• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

සිරිපා ගමනේ නොඇසූ තොරතුරු

December 21, 2019
in Mahawanshaya
Reading Time: 1 min read
A A
සිරිපා ගමනේ නොඇසූ තොරතුරු
Share on WhatsAppShare on Facebook

2019 වර්ෂයේ අවසානම පොහොය වූ උඳුවප් පුර පසළොස්වක පොහොය පසුගිය 11 වැනිදා දිනට යෙදී තිබිණි. ඒත් සමඟම අපේ බෞද්ධ ජනතාව ඇඟිලි ගනිමින් බලා සිටි තවත් විශේෂ යමක් ආරම්භ විය. ඒ සිරිපා කරුණාවයි. ඒ අනුව එළැඹීමට නියමිත 2020 වර්ෂයේ වෙසක් පුර පසළොස්වක පොහෝ දින දක්වා සිරිපා කරුණා සමය මාස පහක් පුරාවට පැවැත්වෙයි. සබරගමු පළාතේ සලකුණ යනුවෙන් හඳුන්වන ශ්‍රී පාදස්ථානය තිබෙන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ මධ්‍යම කඳුකරයේය. එහි උස ප්‍රමාණය වන්නේ උසින් මීටර් 2243 කි. සප්ත කන්‍යා කඳුවැටියෙන් වටවී තිබෙන ශ්‍රී පාදය හෙවත් සමනොළ කන්ද මේ තරමටම ජනතාවගේ වැඳුම් පිදුම් ලබන්නේ එහි ඇති බුදුන් වහන්සේගේ වම් සිරි පතුලේ සටහන නිසාය. නමුත් අපි අද කතාබහ කරන්නේ සිරිපා කරුණාවත් සමඟ බැඳී ඇති චාරිත්‍ර වාරිත්‍ර සමුදාය ගැනය.

සිරිපා කරුණාවත් සමඟ බැඳී ඇති චාරිත්‍ර වාරිත්‍ර සමුදාය ගැන කතා කිරීමට පෙර සිරිපතුලෙහි අයිතිය ගැන ඇති විශ්වාසයන් පිළිබඳව කතා කළ යුතුය. ඒ අනුව බෞද්ධ ජනතාව එක හෙළාම ප්‍රකාශ කරන්නේ මෙහි පිහිටා ඇත්තේ බුදුන් වහන්සේගේ සිරි පතුලම බවයි. එහෙත් දෙමළ ජනතාව විශ්වාස කරන්නේ එහි ඇත්තේ ශිව දෙවියන්ගේ සිරි පතුල බවයි. එනිසා එම ජනතාව මෙය හඳුන්වන්නේද “ශිවන්මලි පාදම්” යන නමිනි. මරක්කල ජනතාව හෙවත් මුස්ලිම් ජනතාව ශ්‍රී පාදයේ ඇති සිරි පතුල ආදම්ගේ බවට විශ්වාස කරන අතර ඔවුන් එය “ආදම් මලෙයි” මෙන්ම “බබා මලෙයි” ලෙස හඳුන්වයි. මීට අමතරව විදේශ ජාතිකයන් මෙම ශ්‍රී පාදය හෙවත් සමනොළ කන්ද “ඇඩම්ස් පීක්” ලෙසින් හඳුන්වයි.

ශ්‍රී පාදස්ථානයේ ඇති සිරිපතුලේ විශේෂත්වයක් වන්නේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් එකක් වන “සුපතිට්ඨිත” පාදයන් මෙම සිරි පතුලේ සටහන්ව තිබීමයි. එනම් මනාව මසින් වැඩුණු එක සමානව ඇති ඇඟිලි පිහිටීමයි. එහි විළුඹ ප්‍රදේශය දිගුය. එමෙන්ම බුද්ධ සිරි පතුල මුළුමනින්ම පොළොවේ ස්පර්ශ වෙන බවද පැවසෙයි. එය මහා පුරුෂ ලක්ෂණයකි. එමෙන්ම එහි දස දහසක් වූ නිම් වළලු මත එකසිය අටක් වෙන මංගල ලකුණු පිහිටීමද විශේෂත්වයකි. මේ අතර ශ්‍රී පාදස්ථානය වන්දනාමාන කරන ගාථාවක්ද තිබේ. එහි අර්ථය දෙස බැලීමේදී පෙනෙන්නේ සිරිපා ලකුණ ලෝකයේ ස්ථානයන් හතරක පිහිටුවා තිබෙන බවයි. ඒ නර්මදා නදී තීරයේත්, තායිලන්තයේ සච්ච බද්ධ නම් පර්වතයේත්, අරාබියේ මක්කම නගරයේත්, ලංකාවේ ශ්‍රී පාදස්ථානයේත්ය. එම ගාථාව පහත පරිදි වෙයි.

යං නම්මදාය නදියා පුලිනේ ච තීරේ
යං සච්ච බද්ධගිරිකේ සුමනා ච ලග්ගේ
යං තත්ථ යෝනකපුරේ මුනිනෝ ච පාදං
තං පාද ලාංචන මහං සිරසා නමාමි

මීළඟට අප පවසන්නේ සිරිපා කරුණාවත් සමඟ බැඳී ඇති චාරිත්‍ර වාරිත්‍ර සමුදාය ගැනය. ඒ අනුව ඉතා පුරාණ කල පටන් සිරිපා වැඳීමට සමනොළ කඳු නැඟීම සිංහල බෞද්ධයන්ගේ සිරිතක් විය. එවකට සිටි රජ දරුවන් සිරිපා කඳු මුදුනට නඟින මාර්ගය සකසා එහි යනෙන වන්දනාකරුවන්ට පහසුකම් සැපයූ බවටත් සඳහන් වෙයි. සිරිපා කරුණා කිරීම උඳුවප් පෝය දිනට ආරම්භ වී ඊළඟ වෙසක් පෝය දක්වා පමණක් යෙදී තිබෙන්නේද එක් හේතුවක් නිසාය. ඒ හේතුව වන්නේ වෙනත් මාසවල සිරිපා කරුණා කිරීම දුෂ්කරවීමයි. ඒ දුෂ්කර බවට හේතුව වන්නේ අධික වැසි, තද සුළං හා ඝන මීදුම් සහිත සීතල කාලගුණය නිසාය. මේ අතර එවකට සිරිපා කරුණාව යනු දුෂ්කර වූ එකකි. එනිසා සමහරුන් මෙම වන්දනා ගමනට සහභාගි වූයේ තම අන්තිම කැමැති පත්‍රය පවා ලියා තැබීමෙන් පසුව බව සඳහන්ය. තවද ඇතැමුන් සිය ඉඩම් කඩම් දේපළ පවා සිය දරුවන්ට පවරමින් සිරිපා කරුණා කර තිබේ. එදා සිරිපා කරුණාව ඒ තරමටම දුෂ්කර එකක් විය.

සාමාන්‍යයෙන් සිරිපා කරුණාව කරන්නේ විශාල කණ්ඩායම් වශයෙනි. එම කණ්ඩායම “නඩය” ලෙස හඳුන්වයි. නඬේ නායකයා හෙවත් නඬේ ගුරා වන්නේ පළපුරුදු වන්දනාකරුවෙකි. විශේෂයෙන්ම නඩයෙහි කෝඩුකාරයන් නමින් හඳුන්වනු ලබන මුල්වරට මෙම සිරිපා කරුණාවේ යෙදෙන්නන් නඬේ ගුරාගේ විශේෂ ආරක්ෂාවට සහ පාලනයට යටත් විය යුතුය. එමෙන්ම සිරිපා වන්දනාවේ යෑමට පෙර වන්දනාකරුවන් ගමේ විහාරයට ගොස් වන්දනාමාන කර ශ්‍රී පාදයට ගොස් ආපසු කරදරයක් නොමැතිව නිවෙස් කරා පැමිණීමට ප්‍රාර්ථනා කිරීම සාමාන්‍ය සිරිතකි. ඇතැමුන් යළි පැමිණි පසු ඔප්පු කිරීමට සුමන සමන් දෙවියන්ට බාරයක්ද වෙයි. මේ අතර සිරිපා කරුණා කිරීමේදී කට වරද්දවා ගැනීම නොකළ යුතුය. එසේ කළ විට සිරිපා කරුණාව කිරීම අපහසුවෙන බව එක්තරා තදබල විශ්වාසයකි. 19 වෙනි සියවසේ පමණ සිරිපා කරුණාව ත්‍රාසජනක සහ දුෂ්කර ගමනක් බව “ටර්නර්” නමැති ලේඛකයාද විටෙක පවසා ඇත.

සිරිපා කරුණා කිරීම ආරම්භ කරන්නේ රාත්‍රී කාලයේදී සමනොළ කන්ද නැඟ අලුයම් කාලයේ සිරිපා කඳු මුදුනට නැඟීමට හැකිවෙන පරිද්දෙනි. මෙහිදී කට වරද්දා නොගත යුතුය. සිරිතක් ලෙසට නඬේ ගුරාගේ උපදෙස් පිළිපැදීමටත් අනවශ්‍ය විහිළු තහළු කිසිවක් නොකිරීමටත් කවුරුත් වගබලා ගත යුතුය. එහිදී කට වරද්දා ගැනීමටත් අසංවරකමටත් දෙවියන් බරපතළ දඬුවම් දෙන බව විශ්වාසයයි. තවද සිරිපා කරුණාවේ යන වන්දනාකරුවන්ට කරුණාව සහ ඉවසීමද තිබිය යුතුය. කොතරම් නම් මාර්ගය තදබද වුවද අනෙකුත් වන්දනාකරුවන් කිසිවකුට කරදරයක් නොවී සිරිපා කරුණා කිරීමට සිතාගත යුතුය. මුලින්ම සීත ගඟුලට බැස නා පිරිසුදුව සුදු පිරුවට ඇඳ පඬුරුද බැඳ කන්ද නැගීම ආරම්භ කරයි. එහිදී තුන්සරණයත් හිමගත වර්ණනාවත් සහ සමන් දෙවි වරුණත් යන පොත්පත් තුළ ඇති කවි ගායනා කරමින් යෑම සිරිතකි. මේ අතර ඒවා ගයන්නේ නඬේ සිටිනා හොඳින්ම කවි ගායනය කළ හැකි අයකුගේ ගායන අනුකරණය උඩය.

මෙම සිරිපා කරුණාවේදී ඉහළට යන නඩවලට පහළ බහින තව නඩ හමුවීම රහසක් නොවේ. එවන් අවස්ථාවලදී පහළට බහින නඩය “වඳින්න යන මේ නඬේට සුමන සමන් දෙවි පිහිටයි” යනුවෙන් ඉහළට යන නඩයට ආශීර්වාද කරනා අතරම එවිට “නැඟල බහින මේ නඬේට සුමන සමන් දෙවි පිහිටයි” ලෙසින් ඉහළට යන නඩය පහළට බහින නඩයට ආශීර්වාද කරයි. එය සිරිපා කරුණාවේ එක්තරා වූ සිරිතකි. මේ අතර බුදුන් වහන්සේගේ සිවුර මැසූ ස්ථානය වන “ගෙත්තම්පාන” අසලින් නඩය ගමන් කරද්දී සාධු නද මැද ඊට ඉදිකටු සහ නූල් බෝල පූජා කරයි. මෙවැනි චාරිත්‍ර වාරිත්‍ර ගණනාවක් මැද අවසානයේ නඩය උඩ මළුවට පැමිණෙයි. එසේ ආ පසු එම පැමිණීම විශාල වූ ජයක් යැයි සිතා නඩය සිරිපා පද්මය සිත් සේ වැඳ පුදා ගනියි. ඉන්පසු සිරිපා කරුණාවේ තිබෙන සුන්දරම දර්ශනය වන ඉර සේවය හෙවත් හිරු උදාවීම නරඹන නඩය පසුව කරන්නේ හෙමින් හෙමින් යළිත් පල්ලම් බැසීමයි. එසේ පල්ලම් බසින අවස්ථාවේ තමා සිරිපා කරුණා කළ වාර ගණන අනුව එහි ඝණ්ටාරය නාද කිරීම තවත් සිරිතකි. මෙවැනි සිරිත් විරිත් සහ චාරිත්‍ර වාරිත්‍ර ගණනාවක් සිරිපා කරුණාව හා බැඳී පවතියි.

අවසානයේදී මෙවර සිරිපා කරුණා කිරීමට සිතා සිටිනා “මව්රට” කියවන ඔබ වෙනුවෙන්ද යමක් කිව යුතුය. සැබෑවටම මෙය අපේ අවංක ආයාචනයකි. ඒ අනුව මත්පැන් හෝ මත්ද්‍රව්‍ය රැගෙන සිරිපා කරුණා කිරීමෙන් වැළකිය යුතුය. තවද දුම්බීමෙන්ද වැළකීම වැදගත්ය. මෙවැනි කටයුතු ඔබ සිදු කළහොත් ඔබේ නම පොලිස් පොතේ ලියැවීමට ඇති ඉඩකඩ ඉතාම වැඩිය. එමෙන්ම ප්ලාස්ටික් මෙන්ම පොලිතීන් සිරිපා අඩවියට රැගෙන යෑම ගැන ඔබ සැම දෙවරක් සිතිය යුතුය. තවද මඟ දෙපස මල මුත්‍රා කිරීම නොකළ යුතු අතර ඊට වැසිකිළි භාවිත කිරීම කළ යුතුය. අවසාන වශයෙන් අප සිරිපා අඩවිය හෘදසාක්ෂියට එකඟව පරිස්සම් කර ගැනීම ඔබේ වගකීම බව ඔබ දැනගත යුතුම කරුණකි.
සැනසුම සතුට යනු
සිරිපා යන එකටයි
සුමන සමන් නම්
දෙවි අඩවිය මේකයි
බුදුන් දැකගන්න
කවුරුත් යන සවසයි
සිරිපා නඟින
ඔබ සැමටම දෙවි පිහිටයි
රුවන් එස්. සෙනෙවිරත්න

SendShareShare
Previous Post

හැටන් නැෂනල් බැංකුව සම්මාන 7ක් දිනාගනී

Next Post

හොරු නැතිව බෑ (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.