• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

වලව් පෙළපතේ ආරක්ෂාවට හදාගත්තු මහා වාඩියේ නඩු තීන්දු…

June 17, 2021
in Mahawanshaya
Reading Time: 3 mins read
A A
වලව් පෙළපතේ ආරක්ෂාවට හදාගත්තු මහා වාඩියේ නඩු තීන්දු…
Share on WhatsAppShare on Facebook

වලව්වේ ඩිංගිරි අප්පොලාට මහතැන්වලට විශේෂ නීති…
කුල දූෂණවලට දැඩි දඬුවම්…

අතීතයේ ගැමියා සරල සුන්දර ජීවිතයක් ගත කළද එකල බොහොමයක් ගම් දනව් තුළ රදළ පෙළපතේ අණසක පැතිරී තිබුණා. එහෙමත් නැත්නම් ගමේ බහුතරයක් ගැමියන් සියලු කටයුතු සිදුකළ යුතුව තිබුණේ වලව්වේ ඇත්තන්ගේ මනාපයට අනුවයි. මේ තත්ත්වයට සමානම දැඩි කොන්දේසි සහිත යටහත් පහත් ජීවන රටාවක් වලව් පෙළපතේ කාන්තාවටද උරුමව තිබූ බව අතීතය දෙස බැලීමේදී හඳුනාගත හැකියි. එම කාන්තාවට අද මෙන් බහුතරයක් වරප්‍රසාද ලැබී තිබුණේ නැත. ඇය නිතරම වලව්වේ මූලිකයා නැතහොත් ප්‍රධානියාගේ වචනයට යටහත් පහත්ව ජීවත් විය යුතුව තිබිණි. එසේම වලව්වේ සියලු කාන්තාවන් පවුලේ ප්‍රධානියාගේ තීන්දුව අවිවාදයෙන් පිළිගත යුතුය.

උඩරට රාජධානිය අවසන් වුවද මෙරට වලව් සම්ප්‍රදායන් හැබැරව නොගිය හෙයින් ඒවා එලෙසම පැවැතිණි. එම වලව් සම්ප්‍රදායන් තුළ වලව්වේ ප්‍රධානියා හැඳන්වූයේ බණ්ඩාර හාමුදුරුවන් ලෙසිනි. එසේත් නැතහොත් ලොකු හාමු යනුවෙනි. බණ්ඩාර හාමුගේ බිරිය වලව්වේ මහතැන්, දියණිවරු ඩිංගිරි අප්පොලා ලෙස හැඳින්විණි. පිරිමි දරුවන් පුංචි අප්පොලා ලෙසින් හෝ පුංචි හාමු ලෙසින් හැඳින්විණි.

මේ බොහොමයක් වලව් යටතේ අක්කර සිය ගණනක නින්දගම් පැවැති අතර නින්දගමේ වාසය කරන ජනතාව සහ වලව් අතර පැවැති සම්බන්ධතා සියල්ලම පාහේ රදළ පෙළපතේ ප්‍රයෝජනයට වාසියට සකස් වී තිබූ ඒවාය. එහිදී බණ්ඩාර අප්පෝ අතින් නින්දගම්වාසී කාන්තාවක ඕනෑම මොහොතක ගැබ්බර විය හැකි අතර, ඊට එරෙහිව කොතැනකවත් කතා කිරීමට තීන්දු තීරණ ගැනීමට හැකියාවක් එම වැසියන්ට ලැබී නැත. එසේම නින්දගම්වාසී පිරිමියකු අතින් වලව්වේ මහතැන් කෙනකු හෝ ඩිංගිරි අප්පෝ කෙනකු ගැබ්බර වීමක් කිසිදු අයුරකින් සිදු නොවිය යුතු දෙයක් සේ සැලකිණි.

එවැනි දෙයක් සිදුවීම කුල දූෂණයක් සේ සලකා අදාළ වලව්වාසී ස්ත්‍රියට දඬුවම් පැමිණවීමේ ක්‍රමවේදයක් එවකට පැවැතිණි. එවැනි සිදුවීමකදී මහා වාඩියේ අසන නඩු වාරයකින් පසු ඩිංගිරි අප්පෝ වලව්වෙන් පිටමං කිරීම හෝ නෙරපා දැමීමට තීන්දු කෙරේ. මෙලෙස නඩු අසන රදළයන්ගේ රැස්වීම සබරගමුවේදී මහ වාඩිය ලෙසින් නම් කෙරුණද, නුවර කලාවියේදී මෙම තීන්දුව ගන්නා රදළයන්ගේ රැස්වීම හඳුන්වා ඇත්තේ වරිග සභාව ලෙසිනි.

මහ වාඩියේ මුලසුන ගන්නේ පළාතේ ප්‍රධානියා වන දිසාවේ කෙනකු හෝ රටේ රාළ කෙනකු හෝ බස්නායක නිලමේ කෙනකුය. යම් වලව්වක කුල දූෂණයක් වී ඇති බවට මහ වාඩියට පැමිණිල්ලක් ලැබුණු විගස සෙසු රදළයන් මහ වාඩියට කැඳවා නඩු ඇසීම සිදුකෙරෙයි. එලෙස අසනු ලබන නඩුවක තීන්දුවකින් වරදකාරිය වන තැනැත්තියක වලව්වෙන් නෙරපා දැමීමට තීන්දු කෙරුණහොත් ඇය පන්නා දමන තුරු එම වලව්වට තොවිල් තහංචිය පැනවෙයි. තොවිල් තහංචියක් යනු වලව්වක ඇත්තන්ට ඉතා අමිහිරි කාලසීමාවකි.

තොවිල් තහංචියක් පැනවූ දා සිට වලව්වේ අයට කිසිම නිවෙසකින් ගින්දර ලබාගත නොහැකිය. එය නීති විරෝධීය. කිසිම පොදු නාන මංකඩකින් දිය නෑම කළ නොහැකිය. කිසිම රදළයකුගේ මරණයකට, විවාහ කටයුත්තකට සම්බන්ධ විය නොහැකිය. එමෙන්ම කිසිම රදළයකුට ඔවුන් සමග කිසිදු ගනුදෙනුවක් සිදුකළ නොහැකිය.

අක්කර සිය ගණනක් සහිතව ඉතා උජාරු ජීවිතයක් ගතකළ වලව් පැලැන්තියේ අයකුට මෙවැනි කාලසීමාවක් පැනවීම යනු නින්දගම්වාසී ජනයා අතර ඔවුන්ව හාස්‍යයට ලක්වීමටද හේතුවකි. මෙතරම් තදබල බරපතළ තීන්දුවක් ගැනීම මගින් වලව් පැලැන්තියේ අයකු රදළයකු හැර වෙනත් අයකු සමග ආවාහා විවාහ සිදුකිරීම වළක්වාලීමට කටයුතු කර ඇත.

රදළ පවුලක තරුණියක ගැබ්බර විය යුත්තේ රදළ පවුලක පිරිමියකු අතින්මය යන්න එකම තීන්දුව වූ නිසාත්, එය කඩකිරීම තුළින් තම පවුලම කොන් කිරීමක් සිදුවන බව දන්නා නිසාත් වලව්වාසී තරුණියන් සෙසු තරුණයන්ගෙන් දුරස් කර තැබීමට රුකුලක් වී ඇත. ඉහත තීන්දුවට අවනත නොවන තරුණියක වේ නම් ඇයට මාගම් සෝලි පැනවීම සාමාන්‍ය සිරිතය. එවිට එතැන් සිට පියාගේ වාසගම භාවිත කිරීමේ අයිතිය අහිමි වෙයි. අවසන් තීන්දුව කුමක් වුවත් ඒ ඒ තීන්දු අනුව සිදුකෙරෙන තවත් කාර්ය ගණනාවකි. ඒ අනුව යම් තරුණියක රදළ නොවන පෙම්වතා සමග යන්නට තීන්දු කළහොත් ඇයව පිටමං කර යළි තම කුල අයිතිය ලබාගන්නට පනම් යනුවෙන් හඳුන්වන තවත් රැස්වීමක් කැඳවීම සිදුවේ.

පනම් පහ රැස්වීම අමුතුම එකකි. එයට නින්දගමේ වෙසෙන විවිධ කුලවල ප්‍රධානීහුද ආරාධනා ලබති. පනම් පහේ පිරිස ලෙස ඔවුහු සැලකෙති. ඒ වලව්වට විවිධ සේවා සපයන පිරිස්වල එකතුවකි. මෙම රැස්වීමට ඉහට උඩු වියන් සහ පයට පාවඩ දැමීම, එම වලව් හිමියන් විසින් කළ යුතුව තිබේ. රදළ නොවන පිරිසකට වියන් බැඳීම හා පාවඩ දැමීම යනු වලව් පැලැන්තියේ අයට වචනයෙන් කිව නොහැකි දඬුවමකි.

රැස්වීමට, අදාළ පෙම් යුවලටද ආරාධනා කරන අතර එහිදී ඇගේ කැමැත්ත විමසා ඇය පිටමං වීමට කැමැත්තේ නම් නෙරපීමේ ආඥා පනත කියවා පියාගේ වාසගම් භාවිතයට තහංචි දමා පිටමං කෙරේ. ඒ මොහොතේ ඇයගෙන් පොරොන්දු පත්‍රයකට අස්සන් ගැනීමද සිදුවන අතර අදාළ වලව්වට දඩයක්ද නියම කෙරේ. ඉන් අනතුරුව තොවිල් තහංචි ඉවත් කිරීම සිදුකෙරෙන අතර ඒ ගැන ලියැවුණු ලියැවිල්ල රටේ රාළට භාරදී වලව්ව සියලු තහංචිවලින් නිදහස් කෙරේ.
– කුමාර රත්නායක

SendShareShare
Previous Post

දිඹුලාගල පුදබිමේ පිටසක්වළ ගනුදෙනු…

Next Post

රනිල් අපිව රැවැට්ටුවා! ජෝන් කුපිත වෙයි! (AUDIO)

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
රඳවා තබා ගැනීම ජාත්‍යන්තර නීතියට පටහැනියි! ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය මුදලිගේ වෙනුවෙන් පෙරට එයි!
Exclusive

සලේ ගැන-සංගීතන් ගනේෂකුමාර් ගැන-ත්‍රස්ත පනත ගැන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වෙතින් විශේෂ නිවේදනයක්! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා රජය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කිරීමට පෙර පොරොන්දු වී තිබුණ ද, එම පනත යටතේ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම...

Read more
ඩොලරය 330ට යයි!

රුපියල බේරගන්න මහබැංකුව ඩොලර් මිලියන 220ක් වෙළෙඳපොළට නිකුත් කරලා! තෙල් මිල වැඩි කළේ නැත්නම් රුපියල බේරගන්න බෑ! මෙන්න බය හිතෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News

ආයෙත් යුද්ධය පටන් ගත්තා! අමෙරිකාව ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරයි! I Sri Lanka Latest News

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

මෙහෙම දක්ෂකම් තියෙන නායකයෙක් වෙන පක්ෂෙක ඉන්නවාද? මේ විදිහට තමාගේ නායකයාව මාකට් කරන්න දන්නේ ප්‍රසාද් විතරමද? අනිත් අය නොකර ඉන්නේ ඉරිසියාවට? කුහකකමට? නැත්නම් දේශපාලනේ නොදන්න කමටද? VIDEO I Sri Lanka Latest News

අනුර දිනලා සජිත් පැරදුණ හේතුව සජබ ගම්පහ මන්ත්‍රී ප්‍රසාද් හරියටම කියයි! මාලිමාව ඕන බොරුවක් ඇත්ත කරන විදිහ මෙන්න! අදටත් සජබය ඉන්නේ පසුපසින්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.