• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සෙල්ලම ලෙල්ලම වෙලා නැතිවුණු තරුණ ජීවිතයක්! විහිළුවටවත් මේ වගේ දේවල් කරන්න එපා! Sri Lanka Latest News

April 7, 2024
in Exclusive, News
Reading Time: 4 mins read
A A
රටට රනින් සරසන්න!  රූ සිරිය විහිදන්න!  පිපි කුසුම් පරවෙන්න!  හේතුවක් පවසන්න!
Share on WhatsAppShare on Facebook

රැකියාව කරන අතරතුරේදීත් විහිළුවක් කරලා සතුටින් තමන්ගේ දවසේ රාජකාරිය කරන්න ඕනේ. ඒක අපි හැමෝම පිළිගන්න දෙයක්. දවස පුරාම දහසක් ප්‍රශ්නවලින් හෙම්බත් වෙලා පීඩනයෙන් ඉන්නවට වඩා සතුටින් සමගියෙන් කටයුතු කරන එක හැම අතින්ම හොඳ දෙයක්. නමුත් ඒ සතුට, ඒ විහිළුව කාටවත් හිරිහැරයක් නොවන විදියේ විහිළුවක් වීම අත්‍යාවශ්‍යයි. ඉස්සර අපි කතාවට කිව්වේ ‘ඇස් රතුවෙන විහිළු කරන්න එපා’ කියලා. දැන් දැන් ඒ විහිළුවලින් ඇස් රතු වෙනවාටත් වඩා ජීවිතෙන් වන්දි ගෙවන්න වෙන තත්ත්වයක් තමයි උද්ගත වෙලා තියෙන්නේ. මේ කරුණ මතක් කරන්න හිතුවේ පසුගිය දවසක සපුගස්කන්ද මාබිම ප්‍රදේශයේ එක්තරා ආයතනයක සේවකයන් දෙදෙනකු විසින් තවත් සහෝදර සේවකයකුට විහිළුවට කළ දෙයක් නිසා එම සේවකයාගේ ජීවිතය අහිමිවී යෑම නිසයි. පසුගිය 25 වැනිදා අදාළ සේවකයන් දෙදෙනා විසින් එම ආයතනයේ තිබූ වායු අධි පීඩන යන්ත්‍රයක (කම්ප්‍රෙෂර්) වායු නළයක් තවත් සේවකයකුගේ ගුද මාර්ගයට අල්ලා ඇති අතර, එහිදී එම සේවකයාගේ බඩවැල් පුපුරා ගොස් අසාධ්‍ය තත්ත්වයේ පසුවූ ඔහු රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව 28 වැනිදා මියගොස් තිබුණා. මෙම අවාසනාවන්ත සිදුවීමෙන් ජීවිතය හැරගොස් තිබුණේ පානදුර අළුබෝමුල්ල අරුක්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි හේෂාන් මධුශංක නැමති 24 හැවිරිදි තරුණයෙක්. (Sri Lanka Latest News)

පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමෙන් අනතුරුව ඔහුගේ දේහය අළුබෝමුල්ලේ පිහිටි ඔහුගේ නිවෙස වෙත රැගෙන යනු ලැබුවා. මියගිය තරුණයාගේ පියා ජීවතුන් අතර නොමැති අතර, මව විදෙස් රැකියාවක නිරත වන බවත් දැනගන්නට ලැබුණා.

මියගිය හේෂාන්ගේ බාල සහෝදරිය තම සහෝදරයාගේ වියෝව දරාගැනීමට නොහැකිව හඩාවැටුණේ මෙලෙසින්.

‘අපේ අයියා අපිව බලාගත්තේ තාත්තා කෙනෙක් වගෙයි. නිවාඩුවක් ලැබුණු හැම වෙලාවකම අපිව බලන්න එනවා. ඉගෙන ගත්න අපිට හරියට උදව් කළා. තාත්තා නැති අඩුපාඩුව අපිට දැනෙන්න දුන්නේ නැහැ. අම්මත් රට ඉන්නේ. එයාවත් ගෙන්න ගන්න ඕනේ. පුළුවන් කෙනෙක් ඉන්නවා නම් අම්මාව ගෙනල්ලා දෙන්න…’

ඔහුගේ පවුලේ ඥාතීන් හේෂාන් පිළිබඳ පවසා සිටියේ මෙවැන්නකි.
‘හේෂාන්ට නංගි කෙනෙකුයි මල්ලි කෙනෙකුයි ඉන්නවා. මේ දෙදෙනාගේ බර කරට අරගෙන තිබ්බේ මේ සහෝදරයා. මේ පුතා බොහෝම අමාරුවෙන් තමයි ජීවිතය ගැටගහගත්තේ. මෙයාලාගේ අම්මා ආර්ථික අගහිඟකම් නිසා විදෙස්ගත වෙලා ඉන්නේ. මේ පුතාට යන්න එන්න අමාරු නිසා තැනක නැවතිලා තමයි රස්සාවට ගියේ. එයා රස්සාව කරන තැන යාළුවෝ දෙන්නෙක් එකතුවෙලා මේ වැඩේ කරලා තියනවා කියලයි කියන්නේ. අඩු වයසින් අපිව දාලා එයා යන්න ගියා. බොහෝම අමාරුවෙන් ජීවිතය ඉස්සරහට එන්න දඟලපු දරුවෙක්. ඒ ළමයට වෙච්ච දේ අපට හිතාගන්න බැහැ. ළමයි ගැන අවධානයෙන් ඉන්න. එයාලව දැනුවත් කරන්න. මේ වගේ විහිළු කරන්න යන්න එපා. මේ නැතිවෙච්ච දරුවා වෙනුවෙනුත් මේ ඉන්න දරුවෝ දෙන්නා වෙනුවෙනුත් අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා දරුවන්ගේ අම්මාව ලංකාවට ගෙනල්ලා දෙන්න කියලා…’

මේ සිදුවීමට අදාළ පුද්ගලයන් දෙදෙනා සපුගස්කන්ද පොලිසිය අත්අඩංගුවට ගනු ලැබුවා. ඔවුන් තිස්සමහාරාමයේ පදිංචිකරුවන් බවයි අනාවරණ වී තිබුණේ. 18 හැවිරිදි සැකකරුවන් අප්‍රේල් 05 වැනිදා දක්වා බන්ධනාගාරගත කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපති (ප්‍ර.පො.ප.) ඔසිත ලංකා ද සිල්වා මහතාගේ උපදෙස් අනුව අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති (උ.පො.ප.) ඩී.පී.එස්.එල්. මුතුකුමාරණ, (පො.සැ.) අබේරත්න (19334), පෙරේරා (32560), තිලකරත්න (36589), පුෂ්පකුමාර (55713), ගුණසේකර (67646) යන නිලධාරීහු පරීක්ෂණ පවත්වති.

මේ සිදුවීමෙන් අපි ඉගෙනගත යුතු පාඩම තමයි ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න හො`ඳ නැහැ කියන එක. හේෂාන්ගේ මිතුරන් දෙදෙනා ඔහුට මෙවැනි විපතක් සිදුවේ යැයි කිසිසේත් නොසිතන්නට ඇති. නමුත් ඔවුන් සිදුකළ විහිළුවෙන් අහිංසක ජීවිතයක් අකාලයේ නැතිවුණා. මෙවැනි විහිළුවක් කරද්දී දෙපාරක් සිතිය යුතුයි තමන් කරන දෙයින් මොන වගේ ප්‍රතිඵලයක්ද අත්වෙන්නේ කියන එක ගැන.

කොහොම නමුත් අවසානයේ මේ සිදුවීම නිසා අසරණ වුණේ අහිංසක දරු පවුලක්. හේෂාන්ගේ රැකියාව විශාල වැටුපක් ලැබෙන එකක් නොවුණත් ඒ පුංචි වැටුපෙන් ඔහු තමන්ගේ නංගිවයි මල්ලිවයි ජීවත් කෙරව්වා. අයියා කෙනෙක් විදියට තාත්තා නැති අඩුව ඔහු පිරෙව්වා. මේ තරුණයා කොයි තරම් නම් වේදනාවකින් අවසන් හුස්ම හෙළන්නට ඇතිද? බඩවැල් පුපුරා යෑමට තරම් කොයි තරම් පීඩනයක් ඔහුගේ ශරීරයට එල්ල වෙන්නට ඇතිද?

අපි කල්පනාකාරීව කටයුතු නොකළ තැන සිදුවන්නේ විනාශයක්. විපතක්. පසුගිය කාලයේ අවස්ථා ගණනාවකදී මිතුරියන් සමග සෙල්ෆි ඡායාරූප ගන්න දියඇලි ළඟට ගිහින් ලිස්සා වැටීමෙන් තරුණ තරුණියන් කී දෙනෙක් නම් අකාලයේ මියගියාද? පසුගිය ජනවාරි මාසයේදී කලවාන පොතුපිටිය ප්‍රදේශයේදීද දරුවෙක් මියගියේ යකඩ කටුවක් රබර් පටියක් ගැටගසා කරකවමින් සිටියදී රබර් පටිය ගෙලේ එතීමෙන්. 09 හැවිරිදි නෙත්නිඳු ගගන නිම්සර නමැති දරුවෙක් මේ අනතුරෙන් ජීවිතයෙන් සමුගත්තා. ඔහු ගල්ගමුව ප්‍රාථමික පාසලේ සිවුවැනි වසරේ ඉගෙනුම ලබමින් සිටියා.

ඒ වගේම මම දන්නා පවුලක තරුණයෙක්ට ඔහුගේ මිතුරෙක් වායු රයිෆලයකින් විහිළුවට විදීමෙන් ඒ තරුණයාගේ ඇසක් අන්ධ වුණා. මෙවැනි අනාරක්ෂිත විහිළු තමන්ගේ යාළුවෙකුට තබා හතුරෙකුටවත් නොකරන්න අපි හැමෝම වගබලා ගන්න ඕනේ.

හේෂාන්ගේ අම්මා රට ගියේ දරුවන්ට ලස්සන ජීවිතයක් ළඟා කරදෙන්නයි. ඒත් දැන් ඇය මේ දුක කෙසේ දරාගනීවිද? මේ දරු පවුල කොයිතරම් නම් වේදනාවකින් පසුවෙනවා ඇතිද? මව්පියන් දරුවෙක්ව හදන්නේ දහසක් බලාපොරොත්තු හිතේ තියාගෙන. සෙල්ලම් කරලා අකාලයේ ජීවිතය අහිමි කරගන්න නෙවෙයි අම්මා කෙනෙක් දරුවන් හදන්නේ.

දැන් මේ අහිංසක ජීවිතයට පණ දෙන්නට අපි කාටවත්ම බැහැ. මේ අපරාධය සිදුකළ තරුණයන් දෙදෙනාට මොන දඬුවම් දුන්නත් හේෂාන් ජීවිතය හැරගොස් අවසානයි.

මේ මරණයට වගකිව යුතු තරුණයන් දෙදෙනාම 18 හැවිරිදි අය. අවුරුදු 18ක තරුණයන් කියන්නේ ජීවිතයේ හොඳ නරක තේරුම ගන්න පුළුවන් වයසක ඉන්න අය. මොවුන් දුරදිග බලලා කටයුතු කළා නම් අදත් හේෂාන් ජීවතුන් අතර ඉන්නවා.

විනෝදයට කරන විහිළු නිසා ජීවිතවලට එල්ලවන අවදානම ගැන සෑම කෙනකුම දෙවරක් සිතා බලා කටයුතු කළ යුතුයි. තමන්ගෙ ජීවිතය වගේම අනෙකාගේ ජීවිතයටත් ආදරය, කරුණාව වගේම ගෞරවය ලබාදීම අපි හැම කෙනකුගේම යුතුකමක්.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

නාමල්ගේ ජනාධිපති හීනයට මහින්ද හරස් වෙයිද? VIDEO I Sri Lanka Latest News

Next Post

කලින් ආපු මත විමසුමේ ප්‍රතිපල අවාසියි! ජනපති අලුත් මත විමසුමක් කරන්න ‌තවත් ආයතනයකට බාර දෙයි! මැතිඇමැතිවරුන්ට ජුනි වෙනකම් ඉවසන් ඉන්න කියයි! I Sri Lanka Latest News

MORE NEWS

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…
Exclusive

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News
Exclusive

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

අද උදේ පාස්පෝට් පෝලිමේ සිටි මව ප්‍රසූත කළ දරුවා මියයයි! වැරැද්ද කාගේද?
Exclusive

අවුරුදු 4ක දැරියක් ඩෙංගු මාරයාට බිළිවෙයි! මරණ ගණන 56ට නගී! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

රටම අහන ප්‍රශ්න 3ක් විපක්ෂනායක සජිත් අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් අහයි! මහාභාණ්ඩාගාරෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වගකීම ගන්නේ කව්ද? කව්ද මේ සල්ලි ආපහු ගෙවන්නේ..? වගකිවයුත්තන්ට ගත්ත විනය ක්‍රියාමාර්ග මොනවාද? VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය දැන් කතානායක අතේ..!  I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය දැන් කතානායක අතේ..!  I Sri Lanka Latest News

Load More
ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය නුවරඑළිය මහ නගර සභා බල ප්‍රදේශයේ සිදු කෙරෙන අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් නීතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවන්නේ පාලක...

Read more
ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

අද උදේ පාස්පෝට් පෝලිමේ සිටි මව ප්‍රසූත කළ දරුවා මියයයි! වැරැද්ද කාගේද?

අවුරුදු 4ක දැරියක් ඩෙංගු මාරයාට බිළිවෙයි! මරණ ගණන 56ට නගී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.