• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home CID

පොලිසිය කණපිට ‌පෙරළෙයි

November 23, 2019
in CID, News
Reading Time: 1 min read
A A
පොලිසිය කණපිට ‌පෙරළෙයි
Share on WhatsAppShare on Facebook

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමත් සමඟ පොලිසියේ පළමු වෙනස්වීම ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාව සිටි ශානි අබේසේකර විසිවන්නේ ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාරවරයා ලෙසිනි. ඒ වෙනුවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස පත් කෙරෙන්නේ ඩබ්ලිව්. තිලකරත්නය. පසුගිය ජනාධිපතිවරණ සමයේදී ගෝඨාභය රාජපක්ෂගේ ආරක්ෂාව සම්බන්ධීකරණය කරනු ලැබුවේ තිලකරත්නය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාව සිටියදී ජනපති ආරක්ෂක බුද්ධි අංශයේ ප්‍රධානියාව සිටියේ ඔහුය.
ශානිගෙන් ආරම්භ වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඔළුගෙඩි මාරුව අවසන් වන්නේ යැයි විශ්වාස කළ හැකි වන්නේ එහි ප්‍රධානියා ලෙස සේවයේ නිරතව සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න ගෙදර යවමිනි. රවී සෙනෙවිරත්න මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවයේ නිරතව සිටින්නේ සේවා දිගුවකිනි. එම සේවා දිගුව ලබන දෙසැම්බර් 31 වැනිදා අවසන් වීමට නියමිතය. ජනාධිපතිවරණයෙන් පසු රවී සෙනෙවිරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අඩිය තබා ඇත්තේද එක් දිනක් පමණි. එදා ඔහු එහි පැය දෙකකට වඩා ගත කරන්නේ නැත.
පොලිස් දෙපාර්තමේන්තුවේ තොරතුරුවලින් දැනගන්නට ඇති ආකාරයට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 30 දෙනෙක්වත් මාරුවීම්වලට ලක්වෙනු ඇත. ඒ අතර පොලිස් අධිකාරී බී.එස්. තිසේරා සහ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්තද සිල්වා යන නිලධාරීහු ඉහළින්ම සිටිති.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඔළුගෙඩි මාරුවීම්වලට සමගාමීව පොලිසියේ පාරිසරික අංශයටද අලුත් ප්‍රධානියෙක් පත්කරනු ලැබීය. ඔහු සහකාර පොලිස් අධිකාරී පුෂ්පකුමාරය. පොලිස් ක්‍රීඩා කොට්ඨාසයේ අධ්‍යක්ෂ ධුරයද දරන ඔහු පරිසර අංශයේ ප්‍රධානියා ලෙස පත්කරන්නේ පොලිස් ක්‍රීඩා අංශයේ අධ්‍යක්ෂ ධුරයද සමගිනි.
පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් කොට්ඨාසයක අධ්‍යක්ෂ ධුරයක් සහකාර පොලිස් අධිකාරිවරයෙක් විසින් දරන්නේ නම් ඒ පුෂ්පකුමාර පමණි. ඒ එකක් නොව, දෙකකි. ඔහුට පරිසර අංශය පැවරෙන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රමුඛ කාර්යයන් අතර පරිසරයට මුල්තැන ඇති බැවිනි. කැළි කසළ නිසි ලෙස බැහැර කිරීම් නගර සභා සහ ප්‍රාදේශීය සභා සමඟ සම්බන්ධීකරණ පුරුකක් ලෙස ක්‍රියාත්මක වන්නට ඉදිරියේදී සිදුවන්නේ පොලිස් පරිසර අංශයටය. එම ඒකකය නිසි ලෙස ක්‍රියාත්මක වීමත් සමඟ පාරකට කොළ කැබැල්ලක් මෙන්ම බුලත් හපා කෙළ බිඳුවක්වත් ගසන්නට ඉඩක් නොලැබෙනු ඇත. ඒ ගැන ජනතාව දැනුවත් කිරීමටද පොලිසිය ගම් මට්ටමින් වැඩ පිළිවෙළක්ද දියත් කරනු ඇත.
මේ අතර කොළඹ මිහිඳු මාවතේ පිහිටි සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය ඉකුත් 21 වැනිදා හදිසියේම පොලිස් විශේෂ කාර්ය බලකායේ පරීක්ෂාවකට ලක්වන්නේ එහි නීති විරෝධී ක්‍රියා සිදුවන බවට පොලිස් විශේෂ කාර්ය බළකායේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ්ගේ උපදෙසිනි. සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය දැඩි පරීක්ෂාවකට ලක්වූවත් එහි තිබී සැක කටයුතු කිසිවක් හමු නොවීමද විශේෂිතය. මේ අතර පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශයේ ස්ථානාධිපතිවරයාවද හිටි හැටියේම අම්බලන්තොට විශේෂ කාර්ය බලකා කඳවුරට මාරුකිරීමට පියවර ගෙන තිබිණි. ප්‍රධාන පොලිස් පරීක්ෂක ධර්මප්‍රියව එසේ මාරුකර යැවෙන ලිපිය ඔහුට ලැබෙන්නේ 21 වැනිදා ඔහු කාර්යාලයට පැමිණි විටදීය. එම ලිපියේ සඳහන් වන්නේ වහාම ක්‍රියාත්මක වන පරිදි එම ස්ථාන මාරුවීම ක්‍රියාත්මක කර ඇති බවය. පාතාල මර්දනයට සුවිශේෂි කැපවීමක් කළ ධර්මප්‍රියව හිටි හැටියේම මාරුකර යැවීම ගැන මේ වන විට විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් වැඩි දෙනෙක් වික්ෂිප්ත වී සිටින අතර මෙම ස්ථාන මාරුවීම සිදුව ඇත්තේ ආණ්ඩුවේ පිටින් දමා පෞද්ගලික පළිගැනීමකටදැයි මේ වන විට ඇතිව තිබෙන්නේ දැඩි සැකයකි.
නැඟෙනහිර පළාත්භාර පොලිස් ප්‍රධානියාව සිටි කපිල ජයසේකර විශ්‍රාම ගන්නේද ජනාධිපතිවරණය නිමාවත්මය. ඔහුගේ විශ්‍රාම ගැනීමත් සමඟ පොලිස් දෙපාර්තමේන්තුව තුළ මේ වන විට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිධුරයක් පුරප්පාඩු වී හමාරය. මේ වන විට පොලිස් දෙපාර්තමේන්තුව තුළ සේවා දිගු මත විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනෙක්ම සේවයේ නිරතව සිටිති. ඒ අය වන්නේ මධ්‍යම පළාත් භාර පොලිස් ප්‍රධානී එස්.එම්. වික්‍රමසිංහ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න සහ විශේෂ කාර්ය බළකා ප්‍රධානී එම්.ආර්. ලතීෆ් යන නිලධාරීන්ය. මේ අයගෙන් වික්‍රමසිංහ සහ රවී සෙනෙවිරත්න ගේ සේවා කාලය ලබන දෙසැම්බර් 31 වැනිදා අවසන් වීමට නියමිතව ඇති අතර ලතීෆ්ගේ සේවා කාලය අවසන් වීමට නියමිතව ඇත්තේ ජනවාරියේදීය. එබැවින් මෙම තිදෙනාගෙන් සහ කපිල ජයසේකරගෙන් පුරප්පාඩු වන එම තනතුරුවලට නියෝජ්‍ය පොලිස්පතිවරුන් අතර ඇත්තේ දැඩි තරගයකි. එම තරගයේ ඉදිරියෙන්ම සිටින්නේ දේශබන්දු තෙන්නකෝන් සහ ලලිත් එස්. පතිරණ යන නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනාය. මේ වන විට ඇත්තේ කපිල ජයසේකර විශ්‍රාම ගැනීමෙන් ඇතිවූ පුරප්පාඩුවට මේ දෙදෙනාගෙන් අයෙක් පත් කරන්නටය. ජ්‍යෙෂ්ඨත්වයට අනුව ඉදිරියෙන්ම සිටින්නේ පතිනායකය. ඒ අනුව දැනට පුරප්පාඩුව ඇති ඒ තනතුරට මුලින්ම පත්වීමට ඉඩ ඇත්තේ පතිනායකය. එහෙත් දේශබන්දු තෙන්නකෝන්ද අතහරින්නේ නැත. ඔහුද ඒ තනතුරට යම් තරගයක් දෙන්නේ අනාගත පොලිස්පති සටනට එය මහත් පිටිවහලක් වන බැවිනි. ඒ අනාගත පොලිස්පති සටන ඇත්තේ රාජ්‍ය බුද්ධි අංශයේ නිලන්ත ජයවර්ධන, දේශබන්දු තෙන්නකෝන් සහ ලලිත් පතිනාක යන නිලධාරීන් ත්‍රිත්වය අතරය. මේ අය පිටුපස සිටින තවත් නිලධාරීන් කිහිප දෙනකුටද අනාගත පොලිස්පති සිහිනය නැතුවා නොවේ. ඒ නිසාම ඔවුන්ද හැංගි හොරා මේ වන විට විවිධ කතා කියමින් සිටී. ඒ අය තර්කයක් ගොඩනඟමින් සිටින්නේ පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකීම් මේ දෙදෙනාටම එල්ලවී ඇති බැවින් ඔවුන්ට එම තනතුරු දැරීමට කිසිදු හැකියාවක් නොමැති බවටය. කෙසේ වෙතත් ආණ්ඩු මාරුවත් සමඟ පොලිසියේ බල අරගලවල නම් අඩුවක් ඉදිරියේදී නොමැති වනු ඇත. වැඩ බලන පොලිස්පතිවරයාද අවුලකට දමා ඒ පුටුව ඩැහැ ගැනීමටද ඇතැම් නිලධාරීන් බලා සිටින්නේ කාලයක් තිස්සේය. පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශයේ ස්ථානාධිපති ධර්මප්‍රිය මාරුකිරීම පිටුපස ඇත්තේද එවන් සැලසුමක් වන්නට හැකි බවට තදබල සැකයක්ද මේ වන විට විශේෂ කාර්ය බළකායේම නිලධාරීන් අතර හටගෙන තිබේ. ඊට මුල්වන්නේ පාතාලය සහ මත්කුඩු ජාවාරම්කරුවන් මැඬලීමට වත්මන් ජනාධිපතිවරයාත් සමඟ විශේෂ කාර්ය බළකායෙන් එක්වන්නට සිටියේ මෙම නිලධාරියා ප්‍රමුඛ කණ්ඩායමක් වන බැවිනි.
මේ අතර අලුත් ජනාධිපතිවරයා සිය ආරක්ෂාව අඩකටත් අඩු ප්‍රමාණයකින් අඩු කිරීම මගින් රටේ ආරක්ෂාව ගැන ජනතාව අතර ඇතිව තිබුණු සැකය පහව යන්නට පටන්ගෙන තිබේ. ආරක්ෂාව අඩු කිරීමත් සමඟ පෙනී යන්නේ රට අනාරක්ෂිත යැයි මවා තිබුණේ රාක්ෂයෙක් බවකි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිධුරයේ දිවුරුම් දෙන විටත් ඔහු යන එන විටත් මාර්ග වසා නොදමන තැනට පත්ව ඇත්තේද ආරක්ෂාවේ හොඳකම නිසාය. පොලිසියට ඔහු මේ වන විටත් දැනුම් දී ඇත්තේ තමා මාර්ගයේ ගමන් කරන විට මාර්ග වසා නොදමන්නේ නම් වෙන කිසිදු මැති ඇමතිවරයකුට ගමන් කරන්නට මාර්ග වසා නොදමන ලෙසය. ජනාධිපතිවරයා තමගේ ආරක්ෂාව අඩුකර ගනිමින් පරිවාර රථ ගණන පවා හතරකට බස්සවන විට සෙසු මැති ඇමතිවරුන්ටද දැන් සිදුව ඇත්තේ ඔවුන්ගේ ආරක්ෂාව අඩුකර ගනිමින් රථ ගායටද නැවතීමේ තිත තබන්නටය. මෙය අපේ රටේ දේශපාලනයට අලුත් සංස්කෘතියක ආරම්භයක් වනු ඇති බව නම් පැහැදිලිය. මේ නිසාම ඇතැම් විට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට එරෙහිව කැරලි ගැසීම් පවා ඇති වන්නට පුළුවන. ඒ ඔහු ආදර්ශමත් දේශපාලනයක නිරතවන විට සෙසු දේශපාලනඥයන්ට එය පහරක් වන බැවිනි.

SendShareShare
Previous Post

ජනාධිපතිතුමනි… බුකි-කප්පම් මාෆියාවෙන් ක්‍රිකට් මුදාගන්නා ‌මෙහෙයුම වහාම අරඹන්න

Next Post

දිලිත් ‌’‌දෙරණ’ රාජපක්ෂලාට කඩේ යැව්වාද?

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

ආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය හැටන් දික්ඔය නගර සභාවේ ආදායම් පරිපාලක ඇතුලු නිළධාරින් එම වෙළදුන්ට අනවසර ඉදි කිරිම් ඉවත් කරන ලෙසට දැනුම්...

Read more
සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

දැන් ඡන්දයක් තිබ්බොත් මාලිමාවට 65%යි! ඉතින් තියන්නකෝ පළාත් සභා ඡන්දේ..! VIDEO I Sri Lanka Latest News

හර්ෂණගේ විශ්වාසභංගය අද එනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.