• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වන අලින්ට කතා කරලා මෙල්ල කරන සේරුවාවිල තරුණිය I Sri Lanka Latest News

December 14, 2023
in Exclusive, News
Reading Time: 7 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ කෙල්ල එක වචනයයි දැම්මේ ඉස්සරහට ආපු වන අලියා කරපු දේ දැක්කම කට්ටියම තුෂ්ණිම්භූත වෙයි…

අද ඔබට මේ කතාව කියන්නේ අනුරාධපුරේ ඉඳන්. වන අලිත් එක්ක කතාකරන, වන අලි හොයාගෙන තනියම කැලේට යන, වන අලියෙක්ට ප්‍රශ්නයක් වුණොත් ඒකට ඇපකැප වෙලා තනියම වැඩකරන තරුණියක් ලංකාවේ ඉන්නවා කියලා කිව්වොත් ඔබ විශ්වාස කරනවද? ඇය ප්‍රසිද්ධ කෙනෙක් නම් නෙවෙයි. නමුත් ඇය ප්‍රසිද්ධ අලි අතරේ. වන අලිත් එක්ක ඇයට තියෙන්නේ ලොකු සම්බන්ධතාවක්. ඇය තමයි උපුලී මධුෂංකා.(Sri Lanka Latest News)

අපිට කියන්න මහ කැලේ ඉන්න අලි ඇත්තු ඔබ කියන දේ අහන්නේ ඇයි කියලා?

ඒකට නම් විද්‍යාත්මක හේතුවක් මම දන්නේ නැහැ. හැබැයි සාමාන්‍යයෙන් ඔබ කතාව පටන්ගන්නේ රාජුගෙන්. රාජු මට හම්බවෙන්නේ 2020 අවුරුද්දේ සේරුවාවිල මහින්දපුර ගමේදී. මම ඒ කාලේ පදිංචිවෙලා හිටියේ ඒ ගමේ. එහෙ පදිංචියට යන්නත් ප්‍රධානම හේතුව වුණේ අලි.

ඔබේ උපන්ගම කොහෙද?

මම කොළඹ ඉපදිච්ච කෙනෙක්. අලි බලන්න, අලි ගැන ඉගෙනගන්න ආසාවට තමයි මම කොළඹ ඉඳලා සේරුවාවිලට යන්නේ. ඒ විදියට මම සේරුවාවිල ගෙයක් අරගෙන පදිංචියට ගියා. ගිහින් දෙවැනි දවසේදී වන අලියෙක් ඇවිල්ලා අපේ ගේ ඉස්සරහ තියෙන ගෙදර සම්පූර්ණයෙන්ම සමතලා කරලා දැම්මා. ගෙයි දොර කඩාගෙන ඇතුළට ගිහින් බිත්ති ටික පෙරළලා දැම්මා. ඒ ගෙදර ආච්චි කෙනෙක් හිටියා. අපි එයාව බේරගත්තා. ඉතින් එදා රෑ එළිවෙනකල්ම මම ඉකිගගහා ඇඬුවා. ඒකට හේතුව තමයි මම කොළඹ ජීවත් වෙච්ච කෙනෙක්. මම පන්සලක පෙරහැරකදී හැරෙන්න අලියෙක් දැකලා තිබුණේ නෑ.

ඉතින් මෙච්චර දරුණු වන අලි ඉන්න ප්‍රදේශයක පදිංචියට එන්න මම තීරණය කළේ ඇයි කියන එක ගැන මම දුක්වුණා. ඒ වගේම එක අතකින් මම සතුටු වුණා. මොකද මම අලින්ට ගොඩක් ආදරේ කෙනෙක්. ඒත් මම අලි මිනිස් ගැටුම ගැන මම අහලා දැකලා තිබුණේ නිවුස්වලින් විතරයි. ඉතින් මම කොළඹ ඉඳගෙන අලි මරන්න එපා, හක්කපටස් තියන්න එපා, වෙඩි තියන්න එපා කියන එක විහිළුවක්. මොකද මම ඒක ප්‍රායෝගිකව අත්විඳින්නේ නැහැනේ. ඒ නිසයි මම සේරුවාවිලට ගියේ, මේක ප්‍රායෝගිකවම මට අත්විඳින්න ඕනෙ නිසා.

එහෙම ගිහින් පස්වැනි දවසේ විතර මගේ ගේ පිටිපස්සේ වැට ළඟට ඇවිල්ලා හිටියා තනි අලියෙක්. එයාගේ වම් කන ඉරිලා තිබුණේ. ඒකෙන් තමයි මම එයාව මතක තියාගත්තේ. මම එයාට කිව්වා ‘දැන් එළිය වැටිලනේ. දැන් ඔයා යන්න, නැත්නම් මිනිස්සු බයවෙනවනේ. මට ඔයාව යාළු කරගන්න ඕනේ. හෙටත් මෙතැනටම එන්න’ කියලා. එහෙම කියලා මම මගේ පාඩුවේ මිදුල අතුගෑවා. මට බයක් හිතුණේ නෑ. සාමාන්‍යයෙන් වන අලියෙක් මීටර් 50ක් විතර ඈතින් හිටියත් බයක් හිතෙනවනේ. ඒත් රාජුව දැක්කම මට බයක් හිතුණේ නෑ. ඊට පහුවදාත් රාජු එතැනටම ඇවිත් හිටියා. එහෙම ඉන්නකොට මම එයත් එක්ක කතාකර කර තමයි මිදුල අතුගාන්නේ. පාරේ යන මාමලා එහෙම ඒක දැක්කාම කියනවා ‘පුතේ වනජීවී එකෙන් කඹයක් ඉල්ලගෙන රාජුව වත්තෙන් ගැටගහලා තියාගන්නකො’ කියලා.

ඔය විදියට එක දවසක් රෑක රාජු ආවා මගේ ගෙදර මිදුලට. වත්තේ තියෙන අතු කඩන සද්දෙට මම දැක්කා මෙයා ඇවිල්ලා ඉන්නවා කියලා. ඒ වෙලාවේ මම ටෝච් එක එයාගේ මූණට ගැහුවා. ඕනෙම සතෙක් ටෝච් එකට ඇහැ දෙනවා. ඒ කියන්නේ ටෝච් එළිය එන පැත්තට ඇස් එල්ල කරනවා. නමුත් රාජුගේ එක ඇහැක් විතරයි ටෝච් එක දිහාවට එල්ල කළේ. ඒකෙන් මම තේරුම් ගත්තා මෙයාගේ එක ඇහැයි පේන්නේ කියලා. මම පහුවදා උදේම ප්‍රදේශයේ වනජීවී නිලධාරීතුමාට කතා කරලා කිව්වා මෙහෙම අලියෙක් ඉන්නවා, එයාගේ එක ඇහැක ආබාධයක් තියෙනවා කියලා. ඒ වෙලාවේ නිලධාරීන් පිරිසක් එතැනට ඇවිල්ලා රාජුව පරීක්ෂා කළා. එයාගේ කන් ඇසීමත් ගොඩක්ම දුර්වලයි. මිනිස්සු අලි වෙඩි දාලාම එයාගේ කන් ඇසීම අඩුයි.

කොහොම හරි ඔහොම ටික කාලයක් යද්දී රාජු මාත් එක්ක හොඳට හිතවත් වුණා. එයාට මම කියන දේවල් තේරෙන්න ගත්තා. කුඹුරකට බැහැලා හිටියත් මම ගිහින් එයාට ‘යන්න පුතේ’ කියලා කිව්වාම එයා ගියා. මම සමහර දවස්වලට කොළඹ ගිහින් දවස් කිහිපයක් ඉඳලා එනවා. එහෙම ආපු වෙලාවට වත්ත පිටිපස්සෙ කැලෑව ළඟට ගිහින් ‘රාජු ඉන්නවද?’ කියලා අහනවා. එහෙම කතා කරලා පැයක් එකහමාරක් යන්න කලින් එයා මගේ වැට ළඟට එනවා. ඒත් කවදාවත්ම එයා වැට කඩාගෙන වත්තට නම් ඇවිල්ලා නෑ. සමහර වෙලාවට රාජු දවස් ගණන් එන්නේ නැතුව ඉන්නවා. ඒ වෙලාවට මම එයාව හොයනවා, එයාට මොකක් හරි කරදරයක් වෙලාද දන්නෙ නෑ කියලා.

මම වනජීවී එකට කතා කරනවා. එක වෙලාවකට ඒ අයට කරදරත් කරනවා. මොකද රාජුගේ ඇස් පේන්නෙ නෑ, එයා ආබාධිත අලියෙක් නිසා එයාට කරදරයක් වෙයිද කියලා. ඒ වගේ මහ පුදුමාකාර බැඳීමක් මට රාජුත් එක්ක තියෙන්නේ. අලින් හඬට සංවේදීතාවක් දක්වනවා කියලා බොහෝ අය කියනවා. ඒ වගේම රාජු මගේ කටහඬට ගොඩක් සංවේදී කියලා මට හිතෙනවා. මම කතා කරද්දී එයා කන් දෙක ගහන්නේ නැතුව අහගෙන ඉන්නවා. එයා හරිම අහිසංක අලියෙක්. දවසක් මම පාරේ එද්දී රාජුව මූණටම මුණගැහිලා තියෙනවා. බැරි වෙලාවත් එයා රාජු නොවී, වෙන වන අලියෙක් වුණා නම් අද මම ජීවතුන් අතර නෑ.

උපුලි කියන්නේ කිසිම සංවිධානයක් හෝ සත්ව සුබසාධන ආයතනයක් නැතිව වන අලින් සහ මිනිසුන් අතර තියෙන ගැටුම නවත්වන්න, වන අලින් ආරක්ෂා කරගන්න තනිවම කැපකිරීමක් කරන කෙනෙක්. ඔබ මේ දවස්වල ඒ වෙනුවෙන් කරමින් ඉන්නේ මොනවද?

මම මේ දවස්වල අලි රංචුවක් පස්සේ යනවා. බොහෝ වෙලාවට ඇතින්නක් එක්ක අලි පැටව් ඉන්නේ වනෝද්‍යාන ඇතුළේ. නමුත් මේ අලි රංචුව ගම්මාන කිහිපයක් මැදට කොටුවෙලා ඉන්නේ. ඒ රංචුව මට මුලින්ම හමුවෙන්නේ ඇහැටුවැව ප්‍රදේශයේදී. ඇහැටුවැවේ ඉඳන් ගම්මාන අටක් පහුකරගෙන මම ඒ රංචුව අරගෙන ඇවිල්ලා තියෙනවා ළිඳවැව කියන ගම ආසන්නයට. නමුත් අද දවල් හොයලා බලද්දී දැනගන්න ලැබුණා ළිඳවැව ගමෙනුත් මේ රංචුව ගිහින් කියලා. ඒ රංචුවේ ඉන්නවා පුංචි වැටව් පස්දෙනෙක් විතර. ඒ අයව ආරක්ෂා කරගන්න ඕනේ.

අපි දකිනවා අලියෙක් මැරුවාම ෆේස්බුක් එකේ දානවා මේ අපරාධෙ කරපු කෙනාට සාප වෙන්න ඕනෙ වගේ දේවල් කියලා. නමුත් ඒකෙ දෙපැත්තක් මම දකිනවා. මොකද අලියෙක් ගමට එන්නේ මිනිස්සුන්ගේ වැරැදි නිසා. ස්වභාවිකවම අලි ගමට එන්නේ නෑ කවදාවත්. උදාහරණයක් විදියට මාදුරුඔය රක්ෂිතය ඇතුළේ හරක් 40,000ක් විතර අනවසරයෙන් ගාල් කරලා තියෙනවා. හරක් කෑමට ගත්ත තණකොළවලට අලියෙක් හොඬේවත් ළං කරන්නේ නෑ. ඒ නිසා අලින්ට කැලෑව ඇතුළේ කන්න නැතිවුණාම තමයි ඒ සත්තු ගම්මානවලට එන්න පටන්ගන්නේ. එහෙම ඇවිල්ලා මිනිස්සුන්ගේ දේපළවලට, වගාවලට හානි කරනවා. ඒ දෙකටම වඩා ජීවිත හානිය වැඩියි.

මගේ යම් අරමුණක් තියෙනවා මේ සත්තු වෙනුවෙන් කටයුතු කරන්න. මම ආයතනයකට සම්බන්ධ නැති වුණාට පාර්ශ්ව කිහිපයක් මගේ මේ කටයුත්තට උදව් කරනවා, ප්‍රතිකාර අවශ්‍ය වන අලින්ට බෙහෙත් ගන්න එහෙම.

උපුලි වන අලින් වෙනුවෙන් ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙන්නේ මොනවද?

ලංකාවේ අලි මිනිස් ගැටුම හින්දා දෙපැත්තෙම ජීවිත නැතිවෙනවා. අපිට සත්තුන්ව දැනුවත් කරන්න බෑ. අපි දැනුවත් කරන්න ඕනේ අපේ වර්ගයාව. නමුත් අලි ගම්වදින ප්‍රදේශයකට ගිහින් මට ඒ මිනිස්සුන්ට කියන්න බෑ ඕගොල්ලෝ අලින්ට වෙඩි පත්තු කරන්න එපා, හක්කපටස් දෙන්න එපා කියලා. එහෙම කිව්වොත් ගුටිකාලා තමයි මට එන්න වෙන්නේ. නමුත් අපට කරන්න පුළුවන් එක දෙයක් තියෙනවා. ඒ තමයි, අලිත් එක්ක අපි ජීවත් වෙන්නේ කොහොමද, වන අලි ගම්වදින එක නතර කරගන්නේ කොහොමද, වන අලින්ගෙන් අපේ ජීවිත, දේපළ, වගාවන්ට හානියක් නොවන විදියට මේ ප්‍රශ්නෙ කළමනාකරණය කරන්නේ කියන එක ගැන ජනතාව දැනුවත් කිරීම.

මම කරපු සොයාබැලීම්වලදී දැනුණු දෙයක් තමයි යුද්ධෙ කාලේ එල්.ටී.ටී.ඊ. කරදර තිබුණු ගම්මානවලටම තමයි දැන් වන අලින්ගෙන් කරදර සිද්ධ වෙන්නේ කියන එක. විශේෂයෙන්ම මායිම් ගම්මානවලට. ඒ මිනිස්සු කොටි ත්‍රස්තවාදීන් එක්කත් ජීවත් වෙන්න හුරුවෙච්ච අය. යුද හමුදාවෙන් ඒ ගමට එනකල් සිවිල් ආරක්ෂක බළකායත් එක්ක එකතු වෙලා ගම රැකගත්ත මිනිස්සු. ඒකම තමයි මමත් මෙතැනදී ආදේශ කරන්නේ. වනජීවී එකටත් ගොඩක් අපහසුතා තියෙනවා. නිලධාරීන් හිඟයි, වාහන පහසුකම් අඩුයි. ඒ වගේ තත්තවයක් යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ තියෙන වනජීවී කාර්යාලවලට ඒ දිස්ත්‍රික්කය සම්පූර්ණයෙන්ම ආවරණය කරන්න අමාරුයි.

අපි වනජීවී එකට කෝල් කරලා කිව්වාම එයාලා එන්න කොහොමත් පැයක් එකහමාරක් විතර යනවා. ඒක ප්‍රායෝගික තත්ත්වයක්. ඒ පැය එකහමාර ගෙවෙද්දී අලි ගමට කරන්න ඕනේ විනාශය කරලා ඉවරයි. නමුත් අපි ගම්මානයක් විදියට එකතු වුණොත් පුළුවන් වනජීවී එකෙන් එනකල් ගම ආරක්ෂා කරගන්න. ඒ වගේම ජීවිත දේපළ හානියක් සිදු නොවී වන අලින් ආපහු හරවා යවන්නත් අපට පුළුවන්. මම ඒක ප්‍රායෝගිකව කරපු කෙනෙක්. මහින්දපුර ඉන්නකොට අපි කුඹුරු කළානේ. ඒවා අලින්ට කන්න නොදී රැකගත්තනේ. ඒ මිනිස්සුත් එක්ක එකතුවෙලා කටයුතු කරපු නිසයි. ඒ නිසා හැමෝම එකතු වුණොත් අපට මේ ප්‍රශ්නේ විසඳගන්න පුළුවන්. ඒ වෙනුවෙන් තමයි මම මේ කටයුතු කරගෙන යන්නේ.

ඔබ කැලෑවේ අලි පස්සෙන් යන්නේ තනියමද?

තනියම ගිය අවස්ථාත් තිබුණා. නමුත් දැන් නම් තනියම යන්නේ නෑ. කැබිතිගොල්ලෑව පැත්තේ කැලෑවක ඇත් පැටියෙක් හිටියා. මම එයාට නම තිබ්බේ ‘දයාංජන’ කියලා. එයා ගොඩක් ප්‍රසිද්ධ වුණා. බඳින තුවක්කුවක් පත්තුවෙලා එයා තුවාල වෙලා හිටියේ. අපි ගොඩක් උත්සාහ කළා එයාව බේරගන්න. මාස එකහමාරක් විතර එයාව බලන්න කැලෑව ඇතුළට මම ගියේ තනියම. ඒ ප්‍රදේශයේ හිටපු මල්ලි කෙනෙකුත් මට ඒකට මඟ පෙන්නුවා. ලංකාවේ කොතැනකදී හරි වන අලියෙක්ට කරදරයක් වෙලා නම්, ඒක සමාජ මාධ්‍යවල පළවුණත් නැතත් විනාඩි 10ක් යන්න කලින් ඒ නිවුස් එක මට එනවා. ඒකට මම ජාලයක් හදාගෙන ඉන්නේ.

අපේ රටේ වන අලින්ට ආදරේ කරන බොහෝ පිරිසක් ඉන්නවා. ඒ අයට මොනවද කියන්න තියෙන්නේ?

මේ ශ්‍රී ලංකාව කියන පුංචි දූපතේ ඉන්න වන අලි ටික රැකගන්න ඕනෙ නම්, ඉස්සෙල්ලාම අපි කරන්න ඕනේ අපේ ප්‍රජාව දැනුවත් කරන එකයි. ඒක නොකරන තාක්කල් අපට අලින් ආරක්ෂා කරගන්න නම් බැහැ. වෙඩි වැදිච්ච අලි වෙනුවෙන් අපට හැමදාමත් කවි, දුක් ගී ලිය ලියා ඉන්නත් බෑ. නිලධාරීන්ට බණින එකේ තේරුමකුත් නැහැ. මොකද නිලධාරීන් කියන්නේ සීමිත වපසරියක ක්‍රියාත්මක වන පිරිසක්.

කළ යුතු එකම දේ තමයි මේ වෙනුවෙන් අපිම ක්‍රියාත්මක වෙන එක. අපේ මිනිස්සුන්ව අපි දැනුවත් කරන්න ඕනෙ. දැනුවත් කිරීමකින් තොරව මේ ප්‍රශ්නෙ විසඳන එක හරිම අමාරුයි. ඒ වගේම වනජීවී නිලධාරීන්ට අපි හැකි උපරිමයෙන් සහාය දෙන්න ඕනෙ. මොකද මේ සත්තු ඉන්නේ ඒ අයගේ යටතේ. ඒ නිසා අපිට ඒ අයගේ කටයුතුවලට අනවශ්‍ය ලෙස ඇඟිලි ගහන්න බැහැ. ඒක තමයි යථාර්ථය. ඒක තේරුම් අරගෙන අපි අපේ සීමාවේ ඉඳගෙන ඒ අයට උදව් කළ යුතුයි. සතා ඉන්න තැන හොයලා දෙන්න පුළුවන්, ඒ වගේ වචනෙකින් හරි ඒ අයට උදව්වක් තමයි අපි කරන්න ඕනේ.

උපුලිගේ මේ සත් ක්‍රියාවට උදව් කරන පිරිස ගැනත් මතක් කළොත්…?

අජන්ත ඉඳුරංගල මහත්මයාව මම බොහොම ගෞරවයෙන් මතක් කරනවා. අලියෙකුට කරදරයක් වුණාම එතුමා තමයි මට කතාකරලා කියන්නේ ’උපුලි ගිහින් බලන්න, මොනවද වෙන්න ඕනේ’ කියලා. අග්බෝ ඇතාට බෙහෙත් යවන්නත් එතුමා දායක වුණා. ඒ වගේම Wildlife and Nature Protection Society (WNPS) ආයතනයත් මට උදව් කරනවා. මේ පාර්ශ්ව දෙක තමයි මට මේ කටයුතු කරගෙන යන්න අත්වැල සපයන්නේ.

Nilame යූටියුබ් නාලිකාවෙනි

SendShareShare
Previous Post

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Next Post

ආනන්ද මෛත්‍රෙය හිමියන් 2023 ගැන කිව්ව දේ ඇත්තක් වෙයිද? I Sri Lanka Latest News

MORE NEWS

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News
Exclusive

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

නාමල්ගේ නිලනොලත් ජනාධිපති කට ඇරියොත් ඉවරයි! අහක ඉන්න රාජපක්ෂලාට හොඳම එකෙන් අහගන්න වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නාමල්ගේ නිලනොලත් ජනාධිපති කට ඇරියොත් ඉවරයි! අහක ඉන්න රාජපක්ෂලාට හොඳම එකෙන් අහගන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.