• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

සාධාරණයට තැන දෙන සූනියම් දෙවියෝ

January 4, 2020
in Mahawanshaya
Reading Time: 1 min read
A A
සාධාරණයට තැන දෙන සූනියම් දෙවියෝ
Share on WhatsAppShare on Facebook

භයංකාර පෙනුමකට හිමිකම කියන සූනියම් දෙවිඳුන් නීල වර්ණ ශරීරයකින්ද, ශීර්ෂ මස්ථකයේ සුදු ජටාවකින්ද, දිවියකුගේ සමින් නිර්මිත සළුවකින්ද සැරැසී සිටී. සුදු අශ්වයා වාහනය කරගත් සූනියම් දෙවියන්ගේ කරේ නාගයන්ගෙන් සෑදුණු නාග මාලයක් හා මුඛයේ සපාගෙන සිටින නාගයෙක්ද වෙයි. එසේම දෙඋර මත කරවලුන් සිව් දෙනා බැගින්ද, දෙඅතේ කරවලුන් 8 දෙනකුද වෙළාගෙන සිටින අතර, ඉණේ කොට නාගයන් කිහිපදෙනකුද වෙළාගෙන සිටී. මේ සියලු නාගයන්ට අතිරේකව දෙපතුල ළඟද නාගයෙක් සිටී. ලේ පොළඟුන් දහතුන් දෙනෙක් සිරුර පුරා සිටින අතර, හිස සිට දෙපතුල දක්වාම දිග නාගයන්ද දෙදෙනෙකි. භයංකාර රාක්‍ෂ මුහුණකින් යුතු සූනියම් දෙවියන්ගේ හිස හැඩපළු 13කින් යුතුය. සුරතේ තියුණු වඩිග කඩුවකින්ද, වමතේ ගිනිගෙන දැවෙන කබලක්ද දරා සිටින සූනියම් දෙවියෝ සූකරාකාර පාද යුගලකටද හිමිකම් කියයි.

පර්යාය නාමයන් රැසකින් හඳුන්වනු ලබන සූනියම් දෙවියෝ මතු බුදු බව පතන දෙවි කෙනෙකි. සූනියම් දෙවියෝ ප්‍රාදේශීයව විවිධ නාමයන්ගෙන් හඳුන්වනු ලබයි. කබලෑමුත්තා, කබලෑ දෙවියන්, අප්පච්චී, ගම්භාර සුද්ධ සූනියම්, ගම්බාරු මුත්තා, සුද්ධ සූනියම්, වඩිග සූනියම්, ඔඞ්ඩි වඩිග සූනියම්, ඔඞ්ඩියා, ඔඞ්ඩි මස්සිනා, ඔඞ්ඩි දේවතාවා, ඔඞ්ඩි යකා හා ගම්බාර දෙවියන් ලෙසය. එනමුත් ගම්බාර දෙවියන් සූනියම් දෙවිඳුන් නොවන බවත්, මේ දෙපොළ දෙවිවරුන් දෙදෙනෙක් බවත් ඇතැම් ග්‍රන්ථවල සඳහන්ය. එසේම එම ග්‍රන්ථවල සඳහන් වන ලෙසට සූනියම් දෙවිඳුන්ගේ වාහනය වූ සුදු අශ්වයා සුදු පැහැති නොව නිල් පැහැ බවත්, ගම්බාර දෙවිඳුන්ගේ වාහනය වන අශ්වයා සුදු පාට බවත් සඳහන්ය. එපමණක් නොව ගම්බාර දෙවිඳුන්ගේ දකුණු අතේ තඹ පොතක්ද, වමතේ ත්‍රිශූලයක්ද වෙයි. ශීර්ෂයේ සුදු ජටාවක් බැඳ උතුරු සළුවකින් සැරැසී සිටින බවද එහි සඳහන්ය. මේ අනුව සූනියම් දෙවිඳු හා ගම්බාර දෙවියන් එකම දෙවි කෙනකුන් නොවන බවත් දෙවිවරු දෙදෙනෙක් වන බවත් ඉතා පැහැදිලිය. තවද සූනියම් දෙවිඳුන්ට අවතාර 7කි. එම අවතාර පොදුවේ ඔඞ්ඩිසිය ලෙස හඳුන්වනු ලබන අතර, ඒවා නාමිකව මෙසේය. ගරුඬ, කාල, නාග, අසුර, දෙවල, රාජ, වඩිග.

සූනියම් දෙවිඳුන් සාධාරණය වෙනුවෙන් විශේෂයෙන්ම පෙනී සිටින දෙවි කෙනෙකි. උන්වහන්සේ මනුෂ්‍ය වර්ගයාට මහත් වූ කරුණාවෙන් පිහිට සරණ වෙයි. විශේෂයෙන් අහිංසක අසරණයන් යමකුගේ හිංසාවට, පීඩාවට, අපහාසයට, අවමානයට, හිරිහැරයට, වෛරයට, ක්‍රෝධයට ලක්වූ විට ඉන් මුදා සැබෑ අහිංසකයන් තළා පෙළා නිඟා කළ අයට දැඩි දඬුවම් ලබා දෙයි. මීට අතිරේකව නපුරුව දුර්ජනව උතුම්වූ මිනිසත් බවටත් නිඟා කරන ව්‍යාජ සිල්වත් ප්‍රතිරූප රඟපාන ලෝකාධිපත්‍යය සීලය රක්‍ෂා කරන විශේෂයෙන් ඉරිසියාව, ද්වේශය, වෛරය මුල් කරගෙන සැබෑ සිල්වත්, සත්‍යවාදී, ගුණගරුක, නිහතමානී, අවංක මනුෂ්‍යයන්ට අනවින, කොඩිවින, ඉරි පැන්නුම්, වැල් පැන්නුම්, භූමි පාළු, රූප කටු ගැසීම, හදි හූනියම්, නීච කුල බන්ධන ආදී මෙකී නොකී සියලු වින එම නිසා සිදුකරන්නාවූ ඇදුරන්ටද එම වින කරවූ හා ඊට කවර ලෙසකින් හෝ හවුල්ව දායක වූ අයටද සාපකර ආපිට කපා යවනු ලබයි. එසේ නොසිතූ විරූ ලෙස දැඩි දඬුවම දෙනු ලබයි.

මෙයට නිදසුනක් ලෙස අතීත කතා පුවතක් ගෙන හැර පා දක්වාලිය හැකිය. ඒ මෙසේය,
මැණික් පාලී නම් බිසවට ඉතා දරුණු විනයක් කර එතුමිය රෝගී කර තිබිණි. මෙම විනය ඍෂි උතුමන්ටවත් කැපිය නොහැකි මහා බලගතු විනයක් විය. යමකු එම විනය කැපීමට යන විට ආතුරයාට ළං වීමට නොහැකි වන සේ රියන් 12ක් උස විශාල පොළඟකු පෙනී සිටියි. ඒ නිසා එම භයානක විනය කපා මැණික් පාලී බිසව එම විනයෙන් මුදවීමට ශ්‍රී විෂ්ණු දෙවිඳුන්ගේ ආරාධනාවෙන් සූනියම් දෙවිඳුන් පැමිණි බවත්, එහිදී සූනියම් දෙවිඳුන් තම අතෙහි වූ විඩිග කඩුවෙන් රියන් 18ක් උස පොළඟාගේ හිස දෙපළු කළ බවත් එයින් මැණික් පාලී බිසවුන්ගේ විනය කැපී ගොස් එතුමිය සුවපත් වූ බවත් කියැවෙයි.

සූනියම් දෙවිඳුන්ට භක්තියෙන් දිනපතා පහන් තැබීම ඉතාම ප්‍රතිඵලදායකය. පිහිට, සරණ, ආරක්‍ෂාව උපරිමයෙන් ලද හැකිය. ඒ සඳහා පහන් තබන්නා සිල්වත් විය යුතුය. කරුණාවන්ත විය යුතුය. චරිතවත්ව අවංක විය යුතුය. සත්‍යවාදී විය යුතුය. විශේෂයෙන් කවර හෝ දෙවි කෙනකුට පහන් තැබීමේදී දිය නා පිරිසුදු වී පිරිසුදු සුදු වස්ත්‍රයක් හැඳ පහන් තැබිය යුතුය. සාමාන්‍යයෙන් සූනියම් දෙවිඳුන් උදෙසා පහන් තැබීමට රාත්‍රි 9.00 සිට 9.45 දක්වා නිර්දේශ කර ඇත. සූනියම් දෙවිඳුන් උදෙසා පහන් තබන ස්ථානය නිවෙසේ සිට අවම වශයෙන් අඩි 20ක් පමණ දුරින් සකසාගත යුතු අතර, එහි උස අඩි 3 1/2ක්, 4ක් පමණ විය යුතුය. විශේෂයෙන්ම දෙවිවරුන් උදෙසා පහන් තැබීමේදී කාන්තාවන් කිලිකුණුවලින් තොර විය යුතුය. කාන්තාවන් කිලිවන කල නොකඩවා දිනපතා නොතැබූ පහන වෙන අයකු ලවා නියමිත වේලාවට තැබිය යුතුය. තවද මේ සම්බන්ධව සූනියම් දෙවිඳුන් විසින් සමාවද ඇයද සිටිය යුතුය. මෙසේම මළ ගෙදරක ගිය විටත්, මල්වර උත්සවයකට සහභාගි වූ විටත්, ළඟදී දරුවකු ප්‍රසූත කළ නිවෙසකට ගිය විටත්, දෙවිවරුන් උදෙසා පහන් තැබීමට පෙර දිය නා පිරිසුදු වී දෙහි යුෂ හිසේ පටන් දෙපතුල දක්වා තවරා ඉන් අනතුරුව පහන් තැබිය යුතුය.

විශේෂයෙන් සූනියම් දෙවිඳුන්ට පහන් දිගින් දිගටම නොකඩවා භක්තියෙන්, ගෞරවයෙන් තැබීමෙන් යක්‍ෂ, ප්‍රේත, වින-බන්ධන, බහිරව දෝෂ ආදිය සමනය වෙයි. ගේ-දොර සතුට, සාමය වර්ධනය වී ව්‍යාපාර දියුණුව ආදිය ඇති වී පුද්ගලයාගේ බැබළීම ගෙනදෙයි. ඉහතදී සඳහන් කළ ලෙසට සූනියම් දෙවිඳුන් උදෙසා පහන් දැල්වීමට පෙර පහන් දල්වන ස්ථානයට සුවඳ දුම් අල්ලා, කහ දියර ඉස පහන් දැල්වීම සිදු කළ යුතුය. මෙහිදී සුදු මල් වට්ටියක් හා එළඟිතෙල්, තෙල් වැනි තෙල් වර්ගයකින් පහන දැල්විය යුතුය. සාමාන්‍යයෙන් කෙම්මුර දවස් වන බදාදා හා සෙනසුරාදා සූනියම් දෙවිඳුන් සඳහා පහන් තැබීම විශේෂය. මේ නිසා එම දින දෙකේ සූනියම් දෙවියන්ට බාර හාර වීමත්, බාර වූ භාර නිදහස් කිරීමත් සිදුවෙයි. සූනියම් දෙවිඳුන් සඳහා බාර හාර ඔප්පු කිරීමේදී ඒ සඳහා පිළියෙල කරනු ලබන පූජා වට්ටිය ඉතාම සුවිශේෂය. එම පූජා වට්ටිය පොල් ගෙඩියකින්ද, පලතුරු 7 වර්ගයකින්ද, (මෙහිදී විශේෂයෙන් ගෙඩි පූජාව ප්‍රතිඵල දායකය.) බුලත් කොළද, කැවිලි වර්ග 7කින්ද, බැදපු ටේස් කඩල ආදියෙන්ද, සුදු මල් මාලාවකින්ද, ඇස්ස කැපූ තැඹිලි ගෙඩියකින්ද යුතුවිය යුතුය. මෙහිදී ගෙඩි පූජාවේ ගෙඩි සිදුරු කර හෝ පළා සුවඳ විහිදෙන ලෙස පූජාවට්ටිය සැකසීම සිදු කළ යුතුය. තවද සූනියම් දෙවිඳුන් මෙන්ම කවර හෝ දෙවි කෙනකුන් උදෙසා පහන් තැබීම සඳහා පිරිසුදු පොල්තෙල් හෝ තැඹිලි තෙල් ලබා ගැනීමේදී ඒ සඳහා අත්තෙල් යොදා ගැනීම ඉතා සුදුසුය. රන් තැඹිලි තෙල් මේ සඳහා විශේෂය. එසේ නැත්නම් මූඩිය සීල් කරන ලද වීදුරු බෝතල තුළ වූ එළඟිතෙල් මීට සුදුසුය. විශේෂයෙන් අත්තෙල් සිඳගැනීමේදී සුදුසු සුබ නැකැතකින් තැඹිලි හෝ තෙල් අවශ්‍ය පමණ ඉරට්ටේ ගුණාකාරයෙන් බිම නොදමා අතට කඩා ගතයුතුය. එම ගෙඩි යම් උසකින් තබා ලී උලකින් ලෙලි ගසා ලීයකින් බිඳ ලී හිරමනයකින් ගා (හිරමන තලය ලීයෙන් කළ, ලීයෙන් හෝ මැටියෙන් කළ බඳුනකට පොල් හෝ තැඹිලි ගෙඩිවල වූ වතුරෙන්ම පොල් මිරිකාගත යුතුය. මින් අනතුරුව උසින් පිහිටි ගොම මැටි ගෑ ළිපක නැවුම් මැටි භාජනයක සුබ නැකැතින් ළිප තබා, කුරුඳු දර, රත්හඳුන් හෝ පැඟිරි දර විශේෂයක් භාවිත කර තෙල් සිඳගත යුතුය. මෙහිදී දර වර්ග දැල්වීමට හඳුන්කූරු හෝ කපුරු පෙති යොදා ගැනීම යහපත්ය. මෙසේ සුවිශේෂී ලී භාණ්ඩ මැටි භාජන ආදිය තෙල් සිඳීම සඳහා යොදා ගන්නේ ස්වභාවිකත්වය උපරිමයෙන්ම ආරක්‍ෂා කර ගැනීම සඳහාය.
කෙසේ නමුත් අවි ආයුධ අත දරා සිටින රාත්‍රි 10.00න් පසු රාක්‍ෂ විලාසය ගන්නා වැරැදි කළ අයට සමාවෙන් තොරව දැඩි දඬුවම ලබා දෙන මතු බුදු බව පතන සූනියම් දෙවියන්ට ඔබත් කවර හෝ සුළු පුණ්‍ය කර්මයක් සිදු කළ විට භක්තියෙන්, ගෞරවයෙන් පින් අනුමෝදන් කරන්න. එය උන්වහන්සේගේ පිහිට සරණ, ආරක්‍ෂාව, ආශීර්වාදය ලැබීමට නිති හේතුය.
ජ්‍යොතිෂවේදී මහේන්ද්‍ර පල්ලෙබැද්ද

SendShareShare
Previous Post

මිහිරි මතක අවදි කරන වසන්ති

Next Post

CINEC Open Day ජනවාරි 11 වැනිදා

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පසුගිය පක්ෂ නායක රැස්වීමේ දී ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන රාජ්‍ය පාලනයේ ප්‍රධාන කුළුණු තුන (Tripartite System of Government) හා...

Read more
දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.