මෙම කාලතුවක්කුව 1700 වසරේ නිපදවා ඇති බවට විශ්වාස කෙරෙන අතර, ලෙව්කේ මුදලි විසින් එදවස රජු වූ ශ්රී වික්රමරාජසිංහ රජුට තිළිණයක් ලෙස මෙම කාලතුවක්කුව ලබාදී තිබේ. රන්, රිදියෙන් වැඩ දමා මැණික් ඔබ්බවා ඉතා අලංකාර අයුරින් නිමවා ඇති මෙය දුටුවන්ගේ සිත් ඇදබැඳ ගන්නා වූ වඩාත් සියුම් විශිෂ්ට නිර්මාණයකි. මෙය රාජකීය අමුත්තන් පිළිගැනීම සඳහා ආචාර වෙඩිමුරවලට පමණක් යොදා ගන්නට රජතුමා කටයුතු කර ඇත. එහෙත් 1765 වසරේදී ලන්දේසීන් විසින් මෙම කාලතුවක්කුව අත්පත් කරගෙන 1795දී නෙදර්ලන්තයට රැගෙන ගොස් තිබේ. මෙය දැන් නෙදර්ලන්තයේ ජාතික කෞතුකාගාරයේ ප්රදර්ශනයට තබා තිබේ.











