අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමට එරෙහිව විරෝධය දැක්වූ පුද්ගලයන් මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යැවීම කිසිසේත්ම පිළිගත නොහැකි බව අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණෝ පෙන්වා දෙති.
උන්වහන්සේ සදහන් කරන්නේ එය නැවත වතාවක් රට අතීතයේ පැවැති බලහත්කාරී දේශපාලනය කරා යොමුවීමක් බවකි.
එමෙන්ම එය මිනිස් නිදහස උල්ලංඝනය කිරීමක් බවද උන්වහන්සේ පෙන්වා දෙති.
ඉදිරියේදී කොතලාවල අධයාපන පනත අධ්‍යයනය කර ඒ සම්බන්ධයෙන් මතය ඉදිරිපත් කරන බවද උන්වහන්සේ පැවසූහ.










