පක්ෂය දෙකට කැඩීමෙන් වැළකී සිටින ලෙස කතානායක කරු ජයසූරිය මහතා එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට දැඩිව අවවාද කර ඇති බව දැනගන්නට ඇත.
කරු ජයසූරිය මහතා සජිත් ප්‍රේමදාස මහතාට මේ බව දැනුම් දී ඇත්තේ ඊයේ (27) රාත්‍රියේ කතානායක නිලනිවෙසේ පැවැති විශේෂ සාකච්ජාවකදීය.
සජිත් ප්‍රේමදාස මහතාගේ විශේෂ ඉල්ලීමකට අනුව මෙම සාකච්ජාව පවත්වා තිබේ.
දෙදෙනා අතර පමණක් පැවැති මෙම හමුවේදී පක්ෂය දෙකඩ කිරීමෙන් වැළකී සිටින ලෙසත්, පක්ෂ ව්‍යවස්ථාවට හා සම්ප්‍රදායට අනුව පක්ෂය ඇතුළේම ප්‍රශ්නය විසදාගන්නා ලෙසත් කතානායකවරයා වැඩිහිටියකු මෙන් සජිත්ට අවවාද කොට ඇති බව දැනගන්නට ඇත.
මීට අමතරව අද (28) සවස මංගල සමරවීර මහතා ඇතුළු කණ්ඩායමක්ද කතානායකවරයා මුණගැසීම සදහා ඉල්ලීමක් කර තිබේ.
කෙසේවෙතත් මෙම සාකච්ජාව සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍ය දෙදෙනා අතර එකගතාවක් ඇති වූ බවට කර ඇති ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව කතානායක කාර්යාලයේ ප්‍රකාශකයකු සදහන් කළ අතර ඒ සම්බන්ධව කතානායකවරයා සජිත් ප්‍රේමදාස මහතාට කතාකොට අසත්‍ය පුවත් මාධ්‍යයට ලබාදීමෙන් වැළකී සිටින ලෙස දැනුම් දීමට සූදානමින් සිටින බවද සදහන් කර සිටියේය.