• About us
  • Contact us
Sunday, July 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තොටගමුවේ රාහුල හිමියන් දිවිනසා ගත්තාද?

January 31, 2022
in Exclusive, Mahawanshaya
Reading Time: 2 mins read
A A
තොටගමුවේ රාහුල හිමියන් දිවිනසා ගත්තාද?
Share on WhatsAppShare on Facebook

එදා මෙදාතුර කාලයේ තොටගමුවේ රාහුල හිමියන් අතිශය ප්‍රසිද්ධ හිමි නමකි. මෙරට පමණක් නොව විදේශයන්ගේද උන්වහන්සේ පිළිබඳ විවිධ කතාබස් ඇතිවී තිබේ. ඇතිවෙමින් තිබේ. ඇතැම් විට තවත් වසර දහස් ගණනක් යන තුරුත් උන්වහන්සේ ගැන ලොව පුරා බොහෝ පිරිසක් කතාබස් කරනු ඇත.

ඊට ප්‍රධාන හේතුවක් වෙයි. ඒ, උන්වහන්සේගේ නොදිරන සිරුරයි. එය අදටත් ඉන්දියාවේ ගෝවේහි කෞතුකාගාරයක ආරක්ෂිතව තැන්පත් කර තිබෙන බවයි පැවැසෙන්නේ. එම සිරුර දකින බොහෝ දෙනකු මවිතයට පත්වන්නේ වසර ගණනාවක් ගියද තවමත් නොදිරා තිබීමේ රහස නිසාමය.

රාහුල හිමියන්ගේ සිරුර නොදිරා තිබීම ගැන ජනප්‍රවාදයේ විවිධ කතා ඇසෙමින් තිබේ. ඒ අතරින් යම් විශ්වාසයක් තැබිය හැකි පුවත වන්නේ උන්වහන්සේ සිද්ධාලෝක රසය නමැති බලගතු තෙල් වර්ගය පානය කිරීම නිසා මරණයෙන් පසුවද සිරුර නොදිරා තිබෙනවාය යන විශ්වාසයයි.

එම විශ්වාසය හා බැඳෙන තවත් සැකයක් වෙයි. එනම්, උන්වහන්සේ සිද්ධාලෝක රසය තෛලය පානය කළේ දිවි නසාගැනීමේ අරමුණ ඇතිවද, නැතහොත් වෙනත් කාරණාවකටද යන්නයි. එමෙන්ම උන්වහන්සේගේ සිරුර පසු කාලයේ හමුවී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අම්බන ඉඳුරුගිරි ලෙනෙනි.

කෝට්ටේ යුගයේ තොටගමුවේ විජයබා පිරිවෙනේ වැඩසිටි රාහුල හිමියන් පසුකාලීනව කිසිවකුට ඇස නොගැටී අප්‍රසිද්ධව වැඩවාසය කිරීමට සිතා ඉඳුරුගිරි ලෙනට ගිය බවයි පැවැසෙන්නේ. එසේ උන්වහන්සේ තීරණය කර ඇත්තේ යම් සිත් රිදීමක් නිසාද, නැතහොත් වෙනත් හේතුවකටද යන්න පැහැදිලි නැතත් එසේ ගොස් සිටියදී සිද්ධාලෝක රසය තෛලය පානය කර අපවත් වූවාද එසේ වූවා නම් එය දිවි තොරකරගැනීමක්ද යන්නත් ජනප්‍රවාද ඇසුරේ සැක කළ හැකි කාරණයකි.

එමෙන්ම උන්වහන්සේ කුඩා කල සිට ගුරු හිමියන් සතු බලගතු තෛලයක් වැඩි මාත්‍රාවකින් පානය කර සිටි හෙයින් මෙලෙස සිරුර නොදිරනවාය යන්න තවත් මතයකි. කෙසේ නමුත් බොහෝ ජනප්‍රවාද ඔස්සේ ඉතා පැහැදිලි වන කාරණයක් වන්නේ තොටගමුවේ රාහුල හිමියන් අවසන් කාලයේ අම්බන ඉඳුරුගිරි ලෙනේ වැඩවාසය කළ බවයි.

එමෙන්ම පෘතුගීසි සමය වන තුරුත් නොදිරා තිබූ මේ සිරුර ගැන දැනගත් පෘතුගීසි සෙන්පති ෆ්‍රැන්සිස් ෂාවියර් තම භට පිරිසක් සමග ගොස් උන්වහන්සේගේ සිරුර රැගෙන ගිය බවත් සිරුර නොදිරා තිබීමේ හාස්කම නිසා එය ඔවුන්ගේ පූජකයකුගේ බව හැඟවීමට ඊට සුදුසු ඇඳුමක් අන්දවා ගෝවේ ප්‍රදේශයට ගෙන ගොස් තැන්පත් කළ බවත් ජනප්‍රවාද ඇසුරේ හෙළිවේ.

උන්වහන්සේගේ සිරුර හමුවූ ඉඳුරුගිරි ලෙනේ තිබී ඇඳක් තැබුවා යැයි සැක කළ හැකි ගල් ආධාරක හතරක් හමුවී ඇති අතර, එලෙස පිහිටි ප්‍රදේශයට පහළ කුඹුරු යායක තිබී කෝට්ටේ යුගයට අයත් ඇඳක කොටසක්ද හමුවී තිබේ. මේ සියලු කාරණා අනුව පැහැදිල වන්නේ නිසැකවම රාහුල හිමියන් ඉඳුරුගිරි ලෙනේ වැඩවාසය කර ඇති බවත්, උන්වහන්සේ අපවත්ව ඇත්තේද එහිදීම බවත්ය. ඒ අනුව උන්වහන්සේගේ මරණය ගැනද සාධාරණ සැකයක් ඇතිවන්නේය. අවසන් කාලය අප්‍රකටව සිටීමට තීරණය කිරීමත් සිද්ධාලෝක රසය තෛලය පානය කිරීමත් එම සැකයට හේතුපාදක වන්නේය.

කුමාර රත්නායක

SendShareShare
Previous Post

මරණය ගැනත් කේන්දරෙන් දැනගන්න…

Next Post

HNB FINANCE වෙතින් “Gold Plan” නමින් නව මූල්‍ය සේවාවක්…

MORE NEWS

සීබී පැත්තකට වෙයි! පුතා මෝලම් ගහලා නුවරඑළියෙන් වැඩ පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සීබී පැත්තකට වෙයි! පුතා මෝලම් ගහලා නුවරඑළියෙන් වැඩ පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News

වීවලට හරි මිලක් පොහොර ඉල්ලා රට වටේම ආණ්ඩුවට එරෙහිව ගොවියො පාරට බහිද්දී  ලාල්කාන්තලා-නාමල් කරුණාරත්නලා මාලිමාවෙ ගොවියො ටිකක් කොළඹට ගෙන්නලා සාකච්ඡා කරලා! ඇත්ත ගොවියන්ට යකා නැගලා! මීට පස්සේ ඔය සෙල්ලම් නම් දාන්න එපා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලාල්කාන්තයි නාමල් කරුණාරත්නයි අයින් කරන්න! කෘෂිකර්ම ඇමැතිකම ජනාධිපතිම බාරගන්න! නුවරඑළිය ගොවීන්ගෙන් යෝජනාවක්! I Sri Lanka Latest News

ත්‍රි’මලේ මොරවැව ප්‍රාදේශීය සභාව මාලිමාවට! පොහොට්ටුව දෙවැනි තැනට! VIDEO I Sri Lanka Latest News
Exclusive

කඩයමොට්ට සමූපෙ ඡන්දයේ ගුටි කෙළියක්! කැරලි මර්දනයෙනුත් එයි! ජංජාල ගොඩක් මැද මාලිමාව පරදා පොහොට්ටුව බලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News

ලංකාවෙන් තවත් වාර්තාවක්! ට්‍රැෆික් අතින් ලෝකයේම 3..! ආසියාවෙන් 1..! I Sri Lanka Latest News
Exclusive

ලංකාවෙන් තවත් වාර්තාවක්! ට්‍රැෆික් අතින් ලෝකයේම 3..! ආසියාවෙන් 1..! I Sri Lanka Latest News

පත්තරෙන් නිවුස් දැනගෙන – ෆේස්බුක් එකෙන් නිවුස් දැනගෙන අනේ ඉතින් අපි රට හදමු…! Sri Lanka Latest News
Exclusive

පත්තරෙන් නිවුස් දැනගෙන – ෆේස්බුක් එකෙන් නිවුස් දැනගෙන අනේ ඉතින් අපි රට හදමු…! Sri Lanka Latest News

නගරාධිපතිකම නෑ! ඡන්දෙත් නෑ! ඒත් රෝසි දිගටම නගරාධිපති නිල නිවෙසේ! ලයිට් බිල් ආණ්ඩුවෙන් ලක්ෂ ගණනින් ගෙවනවා! අල්ලස් කොමිසමට බරපතළ පැමිණිල්ලක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

රෝසිගෙන් ප්‍රශ්න කරන්න ජනාධිපති කොමිසම ලෑස්තියි! 17 එන්න කියයි! I Sri Lanka Latest News

Load More
සීබී පැත්තකට වෙයි! පුතා මෝලම් ගහලා නුවරඑළියෙන් වැඩ පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සීබී පැත්තකට වෙයි! පුතා මෝලම් ගහලා නුවරඑළියෙන් වැඩ පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News

ආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණ පක්ෂයේ පසුගිය දිනවල සිදු වූ ප්‍රතිසංවිධානයත් සමඟ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ආසන සංවිධායකවරයා වශයෙන්...

Read more
වීවලට හරි මිලක් පොහොර ඉල්ලා රට වටේම ආණ්ඩුවට එරෙහිව ගොවියො පාරට බහිද්දී  ලාල්කාන්තලා-නාමල් කරුණාරත්නලා මාලිමාවෙ ගොවියො ටිකක් කොළඹට ගෙන්නලා සාකච්ඡා කරලා! ඇත්ත ගොවියන්ට යකා නැගලා! මීට පස්සේ ඔය සෙල්ලම් නම් දාන්න එපා! VIDEO I Sri Lanka Latest News

ලාල්කාන්තයි නාමල් කරුණාරත්නයි අයින් කරන්න! කෘෂිකර්ම ඇමැතිකම ජනාධිපතිම බාරගන්න! නුවරඑළිය ගොවීන්ගෙන් යෝජනාවක්! I Sri Lanka Latest News

ත්‍රි’මලේ මොරවැව ප්‍රාදේශීය සභාව මාලිමාවට! පොහොට්ටුව දෙවැනි තැනට! VIDEO I Sri Lanka Latest News

කඩයමොට්ට සමූපෙ ඡන්දයේ ගුටි කෙළියක්! කැරලි මර්දනයෙනුත් එයි! ජංජාල ගොඩක් මැද මාලිමාව පරදා පොහොට්ටුව බලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

ලංකාවෙන් තවත් වාර්තාවක්! ට්‍රැෆික් අතින් ලෝකයේම 3..! ආසියාවෙන් 1..! I Sri Lanka Latest News

ලංකාවෙන් තවත් වාර්තාවක්! ට්‍රැෆික් අතින් ලෝකයේම 3..! ආසියාවෙන් 1..! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.