ක්‍රීඩා හා විදුලි සන්දේශ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට අද (27) සවස තමන් මුණගැසෙන ලෙසට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දීමක් කොට ඇත.
මෙම හමුවේදී පසුුුුුගිය කාලය පුරා හරීන්ගේ අමාත්‍යංශවල සිදුව ඇතැයි කියන වංචා, දූෂණ සම්බන්ධයෙන් අගමැතිවරයාට ලැබී ඇති පැමිණිලි පිළිබදව විමසීමට සූදානමින් සිටින බව වාර්තා වේ.
අමාත්‍යංශය සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී තිබියදීත් අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ගයක් නොගෙන සිටීම පිළිබදවද මෙහිදී අගමැතිවරයා කරුණු විමසීමට බලාපොරොත්තුවෙන් සිටින බවද දැනගන්නට ඇත.
කෙසේවෙතත් ලැබී ඇති පැමිණිලිවල බරපතළකම මත අමාත්‍යවරයාගේ ඇමැතිකම ඉවත් කිරීමේ අනතුරක්ද මේ වනවිට මතුව ඇති බවද දැනගන්නට තිබේ.