• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

වේවැල්කැටිය සෙල්ලිපියෙන් හෙළිවන දඬුවම් ක්‍රම

December 31, 2019
in Mahawanshaya
Reading Time: 1 min read
A A
වේවැල්කැටිය සෙල්ලිපියෙන් හෙළිවන දඬුවම් ක්‍රම
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකේය ඉතිහාසය අධ්‍යයනය කිරීමේදී ඒ සඳහා මූලාශ්‍රය කරගත හැකි සාධක රැසකි. එකී මූලාශ්‍රය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකින් යුක්තය. එනම් සාහිත්‍ය මූලාශ්‍රය හා පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයයි. මෙහි සාහිත්‍ය මූලාශ්‍රය යනුවෙන් හඳුන්වන්නේ වංසකතා, චරිතකතා, ඉතිහාස කතා ආදී දෑවල අන්තර්ගත සිදුවීම්ය. මහින්දාගමනයෙන් පසු මෙරට ලේඛන කලාව මනා සංවර්ධනයකට පත් වූ අතර, මුල් කාලයේ සිට ග්‍රන්ථකරණයේ නියුක්ත පිරිසක් සිටීමේ සාක්‍ෂ්‍ය වශයෙන් වර්තමානය වනවිට කෘති ගණනාවක් අපට ඉතිරිව ඇත. ඉහතින් සඳහන් කළ පරිදි දීපවංසය, මහාවංසය, ථූපවංසය, බෝධිවංසය ආදී වංසකතා සහ බුත්සරණ, පූජාවලිය, සද්ධර්මරත්නාවලිය, සද්ධර්මාලංකාරය ආදී කෘති සාහිත මූලාශ්‍රය වශයෙන් දැක්විය හැකිය. ගද්‍යයෙන් පමණක් නොව පද්‍යයෙන් ලියැවුණු සාහිත්‍ය පුරාණයක් අපට අයත්ය.

අතීතය හැදෑරීමේදී ඉතා වැදගත් සාධක ලැබෙන්නේ පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය මඟිනි. ඒ සඳහා බලපාන සාධක රැසකි. එහි වැදගත්ම දේ වන්නේ සෙල්ලිපි, කාසි, ගොඩනැඟිලි, කලා කෘති ආදී දෑ ලියැවෙන්නේ අදාළ කාල පරාසය තුළ දීම වීමයි. මේ සාධක නිවැරැදි නොවේ යනුවෙන් තර්ක ඉදිරිපත් කළ නොහැකිය. මන්ද හුදෙක්ම එකී දෑ නිෂ්පත්තිය සිදුවන්නේ ඒ සමාජ වටපිටාව ඇසුරු කරගෙන බැවිනි.
පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය අධ්‍යයනය කරන විට සෙල්ලිපි ඉතා වැදගත් කාර්යභාරයක් ඉටුකරයි. විශේෂයෙන්ම සෙල්ලිපි කාණ්ඩ කිහිපයක් යටතේ වර්ගකර දැක්විය හැකිය. ලෙන්ලිපි, ගිරිලිපි, ටැම්ලිපි, පුවරු ලිපි ආදී වශයෙනි. මේ සියල්ලම පාෂාණය අමුද්‍රව්‍ය වශයෙන් තබා ගන්නා අතර, එහි ස්වරූපය අනුව වර්ගීකරණයට බඳුන් වෙයි. වේවැල්කැටිය ලිපිය අයත් වන්නේ මෙහි ටැම් ලිපි වර්ගයටයි. පාෂාණය ටැඹක් වශයෙන් සකස් කොට එහි ලියූ දෑ ටැම්ලිපි වශයෙන් කෙටියෙන් දැක්විය හැකිය.

අතීතයේ සිට ලියැවී ආ සෙල්ලිපි මඟින් සුවිශේෂී ඉතිහාස කරුණු අප වෙත ලබා දීමට සමර්ථව ඇත. මේ අනුව වේවැල්කැටිය ලිපියෙහි විශේෂත්වය හා වැදගත්කම සැලකීමේදී එය අතීතයේ වැරැදි කරන්නන්ට ලබා දුන් දඬුවම පිළිබඳ අන්තර්ගතයකි ඇත්තේ. මෙම ලිපියේ උඩ කොටස විනාශ වී ඇති අතර, දැක්වෙන තොරතුරුවලට ලොකු බලපෑමක් ඉන් සිදුව නැත. මෙම ලිපිය කරවූ තැනැත්තා වශයෙන් දැක්වෙන්නේ සිවුවැනි මහින්ද නම් රජ කෙනෙකි. එකී රජතුමා පාලන කටයුතු සිදුකර ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 10 වැනි සියවසේය. එක්තරා ග්‍රාමයක වාසීන් සිදු කරන ලද වැරැදි සඳහා ලබාදුන් දඬුවම් පිළිබඳ මෙහි අන්තර්ගත වූවත් මෙමඟින් මේ කාලයේ රාජ දඬුවම්හි ස්වරූපය මනාව හැඳිනගත හැකිය.

ලංකාව එක්සේසත් කොට පාලන තන්ත්‍රය ගෙන ගියද රජුනට මුළු රාජ්‍යයේම සිදුවන දෑ නිශ්චිතව හඳුනා ගැනීම අපහසුය. මේ සඳහා විශේෂ පාලන ඒකකයක් ඇති කළ අතර, එය හඳුන්වා ඇත්තේ ‘දසගම්’ යන නාමයෙනි. ගම් 10ක එකතුවෙන් මෙකී පාලනය සිදුවූ අතර, එහිදී ඒ ඒ ගම් සඳහා වගකිවයුතු තැනැත්තන් එකා බැගින් පත්කර තිබේ. එකී ග්‍රාම පාලනය වූයේ ඔවුන්ගේ නීතිරීති හමුවේය. යම් හෙයකින් හෝ ගම්වැසියකු වරදක් කරන්නේ නම් එකී වරද නිවැරැදි කිරීමටත්, වරදේ ස්වභාවය අනුව දඬුවම් පැමිණවීමටත් බලය ලැබී තිබුණේ මෙකී දසගම් පාලක සභාවටයි. එහි දී ඔවුන්ගේ කාර්යක්‍ෂමතාව අතිශයින් වැදගත් වූ අතර, තීන්දු, තීරණ ගැනීමේදී සියලු දෙනා එකඟත්වයට පත්විය යුතුය. කරන වැරැද්දේ ස්වභාවය අනුව ලබාදුන් දඬුවම් පිළිබඳ මෙහි අන්තර්ගතය. එවැනි අවස්ථා 9කි.

එහිදී වැදගත්ම දේ වන්නේ යම් හෙයකින් හෝ වැරැදි කළ තැනැත්තා අල්ලා ගැනීමට අපහසු වුවහොත් රජයට දඩ ගෙවීමට ‘දසගම් පාලකයන්ට’ සිදුවීමයි. වැරැද්දක් සිදුකර දින 45ක් ඇතුළත වැරැදිකරුවා අල්ලාගත යුතු වෙයි. එසේ නොවන්නේ නම් රජයේ නිලධාරීන් රන් කළං 150ක් ගෙවිය යුතු වෙයි. වැරැදිකරුවා ආයුධයකින් තුවාල කිරීම් සිදු කර ඇත්නම් ඔහු රජයට රන් කළං 50ක් ගෙවිය යුතුවෙයි. මෙසේ වැරැදිකරුවකු අල්ලා ගැනීමට දසගම් පාලකයන්ට නොහැකි වූයේ නම් ඔවුන් විසින් රන් කළං 50ක් රජයට ගෙවිය යුතුය.

අපරාධ සිදුකිරීම නොකළ යුතු අතරම එසේ අපරාධ කරන්නන්ට පමණක් නොව අපරාධ සඳහා අත්උදව් දෙන අයටද දඩ ගසා ඇත. වැරැදි කටයුතුවලට අත්උදව් දුන් තැනැත්තා රජයට රන් කළං 50ක් ගෙවිය යුතුය. යම් විදියකින් හෝ වරදට හවුල් වී දඩය ගෙවා ගැනීමට යමකුට නොහැකි වන්නේ නම් ඔහුගේ ජීවත් වූ නිවෙස රාජසන්තක කරනු ලැබේ. ඔහුට ජීවත් වීමට නිසි නිවෙසක් නොවන්නේ නම ඔහුගේ අත්පා කපා දැමීම සිදුකරයි.

අතීතයේ පමණක් නොව වර්තමානයේද සොරු ඇත. විවිධාකාරයේ සොරු ඇත. යම් පුද්ගලයෙක් මීහරක්, එළහරක් හෝ එළුවන් සොරකම් කිරීම කළේ වී නම් ඔවුන් අල්ලා ඔවුන්ගේ කිහිලිවල හණ ලකුණු ඔබ්බවනු ලැබේ. එකී සතුන් මරණයට පත්කළේ වී නම් එකී වැරැද්ද සිදු කළවුන්ට හිමිවන දඬුවම මරණීය දණ්ඩනයයි. රාජ ආඥාවට අවනත නොවන යමකු වේ නම් එවන් තැනැත්තන්ට හිමිවන දඬුවම සුළුපටු නොවේ. එවන් තැනැත්තන් ගිනියම් කළ යකඩ සපත්තු මත සිටුවීම සිදු කරයි.

වැරැදි කිරීම මනුෂ්‍ය ස්වභාවයකි. වැරැදි කිරීම අවම කිරීමට විවිධ ක්‍රමවේද හඳුන්වා දීම පාලකයන් මඟින් සිදුවිය යුත්තකි. එයින් යහපත සිදුවන්නේ වැරැදි කිරීමට අපේක්‍ෂා කරන අයට පමණක් නොව සමස්ත රටවැසියන්ටමය. ක්‍රිස්තු වර්ෂ 10 වැනි සියවසේදී මෙතරම් දැඩි දඬුවම් ලබා දීමට කටයුතු කිරීම මඟින් මෙකී කාලවකවානුවේදී සමාජ තත්ත්වයේ ස්වභාවය පිළිබඳ යම් අදහසක් ලබා ගැනීමට හැකිය. මෙවැනි ලියවිල්ලක් බදුලු ටැම්ලිපියේද ඇති අතර, මේ සෑම ඉතිහාසයේ සමාජ තත්ත්වය, ආර්ථික තත්ත්වය හඳුනාගැනීමේදී මනා පිටිවහලක් ලබා දෙයි.
පදියතලාවේ ඥාණවිමල හිමි

SendShareShare
Previous Post

මෙන්න එජාපයේ අලුත්ම සටන: ගයන්තට එරෙහිව අජිත්

Next Post

ඇවිදින ගමන් හොඳ වැඩ කරන Travelling Hunters

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.