• About us
  • Contact us
Sunday, July 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

කවුරුත් නැතිව තනිවුණු ලංකාවේ කුඩාම ගම

August 28, 2019
in Holiday
Reading Time: 3 mins read
A A
කවුරුත් නැතිව තනිවුණු ලංකාවේ කුඩාම ගම
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ කුඩාම ගම් ලැයිස්තුව තුළ මුලින්ම තියන ගම්මානයක් තමයි වල්පොලමුල්ල. සමහර දත්ත වාර්තා සහ විවිධ මුලාශ්‍රවල දැක්වෙන්නේ වර්තමානයේ මිනිස් වාසයකින් තොර අතහැර දමා ඇති ශ්‍රී ලංකාවේ කුඩාම ගම්මානය වල්පොලමුල්ල බවයි. බොහෝ සංචාරකයන් මාතලේ සහ රිවර්ස්ටන් පුරා ඇවිද්දත් ඒ හුඟ දෙනෙක්ට මඟහැරෙන තැනක් තමයි මේ ගම්මානය. මේක පිහිටා තියෙන්නේ දුම්බර මිටියාවතේ නකල්ස් රක්ෂිතය තුළ වීමද විශේෂත්වයක්. මාතලේ ඉඳන් රත්තොට පාරේ ගිහින් රිවර්ස්ටන් සහ පිටවල පතන පහුකරලා ඉළුක්කුඹුර පාරේ යනකොට මේ සුන්දර ගමට පිවිසෙන ඇටන්වල ගම්මානය හමුවෙනවා.

මේ ගමට යන මාර්ගය තරමක් දුෂ්කර එකක්. කිසිදු ප්‍රවාහන පහසුකමක් නොමැතිව කිලෝමීටර් හතරක පමණ දුරක් අතිදුෂ්කර කැලෑ මාර්ගයක් තුළින් ගිහින් තමයි මේ ගමට පිවිසෙන්න පුළුවන් වෙන්නේ. ප්‍රවාහන පහසුකම් නොමැති වීම සහ වන අලි, වන සතුන්ගෙන් සිදුවන කරදර හිරිහැර වගේම පානීය ජල ගැටලුව හේතුවෙන් මෙහි ජීවත් වූ සීමිත පවුල් ගණන මෙම ගම අතහැර දමාගොස් තිබෙනවා. දැනට මේ ගමේ පුරන්වූ කුඹුරු යායක්, නිවෙසක් සහ තවත් නටබුන් කිහිපයක් පමණක් ඉතිරිව තිබෙනවා. අතිශය මනරම් දුම්බර කඳු යායට මුහුණලා නකල්ස් රක්ෂිතයේ දුම්බර මිටියාවත තුළ පිහිටා ඇති මේ ගම්මානය ඉතා සුන්දර දර්ශන පෙළකට හිමිකම් කියනවා. එක් පසෙකින් යෝධයන් සේ පෙනෙන දුම්බර කඳු වළල්ලත්, ඒ කඳු අතරින් ඇදහැලෙමින් විටින් විට සැඟවී යළි ඇදහැලෙන මනරම් දුම්බර දිය ඇලිත් මේ සුන්දර ගම්මානය තුළදී දැකගත හැකිවනවා.

වල්පොලමුල්ල ගම ශ්‍රී ලංකාවේ පමණක් නොව ආසියාවේ කුඩාම ගම කියලත් සමහර මූලාශ්‍රවල සඳහන් වනවා. එහි නිවරැදිතාව පිළිබද යමක් සඳහන් කළ නොහැකියි. කෙසේ වෙතත් වර්තමානයේ මෙය ශ්‍රී ලංකාව තුළ මිනිස් වාසයකින් තොර කුඩාම ගම විදියට තමයි සඳහන් වන්නේ. දුෂ්කර ගම්මානයක් වුවත් මිනිසුන් වාසය කරන කාලයේ මෙම ගම්මානය බත බුලතින් සරුසාර ගමක් විදියට පැවැතුණා කියලා තමයි සැලකෙන්නෙ. දුම්බර මිටියාවතේ තවත් ලස්සන කඳු පන්ති, දිය ඇලි, ගල් ගුහා මේ කිට්ටුව පිහිටලා තියෙනවා. මානිගල කන්දත් පිහිටලා තියෙන්නේ මේ ගමට කිට්ටුව.

ඔබත් මෙහි සංචාරය කරන්නට බලාපොරොත්තු වනවා නම් පහත සඳහන් කාරණා පිළිබඳ විශේෂයෙන්ම අවධානය යොමු කරන්න. හැමදාම සඳහන් කරනවා වගේ මේ අපේ රට තුළ තියෙන පොදු ජනතාවට විවෘත පරිසර පද්ධති නරඹන්න, සුන්දරත්වය විඳගන්න කිසිම විටෙක තහනමක් නෑ. මොකද මේවා කිසිම කෙනෙක්ගේ පෞද්ගලික බූදලයක් නෙවෙයි. හැබැයි සංචාරය කරන අය දැනගන්න ඕනේ ඒ දේවල් ආරක්ෂා කරගෙන ඒ අවට අයටත්, සතා සිව්පාවාටත් කරදරයක් නොවී තවත් කෙනෙක්ට ඒ සුන්දරත්වය විඳගන්න පුළුවන් විදියට ඉතිරි කරලා එන්න. ඒ හින්දා ඔබ සංචාරය කරනවා නම් අනිවාර්යයෙන්ම ඒ ගැන සැලකිලිමත් වෙන්න. “පා සටහන් පමණක් ඉතිරිකර එන්න.”

ඊළඟ කාරණය තමයි මේ වල්පොලමුල්ල කියන්නේ වන සතුන්ගෙන්, විශේෂයෙන්ම වන අලි සහ සර්පයන්ගෙන් ගහන ප්‍රදේශයක්. ඒ නිසා ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමුකරලා ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න. ඊළඟට තමන්ට අවශ්‍ය පමණට ජලය සහ ආහාර රැගෙන යන්නත් අමතක කරන්න එපා. ආයෙත් සඳහන් කරන්නේ මේ සුන්දර පරිසරයට කිසිම හානියක් නොකරන්න වගබලාගන්න. මේ ගමට ගියාට පස්සේ අපි හැමෝගෙම හිතට ආවේ ලස්සන ජනප්‍රිය සින්දුවක්. වල්පොලමුල්ලට ගියොත් ඒ අත්දැකීම ඔබටත් ලැබේවි. අවසාන වශයෙන් ඒ ගීතයත් මතක් කරන්නම්.
“දුම්බර මිටියාවත පැත්තේ
සුන්දර ගම්මානෙක මැද්දේ
අන්දර වැට ගාවයි උන්නේ
ගින්දර වාගෙයි සිත ගත්තේ”

ශෂින් විජේතුංග

SendShareShare
Previous Post

රාජිතගෙන් අද විශේෂ ප්‍රකාශයක්

Next Post

ලෝකෙම හොල්ලපු ආයුධ හදපු පැරැණිම ගම

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
සෙව්වන්දි ඉපදුණු සුරේෂ්ගෙ ගෙවල් තියෙන කටුවැල්ලෙගමට ‘මව්රට’ ගිය ගමන…! Sri Lanka Latest News
Exclusive

සෙව්වන්දි ඉපදුණු සුරේෂ්ගෙ ගෙවල් තියෙන කටුවැල්ලෙගමට ‘මව්රට’ ගිය ගමන…! Sri Lanka Latest News

කටුවැල්ලෙගම…..මේ නම කීප වතාවක්ම පහුගිය ටික දොහේ ඇහුණා. හැබැයි ඒ ඇහුණෙ ආගම දහමට අදාළව නෙවෙයි. පල්ලි, පන්සල්, කෝවිල් ගැන කියන්නත්...

Read more
ආදරයද? සල්ලිද? පානදුරේ නදුනිටත් වුණේ තෙල්දෙණියේ භෞත චිකිත්සකවරියට වෙච්ච දේමද?  Sri Lanka Latest News

ආදරයද? සල්ලිද? පානදුරේ නදුනිටත් වුණේ තෙල්දෙණියේ භෞත චිකිත්සකවරියට වෙච්ච දේමද? Sri Lanka Latest News

අවුරුදු 2500කට කලින් කම්පියුටර් ගැන හිතලාවත් නැති කාලයේ හදපු විශ්වකර්ම රොබෝ ලියන්නා! Sri Lanka Latest News

අවුරුදු 2500කට කලින් කම්පියුටර් ගැන හිතලාවත් නැති කාලයේ හදපු විශ්වකර්ම රොබෝ ලියන්නා! Sri Lanka Latest News

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Sri Lanka Latest News

පහුගිය කාලේ හෝටලයක් කරන්න ගියාම ලොකු විරෝධයක් ආවා! ඔන්න දැන් නුවරඑළියේ පරණම තැපැල් කාර්යාලයේ උඩ තට්ටුව සුද්දන්ට නවතින්න පුළුවන් හෝටලයක් කරනවා! දැන් නම් කාගෙවත් විරුද්ධත්වයක් පේන්න නෑ වගේ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.