• About us
  • Contact us
Tuesday, June 16, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අවුරුද්දට ආණ්ඩුව ජනතාවට දුන් තෑග්ග (VIDEO)

March 29, 2021
in Exclusive, Uncategorized
Reading Time: 4 mins read
A A
අවුරුද්දට ආණ්ඩුව ජනතාවට දුන් තෑග්ග (VIDEO)
Share on WhatsAppShare on Facebook

පිළිකාකාරක පොල්තෙල් මාෆියාවක් රටේ ඇති බවත්, අවුරුද්දට ආණ්ඩුව ජනතාවට දෙන තෑග්ග මෙම පිළිකාකාරක පොල්තෙල් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

63වන සත්කාරය විපක්ෂ නායක ජංගම සේවයට තිස්සමහාරාම කාවන්තිස්සපුරදී එක්වෙමින් පැවසීය.

එහිදී ඒ මහතා මෙසේද කීය.

“ගිය අවුරුද්දේ සිංහල දමිල අලුත් අවුරුද්ද සැමරුවේ කොරෝනා එක්ක. මෙවර 2021සිංහල දමිල අලුත් අවුරුද්ද සමරන්න වෙලා තිබෙන්නේ පිලිකාකාරක පොල්තෙල් සමඟ සහ පොල්තෙල් ආදේශක සමඟ. ඔබතුමන්ලා දන්නවද මේ ආණ්ඩුව යටතේ  මේ රටට මෙට්‍රික් ටොන් දහස් ගණනක් පොල්තෙල් සහ පොල්තෙල් ආදේශක,නිකං නෙමෙයි පිළිකාකාරක ආදේශක අපේ රටට ගෙන්වලා තිබෙනවා. මේවා හොර පාරෙන් ගෙන්නලා තියෙන්නේ. සෞඛ්‍ය අමාත්‍යංශයේ ඒ අදාල අංශයෙන් මේ ගෙනාපු පොල්තෙල් සහ ආදේශක නිසි ප්‍රමිතියක් නොතිබීම තුළ ,පිලිකාකාරක හැටියට හඳුන්වා ගැනීම තුළ ඒවා තහනම් කළා. තහනම් කරපු වෙලාවේ සමාගම් කිහිපයක් එකතු වෙලා අර පොල් තෙල් සහ පොල් තෙල් ආදේශක පිරිපහදු කරලා ප්‍රමිතිකරණ ආයතනයට දීලා ප්‍රමිති කරන ආයතනයෙන් සහතික ලබාගෙන ,ඒ විතරක් නෙමෙයි ,රේගුව මෙච්චර බරපතළ ප්‍රශ්නයක් තිබියදීත් ඒ ඒ සමාගම් වල ගුදම් වල මේ නුසුදුසු පොල්තෙල් හා ආදේශක ගබඩා කරන්නට අවසරය ලබා දීලා ,දැන් මොකද්ද වෙලා තියෙන්නෙ ?

පිලිකාකාරක පොල් තෙල් හා පොල් තෙල් ආදේශක දැන් වෙළඳපොළට නිකුත් වෙලා හමාරයි. එතකොට මෙවර සිංහල දමිල අලුත් අවුරුද්ද අපි සමරන්නේ පොල්තෙල් මාරයාත් එක්ක සටන් වැදීමක් තුළ. කෑම පිගාන එනකොට මේක මාරයාගේ පිගාන වෙයිද දන්නේ නෑ. දැන් මිත්‍රවරුනේ මේ රටේ ජනතාව මේ ආණ්ඩුව පත් කරපු එක හේතුවක් මොකක්ද ? මේ පොහොට්ටු පුද්ගලයෝ කිව්වා පොහොට්ටුව එන්නේ සිස්ටම් එක හදන්න. ව්‍යුහය හදන්න.ක්‍රමවේදය හදන්න .  දැන් මොකද්ද වෙලා තියෙන්නේ ? ආණ්ඩුව වගේම සිස්ටම් එකත් ෆේල්. සිස්ටම් එක කඩාවැටිලා. ක්‍රමවේදය කඩාවැටිලා. ලොකුවට කිව්ව යුද්ධෙ දිනපු අපිට මේ රට සෞභාග්‍ය කරා ගෙන යෑම එතරම් මහලොකු දෙයක් නෙමෙයි කියලා. දැන් මොකද්ද වෙලා තියෙන්නේ ?

යුද්ධය දිනපු ආණ්ඩුව අපේ රටේ ජනතාවට මහා භයංකාර ,ප්‍රමිතියෙන් තොර පොල් තෙල් හා පොල් තෙල් ආදේශක , පිළිකා කාරකයන් තිබෙන ඒ පොල් තෙල්, පොල් තෙල් ආදේශක වෙළඳපොළට නිකුත් කරලා. දැන් රටේ ජනතාවට තිබෙනවා කෝවිඩ් මාරයා සමඟ සටනක් කරන්න. ඊට අමතරව සිංහල දමිල අලුත් අවුරුද්දේ මේ ආණ්ඩුව රටට ලබාදෙන සුබාරංචිය තමයි කෝවිඩ් මාරයාත් ඇතුළුව පොල්තෙල් මාරයා එක්කත් සටන් වදින්න කියලා . මං අහන්න කැමතියි තමුන්නාන්සේලාගෙන් මෙච්චර 69 ලක්ෂයක් ඡන්දෙ දීලා ජනාධිපතිවරණයේ, 68 ලක්ෂයක් ඡන්දෙ දීලා මහමැතිවරණයේ. නිකමට පොඩ්ඩක් හිතන්න ,කොම්පැනි කාරයෝ ආරක්ෂා කරගන්නට  , කොම්පැනි කාරයන්ට මුදල් උපයන්නට මෙහෙම රටේ ජනතාව බිලි දෙන එක සාධාරණද?

දැන් මේ පිළිකා පිළිකාකාරක පොල් තෙල්  සහ ආදේශක වෙළඳපොළට නිකුත් කිරීම තුළින් සමාගම් කීපයක් කෝටි ප්‍රකෝටි ගණන් ලාභයක් ලබලා තියෙනවා. මුදල් ලබලා තියෙනවා. හැබැයි නිකුත් කරපු පිලිකාකාරක පොල්තෙල් සහ ආදේශක නිසා ජනතාවගේ ජන ජීවිත අනතුරේ.

මිත්‍රවරුනි ,මෙච්චර සෞඛ්‍ය බලධාරීන් සහ රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශය එපයි කියද්දි ,හොඳ නැතෙයි කියද්දි ,ප්‍රමිතියෙන් බාලයි කියද්දි ,පිළිකාකාරක තිබෙනවා කියද්දී මොකක්ද ආණ්ඩුව කළේ ? ආණ්ඩුවයි, රේගුවයි, ප්‍රමිති ආයතනය යි කොහොමහරි මේව අර කොම්පැනිකාරයන්ට ලබාදීලා ,කොම්පැනි කාරයෝ වස විස අඩංගු පොල්තෙල් සහ ආදේශක වෙළඳපොළට නිකුත් කරලා හමාරයි.

මේ වෙනකොට මේ රටේ ජනතාව ඒවා මුදලට අරගෙනත් ඇති ,අරගෙන පාවිච්චි කරලත් ඇති. පාරිභෝජනය කරලත් ඇති. මෙහෙම තත්ත්වයක් තුළ රටේ ජනතාවට සිද්ධ වෙනවා ඉදිරියේදී මහා අන්තරාදායක තත්ත්වයකට මුහුණ දෙන්න.

දැන් ඔබ සියලු දෙනාම දන්නවා ලෙඩරෝග දිහා බැලුවහම පිළිකා රෝගය කියන්නේ මහා භයානක රෝගයක්. බොහෝ පිළිකාවන් වලට බේත්හේත් නෑ. ඒවා හොඳ කරන්නට බැහැ. පිළිකාවක් හැදුනාම බොහෝ අවස්ථාවලදී එක දෙයක් නියතයි. ඒ තමයි මරණය.

දැන් මේ රජය මොකද්ද කරලා තියෙන්නේ? බාල පොල්තෙල් සහ බාල ආදේශක ,පිලිකාකාරක පොල්තෙල් සහ ආදේශක හොර පාරෙන් වෙළඳපොළට නිකුත් කරලා ,හොර සහතික හදලා ,හොර සහතික හදන්න රාජ්‍ය ආයතන මැදිහත් කරවලා , කොම්පැනි කාරයෝ කිහිප කිහිපදෙනෙක්  පෝසතුන් බවට පත් කරන්න අද කටයුතු කරලා තිබෙනවා.

දැන් අද එළිපිටම කියන්න පුළුවන් අර සීනි වලින් ගහපු සමාගමක් අද මේ පොල්තෙල් මාරයා ව්‍යාපෘතියට සම්බන්ධයි. මේ අවස්ථාවේ ආණ්ඩුවත් උත්තර දෙන්නට ඕන ,මේ වගේ පහත් ආණ්ඩුවක් පත් කරපු 69 ලක්ෂයත් දැන් උත්තර දෙන්නට ඕන. දැන් උත්තර බඳින්න වෙලාව ඇවිල්ල තියෙන්නේ. මහලොකුවට පත්කරගත්තා සිස්ටම් එක හදන ආණ්ඩුවක්. දැන් තියෙන්නෙ system breakdown. දැන් ව්‍යුහයත් කඩා වැටිලා. රටත් කඩාවැටිලා. කොරෝනා මාරයාත් ඉන්නවා ,දැන් පොල් තෙල් මාරයාත් ඉන්නවා .

ආන්ඩුවේ වගකීම මිතුරනි මට පේන ආකාරයට මිනිසා ජීවත් කරවීම නෙමෙයි ,මිනිසා  ඉක්මනින්ම මාරයා කරා රැගෙන යෑම. මේ රජය හදන්නේ මේ වගේ බාල වැඩ තුළින් මේ රටේ ජනතාව  මරණ මංචකය කරා ගෙනයන්න.

SendShareShare
Previous Post

ආණ්ඩුව සටන පටන් ගනී: දෙමළ සංවිධාන රැසක් වහා තහනම් කරයි

Next Post

ලෙව්කෙ මුදලි ශ්‍රී විජය රාජසිංහ රජුට දීපු රාජකීය කාලතුවක්කුව

MORE NEWS

කුඩු ගහන්න කප්පම් දෙන්න බෑ කිව්වාම කඩේට පැනලා දැලි පිහියෙන් කපලා! මැදවච්චියට පිළිලයක් වෙච්ච මේ තිරිසනාව වහාම අල්ලලා කූඩු කරන්න! VIDEO I Sri Lanka Latest News
Exclusive

කුඩු ගහන්න කප්පම් දෙන්න බෑ කිව්වාම කඩේට පැනලා දැලි පිහියෙන් කපලා! මැදවච්චියට පිළිලයක් වෙච්ච මේ තිරිසනාව වහාම අල්ලලා කූඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 23 ගැන සිංදු කියන සංගීත් ගැහුවෙ බයිලාවක්ද? අනුරව හම්බවුණාම මුදල් ඇමැතිතුමාව හම්බවෙන්න කියලා කිව්වා! දැන් නියෝජ්‍ය මුදල් ඇමැති කියනවා මාව නම් හම්බවෙන්න ආවේ නෑ කියලා! අයියෝ සංගීත්…! VIDEO I Sri Lanka Latest News

‘පච මදිවට හොරු.. අනුරට බෑ.. ජනතාවට අමාරුයි’! සජබ හෙට උදේ දෙහිඅත්තකණ්ඩියේදී පාරට බහිනවා! I Sri Lanka Latest News
Exclusive

‘පච මදිවට හොරු.. අනුරට බෑ.. ජනතාවට අමාරුයි’! සජබ හෙට උදේ දෙහිඅත්තකණ්ඩියේදී පාරට බහිනවා! I Sri Lanka Latest News

දේශපාලන ගේම්-ඩීල් දැන් මුලු රටම ප්‍රතික්ෂේප කරනවා! ඉදිරියේදී මේ චෞර වළල්ලම එකට තියා පරද්දනවා! ගෝඨා-රනිල් ආණ්ඩුවේ තනතුරු නොගන්නා හේතුව හර්ෂ පැහැදිලි කරයි!
Exclusive

මෙන්න මාර හෙළිදරව්වක්! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වෙච්ච ඩොලර් මිලියන 2.5 ගැන හොයද්දී මුදල් කමිටුවේ හඬ පට එළියට දැම්මොත් හර්ෂ ද සිල්වා සභාපතිකමෙන් අයින් කරනවා කියලා ආණ්ඩුවේ මන්ත්‍රීවරු තග දාලා! VIDEO I Sri Lanka Latest News

කැකුළු-නාඩු සහල් හිඟයක් එනවා කියනවා! සම්බා-කීරි සම්බා මිල නගිනවා කියනවා! ඒ අස්සේ හාල් බිස්නස් එක කරන ඩඩ්ලි බස්සපු අලුත්ම භාණ්ඩෙ කොහොමද? ‘රෝල්ස් රොයිස් ෆැන්ටම් සෙන්ටෙනරි’! ලෝකෙටම 25යි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

බිලියන ගණන් වියදම් කරලා රෝල්ස් රොයිස් ගෙනාපු ඩඩ්ලි සොච්චම් වී මිල ගැන අහක බලාගෙන කියපු කතාව! අපිට පුලුවන් විකල්පය තමයි දීලා තියෙන්නේ! VIDEO I Sri Lanka Latest News

තුට්ටු දෙකේ වී මිලට එරෙහිව ගොවි සංවිධාන 22ක ගොවියෝ හිඟුරක්ගොඩින් පාරට බහී! අපි හිතුවෙ නෑ අවුරුදු එකහමාරට ආණ්ඩුව අපිට මෙහෙම කරයි කියලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

තුට්ටු දෙකේ වී මිලට එරෙහිව ගොවි සංවිධාන 22ක ගොවියෝ හිඟුරක්ගොඩින් පාරට බහී! අපි හිතුවෙ නෑ අවුරුදු එකහමාරට ආණ්ඩුව අපිට මෙහෙම කරයි කියලා! VIDEO I Sri Lanka Latest News

Load More
කුඩු ගහන්න කප්පම් දෙන්න බෑ කිව්වාම කඩේට පැනලා දැලි පිහියෙන් කපලා! මැදවච්චියට පිළිලයක් වෙච්ච මේ තිරිසනාව වහාම අල්ලලා කූඩු කරන්න! VIDEO I Sri Lanka Latest News
Exclusive

කුඩු ගහන්න කප්පම් දෙන්න බෑ කිව්වාම කඩේට පැනලා දැලි පිහියෙන් කපලා! මැදවච්චියට පිළිලයක් වෙච්ච මේ තිරිසනාව වහාම අල්ලලා කූඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

කප්පම් දෙන්න බෑ කිව්වාට වැඩ කරන සැලුන් එකට ඇවිත් අත කපලා... තරුණයෙකුට එල්ල වූ ප්‍රහාරයේ සියලු CCTV සාක්ෂි එළියට... Sri...

Read more
ඩොලර් මිලියන 23 ගැන සිංදු කියන සංගීත් ගැහුවෙ බයිලාවක්ද? අනුරව හම්බවුණාම මුදල් ඇමැතිතුමාව හම්බවෙන්න කියලා කිව්වා! දැන් නියෝජ්‍ය මුදල් ඇමැති කියනවා මාව නම් හම්බවෙන්න ආවේ නෑ කියලා! අයියෝ සංගීත්…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 23 ගැන සිංදු කියන සංගීත් ගැහුවෙ බයිලාවක්ද? අනුරව හම්බවුණාම මුදල් ඇමැතිතුමාව හම්බවෙන්න කියලා කිව්වා! දැන් නියෝජ්‍ය මුදල් ඇමැති කියනවා මාව නම් හම්බවෙන්න ආවේ නෑ කියලා! අයියෝ සංගීත්…! VIDEO I Sri Lanka Latest News

‘පච මදිවට හොරු.. අනුරට බෑ.. ජනතාවට අමාරුයි’! සජබ හෙට උදේ දෙහිඅත්තකණ්ඩියේදී පාරට බහිනවා! I Sri Lanka Latest News

‘පච මදිවට හොරු.. අනුරට බෑ.. ජනතාවට අමාරුයි’! සජබ හෙට උදේ දෙහිඅත්තකණ්ඩියේදී පාරට බහිනවා! I Sri Lanka Latest News

දේශපාලන ගේම්-ඩීල් දැන් මුලු රටම ප්‍රතික්ෂේප කරනවා! ඉදිරියේදී මේ චෞර වළල්ලම එකට තියා පරද්දනවා! ගෝඨා-රනිල් ආණ්ඩුවේ තනතුරු නොගන්නා හේතුව හර්ෂ පැහැදිලි කරයි!

මෙන්න මාර හෙළිදරව්වක්! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වෙච්ච ඩොලර් මිලියන 2.5 ගැන හොයද්දී මුදල් කමිටුවේ හඬ පට එළියට දැම්මොත් හර්ෂ ද සිල්වා සභාපතිකමෙන් අයින් කරනවා කියලා ආණ්ඩුවේ මන්ත්‍රීවරු තග දාලා! VIDEO I Sri Lanka Latest News

කැකුළු-නාඩු සහල් හිඟයක් එනවා කියනවා! සම්බා-කීරි සම්බා මිල නගිනවා කියනවා! ඒ අස්සේ හාල් බිස්නස් එක කරන ඩඩ්ලි බස්සපු අලුත්ම භාණ්ඩෙ කොහොමද? ‘රෝල්ස් රොයිස් ෆැන්ටම් සෙන්ටෙනරි’! ලෝකෙටම 25යි! PHOTOS I Sri Lanka Latest News

බිලියන ගණන් වියදම් කරලා රෝල්ස් රොයිස් ගෙනාපු ඩඩ්ලි සොච්චම් වී මිල ගැන අහක බලාගෙන කියපු කතාව! අපිට පුලුවන් විකල්පය තමයි දීලා තියෙන්නේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.