ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි නඩුව 2020 ජනවාරි 9 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ විශේෂ මහාධිකරණය අද (15) නියම කළේය.
කෞතුකාගාරය ඉදිකිරිමේදී රාජ්‍ය මුදල් මිලියන 33.9 ක් අවභාවිතා කළැයි හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව චෝදනා ගොනු කර තිබුණු අතර සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම නඩුව විභාගයට ගැණිනි.











