• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

රජ කාලේ යුද්ධයට අශ්වයන් පුහුණු කරපු අශ්ව ඉස්කෝලේ

October 3, 2020
in Mahawanshaya
Reading Time: 1 min read
A A
රජ කාලේ යුද්ධයට අශ්වයන් පුහුණු කරපු අශ්ව ඉස්කෝලේ
Share on WhatsAppShare on Facebook

ඈත අතීතයේ අද වගේ යානවාහන තිබුණෙ නැත. විශේෂයෙන්ම රජ දවස ඒ කියන්නෙ මේ රට පාලනය කරපු විවිධ රාජ්‍ය සමහන්හි රජවරු වගේම මැති ඇමැතිවරුන් තම තමන්ගේ ගමන් අවශ්‍යතාවය සපුරා ගත්තේ අශ්වයන්ගෙනි. ගමන් අවශ්‍යතාවය වගේම එදා විවිධාකාර සතුරු ආක්‍රමණ සිදුවෙද්දි සතුරන් සමඟ සටන් කර රට ජාතිය බේරා ගන්නට සටන් පෙරමුණට ගියේත් අශ්වයන් පිට නැඟලායි.

ඉතිහාසයේ ජනප්‍රවාද කතාවල සඳහන් වෙන විදිහට රණශූර සෙබළු හමුදාවක් වගේම රණශූර අශ්ව හමුදාවකුත් ඒ කාලේ රජ දරුවන් සතුව ඉඳලා තියෙනවා. ඉදිරියට එන සතුරාට පහරදීමට තම පිට මත සිටින රණශූරයාට අවස්ථාව සලසා දීමට තමන් ගමන් කළ යුත්තේ කුමන ආකාරයකටද යන්න තේරුම් ගැනීමට වගේම ඒ ඒ සටන් ආයුධ අනුව ගමන් කළයුතු වේගය, දිශාව ආදී කාරණාත් අවබෝධ කරගැනීමේ සුවිශේෂී හැකියාවකුත් එකල අශ්වයන්ට තිබිලා තියෙනවාය කියලත් කතාවක් තියෙනවා. සතුරාගේ හීදඬුවලින් හෙල්ල ප්‍රහාරවලින් බේරෙන්නට තමන්ගේ වේගය පවත්වා ගතයුත්තේ කෙසේද යන්නත් මේ අශ්වයින්ට අවබෝධයක් තිබිල තියෙනවා. ඒ විතරක් නෙවේ තමාව පාලනය කළ හේවායා මියගියොත් බේරී යායුතු ආකාරයත් මේ අශ්වයින් දැනගෙන ඉඳලා තියෙනවා.

ගරිල්ලා සටන් ක්‍රම භාවිතා කර සතුරන් පහර දීමට සූදානමින් සිටිනවා නම් ඒ බව ඉවෙන් හඳුනාගන්නත්, අනතුර කලින් දැන සිය හාම්පුතුන්ට ඒ බව දැනුම් දීමටත් එදා අශ්වයින් හරි අගේට දැනගෙන හිටියයි කියලත් කියනවා. හැබැයි ඉතින් ඔය කොයි කොයි ශිල්පය දැනගෙන හිටියත් එකපාරටම කැලෙන් අල්ලාගන්න අශ්වයකුට මේ දැනුම පිහිටන්නෙ නැහැ කියන එකත් ඕනෙම කෙනෙක් දන්න දෙයක්. එනිසා එහෙම අල්ලාගන්න අශ්වයෝ වගේම රජ මාලිගය බාරේ ඇති දැඩි කරන අශ්ව කොටුවල බිහිවන හැදෙන වැඩෙන අශ්වයන්ටත් මේ සියලු උපක්‍රම ශිල්ප පුරුදු පුහුණු කරන්න ඕන. ඒ විදිහට දක්ෂ විදිහට අශ්වයින් පුහුණු කරන එකත් පිළිවෙළකට කරන්න ඕන දෙයක්. ඒ කියන්නේ ඒකත් විෂය නිර්දේශයකට ක්‍රමානුකූලව කළයුතු වැඩක්. එහෙම බරපතළ රාජකාරියක් ආවට ගියාට කරන්න බැහැ කියන එකත් අමුතුවෙන් කියන්න ඕන නැහැ. අන්න එහෙම රජවරුන්ට මැති ඇමැතිවරුන්ට සහ යුද්ධ කටයුතුවලටත් අශ්වයන් පුහුණු කරපු ප්‍රදේශයක් විදිහට ජනප්‍රවාදයේ කියැවෙන නමක් තමයි අස්මඩල කියන්නේ.

මාවනැල්ල අරණායක පාරෙ ගිහින් උස්සාපිටිය හන්දියෙන් දකුණට හැරිලා ගල් අතර හරහා අස්මඩලට යන්න පුළුවන්. අස්මඩලට ගියාම වටපිටාවේ තියෙන්නෙ අතිශය සුන්දර පසුබිමක්. ඌරාකන්ද, වාකිරිගල වගේ කඳු පර්වත දකින්නාගේ ඇසට චමත්කාරයක් ඇති කරනවා විතරක් නෙවෙයි මේ ඌරාකන්ද පාමුල ප්‍රාග් ඓතිහාසික යුගයේ මානවයන් වාසය කරපු ගල්ලෙන් වගේම සුසාන භූමියකුත් හොයාගෙනයි තියෙන්නේ.

කෙසේ නමුත් කලින් කිව්ව විදිහට අශ්වයින් පුහුණු කරපු ප්‍රදේශය නිසා මේ ප්‍රදේශය අස්මඩල විදිහට ප්‍රසිද්ධ වුණාය කියන කාරණාවෙන් ඈතට යද්දි තවත් අමුතු ජනප්‍රවාදයකුත් ප්‍රචලිතව තියෙනවා. ඒ තමයි රාවණා රජතුමා දඩකෙළියෙහි යන අවස්ථාවක මේ ප්‍රදේශයේදී තරමක් විශාල වල්ඌරකු දැකලා තියෙනවා. ඒත් රාවණ රජතුමා දුන්න සකස් කරන ශබ්දයට කලබල වුණු ඌරා රජතුමාගේ සහයට සිටි යක්ෂයකු අසලින්ම පැන දුවලා තියෙනවා. සිද්ධියෙන් කේන්තියට පත්වෙච්ච රාවණා රජු අර යක්ෂයාට හීයකින් විදලා ඒ යක්ෂයා ලේ පෙරමින් ගිහින් මඩගොහොරුවකට ඇදවැටිලා. එතැන ලේවලින් තෙත්වන විදිහට ලේ ගලාගෙන ගිය නිසා අස් මඩලේ පසුව අස්මඩල වුණාය කියලත් කියනවා.

අස්මඩල ග්‍රාමයේ එක තැනක තියෙනවා පුරාණ අම්බලමක්. ඒ අම්බලම ලඟින් ගියාම ගම මැදින් වැටුණු කඳුකර මාර්ගයේ යද්දි හමුවෙන අස්මඩල පුරාණ විහාරයට ඉහළින් ප්‍රදේශයේ තමයි පුරාණ ගල්ලෙන් හමුවෙන්නේ. අතීතයේ පමණක් නොවේ මෑත ඉතිහාසයෙත් මේ ලෙන් තුළ මිනිසුන් ජීවත්ව හිටියාය කියලත් ආරංචියක් තියෙනවා.

බැලූ බැල්මටම අස්මඩල ප්‍රදේශයේ මහා පෞරාණික බවකුත් රාජකීයන්ගේ කටයුතු කාරණාවන්ට පාත්‍රවෙච්ච ප්‍රදේශයක් බවටත් කියන්නට හැකි තරමක් වෙනස් භූ ලක්ෂණ වගේම ස්වභාවික පරිසරයකුත් දකින්න ලැබෙනවා. ඒත් එක්කම අස්මඩල ගැන කියැවෙන ජනප්‍රවාදයන් සිත් තුළත් මනසේත් හරි අපූරුවට මැවෙන අයුරු එහි ගිය කෙනකුට අරුමයක් නොවන බවත් විශ්වාසය.

කුමාර රත්නායක

SendShareShare
Previous Post

ඇසට්ලයින් ලීසිං සේවා පියසෙන් වාහන හිමියන්ට සේවා රැසක්

Next Post

දැන් ටෙලි හැදෙන්නේ නාළිකාවලට ඕනෑ විදිහට

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

ඉදිරි පැය කිහිපය ඇතුළත ඇමරිකාව සහ ඉරානය අතර අත්සන් තැබීමට නියමිත සටන් විරාම ගිවිසුමේ ප්‍රධාන කරුණු මේ වනවිට විදෙස් මාධ්‍ය...

Read more
විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.