• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

ලෝකයක් සුවපත් කළ ෆ්ලෝරන්ස් නයිටින්ගේල්

May 23, 2020
in Mahawanshaya
Reading Time: 1 min read
A A
ලෝකයක් සුවපත් කළ ෆ්ලෝරන්ස් නයිටින්ගේල්
Share on WhatsAppShare on Facebook

රෝගී වූ සිත් සුවපත් කරන්නට හැම හදවතකටම හැකියාවක් නොමැත. රෝගී සිතක් සුවපත් වන්නේ කාරුණික හදවත් සමීපයේය. ගුණාත්මක ඖෂධවලට වඩා රෝගී සිත් සුවපත් කරන්නට කාරුණික හදවතක එක් සිනහවකට පුළුවන. හෙදිය, සාත්තු සේවිකාව, වෛiවරයාගෙන් පසුව රෝගියාගේ ළඟ සිටිමින් රෝගය සුවපත් කිරීමට අවශ්‍ය උපදෙස් දෙනුයේ ඇය විසිනි. හෙදියක් යනු අනෙකාගේ දුක් හඳුනන්නියකි. හෙද සේවාවට කාන්තා සහභාගිත්වය ලැබෙනුයේ හිතුවක්කාර ගැහැනියකගේ හිතුවක්කාරකමක ප්‍රතිඵලයක් නිසාවෙනි.

විලියම් එඞ්වඞ් නයිටින්ගේල් හා ෆ්‍රනිස්සි ස්මිත් යනු බි්‍රතාන්‍ය යුවළකි. ඔවුන් දෙදෙනාටදාව 1820 මැයි 20 වැනි දින දරුවකු බිහි වෙයි. ඉතාලියේ ෆ්ලෝරන්ස් නගරයේ ඉපදුණු මෙම දියණිය ෆ්ලෝරන්ස් නයිටින්ගේල් නම් විය. පවුලේ බඩපිස්සිය වූ මැයට වැඩිමහල් සොහොයුරියක් විය. ඇය නමින් පාර්තිනෝප්ය.

නයිටින්ගේල් පවුල ඉහළ මධ්‍යම පාන්තික ධනවත් පවුලකි. මේ නිසා කුඩා කල සිටම ඇයට සුවපහසු ජීවිතයක් ගතකරන්නට ලැබිණි. නයිටින්ගේල්ගේ මව උගත් කාන්තාවක් වුවද රැකියාවන්හි නොයෙදෙන ඉහළ පැලැන්තියේ කාන්තාවක් විය. ඇගේ පියා වූ විලියම් එඞ්වඞ් නයිටින්ගේල් කේම්බි්‍රජ් විශ්වවිiාලයේ ඉගෙනුම ලද්දෙකි. අධ්‍යාපනයේ වටිනාකම හොඳින් දැන සිටි මෙම යුවළ තම දියණියන් දෙදෙනාට හොඳ අධ්‍යාපනයක් ලබා දීමට කටයුතු කළහ. කුඩා කාලයේදී නිවෙසට කැඳවූ ගුරුවරියන් විසින් දරුවන් දෙදෙනාට ශිල්ප ශාස්ත්‍රය ලබාදෙන ලදී. එහිදී ගණිතය, විද්‍යාව, ඉතිහාසය මෙන්ම සාහිත්‍ය පිළිබඳ අධ්‍යාපනය ලබා ගැනීමට නයිටින්ගේල්ට හැකි විය. භාෂාවන් පිළිබඳ අධ්‍යයනය කිරීමේදී ඉංග්‍රීසී, ලතින්, ස්පාඤ්ඤ යන භාෂාවන්ද ඉගෙන ගැනීමට ඇයට අවස්ථාව හිමි විය.
පියාගෙන් අධ්‍යාපනයට ලැබුණු මඟපෙන්වීම යටතේ බයිබලය ගැන මෙන්ම දේශපාලන කරුණුද ඇය මැනවින් හදාරන්නට විය. වැඩිවියට පැමිණෙන නයිටින්ගේල් මවුපියන්ගෙන් ඉල්ලා සිටිනුයේ තමන්ට ගණිතය වැඩිදුරටත් හැදෑරීමට ඉඩ සලසා දෙන ලෙසයි. එයට විරුද්ධ වන මවුපියන්ගේ බස් නොසලකා ඇය හිතුවක්කාර වීමේ ප්‍රතිඵලයක් ලෙස ඇයට ගණිතය ඉගෙන ගැනීමට හැකි වෙයි. හොඳින් ගණිතය හැදෑරූ මැය හෙද වෘත්තියට පිවිසීමට පෙර ළමයින්ට ගණිතය ඉගැන්වූ ගුරුවරියක් ලෙස කටයුතු කරන්නට වූ අතර, පසුව ඇය හෙද සේවය තෝරා ගත්තාය. නමුත් ඇගේ මවුපියන් ඇගේ අභිලාෂයන්ට එකහෙළාම විරුද්ධ වන්නට විය. මන්දයත් 19 වැනි සියවසේදී උගත් ස්ත්‍රියක් සාත්තු සේවයේ යෙදීම ආකර්ෂණීය හෝ ගෞරවනීය වෘත්තියක් වශයෙන් සලකා නොමැති බැවිනි.

නයිටින්ගේල්, දෙවියන් කෙරෙහි මහත් භක්තියක් දැක්වූ කාන්තාවකි. දිනක් ඇය උiානයක වාඩි වී උභතෝකෝටිකව සිටිනා විට ඇයට ඇමැතුමක් ලැබිණි. ඇය පවසන පරිදි එම ඇමැතුම දෙවියන්ගෙනි. එනම්.
‘කිර්ති, ප්‍රශංසා වෙනුවෙන් නොව උන්වහන්සේ වෙනුවෙන් සාත්තු සේවයට පිවිසෙනවාද?’ යනුවෙන් දෙවියන් වහන්සේ තමාගෙන් අසා සිටි බව ඇගේ ලේඛන තුළින් හෙළි වෙයි.

හෙදියක් වීමේ අපේක්‍ෂාවෙන් සිටින මැයට දුගී දුප්පත්, අසරණ රෝගීන් වෙනුවෙන් කැපවී කටයුතු කරන තියඩෝර් නමැති පාස්ටර්වරයා ජර්මනියේදී මුණගැසීම තම අරමුණට ළඟා වීමට ඇති උනන්දුව වර්ධනය කරන්නට විය. 1951දී නයිටින්ගේල්ට තම සිහිනය අවදි කරමින් හෙද පුහුණුව සඳහා කෙයිසර්වත්හි හෙදියන් සහ ගුරුවරුන් සඳහා වූ ජර්මානු අභ්‍යාස පාසලේ මාස කිහිපයක් අධ්‍යාපනය ලැබීමට අවස්ථාව හිමි විය.

1853දී ලන්ඩනයේ කාන්තාවන් රැක බලා ගන්නා ආයතනයක පාලිකාවක් ලෙස කටයුතු කරන්නට ඇයට අවස්ථාව හිමි විය. ඇයට තම නිවෙසින් ස්වාධීන වන්නට මෙන්ම ආයතනයක් පාලනය කිරීමට අත්දැකීම් මෙමඟින් ලබා ගැනීමට හැකි විය. මෙකල තරුණ නයිටින්ගේල් දේශපාලකයකු වූ රිචඞ් මොන්ටික් මිල්නස් සමඟ ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන යනුයේ විවාහ වීමේ සිතුවිලිසහගතවය. නමුත් විටෙක මැය ඔහුව ප්‍රතික්‍ෂේප කරනුයේ ඔහු දිනෙක තම හෙද වෘත්තියට අකැමැති වෙතැයි බිය වූ හෙයිනි.

1853දී රුසියානු අධිරාජ්‍යයට එරෙහිව බි්‍රතාන්‍ය – ප්‍රංශ ඔටෝමන් අධිරාජ්‍යයන් සටන් වැදීමෙන් ක්‍රිමියානු යුද්ධය ආරම්භ විය. එය දැඩි මතභේදවලට තුඩු දුන් ගැටුමක් වූ අතර, දෙපිරිසේම පුද්ගලයන්ට ඉතා දරුණු තුවාල ඇති විය. තුවාල වූ සොල්දාදුවන්ට ප්‍රාථමික මට්ටමේ ප්‍රථමාධාර පවා ලබා දීමට නොහැකි වූ නිසා මිනිසුන් නිකරුණේ මිය යනන්නට විය. බි්‍රතාන්‍ය මූලික රෝහලක් වූ ස්කුටාරි රෝහලට නයිටින්ගේල්ට යෑමට අවස්ථාව උදාවූ අතර, එහි සිටි තුවාල වූ සොල්දාදුවන්ට ප්‍රතිකාර කිරීමට වෛiවරුන් පවා හිඟ විය. ආරම්භයේදී හෙදියන්ගේ රාජකාරිය වූයේ රෝහල පිරිසුදුව තබා ගැනීම වුවත් මෙවන් මොහොතක නයිටින්ගේ දායකත්වය තුළින් සියයට 40ක් වූ සොල්දාදුවන්ගේ මරණ අනුපාතය සියයට 2 දක්වා අඩු වන්නට විය. හමුදා සොල්දාදුවන්ට ඇය කළ සේවය තුළින් ‘පහනක් අතින් ගත් ආර්යාව’ ලෙස ලෝක පූජනීය වීමට ඇය වාසනාවන්ත විය.

ඇය ජීවත් වූ නගරයේ ඇයව ජාතික වීරවරියක් ලෙස හඳුන්වයි. මහජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය නඟාසිටුවීම වෙනුවෙන් කළ සේවය අගයමින් 1883දී වික්ටෝරියා රැජන විසින් රාජකීය රතු කුරුස සම්මානය නයිටින්ගේල්ට ප්‍රදානය කරන්නට විය. ඇගේ සමාජ මෙහෙවර හේතුවෙන් විවිධ ගරු සම්මාන ඇයට හිමි වුවද ඒ සියල්ල හමුවේ ඇය නිහතමානී චරිතයක් විය.

ඇය ස්කුටරි රෝහලේ සේවය කරන විට යුද සෙබළුන් වෙනුවෙන් සිදු කළ උසස් මෙහෙය වෙනුවෙන් 1855 නොවැම්බර් 29 වැනිදා බි්‍රතාන්‍යයන් විසින් ඇයට උපහාරයක් ලෙස නයිටින්ගේල් අරමුදල පිහිටුවයි. මෙහි ලේකම්වරයා වූයේ සිඞ්නි හර්බට් මහතාය. එම අරමුදලින් 1860 වසරේදී එංගලන්තයේ ශාන්ත තෝමස් ආරෝග්‍ය ශාලාවට අනුබද්ධව ලෝකයේ පළමු වැනි වෘත්තීමය හෙද සේවා ආයතනය ආරම්භ කරන ලදී. ඒ නයිටින්ගේල් තම ජීවිතයේදී අත්විඳි අනන්ත වූ දුක්ගැහැටවල අග්‍රගණ්‍ය ප්‍රතිඵලයක් ලෙසිනි.

නයිටින්ගේල් පුරුද්දක් ලෙස තම රෝගීන් පිළිබඳව සටහන් තබන්නට පුරුදුව සිටියාය. දත්තයන්, ප්‍රස්තාර කිරීම හා විස්තර සිතියම්ගත කිරීම වැනි ගණිත මනිත ක්‍රම නයිටින්ගේල් අනුගමනය කිරීම ආයතන ප්‍රගතිය කරා ළඟා වීමට හේතු විය. හෙද සේවය හැරුණු විට ගණිතඥවරියක් ලෙස කටයුතු කිරීම බොහෝ දෙනෙක් නොදන්නා කරුණකි. ඇය 1859දී ‘භදඑැි දබ බමරිසබටි’ ග්‍රන්ථය ලියා ප්‍රසිද්ධ කළාය. එය ඇගේ හෙද විදුහල්වල අත්පොතක් ලෙස භාවිත වූ අතර, පසුව මහජනයා අතරද ප්‍රසිද්ධ විය. ඇය හෙද වෘත්තිය සම්බන්ධව පොත් දෙසීයක් පමණ රචනා කළාය.

යුරෝපා රටවල මෙන්ම ඉන්දියාව තුළද සනීපාරක්‍ෂක කටයුතු ඉහළ නංවන්නට ඇය කටයුතු කළාය. ඇය හෙද සේවයට අමතරව පාසල්, අනාථ නිවාස මෙන්ම ගණිකා වෘත්තිය පිළිබඳ නීති රීති ප්‍රතිසංස්කරණයට දායකත්වය ලබා දෙන ලදී. අන්ත අසරණ රෝගීන් වෙනුවෙන් තම ජීවිතය කැප කළ ඇය වයස 37දී මානසික අවපාතයකට ලක්වී ඔත්පල විය. එලෙස රෝගීව සිටියද තම සේවාවන් නොනවත්වා ඉදිරියට පවත්වාගෙන යන්න ඇය උනන්දු වූවාය.

1910 අගෝස්තු 12 වැනිදා ඇය නින්දේදීම මෙලොව හැර ගියාය. වසර 90ක ජීවිතයේ තමා සුවපත් කළ රෝගීන් ගැන ඇයට අවසන් මොහොතේදී සිහිවන්නට ඇත. වීර කාන්තාවක් ලෙස ලෝකය තුළ අමරණීය වූ ෆ්ලෝරන්ස් නයිටින්ගේල්, හැම්ෂයර්හි දේවස්ථානයකදී භූමදාන කරන ලදී.

ෆ්ලෝරන්ස් නයිටින්ගේල් මෙලොව හැර යන විට ලෝක ජනතාව වෙනුවෙන් ඇය ඉටු කළේ ස්ත්‍රීත්වය අභිභවා ගිය අසීමිත සේවාවකි. ඇය එම සේවාව පුද කළේ ලොව ප්‍රථම හෙදිය ලෙස පමණක් නොව ගණිතඥවරියක්, කාන්තාවාදිනියක් හා ලේඛිකාවක් ලෙස ලෝකවාසීන්ගේ ගෞරව බුහුමානයට පාත්‍ර වෙමිනි. පවුලට හිතුවක්කාරියක් වූ ඇය ලෝකයටම කරුණාව බෙදා දුන්නාය. මරණයේ අබියස සිටි දහසක් රෝගී ජීවිතවලට ඖෂධවලට වඩා කාරුණික හදවත් ඖෂධයක්ම බව ලොවට පසක් කරන්නට ඇගේ උත්සාහය පිටිවහලක් විය.
ක්‍රිෂානි මල්ලව

SendShareShare
Previous Post

පතනා බෝධියක නිවන් දකින්නෙ කොහොමද

Next Post

අඟහරුවාදා ඉඳන් රටම අරියි: ඇඳිරිය රෑට විතරයි

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.