• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

සේනා දළඹුවන් මර්දනයට පිළියම්

February 28, 2021
in Mahawanshaya
Reading Time: 1 min read
A A
සේනා දළඹුවන්  මර්දනයට  පිළියම්
Share on WhatsAppShare on Facebook

සේනා දළඹුවා, Spodoptera frugiperda යන විද්‍යාත්මක නමින් හැඳින්වෙන සලඹයාගේ කීටයාය. එම කෘමියාගේ නිජබිම උතුරු සහ දකුණු ඇමෙරිකාවේ නිවර්තන සහ අර්ධ නිවර්තන කලාපීය රටවල්ය. එම රටවල්වල බඩඉරිඟු වගාවලට හානි කරන ප්‍රධාන පෙළේ පළිබෝධයෙකු ලෙස සේනා දළඹුවා සලකනු ලබයි. එහෙත් මෙම දේශයන්හි විවිධ පාරිසරික සාධක සහ වගාවන් සඳහා භාවිතා කරන කෘෂි තාක්‍ෂණික ක්‍රම නිසා මෙම කෘමියාගෙන් සිදුවන හානිය සාර්ථකව පාලනය වේ.

2016 පටන් මෙම පළිබෝධය නිජබිමෙන් බැහැරව රටවල් කිහිපයකටම ව්‍යාප්ත වී ඇත. ඝානාව, සූඩානය, රුවන්ඩාව වැනි අප්‍රිකානු රටවල්වලද චීනය, ඉන්දියාව, පාකිස්ථානය, නේපාලය, බංග්ලාදේශය, ලංකාව සහ තායිලන්තය ඇතුළු ආසියානු රටවල් කිහිපයකද බඩඉරිඟු වගාවන්ට විශාල තර්ජනයක් එල්ල කරමින් සිටී.

සේනා දළඹු ප්‍රහාරයට ලක් වූ මහ කන්නයේ වගා කරනු ලැබූ බඩඉරිඟු වගාවන් රාශියක් ලංකාවේ බොහෝ තැන්වල දැනට පවතී. පෙබරවාරි මාසේ මැද භාගයේ අස්වනු නෙළනු ඇත. මෙම පළිබෝධය නිසා පාඩු සිදු වී ඇත්නම් වන්දි ලබා දෙන බවට රජය විසින් දැනටමත් දන්වා තිබේ.

පළිබෝධ ගහනය අස්වැන්න නෙලූ පසුවත් වගා ක්ෂේත්‍රය තුළ පවතී. මෙම පළිබෝධයන්ගේ විවිධ අවස්ථා විනාශ නොකළහොත් සුහුඹුලන් බිහි වී වෙනත් බෝග මතට පිවිසීමට ප්‍රවණතාවයක් ඇත. දිනකට කිලෝමීටර් 100ක් වුවද පියාසර කිරීමේ හැකියාව සුහුඹුලන්ට ඇත. ඔවුන්ගේ සංඛ්‍යාව බිඳ හෙළීමට ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද?

අස්වනු නෙළීමෙන් පසු ඉතිරි වන බෝග කොටස් පිලිස්සීමෙන් සේනා දළඹු බිත්තර සහ කීට අවස්ථාද, සුහුඹුලන්ද විනාශ කළ හැකිය. එහෙත් මෙයින් සිදුවන වායු දූෂණය නිසා මෙය අනුමත කළ නොහැක.

ගොයම් පිදුරු පිලිස්සීමෙන් මෑතකදී නවදිල්ලියේ සිදු වූ වායු දූෂණය මෙයට උදාහරණයකි.
ගිනි තබා විනාශ කිරීම වෙනුවට භාවිත කළ හැකි විකල්ප ක්‍රමයක් USAID මගින් SOLID ව්‍යාපෘතිය හරහා හඳුන්වාදී තිබේ. මෙම පරිසරහිතකාමි “සයිලේජ්” නිෂ්පාදනය නමින් හැඳින්වෙන ක්‍රියාවලිය මගින් වගා ක්ෂේත්‍රයේ ඉතිරි වන ශාක කොටස් අගනා ගව ආහාරයක් බවට පරිවර්තනය කරනු ලැබේ. ක්ෂේත්‍රය තුළදීම ශාක කොටස් කැබලි කරන යන්ත්‍ර උපකරණයක් දැන් ලංකාවේම නිෂ්පාදනය කරනු ලැබේ. ඉන් පසු මෙම කොටස් මලුවල අසුරා නිර්වායු ජීවී ක්‍රමයක් මගින් “සයිලේජ්” බවට පරිවර්තනය කරනු ලැබේ. මෙම තාක්‍ෂණය ඉතා සරලය. එය ගොවීන් විසින් තනි තනියම කළ නොහැකි නම් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමෙන් පහසුවෙන් කළ හැකිය. මෙමගින් බඩඉරිඟු ශාක කොටස්වල රැඳී සිටින සියලුම පළිබෝධ අවස්ථා විනාශ කළ හැකිය. ඉන්පසු නොපමාව වගා ක්ෂේත්‍රයේ සීසෑමෙන් එහි පස තුළ රැඳී සිටින පිලවුන්, පක්ෂීන් සහ වෙනත් විලෝපකයින්ගේ භක්‍ෂණයට යොමු කළ හැකි වේ “සයිලේජ්” ගව ආහාරය කිරිගොවීන්ට විකිණීමෙන් ගොවීන්ට ආදායමක් ලබා ගත හැකිය.

බඩඉරිඟු වගා කරන විට සේනා දළඹුවාගෙන් සිදුවන හානිය අවම කර ගැනීමට යොදාගත හැකි තවත් ක්‍රමයක් ඇත. එනම් බඩඉරිඟු ශාකයම උගුල් බෝගයක් ලෙස භාවිතා කිරීමය. මෙයට ගොවි මහතුන්ගේ සහයෝගය ඉතා අත්‍යාවශ්‍ය වේ.

මෙම ක්‍රමය සාර්ථක වීමට නම් යම් ක්ෂේත්‍රයක් තුළ වගා කරන සියලුම ගොවීන් කාෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නිර්දේශ කරන ලද කාලසටහනට අනූව බීජ සිටුවිය යුතුය.

උගුල් බෝග ක්‍රමයේ යොදා ගන්න උපක්‍රමය මෙසේ නිර්දේශ කර ඇති බීජ සිටුවීමේ දිනට දවස් 30කට පමණ කලින් වගා ක්ෂේත්‍රය තුළ අහඹු ලෙස තෝරා ගන්නා කුඩා බිම් කැබැලි කිහිපයක බඩඉරිඟු බීජ සිටුවනු ලැබේ. සේනා දළඹු සුහුඹුලාට බඩඉරිඟුවලට ඇති තදබල ආකර්ශනය නිසාත් ඔවුන්ගේ දුර පියාඹීමේ හැකියාව නිසාත් වගා ක්ෂේත්‍රය අවට සැරිසරන බිජුබර ගැහැණු සළබයින් මෙම කුඩා ක්ෂේත්‍ර තුළ වැඩෙන බඩඉරිඟු පැළ මතට පතිත වී බිත්තර දහස් ගණනක් පත්‍ර මත තැන්පත් කරනු ඇත. සති 4කට පමණ පසුව පළමුවන පළිබෝධ පරම්පරාවේ කීටයින් මෙම කුඩා ක්ෂේත්‍ර තුළ දැකගත හැකිය. එවිට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් නිර්දේශ කරන කෘමි නාශකයක් මෙම කුඩා ක්ෂේත්‍රවලට යොදා ඔවුන්ගේ ගහනය විශාල වශයෙන් විනාශ කළ හැකිය. එවිට මහා පරිමාණයේ වගා කරන බඩඉරිඟු බෝගයට පතිතවන සේනා දළඹු සලබයින්ගේ සංඛ්‍යාව අවම කර ගැනීමට හැකි වේ.

ආචාර්ය අයිවෝ ප්‍රනාන්දු

SendShareShare
Previous Post

සේනා මැඩලන්න රජය ගනු ලැබූ වැඩපිළිවෙළ ක්‍රිස්බ්‍රෝ ඇගයුමට

Next Post

අලියාන්ස් ලංකා, මීගමුව දිස්ත්‍රික් මහ රෝහලට සිය සහාය දක්වයි

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.