• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඔසී අහසේ කඳුලු වැටුණා..!
ජීවිතේ ගැන පුදුම හිතුණා..!
පුංචි පැටවුන් දෙන්නා එක්කම..!
තාත්තෙක් සමුඅරන් තිබුණා..!

February 8, 2022
in Exclusive, News
Reading Time: 4 mins read
A A
ඔස්ට්‍රේලියාවේදී දරුවන් දෙදෙනා මැරූ ලාංකික පියා දිවි හානි කරගෙන! මානසික අවපීඩනයෙන් සිටින බවට වීඩියෝවකුත් තියලා!
Share on WhatsAppShare on Facebook

දරුවෙක් වැඩිදුර අධ්‍යාපනයට විදෙස් ගතවන්නේ දහසකුත් බලාපොරොත්තු තියාගෙන. අනාගතයේ හොඳ රැකියාවක් ලබාගෙන යහපත් ජීවිතයක් ගතකිරීමේ බලාපොරොත්තුව ඇතිවයි ඉන්දිකත් කොළඹ උසස් පාසලකට ඇතුළත් වෙන්නට ඇත්තේ. මූලික අධ්‍යාපනයෙන් පස්සේ නන්නාදුන රටකට ගියාම දැනෙන තනිකම පාළුව දන්නේ එහෙම විදෙස්ගතවූ කෙනෙක්ම විතරක් වෙන්න පුළුවන්. ඔහුටත් පාළුව තනිකම දැනෙන්නට ඇති. මාස අවුරුදු ගණන් ගෙවිලා යනකොට ඇතිවුණු ආදර සම්බන්ධතාවත් සමග පුරවැසිභාවය අරගෙන ඒ රටේම ජීවත් වන්නට ලැබීම ඔහු භාග්‍යයක් කොට සලකන්නට ඇති. ආදරයක් ලැබෙනකොට, ජීවිතේ බලාපොරොත්තු සිහින සැබෑ වෙනකොට තම පෙම්වතිය සුදු ජාතික කාන්තාවක් වුවත් ඒ ආදරයට සීමා මායිම් නැති වෙන්නට ඇති. ඒ විදියට ගලාගිය ජීවිතයේ විවාහයෙන් පසු ඔවුන්ගෙ කැදැල්ලට පුංචි පැටව් දෙදෙනකුත් එකතු වුණාම ඔවුන්ගෙ සතුට ඉහවහා යන්නටත් ඇති. ඒ කොහොම වුණත් මේ සුන්දර කැදැල්ලේ තිබුණු සතුට සුන්දරත්වය එක් නොසිතූ නිමේෂයක බිඳී විසිරී ගියේ ආදරණීය දරු පැටවුන්ට සහ ඔහුගේ පියාට ජීවිත අහිමි කරමින්. ඔස්ටේ්‍රලියානු මාධ්‍ය වාර්තා කර තිබුණේ පර්ත් නුවර වාසය කළ හතළිස් හැවිරිදි ශ්‍රී ලාංකිකයකු තම දරුවන් දෙදෙනා ඝාතනය කර තමන්ද දිවි නසාගෙන ඇති බවයි.

මේ සිදුවීමේ කතා නායකයා, ඔහු නමින් ඉන්දික ගුණතිලකයි. මේ කනගාටුදායක සියදිවි නසාගැනීම සහ ද්විත්ව ඝාතනය සිදුවුණේ පසුගිය 31 වැනි සිකුරාදාවේ. ඉන්දික ගුණතිලක සිය දරුවන්ව නිදි යහනේදීම ඝාතනය කර, ඔහු ගරාජයේ ගෙල වැලලාගෙන දිවි නසාගෙන තිබුණා. මේ ඝාතනය පිළිබඳ පොලිසිය දැනුවත් කර තිබුණේ ඉන්දිකයේ සුදු ජාතික බිරිය විසිනුයි. මේ ඝාතනය පිළිබඳ ඉන්දිකගේ නිවෙස පිහිටි හංටිංඩේල් ප්‍රදේශවාසීන් අතිශය කම්පනයට පත්ව ඇති බවත් එරට මාධ්‍ය වාර්තා කළා.
හංටිංඩේල්හි උපසහකාර කොමසාරිස් ඇලන් ඇඩම්ස් මාධ්‍ය වෙත මෙසේ පවසා තිබුණා.

සිදු වූ දේ තේරුම් ගැනීම අතිශය දුෂ්කරයි. පවුලට සිදු වූ කම්පනය අපට සිතාගන්නට බැහැ. මරණයට නිශ්චිත හේතුවක් සොයාගන්නට යම් කාලයක් ගතවෙයි. නමුත් මට මේ අවස්ථාවේ කියන්නට පුළුවන් ද්විත්ව මිනීමැරුමක් සහ සියදිවි නසාගැනීමක් බවට මෙය තීරණය කළ හැකියි කියලයි. එසේම අපරාධ පරීක්ෂණයට සහභාගි වූ පොලිස් නිලධාරීන්ට පවා දරුවන්ව දැකීමෙන් ඇතිවූ කම්පනය දරා ගැනීමට නොහැකිව වෛද්‍ය උපදෙස් ලබාගන්නට පවා සිදුවූ බවද ඔහු පවසා තිබුණා.

ඉන්දික ගුණලක පාසල් ගියේ කොළඹ රාජකීය විද්‍යාලයට. වැඩිදුර අධ්‍යාපනය සඳහා ඔස්ටේ්‍රලියාවේ කර්ටින් විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ ඔහුට එහිදී තම සුදු ජාතික පෙම්වතිය දැන හඳුනාගන්නට ලැබෙනවා. ඔහු රාජකීය විද්‍යාලයේ ඉගෙනුම ලැබූ කාලයේ බාස්කට් බෝල් ක්‍රීඩාවට සහ කථිකත්වයට මෙන්ම ගායනයටද එක සේ දස්කම් දක්වා තිබුණා.

ඉන්දික විවාහ වෙන්නේ 2016 වර්ෂයේදීයි. ඔහුගේ බිරිය සහ බිරියගේ මවද නීති ක්ෂේත්‍රයට සම්බන්ධ රැකියාවල නිරතව සිටියා. ඔහු නගර සැලසුම් නිර්මාණයට සම්බන්ධ රැකියාවක් කළත් පසුව ඉන් ඉවත්ව තමන්ගේම ව්‍යාපාරයක නිරතව තිබුණා. මේ යුවලගේ පවුලට දරුවන් එක්වූ පසු ඔවුන්ගේ පවුල් ජීවිතය සුන්දර වන්නට වුණා. මෙලෙස සුන්දරව ගලා ගිය ඉන්දිකගේ විවාහ දිවිය 2020 සහ 2021 වර්ෂවලදී විවිධ මතගැටුම්වලින් පිරී යන්නට වුණා. දෙදෙනා අතර නිතර නිතර ආරවුල් ඇතිවන්නට වුණා. ඉන්දිකගේ සුදු ජාතික නැන්දම්මාද මෙම විවාහයට සිය විරෝධය පළකර තිබූ අතර, ඔවුන්ගේ පවුල් ප්‍රශ්නවලටද ඇය නිතර මැදිහත් වීමට පටන්ගෙන තිබුණා. මෙලෙස ඇතිවන බහින්බස්වීම්වලදී ඉන්දික තම සුදු ජාතික නැන්දම්මා සමගද රණ්ඩු සරුවල් කරගෙන තිබුණා. ඉන්දිකගේ බිරිඳ මවගේ පැත්ත ගෙන ඉන්දිකට දෝෂාරෝපණය කරද්දී ඉන්දිකට තනිවම ඒ සියල්ල දරාගන්නටයි සිදුව තිබුණේ. සිය දියණිය වෙනත් පුද්ගලයකුට විවාහ කර දීමටද ඉන්දිකගේ නැන්දම්මා යෝජනා කර තිබුණේ මේ අතරවාරයේදියි. එසේම මව සහ දියණිය එකතුවී ඉන්දිකට පහර දෙන තත්ත්වයටද මේ ආරවුල් දුරදිග ගොස් තිබූ අතර ඉන්දික ඉන් දැඩි මානසික පීඩාවකට ලක්ව තිබූ බව වාර්තා වුණා.

ගතවූ වසර දෙකක කාලය තුළ ඉන්දිකගේ බිරිය සහ ඇගේ මව එක්ව ඔවුන්ගේ දික්කසාදය සඳහා නෛතික කටයුතු සූදානම් කර තිබුණා. එසේ දික්කසාද වීමට හේතුව ලෙස ඔවුන් දක්වා තිබුණේ ඉන්දික මානසික රෝගයකින් පෙළෙන නිසා ඔහු සමග දිවි ගෙවීම අපහසු බවයි.

ඒ ‘නර්සිසිස්ට්’ කියන මානසික ව්‍යාධි තත්ත්වය බවත් ඒ නිසාම ඔහු දැඩි ආත්මාර්තකාමී පුද්ගලයකු ලෙස කටයුතු කරන බවත් ඔවුන් සඳහන් කරන්නට වුණා.

මේ ආකාරයට ඇතිවූ හැලහැප්පීම් සමග ඉන්දිකගේ ජීවිතය ගෙවීගිය අතර අවසානයේ දරුවන් දෙදෙනාගේ භාරකාරත්වය ඔහුට හිමිව තිබුණා.

ඉන්දික සියදිවි නසාගැනීමෙන් පසු ඔහු පිළිබඳ විවිධ තොරතුරු සමාජ මාධ්‍යවල පළවූ අතර, ඉන්දික සමග වසර ගණනාවක් ළඟින් ඇසුරු කළ ඔහුගේ මිතුරකු වූ කාංචන සිදුකළ ප්‍රකාශයක් ඒ අතරින් සුවිශේෂ තැනක් ගත්තා.

‘මම ඉන්දිකව අඳුනන්නේ අවුරුදු 15ක විතර ඉඳලා. මේ ඉන්දිකගේ දෙවැනි විවාහය. මේ සුදු කාන්තාව සමග ඇතිවුණු සිත් අමනාපය තමයි ඔහුගේ මානසික පීඩනය දක්වා දුරදිග ගියේ. දරුවන්ට පුදුම විදියට ඉන්දික ආදරය කළා. ඔහු මේ පීඩනය නිසා ලංකාවට ඇවිත් පූජකවරු සොයා ගියා. ලක්ෂ 20කට වඩා ඒ අයට වියදම් කළා. එහෙම කළෙ බිරිඳව යළි සමගි කරවා දෙන්න කියලා. නිතීයෙන් සරණක් නැතුව යනකොට ඉන්දික මට කිව්වා, මම තව දවස් 40යි ඉවසන්නේ. සියදිවි නසාගන්නවා කියලා. මම මේ බව ඉන්දිකගේ යාළුවන් දෙදෙනකුටත් කිව්වා. පිස්තෝලයක්, බෙහෙත් වගයක් වීඩියෝ ඇමතුම්වලින් පෙන්නලා දිවි නසාගන්නවා කියලා තියෙනවා. මම ඒ අවස්ථාවලදී ඔහුව වැළැක්වූවා. ඔහුගේ හිත හැදුවා. නමුත් දරුවෝ දෙන්නව මේ තරම් අමානුෂිකව මරයි කියලා නම් අපි කවදාවත් හිතුවේ නැහැ.’

‘මැරෙන්න දින කිහිපයකට පෙර ඉන්දික මගේ බැංකු ගිණුමට සල්ලි වගයක් දැම්මා. ඒ, ඔහුට උදව් කළ ලංකාවේ කපු මහත්වරුන්ට සහ මගේ දරුවන් දෙදෙනාට. මම ඇහුවා මොකද්ද හේතුව කියලා. එතකොට කිව්වේ මගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගිහින් තියෙන්නේ. මට මෙච්චරයි ඉතිරිවෙලා තියෙන්නේ, යුතුකමක් විදියට බෙදාදීම සිදුකළා, මම නීතියේ පිහිට පැතුවා. මම විශ්වයේ පිහිට පැතුවා. මට සාධාරණයක් වෙන්නේ නැහැ, මම කාටවත් වෛර කරන්නේ නැහැ කියලා. අවසානයේ ඔහු පැවසුවේ මම මේ දරුවෝ දෙන්නා මරාගෙන මැරුණොත් ඒ, ආදරේ වැඩිකමටයි. මම යන තැනකට දරුවෝ දෙන්නත් අරන් යන්නේ… කියලා.’

ඉන්දිකගේ මිතුරු කාංචන මෙලෙසද පවසා තිබුණා.

‘ඉන්දික මට අන්තිමටම කතාකරලා තිබුණේ මියයන්න ඉස්සෙල්ලා දවසේ, ඒ කියන්නේ 29 වැනිදා උදේ 8.30ට. ඒ කෝල් එක මට මඟහැරුණේ මම නිදාගෙන හිටි නිසා. මුදල් බෙදාදෙනකොට මගේ යටිහිතේ තිබුණා ඔහු මෙහෙම දෙයක් කරගනීදෝ කියලා. ඔහු මට දවසක් බාල්කයක් පෙන්නලා කිව්වා ‘ජීවිතය තීරණය වෙන්නේ මේ බාල්කයේ’ කියලා. ඉන්දික හරියට සිගරට් බිව්වා. දවසට පැය හතර පහ වීඩියෝ ඇමතුම්වලින් කතාකළා.’

‘ඔහු ලංකාවේ අයට ගොඩක් උදව් කළා. රෝද පුටු 300කට වඩා පරිත්‍යාග කරලා තියෙනවා. ගෙවල් නැති අයට ගෙවල් හදලා දීලා තියෙනවා. මම මාර විදියට පසුතැවෙනවා ඉන්දිකව බේරගන්න බැරිවුණු එක ගැන….’

ඒ සියලු සිදුවීම් දැන් සිදුවී අවසන්. සුරතල් දරු දෙදෙනකු සමග ඉන්දික මෙලොව හැරදා ගිහින්. ඒත් මෙවැනි කනගාටුදායක සිදුවීම්වලට හේතු වූ කරුණු එකක් නොව රාශියක්ම පැවැතිය හැකි බව ඔහුගේ කතාව අධ්‍යයනය කිරීමේදී ඕනෑම කෙනකුට පැහැදිලි වන කරුණක්. බිරියගෙන් සහ ඇගේ මවගෙන් එල්ලවූ අධික මානසික පීඩනය, ඇතැම් විට රැකියාවේ ප්‍රශ්න සේම ඉන්දික පීඩාවට පත්කළ මානසික ව්‍යාධි තත්ත්වයන් ඒ අතරින් විශේෂයි. මානසික රෝගී තත්ත්වයන් යනු සුළුවෙන් සිතා බැහැර කළ නොහැකි තීරණාත්මක කරුණක් බව අප සැම තරයේ සිහිතබා ගත යුතුයි. එවැනි තත්ත්වයකින් පසුවන පුද්ගලයන් පිළිබඳ අන් අයගේ අවධානය දැඩිව යොමුවිය යුතු බව මේ සිදුවීමෙන් අවධාරණය වන කරුණක්. ඔවුන්ට කරුණාවෙන් සැලකීම, නිරන්තරව ඔවුන් කෙරෙහි අවධානය යොමුකිරීම, අවශ්‍ය මානසික සුවතාව, ප්‍රතිකාර නොඅඩුව ලබාදීම, ආදරය, කරුණාව දැක්වීම ආදිය ඉන්දිකට ප්‍රමාණවත් ලෙස ලැබුණේ නම් ඔහු සහ දරු දෙදෙනා අදටත් සුව සේ ජීවත් වන්නට ඉඩ තිබුණා. ඔස්ටේ්‍රලියාවේ පර්ත්හි ජීවත් වන ඉන්දිකගේ මවුපියන්ද ඔහු ගැන මීට වඩා සැලකිලිමත් වූවා නම් මෙම සිදුවීම මීට වඩා යහපත් අයුරින් විසඳෙන්නට හැකියාවක් තිබුණා.

ඉන්දිකගේ සමීප මිතුරා, කාංචන ෆේස්බුක් වෙත මුදාහැර තිබූ ප්‍රකාශයකින් මෙම ලිපිය අවසන් කරන්නට අප සිතුවා.

‘ඉන්දික කියන්නේ දරුවන් දෙදෙනාට කවදාවත්ම කිසිම දුකක් නොදුන් පුද්ගලයෙක් බව මම 100%ක්ම දන්නවා. ඉන්දික අයියේ මම හිතුවේ නැහැ මෙහෙම පින්තුරයක් හදලා මල්මාලයක් දාලා තියන්න. අප අතර තිබුන සහෝදර බැඳීම ආදරය කරුණාව කොයිතරම්ද? ඔයා වෙනුවෙන් ඉතිරිව ඇත්තේ පින් අනුමෝදන් කිරීම පමණයි. ඔයා ඉල්ලූ එක උදව්වක් ඇරෙන්නට අනිත් ඔක්කොම අකුරටම ඉටුකළා. කිරිඳිවැල ප්‍රදේශයේ පෙබරවාරි 03 රාත්‍රියේ ධර්ම දේශනාවක් සහ 04 වනදා දහවල් දානයක් පැවැත්වෙනවා. ඔයාට සිදුවුණු අසාධාරණය දන්නේ මම විතරයි. ගිය දේවල් ගියා අයියේ. ඉන්න තැන හොඳින් ඉන්න….’

නිලන්ති රේණූකා

SendShareShare
Previous Post

ඩිලාන් 50 වැනියා!

Next Post

සජබෙයි මාවයි කොටවන්න දුෂ්ට මාධ්‍ය මෙහෙයුමක් යනවා! මාධ්‍ය 2ක් නම් කරයි! චම්පික විශේෂ නිවේදනයක් කරයි!

MORE NEWS

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මාලිමාවට බලය හිමි නුවරඑළි මහනගර සභාවේ අලි කචල් එකක්! මාලිමා නගරාධිපතියි නියෝජ්‍ය නගරාධිපතියි ඇරගනී! සභාවේ වෙච්ච වංචා දූෂණ වැළක් කියාගෙන යයි! සභාවේ වැරදි තියාගෙන මාධ්‍යට සද්දෙ දාන්න ලෑස්ති වෙන්න එපා! අන්තිමේදී නගරාධිපතිතුමාත් වංචාවක් වෙලා තියෙන බව පිළිගනී! PHOTOS I Sri Lanka Latest News

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News
Exclusive

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

මධ්‍යස්ථ-දරුණු විශාදයක්! පශ්චාත් කම්පන ආතති ආබාධයක්! සියදිවි නසාගැනීමේ අධි-අවදානමක්! සලේ ගැන තීන්දුවක් අද හවසට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් එනවා! I Sri Lanka Latest News

රඳවා තබා ගැනීම ජාත්‍යන්තර නීතියට පටහැනියි! ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය මුදලිගේ වෙනුවෙන් පෙරට එයි!
Exclusive

සලේ ගැන-සංගීතන් ගනේෂකුමාර් ගැන-ත්‍රස්ත පනත ගැන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වෙතින් විශේෂ නිවේදනයක්! I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!
Exclusive

රුපියල බේරගන්න මහබැංකුව ඩොලර් මිලියන 220ක් වෙළෙඳපොළට නිකුත් කරලා! තෙල් මිල වැඩි කළේ නැත්නම් රුපියල බේරගන්න බෑ! මෙන්න බය හිතෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආයෙත් යුද්ධය පටන් ගත්තා! අමෙරිකාව ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරයි! I Sri Lanka Latest News

Load More
නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මාලිමාවට බලය හිමි නුවරඑළි මහනගර සභාවේ අලි කචල් එකක්! මාලිමා නගරාධිපතියි නියෝජ්‍ය නගරාධිපතියි ඇරගනී! සභාවේ වෙච්ච වංචා දූෂණ වැළක් කියාගෙන යයි! සභාවේ වැරදි තියාගෙන මාධ්‍යට සද්දෙ දාන්න ලෑස්ති වෙන්න එපා! අන්තිමේදී නගරාධිපතිතුමාත් වංචාවක් වෙලා තියෙන බව පිළිගනී! PHOTOS I Sri Lanka Latest News

නුවරඑළිය මහ නගර සභාවේ වාර්ෂික මහා සභා රැස්වීම ඊයේ (09) උදෑසන 10.30ට ආරම්භ වී පස්වරු 12.30 දක්වා නුවරඑළිය මහ නගර...

Read more
එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

මධ්‍යස්ථ-දරුණු විශාදයක්! පශ්චාත් කම්පන ආතති ආබාධයක්! සියදිවි නසාගැනීමේ අධි-අවදානමක්! සලේ ගැන තීන්දුවක් අද හවසට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් එනවා! I Sri Lanka Latest News

රඳවා තබා ගැනීම ජාත්‍යන්තර නීතියට පටහැනියි! ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය මුදලිගේ වෙනුවෙන් පෙරට එයි!

සලේ ගැන-සංගීතන් ගනේෂකුමාර් ගැන-ත්‍රස්ත පනත ගැන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වෙතින් විශේෂ නිවේදනයක්! I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!

රුපියල බේරගන්න මහබැංකුව ඩොලර් මිලියන 220ක් වෙළෙඳපොළට නිකුත් කරලා! තෙල් මිල වැඩි කළේ නැත්නම් රුපියල බේරගන්න බෑ! මෙන්න බය හිතෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.