මැද පන්තියට අක්කර 50ක්
වර්ෂ 1932 ජනවාරි මස 16 වැනි දින විශේෂ වෙනසක් සමාජය තුළ සිදුකෙරිණි. ඒ අනුව එතෙක් කාණ්ඩ පහකට බෙදා තිබූ සමාජය කාණ්ඩ තුනකට බෙදීම සිදුවිය. ඉන් මධ්‍යම පන්තියට අයත් පිරිසට කැලෑ ඉඩම් අක්කර 50ක් ලබාදීමට රජය කටයුතු කරන ලදී. එම තීරණය රාජ්‍ය මන්ත්‍රණ සභාව මගින් අනුමත කෙරුණේ 1932 පෙබරවාරි මාසයේදීය.
කුණු තේවලට තහනමක්
කුණු සහිත තේ කොළ විදෙස් රටවලට යැවීමෙන් මෙරට තේවලට ඇති වටිනාකම පහළ වැටීමෙ අවදානම තේරුම් ගත් පාලකයන් මුල්ම වරට එනම් 1932 වසරේදී රාජ ආඥාවක් නිකුත් කරන්නට කටයුතු කළේය. එම ආඥාවට අනුව කුණු සහිත තේ පිටරටවලට යැවීම සම්පූර්ණයෙන්ම නතර කිරීමට හැකියාව ලැබිණි.
1934 ඇරැඹි පොල් ප්‍රදර්ශනය
1934 මැයි මස 24 දින සිට ඇරැඹි සමස්ත ලංකා පොල් ප්‍රදර්ශනය දින කිහිපයක් පුරා පැවැතිණි. ලංකාවේ නිපදවුණු පොල් සම්බන්ධ නොයෙක් රස කැවිලි, අත්කම් ගෙත්තම් ආදිය මෙම ප්‍රදර්ශනයට ඇතුළත්ව තිබූ අතර, එය රටේ පොල් නිෂ්පාදනය දිරිමත් කරන්නට සමත් සුවිශේෂ අංගයක් ලෙස හඳුන්වාදීමට හැකිය.