• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හාමුදුරුවරු දේශපාලකයෝ දොස්තරලා ව්‍යාපාරිකයෝ හමුදා ලොක්කෝ පොලිස් නිලධාරීන්
ගඳ ගහන සමාජයේ සුදු පිරුවට ගැලවූ අවුරුදු 15 දැරිය!

July 14, 2021
in Exclusive, News
Reading Time: 4 mins read
A A
හාමුදුරුවරු දේශපාලකයෝ දොස්තරලා ව්‍යාපාරිකයෝ හමුදා ලොක්කෝ පොලිස් නිලධාරීන්  ගඳ ගහන සමාජයේ සුදු පිරුවට ගැලවූ අවුරුදු 15 දැරිය!
Share on WhatsAppShare on Facebook

අති විශේෂ හෙළිදරව්ව…

ලෝකයේ ඉපැරැණිම වෘත්තිය ලෙස සැලකෙන්නේ ගණිකා වෘත්තියයි. ලෝකයේ බොහෝ රටවල ගණිකා වෘත්තිය නීතිගත වුවත් ශ්‍රී ලංකාව තුළ තවමත් එවන් නීතිමය පසුබිමක් නම් සැකසී නැත. ඒ යැයි කියා ගණිකා වෘත්තිය ශ්‍රී ලංකාව තුළ නැත්තේම නැත. නීතගත කර ඇති රටවලට වඩා සංවිධානාත්මකව එය සිදුවන්නේ නීතිය කරවන අයට ද හොඳ හැටි සලකමිනි. ඊට හොඳම උදාහරණය නම් කොල්ලුපිටිය ලිබර්ටි ප්ලාසා ගොඩනැගිල්ලෙහි පිහිටා තිබුණු ජිනා මැඩම්ගේ ගණිකා නිවාසයයි.

එහි ලංකාවේ සුරූපිනියන් පමණක් නොව, ලෝකයේ ඕනෑම රටක සුරූපිනියන් ලිංගික ශ්‍රමිකයන් ලෙස අලෙවි වූයේ ප්‍රසිද්ධියේමය. එකල ඒ තැන මැති ඇමැතිවරුන්ගේ තෝතැන්නකි. පොලීසියේද ඉහළ නිලධාරීන් නිතර ආගිය තැනකි. ජිනා මැඩම්ගේ තැන පමණක් නොව, මේ ආකාරයට ශ්‍රී ලංකාව තුළ ගණිකා වෘත්තිය ප්‍රසිද්ධියේම සිදුවන ස්ථාන ඕනෑ තරම්ය. ස්පා තුළද සිදුවන්නේ වැඩි හරියක් ගණිකා වෘත්තියයි. එය වෙනම කතාවකි.

ගණිකා වෘත්තිය සඳහා ශ්‍රී ලංකාවටම එන විදේශීය ගණිකාවන් නැතුවාම නොවේ. ඒ නීතිගතව නැතත් මෙරට තුළ ගණිකා වෘත්තියට හොඳ ඉල්ලුමක් ඇති නිසාය. වැඩි වශයෙන් ගණිකා වෘත්තිය සඳහා එන්නේ චීන සහ රුසියාවෙන් කැඩී ගිය රටවල සුරූපිනියන්ය. සංචාරක වීසා මගින් පැමිණෙන ඒ අය මෙරට රැඳී සිටින්නේ තට්ටු නිවාස කුලියට ගෙනය. ගනුදෙනුකරුවන් ගෙන්වා ගන්නේ ඒ අය ඉන්නා තැන්වලටය. මේ දේවල් සිදුවන්නේ ප්‍රසිද්ධියේය. ඇතැම් ගණිකාවන් ගනුදෙනුකරුවන් සොයාගන්නේ අන්තර්ජාලයේ දැන්වීම් ද පළකරමිනි. ඒ වෙනුවෙන් දෙස් විදෙස් වෙබ් අඩවි ඕනෑ තරම්ය.

මේ වන විට මහත් ආන්දෝලනයකට තුඩුදී ඇති 15 වියැති බාල වයස්කර දැරිය පවා ලිංගික ශ්‍රමිකයෙක් ලෙස අලෙවි කිරීමද බහුල ලෙස සිදුව ඇත්තේ එවන් වෙබ් අඩවි ඔස්සේය. පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් දැන් ඒ වෙබ් අඩවිවලින් 05ක්ම හඳුනාගෙන ඇත. එම වෙබ් අඩවි 05ම මෙරට ලියාපදිංචි කර තිබූ ඒවාය. එම වෙබ් අඩවිවලින් දෙකක් දැනටමත් තහනම් කරමින් එහි හිමිකරුවන් ඇතුළු බොහෝ දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පවා පොලීසිය පියවර ගෙන ඇත.

ශ්‍රී ලංකාව තුළ 15 වියැති දැරියක් ගණිකාවක් ලෙස අලෙවි වන පළමු හා එකම අවස්ථාව මෙය යැයි මේ සඳහා ජන මාධ්‍යයෙන් ලැබෙන ප්‍රචාරය දිහා බැලූ විට ජනතාවට සිතෙනු ඇත. හැබැයි මේ එක් සිද්ධියක් පමණි. ජාතික ළමා ආරක්ෂක අධිකාරියේත් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේත් ලිපි ගොනුවලට එබී බැලුවොත් අඩු නැතිව මේ වයසේ දැරියන් දූෂණයට ලක්වීම් පමණක් නොව, මේ ආකාරයට ගණිකාවන් ලෙස යොදාගැනීම් ගැන සොයාගන්නට පුළුවනි.

2014 වසරේ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් මේ ආකාරයේම 15 හැවිරදි දැරියක් ගණිකාවක් ලෙස අලෙවි කිරීමක් සම්බන්ධයෙන් තොරතුරු විමර්ශනයක් කළත් අද මේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් මෙන් ක්‍රියාත්මක වෙමින් ඇයව දූෂණය කළ පුද්ගලයන් අත්අඩංගුවට ගන්නට නම් කටයුතු කළේ නැත. එදා ඒ දැරිය දූෂණය කළ අය අතර ප්‍රසිද්ධ චීවරධාරීන්, දේශපාලනඥයන්, ව්‍යාපාරිකයන් වැනි සමාජයේ පිළිගත් බොහෝ උදවිය සිටියහ. ඒ අයට නීතිය අදටත් ක්‍රියාත්මක නැත. ඒ අනුව බලන විට පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට මේ කරන කාර්යයට මල් තබා නැමදිය යුතුය.

මේ 15 හැවිරිදි දැරියගේ කතාවට මුලපිරෙන්නේ ගල්කිස්සේ පිහිටි අවානා රිසෝට් හෝටලය ආශ්‍රිතව බාල වයස්කාර දැරියක් මුදලට අලෙවි වන බවට ගල්කිස්ස පොලීසියට ලද තොරතුරකි. ගල්කිස්ස පොලීයේ නිලධාරීන් ඒ ගැන තොරතුරු රැස් කිරීමේදී පෙනී යන්නේ හෝටලයේ කළමනාකරුවන් විසින් එම දැරිය අලෙවි කිරීම සිදුකරන බවකි. උපාය දූතයන් යොදා පොලිස් නිලධාරීන් ජූනි 07 වැනිදා එම හෝටලය ආශ්‍රිතව වැටලීමක් කරමින් හෝටල් කළමනාකරුවන් මෙන්ම දැරිය අලෙවි කිරීමට සම්බන්ධ වූ කිහිප දෙනෙක්ම අත්අඩංගුවට ගත්තේය. ඒ වන විට එය සාමාන්‍ය සිදුවීමක් වූවත් එය ආන්දෝලනයට ලක්වන්නේ පොලිස් ළමා හා කාන්තා කර්යාංශයට වැඩිදුර විමර්ශන භාරදීමෙන් අනතුරුවය.

එහිදී හෙළිවන කාරණා හරිම ජුගුප්සාජනකය. මේ ධර්මද්වීපය තුළ මෙවන් සහසික ක්‍රියා සිදුවනවාදැයි සිතාගන්නට බැරි තරම්ය. මේ දැරියගේ මවද කුඩා කාලයේ අතවරයට ලක්වූ තැනැත්තියකි. ඇය අතවරයට ලක්වන්නේද බාල වයස්කාරියකව සිටියදීය. මේ දැරිය ඇයට සිදුවූ අතවරයෙන් බිහිවූ තැනැත්තියක්දැයි තවමත් තහවුරු වී නැත. එසේ නැතැයි කියන්නටද බැරිය.

දැරියගේ පියා යැයි සඳහන් වන තැනැත්තා ත්‍රිරෝද රථ රියැදුරෙකි. මේ දැරියට අනුව ඇය මුලින්ම අතවරයකට ලක්ව ඇත්තේ සියා අතිනි. එකල ඇය 08 හැවරදි වියේ පසුවූවාය. ඇය සිටියේ පාසලේ 03 වැනි පංතියේය. ඒ වන විට ඇගේ මවගේ වයස ලෙස සඳහන් වන්නේ අවුරුදු 22කි. එය නිවැරදි නම් මව මේ දැරිය බිහිකරන්නේ අවුරුදු 14 දීය. චමිලා ප්‍රියංගනී නම් වූ ඒ මවගේ දැන් වයස ලෙස සඳහන් වන්නේ අවුරුදු 30කි.

දැරිය සිය පියා අතින් අතවරයට ලක්වන විට මව සිටියේ යැයි කියන්නේ විදෙස් රැකියාවකට ගොසිනි. පියාගේ මිතුරන් අතින්ද ඇය අතවරයට ලක්ව ඇති බවද කියැවෙති. කෙසේ වෙතත් පියාගෙන් සිදුවූ ඒ අතවරය ගැන මීගහවත්ත පොලීසියේ එකල පැමිණිල්ලක්ද ලියැවී ඇත. ඊට අනුව පියා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මකව තිබේ. දැරිය පරිවාස භාරයටද පත්කර තිබී ඇත. අනතුරුව දැරිය පරිවාසයෙන් භාරදී ඇත්තේ මිත්තණියටය. ඇයටද දැරියට නිසි රැකවරණය ලබාදීමට හැකියාවක් ලැබී නැත. දැරිය කියන්නේ අවුරුදු 12 දී නැවතත් තමා පියා අතින් දූෂණය වූ බවය. ඒ බව මවද දැන සිටි බව ඇය කියන්නීය. ඒ ගැන කිසිදු පොලීසියක සටහන්ව නැත.

පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය ඒ අනුව පියාව අත්අඩංගුවට ගත්තේය. දැන් ඔහු ඉන්නේ හිර ගෙදරය.
දැරිය අතින් අත විකිණෙන්නට පටන් ගන්නේ මේ අවුරුද්දේ සිටය. මවත් මුදලට ඒ වන විට විකිණෙමින් සිටියාය. මවගේ තැරැව්කරුවා වූයේ මොරටුව ලක්ෂපතියේ පදිංචිව සිටි රජිව් නැමැත්තෙකි. ඔහු දැරියගේ මව ලක්ෂ 20කට මිනුවන්ගොඩ පැත්තේ අයකුට විකුණුවේය. ඒ පුද්ගලයා ඇයව එතරම් මුදලක් ගෙවා මිලදී ගන්නේ ඇයව ගණිකාවක් ලෙස විකුණන්නට ගිවිසුම්ගතවය. එසේ ඇය පූර්ණකාලීනව ගණිකාවක් ලෙස ජීවත්වන්නට මුදලට විකිණෙන විට දියණියව භාරදී ඇත්තේ රජිව්ටය. ඒ ඇය සිය නැගණිය බව කියාය.

රජිව් මුලින්ම සිය අනියම් අඹුව බවට ඇයව පත්කර ගත්තේය. පසුව ඔහු ඇයව අලෙවි කරන්නේ බකමූනේ සිටින ආණ්ඩුවේ කොන්ත්‍රාත් ව්‍යාපාරිකයකුටය. දින කිහිපයකට ඇයව අලෙවි වන්නේ රුපියල් ලක්ෂ තුනහමාරකටය. එයින් ලක්ෂ එකහාමාරක්ම ගියේ තැරැව්කරුවා වූ රජිව්ගේ සාක්කුවටය. මේ ව්‍යාපාරිකයා ඇයව බණ්ඩාරවෙලට රැගෙන ගියේය. නුවරඑළියට ගෙන ගියේය. ඇදුම් පැලඳුම් අරන් දුන්නේය. ගණිකා වෘත්තියෙන් ලැබෙන මුදල්වල රස ඇයට දැනුණේ මේ ගමනේදීය. තැරැව්කරුවන් නොමැතිව ගනුදෙනුකරුවන් මුණගැසීමට ඇය සිය තොරතුරු වෙබ් අඩවි මගින් ප්‍රසිද්ධ කළේ යැයි කියන්නේ අනතුරුවය.

එසේ වෙබ් අඩවි දැන්වීම් බලා ඇයගේ පහස ලබාගත් කැලණිය පැත්තේ විහාරස්ථානයක විහාරාධිපති හිමිනමක්ද ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගත්තේය. රුපියල් 20,000ක් වරකට වැය කරමින් අවස්ථා දෙක තුනකදීම ඇයව විහාරස්ථානයට ගෙන්වාගෙන තිබුණේය. බලංගොඩ මැණික් ව්‍යාපාරිකයාද එසේ අන්තර්ජාලයෙන් ඇයව මුණගැසුණු තැනැත්තෙකි. මුස්ලිම් ජාතිකයෙක් වන ඔහු ඇය සමග කොළඹ බම්බලපිටියේ පිහිටි මරිනී බීච් හෝටලයේ රැයක් ගතකිරීමට රුපියල් 40,000ක මුදලක් වැය කර තිබුණේය. ඇය සමග ඒ ආකාරයට මාලදිවයිනේ හිටපු මුදල් රාජ්‍ය ඇමැතිවරයාද රැය පහන්කර තිබුණේය. ඔහුද ඇගේ පහස වෙනුවෙන් එවැනිම මුදලක් වැයකර තිබුණේය.

එම හෝටලයේම ඒ හා සමාන ගානක් වැය කරමින් රැය පහන් කළ තවත් අයෙක් වන්නේ මිහින්තලය ප්‍රාදේශීය සභාවේ උපසභාපතිවරයාය. දේශපාලන වැඩවලට කොළඹට පැමිණි ඔහු ඇගේ පහස ලබාගෙන තිබුණේ තැරැව්කරුවෙක් හරහා සම්බන්ධ වෙමිනි. ඔහු ඒ දැරිය සමග එකට සිටි අයුරු දැරියගේ කටින් එළියට ඇවිත් ඇත්තේ ආරක්ෂක උපක්‍රම ද සමගිනි. එහෙත් මන්ත්‍රීවරයාට ඇප ලබාගැනීමට ඔහුගේ නීතිඥයන් අධිකරණයට කියන්නේ නම් මන්ත්‍රීවරයා බෙලහීනයෙක් බැවින් දූෂණයක් සිදුව නැති බවය. ඒ කතා ඉදිරියේදී අධිකරණයේ දිගහැරෙන කාරණා බැවින් වැඩි යමක් සටහන් කිරීම සුදුසු නැත.

පොලිස් විශේෂ කාර්ය බළකායේ සෙබළෙක්ද නාවික කපිතාන්වරයෙක් ද ඇය වෙනුවෙන් රුපියල් 20,000ක් වැයකර තිබුණේද ඒ කාලයේදීමය. හොරණ පැත්තේ ජීවත්වන ව්‍යාපාරිකයෙක්ද ඇගේ පහස ලැබූ නම් ලැයිස්තුවේ සිටියේය. ඔහුද මේ වන විට සිටින්නේ පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ අත්අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාරයේය. ඒ බාල වයස්කාර දැරියක් දූෂණය කිරීමේ වරදට හසුවෙමිනි. පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය සඳහන් කරන ආකාරයට ශ්‍රී ලංකාවේ නීතියට අනුව වයස අවුරුදු 16ට අඩු සෑම තැනැත්තකුම සැලකෙන්නේ දරුවන් ලෙසිනි. දරුවන්ට විවාහ විය නොහැකිය.

කැමැත්තෙන් වූවත් ළමයා යැයි සැලකෙන තැනැත්තියක් පිරිමියෙක් සමග එක්වූවත් එය සැලකෙන්නේ ස්ත්‍රී දූෂණයක් ලෙසිනි. ඒ අනුව මෙම දැරිවිය තවමත් අවුරුදු 16 අඩු බැවින් ඇය සැලකෙන්නේ බාල වයස්කාරියක් ලෙසිනි. ඒ අනුව ඇගේ කැමැත්තෙන් මේ සියල්ලක්ම සිදුවූවත් ඇය සමග යහන්ගත වූවන් කර ඇත්තේ බාල වයස්කාර දැරියක් දූෂණය කිරීමකි. දැන් ඇය සමග නිදිවැදුණු සැමට සිදුව ඇත්තේ බාලවයස්කාර දැරියක් දූෂණය කිරීමේ වරදට චෝදනා ලබන්නටය.

එම චෝදනාවෙන් ගැලවෙන්නට නාවික හමුදාවේ වැලිසර රෝහලේ සේවයේ නිරතව සිටි විශේෂඥ හෘද රෝග වෛද්‍යවරයෙක් වන ලුතිනන් කමාන්ඩර්වරයෙක් සඳහන් කර ඇත්තේ තමන් ඇය බාල වයස්කාරියක් බව දැනගත් පළමු අවස්ථාවේදීම ඇය සමග සම්බන්යක් ඇති නොකරගත් බවය. ළමා හා කාන්තා කාර්යාංශය කියන්නේ එම විශේෂඥ වෛද්‍යවරයා ඇය සමග ගොස් ඇත්තේ ගල්කිස්සේ හෝටලයකට බවය. එම හෝටලයේදී එළිමහනේ ඇය සමග මේ වෛද්‍යවරයා කෝපි පානය කර ඇත. ඇය වෙනුවෙන් ඔහු වැයකර ඇති මුදල රුපියල් 20,000කි. කාමරයට යන්නේ කෝපි පානය කිරීමෙන් අනතුරුවය. ඇය බාල වයස්කාරියක් බව දැනගත්තේ කාමරයට ගිය පසුවදැයි නඟන පැනයට වෛද්‍යවරයාට පිළිතුරු නැත. ඒ ඔහු ඇය සමග සම්බන්ධ වී ඇත්තේ වරක් දෙවරක් නොවන නිසාය. ඇය සිය ජංගම දුරකතනයේ ඔහුගේ නම සඳහන් කරගෙන ඇත්තේ ‘ඩොක්ටර්’ යැයි කියාය.

මේ සෑම අයෙක්ම ළමා හා කාන්තා කාර්යාංශයට හසුවන්නේ දැරියගේ ජංගම දුරකතනයේ දත්ත ගබඩාවේ ඇගේ පහස ලබාගැනීමට පැමිණි ගනුදෙනුකරුවන්ගේ දුරකතන අංක ඇය සටහන් කර තබාගැනීම නිසාය. එසේ නොවන්නට මේ ආකාරයට එක රොත්තට ඇය සමග යහන්ගත වූවන් අල්ලා ගන්නවා තබා හිතාගන්නටත් බැරිය. කෙසේ වෙතත් තවමත් පරීක්ෂණ අවසන් නැත. ළමා හා කාන්තා කාර්යාංශයට අධිකරණය නියෝගකර ඇත්තේ මෙයට ගෑවී ඇති සෑම අයෙක්ම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටය. ඒ අනුව ඇය සමග යහන්ගතවූ බව කියන තවත් බොහෝ පිරිසක් හෙට අනිද්දා වන විට අත්අඩංගුවට ගැනෙනු ඇත. ඒ අය කුමන තරාතිරම්වල අය දැයි කියන්නට බැරිය. එහෙත් ඒ අයද සමාජයේ සාමාන්‍ය පුරවැසියන් නොවන බව නම් පැහැදිලිය.
–රුවන් වෙඩිවර්ධන

SendShareShare
Previous Post

විරෝධතාකරුවන් මුලතිව් යැව්වාට කාදිනල් හිමිගේත් විරෝධය

Next Post

ජනපතිටත් ක්‍රිකට් එපා වෙයි! වහාම කමිටුවට අද එන්න කියයි!

MORE NEWS

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

Load More
වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

මේක ඇත්ත කතාවක්… ගොඩක් දේවල් මඟහැරුණා… ! රත්නපුරේ ගොඩකවෙලින් පාසල් ගිහින් ටවර්හෝල් එකෙන් රංගනය උගත් ඇය, අද තමන්ගේම සිනමා නිර්මාණයකින්...

Read more
ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.