• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දැවැන්ත විරෝධයකට ලෑස්ති වෙන්න! ජවිපෙ අනතුරු අඟවයි!

September 11, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
දැවැන්ත විරෝධයකට ලෑස්ති වෙන්න! ජවිපෙ අනතුරු අඟවයි!
Share on WhatsAppShare on Facebook

කොවිඩ් වසංගතය හමුවේ වසර එක හමාරකට අධික කාලයක් පීඩාවට පත්ව සිටින ජනතාව තව තවත් පීඩාවට ලක්කරමින් භාණ්ඩ මිල ඉහළ දැමීමේ ආණ්ඩුවේ තීන්දුව හකුළා ගෙන ජනතාවට සහන ලබා දීමට කටයුතු කළ යුතු බවත් එසේ නොකරන්නේ නම් ආණ්ඩුවට එරෙහිව ගොඩනැගෙන දැවැන්ත විරෝධයට මුහුණ දීමට සූදානම් වන්නැයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මේ අදහස් ප්‍රකාශ කරනු ලැබූවේ එම පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය. මාධ්‍ය හමුවේ පළකළ සම්පූර් අදහස් පහතින්….

ආණ්ඩුවක් කළ යුතුව තියෙන්නේ වසංගත තත්වයක් තුළ ජනතාවට සහන දීමයි. නමුත් ආණ්ඩුව ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල දරාගන්න බැරි තරම් ඉහළ යන්න ඉඩ ඇරල තිබෙනවා. සාමාන්‍ය ජනතාවට ජීවත් වීමට ඉතාම අසීරු වෙලා. ඒ නිසා වහාම ජනතාවට සහන ලබාදිය යුතුයි කියලා බල කරන්න සිදුවෙනවා. කොරෝනා තත්වය නිසා ජනතාවගේ හඬ නගන්නවත් බැරිවෙලා තියෙන්නේ. සියලුම පීඩාවන් නිවාසවලට වෙලා දරාගන්න සිදුවී තිබෙනවා. ඒ නිසා අපි ආණ්ඩුවට බලකර සිටිනවා අත්‍යවශ්‍ය ආහාර සහ ඖෂධ මිල අඩු කරන්න කියලා. වර්තමාන ආණ්ඩුවබලය ගත්තේ සුරංගනා කතා ගොඩක් කියලයි. බඩුමිල අඩු කරන හැටි, මුදල් හොයන හැටි දන්නවා කියලා පම්පෝරි ගැහුවා. නමුත් දැන් අත්‍යවශ්‍යම ද්‍රව්‍යවල මිල පාලනය කරන්නවත් මැදිහත් නොවෙනවා නම් ඒක මොන ආණ්ඩුවක්ද? ව්‍යාපාරිකයන්ට ලාභ ලබාදීම සඳහා කටයුතු කරනවා මිස පොදු ජනතාවට සහන ලබා දෙන්නේ නැහැ. මෙය ඉතාමත්ම අසාධාරණ තත්වයක්. කොරෝනා පිට දාලා ආණ්ඩුවට ගැලවෙන්න බැහැ. බඩු මිල ඉහළ යාම පාලනය නොකිරීමේ වගකීම ආණ්ඩුව බාරගත යුතුයි.

ජනතාවට පහසුකම් සලසනවා කියලා බලය ගත්තු ආණ්ඩුවේ බරත් ජනතාවට දරන්න වෙලා තියෙන්නේ. බඩු මිල වැඩි වෙන්නේ ඒ නිසා. අත්‍යවශ්‍ය ආහාරවල ඉඳලා සබන්, දත් බෙහෙත්, ඖෂධ හැම භාණ්ඩයකම මිල වැඩිවෙලා තියෙන්නේ. වැඩිවීමේ නතර වීමක් නැහැ. ආණ්ඩුව මැදිහත් වී කිසියම් පාලනයක් කළ යුත්තේ මේ නිසයි. ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයාට විධායක බලය, තුනෙන් දෙකේ බලය සහ 20 සම්මත කරලා ගත්තු බලය යොදවලා භාණ්ඩ මිල පාලනය කරන්න බැරිවෙලා. මේ අවුරුද්දේ ජනවාරි මාසයේ පොල්තෙල් ලීටරයක් රු. 480යි. දැන් 655 දක්වා වැඩිවෙලා. සීනි බදු සහන දීලා වංචා කළා වගේම පොල් තෙල්වලටත් වංචා කළා. ඒ අතර විෂ පොල්තෙල් ඇවිත් හිඟයක් ඇතිවෙලා මිල වැඩි කළා. විෂ පොල්තෙල්වලට සිදුවුණු දෙයක් කිසි කෙනෙක් දන්නේ නැහැ. ඒ වගේම ජනවාරි මාසයේ රු. 180ට තිබුණු පරිප්පු 260 දක්වා වැඩිවෙලා. ජනාධිපතිතුමා ජාතිය අමතලා රු. 65ට දෙනවා කිව්ව පරිප්පු මිල මේ තරම් වැඩිවෙලා. සීනි රු. 85 ඉඳලා 220 දක්වා විතර වැඩිවෙලා. සීනි හැංගූ ව්‍යාපාරිකයන්ගෙන් සල්ලි දීලා ආණ්ඩුව මිලට ගත්තා. 85ට තිබුණු සීනි දැන් රු. 130ක් වෙලා. වියළි මිරිස්, හාල් මැස්සන් කරවල, අර්තාපල්, වගේ සියලුම අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල වේගයෙන් වැඩිවෙලා. ඊට අමතරව ගෑස් හිඟයක් නිර්මාණය කර රු. 363කින් මිල වැඩි කරන්න අවසර දුන්නා. තෙල් මිලත් වැඩි කළා. හැබැයි ජනතාවගේ ආදායම් වැඩිවෙන්නේ නැහැ. අත්‍යවශ්‍ය ඖෂධ මිලත් වැඩිවෙන්න ඉඩ ඇරලා. අගෝස්තු 19වැනිදා ගැසට් පත්‍රයක් කෙහෙලිය රඹුක්වැල්ල මහතා ගහලා තිබුණු මිලටත් වඩා ඖෂධ මිල වැඩිවෙන්න අවස්ථාව ලබාදුන්නා. මේකෙන් සිදුකළේ උපරිම මිලක් නියම කර තියෙන මිලටත් වඩා වැඩි කර දීමයි.

මේ අතර ශ්‍රී ලංකා මහබැංකුව සැප්තැම්බර් 09වැනිදා නිකුත් කළ නිවේදනයකින් හදිසි නොවන භාණ්ඩ, අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ කියලා නම්කළ ලයිස්තුවක් තියෙනවා. මේ භාණ්ඩ ආනයනය කිරීමේදී ණයවර ලිපි විවෘත කරන්න සම්පූර්ණ මුදලම බඳින්න ඕනෑ. මුලදී අත්තිකාරම් මුදලක් ගෙවා භාණ්ඩ ගෙනාවට පස්සේ සම්පූර්ණ මුදල ගෙවන්න හැකියාව කලින් තිබුණා. විදේශ විනිමය හිඟයක් තිබෙන නිසා මේ වගේ පැලැස්තර විසඳුම් යොදනවා. මේ නිසා භාණ්ඩ හිඟයක් වගේම තිබෙන භාණ්ඩවල මිල ගණන් ඉහළ යාමත් සිදුවෙනවා. මේ නිවේදනයෙන් දක්වා තිබෙන භාණ්ඩ ලයිස්තුවේ ජංගම දුරකතන වැනි කෝවිඞ් තත්වය හමුවේ අත්‍යවශ්‍ය දේවල් පවා තිබෙනවා. අධ්‍යාපන කටයුතු ලබන්න, ගෙදර ඉඳලා රාජකාරී කටයුතු කරන්න අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. මේ වෙලාවේ දරුවන්ට උගන්වන්න ඕනෑ කරන ජංගම දුරකතන පවා මේ ලැයිස්තුවට දාලා තියෙනවා. මේ නිසා හිඟයක් ඇතිවී මිල වැඩි වීමෙන් සාමාන්‍ය ජනතාවට ගන්න බැරි තත්වයක් ඇතිවෙනවා. කොවිඞ් තත්වය හමුවේ හුමාලය අල්ලන්න අත්‍යවශ්‍ය වෙන ජලය උණු කරන උපකරණ පවා මේ ලැයිස්තුවට ඇතුළත් කර තිබෙනවා. ඒ වගේම යට ඇඳුම් වැනි දේ ඇතුළත් කිරීමෙන් ආණ්ඩුව හාස්‍යයට ලක්වී තිබෙනවා. ආණ්ඩුව සහ ආණ්ඩුව වෙනුවෙන් කඬේ ගිය අයට නම් ඇඳුම් ගැන ප්‍රශ්නයක් නැහැ. ආණ්ඩුව වගේ අනෙක් අයත් රෙදි නැතිව ඉන්නවා කියලා හිතනවා ඇති.

ආරථිකය හැසිරවීම සඳහා දැක්මක්, වැඩපිළිවෙළක් නැහැ. සියලු නිෂ්පාදන මාර්ග දුර්වල කරලා කොල්ලකාරී ආර්ථිකය ක්‍රියාත්මක කරනවා. අපේ රට සතුව තිබුණු කර්මාන්ත විශාල ප්‍රමාණයක් විනාශ වෙන්න ඇරියා. නැත්නම් විකුණා දැම්මා. මේ නිසා ආදායම් මාර්ග ඇහිරී ණයට කාලා ජීවත් වෙන්න පුරුදු කළා. ඒ ණය ගෙවාගන්නවත් බැරි තත්වයක් දැන් තියෙන්නේ. ආදායම් උත්පාදනය නොකිරීමේ ප්‍රතිඵලයක් හැටියට මේ ණය ගෙවන්න රජයේ ආදායමට වඩා වැඩි මුදලක් වැය වෙනවා. වැරදි අර්ථික ප්‍රතිපත්ති විසින් මුදල් අච්චු ගහමින් බඩුමිල වැඩිවීමට තවත් අනුබල දී තිබෙනවා. රට තුළ නිපදවන වැඩපිළිවෙළකුත් නැතිව පිටින් ගේන එකත් නැවැත්වුවාම භාණ්ඩ හිඟයක් ඇතිවී මිල විශාල වශයෙන් වැඩි වෙනවා. අනවශ්‍ය වියදම් අඩුකර, ණය ගැනීම සීමා කර නිෂ්පාදනය වැඩි කරන කිසිම වැඩපිළිවෙළක් නැහැ. අතීසාරයට අමුඩ ගහනවා වගේ දවස ගෙවාගන්න මොනවා හරි කරනවා. මේ නිසා ප්‍රශ්නය තව තවත් වැඩිවී ජනතාව විශාල වශයෙන් පීඩාවට පත්වෙනවා. ආණ්ඩුවක වගකීම අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සාධාරණ මිලකට පොදු ජනතාවට ලබා දීමයි. නමුත් ආණ්ඩුව වටේ ඉන්න ජාවාරම්කරුවන් කිහිප දෙනෙකුට සිනි බද්ද, පොල්තෙල් බද්ද, ඖෂධ උපරිම මිල නියම කිරීම ඇන්ටිජන් කිට් ගෙනත් ජාවාරම් කරන්න ඉඩ දීම වගේ ක්‍රියාමාර්ගවලින් අසීමිත ලාභ ලබන්න අවස්ථා ලබාදෙනවා. රටට ආදායම් මාර්ග ගේන ව්‍යාපාරිකයින් පවා ඉතාම අසීරු මට්ටමකට වැටී ණයවර ලිපි විවෘත කර ගැනීමට පවා නොහැකිව ඉන්නවා.

මිල පාලනය කරන්න හැකියාව තිබියෙදී පවා නොකර සිටීමෙන් ජනතාව විශාල වශයෙන් පීඩාවට පත්වී ඉන්නවා. ආණ්ඩුවට ඡන්දය දීපු අවංක බොහෝ දෙනා දැන් ආණ්ඩුව අත්හැරලා තියෙන්නේ. මේ සියලු දෙනාම එකතුවී ජනතාවට සහන ලබාදෙන්න කියලා හඬක් නැගිය යුතුව තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණ හැටියට අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පාලනය කිරීම වෙනුවෙන් හඬ නගන ලෙසයි. අපි ඒ වෙනුවෙන් ආණ්ඩුවට දිගටම බල කරමින් ඉන්නවා. අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල වහාම අඩු නොකරන්නේ නම් දැවැන්ත තමහජන විරෝධයකට මුහුණ දෙන්න සූදානම් විය යුතු වෙනවා. ආණ්ඩුවේ මුග්ධ, තකතීරු ආර්ථික ප්‍රතිපත්ති නිසා ඇතිවන අර්බුද ජනතාව මත පටවන්න එපා. කොවිඞ් හමුවේ කැපකිරීම් කරන්න පටන් ගන්න ඕනෑ ආණ්ඩුව ඇතුළෙන්මයි. නමුත් මහ බැංකුවේ අධිපතිකම කරන්න බලාගෙන ඉන්න ඇමතිවරයා තමන්ගේ විශ්‍රාම වැටුප රු. ලක්‍ෂ ගණනකින් ලබාගන්න කටයුතු කළා. ආණ්ඩුවේ පිඟන්වලට ඇති තරම් බෙදා ගනිමින් ජනතාවට කන් හැඳිවලින් බෙදනවා. කැපකිරීම් කරලා රට වෙනස් කරන්න නම් පාලකයෝ ඒ ආදර්ශය දෙන්න ඕනෑ. එහෙම නොකර ජනතාවට පටි තද කරගන්න කියන එකේ තේරුමක් නැහැ. ජනතාව හැම පැත්තකින්ම කැපකිරීම් කරමින් ඉන්නේ.

ඒ අතර අපි ජනතාවට අවධාරණය කරන්නේ දැන් තියෙන අර්බුදයට පැලැස්තර විසඳුම් නැති බවයි. මැජික්වලින් විසඳන්න බැරි බවයි. අපේ රටේ පවත්වාගෙන යන ආර්ථීක සහ දේශපාලන වැරදි ප්‍රතිපත්ති වෙනස් කරන්න ඕනෑ. ජාවාරම්කාර අතළොස්සක් මහජන මුදල් ගසාකන, ඒ සල්ලිවලින් ආණ්ඩුව යැපෙන සහ ආණ්ඩුවේ පිරිසක් යටිමඩි ගහගන්න කොල්ලකාරී ආර්ථිකය වෙනුවට නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනගන්න ඕනෑ. ඒ ආර්ථිකයේ ප්‍රතිලාභ ප්‍රාජාතන්ත්‍රවාදීව, සාධාරණව බෙදාහරින ක්‍රමයක් ඕනෑ. ඒ වගේම මහජන සේවකයක් බවට පත් කරගත් දේශපාලන සංස්කෘතියක් ඕනෑ. ඒ හැර එක නායකයෙක් වෙනුවට තව නායකයෙක් ගෙන එන ක්‍රමය වෙනස් කර බරපතළ සමාජ ආර්ථික වෙනසක් සිදුකරන්න අධිෂ්ඨාන කරගත යුතු වෙනවා. ඒ සඳහා ජනතාවට විශ්වාස කරන්න පුළුවන් බලවේගය ජනතා විමුක්ති පෙරමුණයි. ඒ වටා එකතු වෙන්න කියලා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම ආණ්ඩුව අත්‍යවශ්‍ය භාණ්ඩවලට ජනතාවට සහන නොදේ නම් දැවැන්ත විරෝධයකට මුහුණ දෙන්න ලැහැස්ති වෙන්න කියලා අපි ආණ්ඩුවට කියනවා.

SendShareShare
Previous Post

මහින්ද-ශිරන්ති ඉතාලියට ගොඩබැහැලා! (PHOTOS)

Next Post

රටටම අබිරහසක් වූ කොත්මලේ ගණිතඥයාගේ අමුතු මරණය…

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.