• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

රටටම අබිරහසක් වූ කොත්මලේ ගණිතඥයාගේ අමුතු මරණය…

September 11, 2021
in Mahawanshaya
Reading Time: 2 mins read
A A
රටටම අබිරහසක් වූ කොත්මලේ ගණිතඥයාගේ අමුතු මරණය…
Share on WhatsAppShare on Facebook

හෙළ ඉතිහාසයේ විවිධ යුගයන් හා බැඳුණු හරි අපූරු ජනප්‍රවාද රාශියක් අහන්නට දකින්නට ලැබෙනවා. එහෙම බැලුවාම ඒ ජනප්‍රවාද කතා මෙතෙකැයි කියා ගණනය කරන්නට නොහැකි තරමට අතිවිශාලයි. විවිධ රාජ සමයන්හි සිදුවූ එවැනි කතා අදටත් බොහෝ දෙනා අතර අතිශය ජනප්‍රියයි.

එලෙස රාජකීය සබඳතා හේතුකොට ගෙන ජනප්‍රිය වූ කෙනකු හැටියට කොත්මලේ ගණිතයා හඳුන්වා දෙන්නට පුළුවන්. හෙතෙම ඇසට නොපෙනෙන දෙයක් ගැන වුවද සාර්ථක අනාවැකි පැවසීමට අසාමාන්‍ය හැකියාවක් තිබූ දක්ෂ ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයකු හැටියට තමයි පිළිගැනෙන්නේ. මේ ගණිතයාගේ පරම්පරාව ගැන විවිධ රසවත් තොරතුරු ජනප්‍රවාද තුළ දක්නට ලැබෙනවා.

මේ කතා පුවත් සම්බන්ධයෙන් සොයාගෙන යද්දී ගැමුණු කුමරු කොත්මලේ ප්‍රදේශයේ සැඟවී සිටි කාලය හා සම්බන්ධව රසවත් කතාවක් කියැවෙනවා. සිය පියා සමග විරසකව රාජ මාලිගයෙන් පිටවන ගැමුණු කුමරා ගුත්තා නමින් වෙස් මාරුකරගෙන කොටගේපිටිය නම් ප්‍රදේශයට යනවා. එහි යම් කාලයක් රැඳී සිටින අතරේ ගැමුණු කුමරුගේ දක්ෂතාවන් හා හැකියාවන් වෙත ගම් පියසේ බොහෝ දෙනකුගේ සිත ඇදී යනවා. මේ නිසාම විසුරු ගෙදර ඌරු පැලැස්සේ ගම් ප්‍රධානියාගේ බාල දියණිය සමග ප්‍රේම සබඳතාවක් ඇතිකරගන්නා ගැමුණු කුමරු, ඇය හා විවාහ වී එහිම නතර වනවා. ඇය නමින් රන් මැණිකා වූවාය. ගුත්තා නමින් පෙනී සිටිමින් රන් මැණිකා හා සහයෝගයෙන් බුද්ධංගල කුඹුරු අස්වද්දන ගුත්තා නිතරම පවසා ඇත්තේ මේ කුඹුරුවල ධාන්‍ය කවදා හෝ ගැමුනු කුමරු සටනය යන කල ධාන්‍ය ලෙස සැපයීමට යොදාගන්නා බවයි.

මේ වකවානුවේ දිනපතා දහවල් ආහාරය කුඹුරට රැගෙන ඒම රන් මැණිකාගේ සිරිතයි. එසේ ගෙන එන දහවල් ආහාරය කුඹුරේ පිහිටි ගල් තලාව උඩදී ලබාගන්නා ගැමුණු කුමරු රන් මැණිකාගේ උකුලේ හිස තබා නිදාගැනීම සිදුකළේ දෛනික පුරුද්දක් ලෙසිනි. මේ අතර දිනක් ගැමුණු කුමරු අමතු සිහිනයක් දකිනවා. මේ සිහින ගැන පැරැන්ණන් අතර ඇත්තේ විවිධ මතවාදයි. ඉන් පළමු මතය නම් කුමරුගේ බඩවැල මුවින් පිටට විත් දික්වී රට වටා ගොස් නැවත උදරය තුළට පැමිණීමයි. තවත් එකකින් කියැවෙන ආකාරයට කුමරුගේ දිව මුවින් නික්ම එලෙස රට වටා ගොස් යළිත් මුව තුළටම පැමිණීමයි. තවත් තැනක කියැවෙන්නේ සිය මාපටැඟිල්ලේ මීයක් බැඳ තිබෙන ආකාරයක් කුමරු සිහිනෙන් දුටු බවයි. මේ විකාර සිහිනයෙන් කලබලයට පත්වූ ගැමුණු කුමරු ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයන් සොයා ගොස් ඇති අතර එම තැනැත්තා ‘පොන්න නැකැත්තා’ නමින් හැඳින්වූවකු බවත් පැවසෙනවා. එදා කුමුරු දුටු පොන්න නැකැත්තා ඔහු වෙනකකු නොව, අනාගතයේ තුන් සිංහලය එක්සේසත් කරන ගැමුණු කුමරු බව හඳුනාගෙන වැඳවැටී ඇති බවත් ජනප්‍රවාදයේ අපූරුවට සඳහන් වෙනවා.

එතරම් සුවිශේෂ හැකියාවක් තිබූ ජ්‍යොතිෂ ඤාණයකින් හෙබි පොන්න නැකැත්තාගේ පරපුරේ අන්තිමයා ලෙසින් හැඳින්වෙන්නේ කොත්මලේ ගණිතයායි. ගැමුණු කුමරු හඳුනාගත් නැකැත්කරු ගැනත්, කොත්මලේ ගණිතයාගෙන් පරම්පරාව ආරම්භ වීම ගැනත් හරි අපූරු රසවත් කතා ජනප්‍රවාද ඇසුරේ පැවැත එනවා. ඒ අනුව රාවණ රජ දවස නිදන් කළ රන් පුහුලක් ලබාගැනීමට පැමිණි තෙළිඟු බ්‍රාහ්මණයකුගෙන් මේ පරපුර පැවැත එන බවත් පැවැසෙනවා. මොවුන්ගේ නම්වල ‘පොන්න’ යන වචනය යෙදී ඇත්තේ ‘පොන්’ යන්න රත්තරන් යන අර්ථයට සමාන වචනයක් ලෙසිනි. ඒ අනුව ‘රන් නැකැත්තා’ යන්න එයින් කියැවෙන බවයි පැවැසෙන්නේ.

කෙසේ නමුත් මේ කොත්මලේ ගණිතයාත් විශේෂ දක්ෂතා රාශියකින් හෙබි ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයකු හැටියටයි ඉතිහාසයේ සඳහන් වෙනනේ. ඔහු සියවස් ගණනාවකට පෙර එනම් කීර්ති ශ්‍රී රාජසිංහ රජ දවස තම ජ්‍යොතිෂ ඤාණයෙන් අනාගතය බලා කවදා හෝ කොත්මලේ ජලාශයක් ගොඩනැගෙන බව පවසා ඇති බවත් සඳහන් වෙනවා. ඒ, 1782ටත් පෙරයි.

මේ අතිදක්ෂ ජ්‍යොතිෂවේදියාගේ අවසානය පිළිබඳවද සුවිශේෂ කතා පුවතක් කියැවෙනවා.

රාජාධිරාජසිංහ රජු සමයේ රජුට හරි අපූරු අදහසක් පහළ වෙනවා. තමන් කරන හැම දේකටම ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයන්ගේ සේවය ලබාගත්තත් ඔවුන්ගේ දැනුම කෙබඳුද යන්න තමන් හැරි හැටි නොදැන සිටීම නොගැළපෙන නිසා ඔවුනගේ දැනුම පරීක්ෂා කිරීමට රජුට සිතෙනවා. ඒ සඳහා විශාල ලබු ගෙඩියක් රැගෙන එහි ඇට ප්‍රමාණය පිළිබඳ සිය ශෘස්ත්‍රඥයන්ගෙන් විමසීමට රජු කටයුතු කරනවා. මෙහිදී ඔවුන් විවිධ අදහස් දක්වන අතර, එම ප්‍රමාණය අතර නැළියක ප්‍රමාණයට ඇට, අට නැළියක් තරම් ඇට ආදී වශයෙන් ප්‍රමාණ දැක්වුණත් කොත්මලේ ගණිතයා වසා ඇත්තේ ලබු ගෙඩියේ ඇට තුනක් පමණක් ඇති බවත්, ඉන් ඇට දෙකක් පුහු බවත්ය. මේ තරම් විශාල ලබු ගෙඩියක ඇත්තේ ඇට තුනක් පමණක් බව පැවසීම තමාට කළ විහිළුවකැයි සිතූ රජු තරමක කේන්ති ගත්තත් ඒ බව නොපවසා ලබු ගෙඩිය කපා බලන්නට අණ කරනවා. එහෙත් ලබු ගෙඩිය කැපූ පසු දක්නට ලැබී ඇත්තේ එහි ඇට තුනක් පමණක් ඇති බවත්, ඉන් ඇට දෙකක් පහු බවයි.

මෙය රජුගෙන් තාන්න මාන්න ගෞරව ලැබිය යුත්තක් වුවද අනෙකුත් නක්ෂත්‍රකරුවන්ගේ කේලාම් අසන රජු කොත්මලේ ගණිතයාගේ හිස ගසාදැමීමට අණ කරනු ලබන්නේ කිසිවකු නොසිතූ ආකාරයටයි.

මේ අනුව එම මොහොතේ තත්කාලයත්, තම ජන්ම වේලාවත් සසඳා බලන්නට කොත්මලේ ගණිතයා කටයුතු කරන්නේ කිසිදු කලබලයකින් තොරවයි. එතැන් පටන් පැය තුනකට පසුව සිය ආයු කාලය අවසන් වන බව ජ්‍යොතිෂ විද්‍යානුකූලව හඳුනාගන්නා මේ අතිදක්ෂ ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයා, වධකයාගේ කඩු පහරින් මියයනවාට වඩා තම ආයුෂ අවසන් වීමෙන් පැය තුනකට පසු මියයෑම වටිනා බව සිතා කවියකින් ඉල්ලීමක් කරන්නට කටයුතු කරනවා. එම කවිය ජනප්‍රවාදයේ සඳහන් වන්නේ මෙලෙසිනි.

සත් අවුරුද්දක් වසිනා වැස්සේ බිංදු ගණන් කරලා දෙඤ්ඤං
සත් අවුරුද්දක් ගිය කක්කුන්ඩකුගේ කකුල් ගණන් කරලා දෙඤ්ඤං
අබ තුන් පෑලක් මැනලා දුන්නොත් පියලි ගණන් කරලා දෙඤ්ඤං
තව තුන් පැයකට නොමරා සිටියොත් මෙතුන් පදේ මං තෝරා දෙඤ්ඤං

කවිය ඇසූ රජුගෙන් කොත්මලේ ගණිතයාට පැය තුනක සහන කාලයක් ලැබුණු බවත් එම කාලය අවසන් වෙත්ම ආයුෂ නිමවීමෙන් කොත්මලේ ගණිතයා නම් ඒ මහා ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයා මියපරලොව ගිය බවත්, ඉන් රජු ඇතුළු පිරිස විමතියට පත්වූ බවත් ජනප්‍රවාදයේ සඳහන් වෙයි.

කෙසේ නමුත් තම ජීවිතය වධකයාගේ කඩු පහරින් අවසන් වෙනවාට අකැමැති වූ මේ සුවිශේෂ ශාස්ත්‍රඥයා තමාටම වස් කවියක් කියාගෙන පැය තුනකට පසු දිවියෙන් සමුගත් බවත් ඇතැම් ජනප්‍රවාදයන්හි පැවැසෙනවා.

මේ කුමන ආකාරයට ජීවිතයෙන් සමුගත්තද ‘කොත්මලේ ගණිතයා’ තවමත් ජන සමාජය තුළ ජ්‍යොතිෂ ශාස්ත්‍රය පිළිබඳ විශ්වාසය ගොඩනංවා තබන්නට සමත් වූ ප්‍රබල චරිතයක් බව නම් කිව යුතුමය.

කුමාර රත්නායක

SendShareShare
Previous Post

දැවැන්ත විරෝධයකට ලෑස්ති වෙන්න! ජවිපෙ අනතුරු අඟවයි!

Next Post

රජය කිව්වා…! අපි ෆයිසර් හම්බන්තොට යැව්වා! (VIDEO)

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.