• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

සරදියල්ගෙ කතාව 01 කොටස

August 1, 2020
in Mahawanshaya
Reading Time: 3 mins read
A A
සරදියල්ගෙ කතාව 01 කොටස
Share on WhatsAppShare on Facebook

අපි සුද්දන්ට ගහන්න ඕන නැත්තම් සුද්දව මට්ටු කරන්න බෑ

මේ 1832 වසරේ දවසකි. සබරගමුවට වගේම මුළු රටේම තිබුණේ පැහැදිලි අදහසක් නොවේ. මහා මූසල බයාදු ගුප්ත අඳුරක් අහසේ පැතිරී තිබිණි. උදෑසනින් පෑයූ හිරුද බොර පැහැ වැහි මන්දාරමකට වැසීගොස් තිබිණි. එහෙත් හිටි හැටියේ මන්දාරම් අහස කොනකින් හිරු එළියක් යාන්තමින් මතුවිය. ඒ හිරු කිරණින් සබරගමු පළාතේ උතුවන් කන්දටත් යන්තමින් හිරු කිරණක් වැටුණේය. මේ හිරු කිරණ අතරින් පුංචි කිරිකැටියකුගේ හඬක් පරිසරයට එක්කාසු වූයේ දීකිරි කෑවගේ අදාසි අප්පුගේත්, පිචෝහාමිගේත් මුහුණට කුලුඳුලේ මාපිය පදවියේ සතුටු සිනා උරුමකර දෙමිනි.

“ඇට්ටරයෙක් වගේ අඬන හැටි බලන්ටකො”

පිචෝහාමි සිඟිත්තාගේ හිස පිරිමදිමින් පැවැසුවේ අමුතු ජවයකින් නොනවත්වා හඬන දරු පැටියාව සිය ළයට තෙරපවා ගනිමිනි.

‘සුද්දට බයේ ගැහි ගැහි ඉන්ටත් ඇට්ටරයෙක් නොවී බැහැ නොවැ මේ කාලේ. ඉතින් ඇට්ටරයෙක් වුණාම මක්කැයි වෙන්නෙ’

අදාසි අප්පු දරුවා දෙස බලාගෙන සිටියේ දහසක් දේ සිතමිනි.

‘මං කරන කරත්ත රස්සාව කොරන්ටත් ඇට්ටරයෙක්ම තමයි ඕන වෙන්නෙ ඕං හහ්… හහ්… හා…’

කුලුඳුල් පිය පදවියෙන් උදම් වී සිටි හෙතෙම දරුවාගේ හිස පිරිමැද එතැනින් ඉවත්වූයේ ඊළඟට කළයුතු දේ ගැන සැලැසුම් කරමිනි.

එතැන් සිට දින, සති ගෙවුණේය. අලුත උපන් බිළිඳාට දීකිරිකෑවගේ සරදියල් ලෙස නම් තැබුවේය. කරදඬු මෝරද්දී පුංචි සරදියල්ට අනෙක් අයගේ සාම්ප්‍රදායික බයාදු පක්ෂපාතී ගතිගුණ ඇල්ලුවේම නැත. තම ගමේ මිනිසුන් ඥාතීන් සුද්දාට ඇති බියත්, සැකයත්, පුංචි සරදියල්ට දැනුණේ වදයක් ලෙසිනි. කවුරුත් එලෙස සුද්දාට බයෙන් සිටිනවාට බයෙන් කතා කරනවාට සරදියෙල් ප්‍රිය කළේම නැත.

‘තාත්තෙ මේ රට කාගෙද සුද්දගෙද?’

සරදියල් පුංචි සන්දියේ පියාගෙන් නිතරම ඇසුවේය.

‘රට අපේ වුණාට දැන් මේ රටේ තියෙන්නෙ සුදු ඇත්තන්ගෙ නීතියනෙ මයෙ පුතේ’

අදාසි අප්පු පුංචි සරදියල්ගෙ හිත හැදුවේ ඒ පිළිතුරෙනි. පුංචි සරදියෙල් ඔය ප්‍රශ්නය ඇසූ වාර ගණනට සමානව අදාසි අප්පු එකම පිළිතුර ලබාදී තිබෙන්නට ඇත. එහෙත් ඒ වාර ගණන හිසේ කෙස් ගණනට සමාන තරම් ඉහළ වාර ගණනක් වීමට වුවද ඉඩ තිබිණි. පුංචි සරදියෙල් සුද්දා ගැන තිබූ අපැහැදීම එතරම්ම ප්‍රබල වූයේය. ඔය අතරේ බෙලිගම්මන පන්සලේ හාමුදුරුවන්ට සරදියෙල්ව බාර දෙන්නට අදාසි අප්පු කටයුතු කළේය. ඒ පොතේපතේ දැනුම ඔහුට ලබාදීම සඳහාය. එහෙත් බෙලිගම්මන පන්සලේ වැඩි කාලයක් නොසිටි සරදියල් ඉලුක්ගොඩ පන්සලට ගියේය. පන්සල් අධ්‍යාපනයේදී සරදියල්ට හරි අපූරුවට ජාඩියට මූඩිය සේ ගැලපෙන මිතුරන් කිහිප දෙනකුම හමුවිය. ඒ මොහොම්මද්, සිරිමලා, උක්කින්දා, මෝදරතැන්නේ හෙන්දා සහ නසර්දීන්ය. ඔය අතරේ සරදියල්ගේ වයස අවුරුදු දහතුන සපුරා තිබුණේය.

මේ කාලයේ සුදු පාලකයන්ගේ නොමනා වැඩත් සුද්දාට උඩගෙඩි දෙන සිංහල ගැත්තන්ගේ වැඩත් ගැන සරදියල්ගෙ දඩබ්බර සිතේ උපන්නේ වෛරයකි. ඔහු නිතරම ඒ ගැන ඇස ගසාගෙන උන්නේය. සුද්දා ගම්මුන්ට කරනා අරියාදුවලට උඩගෙඩි දෙන ගම්මුලාදෑණියා ගැනත් සරදියෙල් කේන්තියෙන් පසුවිය.

මේ කිසිවක් නොදත් ගම්මුලාදෑනි තැන දිනක් ගමට පැමිණියේ සුළු වරදක් කළ අහිංසක ගැමියකුට නීතිය ක්‍රියාත්මක කරන්නට බව කියමිනි.

මුලාදෑනි තැන ගමට පැමිණ ගම්මුන් පීඩාවට පත්කරන පුවත පන්සලට රැගෙන ආ ගැමියාගෙන් විස්තර දැනගත් 13 හැවිරිදි සරදියල් කෝපාවිෂ්ටව ගම්මැද්දට දිව ගියේය. එදා පුංචි කොලු ගැටයකු ඉදිරියේ ලැජ්ජාවට පත්ව පසුබැස යන්නට ගම්මුලාදෑනිට සිදුවූයේ ගම්මුන් බලා සිටියදීමය.

සරදියල් සුද්දාටත් සුද්දාට කත්අදින සිංහලයාටත් එරෙහිව සටන පටන් ගත්තේ එතැනිනි. තම මිතුරාගේ නිර්භීත සටනට සහාය පළකරන්නට මිතුරෝද එක සිතින් එක්වූහ. ඒ අතර මම්මලේ මරික්කාල්ද විය.

‘සුද්දා අපේ සමහර වුන් එක්ක එකතු වෙලා අපේම මිනිසුන්ව හූරාගෙන කනවා. අපේ වතුපිටි, හරකා බාන, අස්වැන්න කඩාවඩා ගන්නවා. ජීවිතේ දහදුක් විඳල විඳල අපේ උන් හරිහම්බ කරගත්ත සේසතම උන්ගෙ අටුකොටුවල පුරවා ගන්නවා. මේක බලාගෙන ඉන්ට හොඳ දෙයක් නෙවෙයි. අපේ උන්ගේ දේවල් අපේ උන්ට ආයේ අරන් දෙන්ට ඕන. ඔව් ඒක අපේ යුතුකම. එහෙම නැත්නම් අපෙන් ගමට ඇති සෙතේ මොකක්ද?’

තරුණ සරදියල් තම අදහස පැවැසුවේය. ඊට මිතුරන්ද එකඟ වූයේ අවිවාදයෙනි.

‘කොහොමද ඒක කරන්නේ?’

මිතුරන් පෙරළා ප්‍රශ්න කරද්දී සරදියල් ඊට සුදුසු උපාය සැලැසුම් කළේය.

‘අපිට මේ වැඬේට තුවක්කුවකුත් ඕනෑ’

සරදියල්ගේ සැලැසුමට අනුව මම්මලේ මරික්කාල් කොළඹ හමුදා බැරැක්කයට බැඳී සේවය කරන අතරතුරේ ගිනි අවියක් පන්නාගෙනවිත් සරදියල්ට දුන්නේය. එතැන් පටන් තරුණ සරදියල් දුප්පතාගේ හිතවතා ලෙසින් සුද්දාටත් අධිරාජ්‍යවාදී ගැත්තන්ටත් එරෙහිව සටන ඇරැඹීමේ මුල් පියවර තැබුවේය.

‘මට අර වලව්වේ හාමුවාගේ වැඩ අල්ලන්නේ නැහැ’

වලව් පැලැන්තියේ පිරිස්වල නොගැළපෙන කටයුතු කාරණා හමුවේ දුප්පතුන් පීඩනයට පත්වන අයුරු බලා සිටින්නට බැරි තැන සරදියල් කිහිප වතාවක් මොල්ලිගොඩ වලව්වට පැන මුදල් කොල්ලකා ඒවා ගමේ දුප්පතුන් අතරේ බෙදා දුන්නේය. ඔහු එසේ මුදල් බෙදාදීමට හරි අපූරු ක්‍රමයක්ද තෝරා ගත්තේය. ඒ රාත්‍රියේ ඒ ඒ නිවාසවලට ගොස් දොර අසල මුදල් තබා නිහඬව පිටව යෑමයි. මුල් කාලයේදී මෙය ගම්වැසියන්ගේ කුතුහලයට හේතුවක්ද විය. සල්ලි ගෙනත් දෙන දෙවියකු සිටිනවා යැයි සිතූ අයද ඒ අතර විය. එහෙත් පසුකාලීනව ඒ දෙවියන් සරදියල් බව ගම්වැසියෝ අවබෝධ කරගත්හ. ඔවුන් සරදියල් ආරක්ෂා කළ යුතු යැයි තීරණය කළේ එනිසාය. අනතුරක සේයාවක් දැනුණද ඒ සියලු අවස්ථාවන්හි සරදියල්ව දැනුවත් කරන්නට ඔවුහු කටයුතු කළහ.

‘අපි සුද්දට ගහන්ට ඕන. එහෙම නොවුණොත් සුද්දව මට්ටු කරන්නට බැරි වෙනවා’

සරදියෙල් සිය තීරණය මිතුරන්ට කීවේය. මිතුරන් ඊට එකඟ වූයේ සරදියල්ගේ සැලැසුම් වරදින්නේ නැති බව දන්නා නිසාය. එතැන් පටන් සරදියල් උතුවන්කන්ද සිය රාජධානිය කරගත්තේය.

උතුවන්කන්ද සිට බලද්දී කොළඹ සිට මහනුවරට කරත්ත යන පාර හරි අපූරුවට පෙනෙන්නේය. සරදියල් දින කිහිපයක්ම උතුවන් කන්දේ සිට පාරේ එහා මෙහා යන කරත්ත දෙස හොඳින් බලාගෙන සිටියේය. කොළඹින් සුද්දාට අවශ්‍ය දේ රැගෙන එන කරත්තත්, උඩරට ගොවියන්ගෙන් සහ ගම්දනව්වල මිනිසුන්ගේ ශ්‍රමයෙන් උපයාගත් දෑ සුද්දා බලහත්කාරයෙන් උදුරාගෙන කරත්තවල පුරවාගෙන කොළඹට ගෙන යන අයුරුත් සරදියල් බලාගෙන උන්නේය.

‘අපේ උන් බඩගින්නෙ නැහෙනවා. උන් ඒවා පොදිගහගෙන අරගෙන යනවා. මං මේක නතර කරනවා. ඔව් මේ උතුවන්කන්ද ළඟින් අපේ උන්ගේ දේවල් අරගෙන යන්ට මං ඉඩ තියන්නෙ නැහැ.’

සරදියල් නිතරම කීවේය. මිතුරෝද එය අනුමත කළහ.

‘අද රෑට කොළඹ ඉඳලා නුවර සුද්දන්ට අරන් යන බඩු කරත්ත නතර කරලා අපි ගන්ට ඕන. අරන් අපේ උන්ට බෙදලා දෙන්ට ඕන’

පළමුවැනි වතාවට සුද්දන්ගෙ බඩු කරත්ත පැහැර ගැනීමට සරදියල් තීන්දු කර එය සිය මිතුරන් සමඟ කීවේය. ඒ අනුව එදින දවස පුරා සරදියල් සිය මිතුරන් සමඟ උතුවන් කන්දට වී බලාගෙන උන්නේය. දහවල් හිරු අවරට ගොස් සැඟවී යමින් තිබුණේය. ගොම්මන් අඳුර අතරින් නුවර පාරේ ගමන් කරන කරත්ත කිහිපයක ඡායාව සරදියල්ගේ ඇස ගැටුණේය. ඔහුගේ ඉරියව් වෙනස් විය. සිරුරේ මස්පිඬු සලිත වන්නට පටන් ගත්තේය. වහා ක්‍රියාත්මක වූ සරදියල් කරත්තවල වේගයත් උතුවන් කන්ද අසල මාර්ගයේ ඇති අපහසුතාවයත් සසඳා බලා තමන්ට අවශ්‍ය ස්ථානයට කරත්ත පැමිණෙන වෙලාව හරියටම ගණන් බලා තීරණය කර ගත්තේය.

‘රෑට මොනවා හරි කාපල්ලා. තව අඩ හෝරාවක්වත් යයි උන් පහළ වංගුව ළඟට ගාටන්නට’

සරදියල් තීන්දු කළේය. ඒ තම ගම ගැන ඇති දැනුම උපයෝගී කරගනිමිනි. මිතුරන් තැම්බූ මඤ්ඤොක්කා සහ ලුණු දමා තැලූ කොච්චි පොල්කට්ටක් රැගෙන සරදියල් අසලට ආවේය.

‘සුද්දා මේ වැඩෙන් වෙඩිකාපු ඌරෝ වගේ කිපෙයි’

මඤ්ඤොක්කා කන අතරේ මිතුරන් කීවේය. සරදියල් නිහඬව අසා හිඳ කට කොනින් හිනැහුණේය. ඊට පස්සේ හයියෙන් හුස්මක් ගත්f්ත්ය.

‘ඉතින්’

‘උන් අපිව හොයාගෙන එයි’

මිතුරන්ගේ කතාවට සරදියල් කලබලයක් නැත.

‘ආදෙන්. එකෙක් දෙන්නෙක් නොවේ සීයක් දාහක් ආවත් මං ඕකුන්ව කම්බස් කරනවා’

සරදියල් තුවක්කු බටය අතගාමින් පාරම්බෑවේය. ඒ අතරේ ගල්කුල කෙළවර ඔත්තු බලමින් සිටි මිතුරා පිම්මේ දුවගෙන ආවේ හති දමමිනි.

ඉතිරි කොටස ලබන සතියේ…

SendShareShare
Previous Post

ඉටිරෙදි මාලවලින් දෙවියන් රැවටිය හැකිද

Next Post

සුද්දටවත් ගලවන්න බැරිවුණු පිටකොටුවේ බෝධිය

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

දශකයකට පසු ඇතිවන ප්‍රබලම එල්-නිනෝ තත්ත්වයක බලපෑමක් ඉදිරියේ දී එල්ල වීමේ හැකියාවක් පවතින බවට එක්සත් ජාතීන්ගේ කාලගුණවිද්‍යා ඒජන්සිය අනතුරු අඟවා...

Read more
සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.