එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන කොටගෙන බිහිකිරීමට නියමිත සන්ධානය සම්බන්ධයෙන් රාජිත සේනාරත්න මහතා අද (28) විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.
ඊයේ (27) රාත්‍රියේ සන්ධාන නායකයන් අතර පැවැති විශේෂ සාකච්ජාවකදී මෙම තීන්දුව ගෙන ඇත.
සුලුු පක්ෂ නියෝජිතයන් සියල්ලන්ම සහභාගී වී සිටි මෙම සාකච්ජාවේදී එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කොට ඇත්තේ හෙට (29) සිට සති දෙකක් ඇතුළත එජාප අපේක්ෂකයා නම් කිරීමට කටයුතු කරන බවත්, ඉන් අනතුරුව පක්ෂයේ ප්‍රචාරක කටයුතු ආරම්භ කරන බවත්ය.