙක් ප්‍රතිඵල තුනම කොළඹින් පිටතට මෙවර ගමන් කොට ඇති නිසාය. ඉතා තීරණාත්මක විෂය ක්ෂේත්‍රයක් වන වාණිජ අංශයේ ප්‍රථම ස්ථානය මෙවර දිනාගැනීමට සමත් වන්නේ ගම්පහ රත්නාවලී බාලිකාවයි. ජීව විද්‍යා අංශයේ ප්‍රථම ස්ථානය මඩකළපුවේ දරුවකු මෙවර දිනාගන්නා අතර, කලා අංශයේ ප්‍රතිඵලය බදුල්ලේ කැන්දගොල්ලට හිමිව තිබීම පුදුමසහගත සිදුවීමකි. එය ඉතා ගෞරවයෙන් සිහිපත් කළ යුතු අවස්ථාවකි. ඒ අතර, තාක්ෂණික අංශයේ ප්‍රථම ස්ථානය මෙවර හිමිවන්නේ කුරුණෑගල මයුරපාද විද්‍යාලයටයි. මේ විද්‍යාලවල දරුවන්ටත්, ආදි ශිෂ්‍යයන්ටත්, ගුරුවරුන්ටත්, මේ විද්‍යාලවලට ආගිය, මේවා ගොඩනගන්නට වෙහෙසුණු සියලු දෙනාටම මේ ප්‍රතිඵලයෙන් පසු දැනෙන අභිමානය, සතුට අපට කියා ලියා විස්තර කළ නොහැකිය. එය දන්නේ ඔවුන්ම පමණි. ඒ නිසා මේ මොහොතේ අප විසින් මේ ප්‍රථමයන් බිහිකළ පාසල් පහටම අපේ ගෞරවාදරය උත්තමාචාරය පුද කරන්නෙමු. මේ තරම් දුෂ්කර කාලයක දරුවන් ඔසවා තබන්නට ගුරුවරුන් වෙහෙසුණු අයුරු බොහෝ විට මේ දරුවන්ගේ මුවෙන් පිටවනු අප අසා සිටියෙමු. විශේෂයෙන්ම මයුරපාදයේ දරුවාගේ කතන්දරය බොහෝ සොඳුරුය. ඒ කතාව අප වෙනමම කියවිය යුතු යැයි විශ්වාස කරමු. අසනීප වූ තාත්තාත් බලාකියාගෙන සියලු දුක් ගැහැට විඳිමින් ජීවිතයේ ජයග්‍රහණය ලැබූ මයුරපාදයේ කොල්ලා රටට ආඩම්බරයකි. ඔහු ගෞරවයකි. අභිමානනීය පුරවැසියෙකි.

මේ වතාවේ කලා අංශයේ පළමුවැනියා බිහි වන්නේ බදුල්ලේ කැන්දගොල්ලෙන්‍ය. ඔහු බදුල්ල කැන්දගොල්ලේ ඉෂාර ලක්මාල් හීන්කෙන්දය.

වාණිජ අංශයේ පළමු වැනියා වන්නේ ගම්පහ රත්නාවලියේ ඉෂිනි නේහා අමරරත්න ශිෂ්‍යාවයි.
ජීවවිද්‍යා අංශයේ පළමු තැන හිමිවන්නේ මඩකළපුවට වීම විශේෂ කාරණාවකි. ඔහු මඩකළපුව ශාන්ත මයිකල් විද්‍යාලයේ තමිල්වන්නන් තුවරගේෂ් සිසුවාය.

තාක්ෂණ අංශයේ පළමු තැනට එන්නේ නාරම්මල මයුරපාදයේ නෙරන්ද දිල්හාර කුමාරසිංහ ශිෂ්‍යයාය. කොළඹට මේ වතාවේ ලැබෙන්නේ ගණිත අංශයේ සහ ⁣ජෛව තාක්ෂණ අශයෙත් පළමු තැන් පමණි.

මේ ලියන්නේ කොළඹ දරුවන් අදක්ෂ බවක් නොවේ. මේ ගමේ කොල්ලො කෙල්ලෝද දක්ෂ බව කියනා උත්සාහයකි.

සියලු පහසුකම් කොළඹට තියෙද්දීත්, ජංගම දුරකතන සිග්නල් ටික අඩු නැතුව කොළඹට ලැබෙද්දීත්, ඔන්ලයින් කයි කතන්දර නොදන්නා ගම, සිග්නල් නැති ගම සියල්ල පරදා ඉදිරියට පැමිණීම මේ දුෂ්කරක්ක්‍රියා සමයේ විජයග්‍රහණයකි.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

181 බේරගන්න බැරිවෙයි! එක බෝලයක් ඉතිරිව තිබියදී පාකිස්තානය ඉන්දියාව පරද්දයි!

Next Post

අලුත් සන්ධානය පිහිටුවද්දී වේදිකාව උඩ කෙල්ලො දාපු ඩාන්ස් එක නිසා වාසු-විමල්-උදය-රතන හිමි අප්සට් ගියාවත්ද? (VIDEO)

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

රටක ජාතික ආර්ථික ප්‍රතිපත්ති රාමුව හා එහි ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් අවබෝධයක් ආර්ථික විශේෂඥයන්ට පමණක් නොව සාමාන්‍ය ජනතාවට ද තිබිය යුතු...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.