• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

ගාල්ලෙ අතුර පාරක යන රියදුරු නැති වාහනයක්…

September 17, 2021
in Mahawanshaya
Reading Time: 1 min read
A A
ගාල්ලෙ අතුර පාරක යන රියදුරු නැති වාහනයක්…
Share on WhatsAppShare on Facebook

මේ ගාල්ල ප්‍රධාන නගරයට සැතපුම් හතළිහක් පමණ දුරින් පිහිටි තරමක් හුදෙකලා ප්‍රදේශයකි. වේලාව රාත්‍රී දහය පසුවී විනාඩි 32ක් ගතවී තිබිණි. පරිසරය මුළුමනින්ම අඳුරුය. හතරමං හන්දියට නුදුරින් තැනක පමණක් විදුලි එළියක් දැල්වෙමින් තිබිණි. ඒ අසලම පිහිටි බස් නැවතුමේ සිටියේ එකම එක පුද්ගලයෙකි. හෙතෙම මාර්ගයේ දකුණු දිශාවට නිතර නිතර දෙනෙත් යොමුකර බැලුවේ වාහනයක සේයාවක් හෝ මතුවේදැයි සැකයෙනි.

විඩාබර බවකුත්, අවිනිශ්චිත බවකුත් ඒ මුහුණ මත ඇඳී තිබිණි. අත රැඳි ඔරලෝසුවේ මුහුණත පරීක්ෂා කළ ඔහු අදහස අත්හළ අයකු සේ මාර්ගයට බැස ගත්තේ පාගමනින් අරමුණට යනවා යැයි සිතාගෙනය.

හතරමං හන්දිය පසුකරන්නට ඔහුට ගතවූයේ විනාඩි කිහිපයකි. කෙමෙන් කෙමෙන් තමන් සිටි ස්ථානය දුරස් වෙද්දී විදුලි එළියද දුරස් වී අඳුරින් පිරි පරිසරය ඔහුට හමුවිය. ඒ අඳුර අතරේ බොහෝ දුරක් සෝදිසියෙන් ගමන් කළ ඔහුට යළිත් ඈතින් පෙනෙන විදුලි ආලෝකයක් නෙත ගැටිණි. ඒ මාර්ගයේ ඈත කෙළවරිනි. එම ස්ථානයට යන්නට තවත් සෑහෙන කාලයක් ගතවේ යැයි සිතමින් හෙතෙම පය ඉක්මන් කළේය. එහෙත් ඒ ඇසිල්ලේ තමාට පිටුපසින් මාර්ගයට වැටුණු විදුලි එළිය වාහනයක බව හඳුනාගත් ඔහුගේ මුහුණේ සිනාවක් ඇඳුණේය. ඔහු සීරුවට නතරවී ආපසු හැරී මාර්ගය දෙසට අත දිගු කළේය. වාහනය ඔහු අසලම නැවතිණි. ඉදිරිපස වීදුරු වසා තිබුණද පිටුපස දොර ඉබේටම ඇරුණේය. වෑන් රථය ඇතුළත සිටියකු එම දොර අරින්නට හෝ නැතහොත් ස්වයංක්‍රීයව ඇරෙන්නට ඇතැයි සිතූ හෙතෙම ඊට ගොඩවූයේ තමාට යන්නට ඕනෑ තැනද කියමිනි. එයින් පසු දොර යළිත් වැසී ගියේය. ඇතුළත පිටුපසට වන්න යාන්තම් ආලෝකය ඇති ලා නිල් පැහැති විදුලි පහන් එළියක් පමණක් තිබිණි. ඉන් වාහනය තුළ මහා ගුප්ත බවක්ද තිබුණේය. අලුත්ම පොලිෂ් හෝ තීන්ත වර්ගයක සුවඳට සමාන සුවඳක් ඉන් වහනය වෙමින් තිබිණි. ඉදිරිපස ආවරණය කර තිබූ හෙයින් රියැදුරු අසුන හෝ ඒ අවට කිසිවක් පෙනුණේද නැත. රියැදුරු අසුන අසල කිසිදු ආලෝකයක් තිබුණේද නැත. වෙනත් වෑන් රථවල මෙන් එහි කිසිදු මීටරයක හෝ විදුලි එළියක් පෙනෙන්නට නොවීය. වාහනයට නැඟගත් පසුව වුවද එහි එන්ජිමේ හඬ නොඇසුණු හෙයින් පෙර කී පුද්ගලයා යම් කුතුහලයකින් වටපිට බැලුවේය. ගතට දැනුණු තද සීතල ගතිය වාහනයේ වායුසමීකරණයේ සීතල යැයි සිතුවද එතරම් තදින් සීතල වැඩි කරගෙන ඒ රාත්‍රියේ රියැදුරු කෙලෙස ඉවසා සිටිනවා දැයි ඔහු සිතුවේය.

කිසිදු කතාබහක් නැතිවම සිය ගමනාන්තයට එද්දී වාහනය අදාළ ස්ථානයේ ඉබේටම නතර විය. ඔහු දොර හරින්නට අගුලට අත තබද්දීම දොර විවර විය. බිමට බැසගත් හෙතෙම රුපියල් සීයක් සාක්කුවෙන් අතට ගෙන රියැදුරු අසුන පැත්තට යද්දී වාහනය සෙමින් ඉදිරියට ඇදී ගියේය. බිමට බැසගත් පුද්ගලයා නැවත වාහනය දෙස බැලුවද එය පෙනෙන්නට තිබුණේද නැත. බොහෝ දුරට ඉදිරියට පෙනෙන මාර්ගයේ එතරම් ඉක්මනින් වාහනය නොපෙනී ගියේ කෙසේදැයි සිතමින් ඔහු සිය නිවෙසට ගියද එදින එළිවෙනතුරුම ඔහුගේ සිතට එම සිදුවීම ගැන යම් අමුත්තක් දැනුණේය.

පසු දින මාර්ගයට පැමිණ, අසල කඩයේ මුදලාලි සමග තමා ලද අත්දැකීම පැවසුවේ යම් විස්මයක්ද අඟවමිනි. ඔහු පැවසූ වේලාවේ තමන්ද අවදිව සිටි බව කී කඩ හිමියා එවැනි වාහනයක හඬක් හෝ නොඇසුණු බවත්, අඳුරේ කවුරුන් හෝ යනවා ඇසුණු බවත් පැවැසුවේය.

මෙලෙස එම ප්‍රදේශයේ කිහිප දෙනකුටම මෙම අද්භූත වාහනය හමුවී ඇති අතර ඒ සියල්ලන්ටම ඉන් ප්‍රවාහන පහසුකම්ද ලැබී තිබිණි. ප්‍රදේශයේ බොහෝ දෙනකු අතර මේ පුවත ප්‍රසිද්ධ වූ අතර, ඇතැම් තරුණ පිරිස් එක්ව සැලසුම්සහගතව එක් තරුණයකු හෝ තරුණියක පාරේ තනිව තබා සැඟවී බලා සිටියද එවන් දිනවල මෙම වාහනය පැමිණ තිබුණේද නැත.

තවත් දිනෙක මාර්ගයේ ගමන් ගනිමින් සිටි අයකුගේ රන් මාලය කඩාගෙන දිව යමින් සිටි පුද්ගලයකු මෙම වාහනයට නැග තිබේ. පසුව සොරාව රැගෙන ගිය වාහනය පොලිසිය අසල සොරාව බස්සවා ඇති බවත්, අන්ද මන්දව ඒ මේ අත බලමින් සිටියදී එම තරුණයා පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බවත්, එහිදී සොරකම පිළිබඳ දැනගෙන ඇති බවත් ප්‍රදේශයේ කතාබහක් පැතිර ගියේය.

කෙසේ නමුදු කාලයක් පුරා එම ප්‍රදේශයේ මම අද්භූත වෑන් රථය සැරිසරා ඇති අතර, එහි රියැදුරකු නොමැති බවටත්, ඇතුළත විදුලි එළි නොමැති බවටත් කා අතරත් කතාබහක් විය. මෙය එම ප්‍රදේශයේදී කලකට ඉහතදී අනතුරකට ලක්ව රියැදුරු මියගිය වාහනයක් බවද ඇතැමුන් අතර විශ්වාසයක් විය. ඇතැම් විට අද වුවද හිටි හැටියේ මෙම අද්භූත රථයේ උදව්ව කෙනකුට ලැබෙන්නට හැකියාව ඇතැයි ප්‍රදේශයේ ජනයා අතර විශ්වාසයක් වෙයි.

සත්‍ය කතාවක් ඇසුරිනි
නම්ගම් සියල්ල මනඃකල්පිතය
කුමාර රත්නායක

SendShareShare
Previous Post

එළාර පරදා විජයග්‍රහණය සනිටුහන් කළ දුටුගැමුණු රජුගේ ජය සංඛයට මොකද වුණේ?

Next Post

ලබන මාසය වෙනකම්ම ඇඳිරිනීතිය දික් වෙයි!

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.