ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය
ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණ පක්ෂයේ පසුගිය දිනවල සිදු වූ ප්‍රතිසංවිධානයත් සමඟ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ආසන සංවිධායකවරයා වශයෙන් අභිනවයෙන් පත් වූ අභීත රත්නායක වැඩ ආරම්භ කිරීමේ අවස්ථාවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බදුල්ල දිස්තික් නායක දේනුක විදානපතිරන , රත්නපුර දිස්ත්‍රික් නායක ජානක වක්කුඹුර , ගම්පහ දිස්ත්‍රික් නායක ඉන්දික අනුරුද්ධ යන එහි හිටපු අමාත්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් හිටපු අමාත්‍ය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සීබී රත්නායකගේ ප්‍රධානත්වයෙන් (11) වලපනේදී පැවැත්වින .Sri Lanka Latest News
ඉදිරි ජනාධිපතිවරණයේ නාමල් රාජපක්ෂ ඉදිරියෙන් කියන එක සියලු සමීක්ෂණ වර්තා වලින් හෙලි වෙලා තියෙන පසුබිමක නාමල් රාජපක්ෂට නුවරඑළියේ ශක්තිය දෙන්න අභීත රත්නායකව දේශපාලනය වෙනුවෙන් ජනතාවට බාර දීම වෙනුවෙන් මේ රැස්වීම සංවිධානය කර බව සීබී රත්නායක රැස්වීම අමතමින් ප්‍රකාශ කලේය ,
ඡන්ද ලක්ෂ දෙකහමාරවට පොදු ජනපෙරමුණ වැටුන අවස්ථාවක පක්ෂයට ශක්තිය දුන් නාමල් රාජපක්ෂ මහතා මීළඟ ජනාධිපති කරවීමේ රැල්ල නුවරඑළියෙන් අරඹන ගමනක් ආරම්භ කරන බවත් සීබී රත්නායක මහතා මෙහිදී ප්‍රකාෂ කලේය ,
ඉන් පසුව නව සංවිධායකවරයාට සුභ පැතුම් එකතු කරමින් බදුල්ල දිස්තික් නායක දේනුක විදානපතිරන , රත්නපුර දිස්ත්‍රික් නායක ජානක වක්කුබුර , ගම්පහ දිස්ත්‍රික් නායක ඉන්දික අනුරුද්ධ යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවර්න් සභාව ආමන්ත්‍රණය කල අතර වත්මන් රජයේ වැරදි අඩුපාඩු පිළිබදවද අදහස් දැක්වීය .




























