• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

මොකක්ද මේ ගස් වෙදකම

January 7, 2020
in Mahawanshaya
Reading Time: 2 mins read
A A
මොකක්ද මේ ගස් වෙදකම
Share on WhatsAppShare on Facebook

කැඩුම්, බිඳුම් වෙදකම අභාවයට ගොස්ද? බටහිර වෙදකම ආයුර්වේද වෙදකම අබිබවා ගොස්ද? බටහිරට ගැතිව සිතන, පතන, ක්‍රියා කරන පිරිස අපමණය.
වර්තමානයේ ගමේ යමකුගේ අත්-පා කැඩීම – බිඳීම – පිපිරීම, උළුක්කුව ආදී කුමන දෝෂයක් මතුවුවද සිහිපත් වන්නේ ගමේ වෙදමහතාය. නැතහොත් පන්සලේ වියපත් ස්වාමින් වහන්සේය.
කැඩුම්-බිඳුම් වෙදකම ගමේ හඳුන්වන්නේ ගස් වෙදකම ලෙසය. ගස් වෙදකම යනු ගසට කරන වෙදකමක් නොවේ. කැඩුම්-බිඳුම් වෙදකම රඳා පවතින්නේ ගස් – වැල් උපයෝගී කරගෙනය. සොබාදහම තුළින් ලොවටම මහත්වූ සේවයක් ජීවයක් සලසන ගහ-වැලට, ගස් වෙදකම තුළින් මිනිසාට නැවත ජීවය ලබා දීමට සැරසෙන්නේ අපූර්ව වූ අන්දමකිනි. ගසෙක පංචාංගයම මිනිස් ශරීරයට ඇවැසි බේත් හේත් සපයයි.

කොළ, මල්, ගෙඩි, අතු, පොතු, මුල් උපයෝගී කරගෙන සෑදෙන තැවීම්, මැල්ලුම්, පත්තු, කසාය ආදිය මිනිස් දිවියේ නිරෝගී සුවය වර්ධනයට මහත් උපකාරයක් සලසයි.
ආයුර්වේදයේ ආරම්භය දෙව්ලොවින් යැයි පැවසෙයි. කැඩුම්-බිඳුම් වෙදකම ශල්‍ය තන්ත්‍රයට අයත්ය. ධන්වන්තරි සම්ප්‍රදායට ඇතුළත්ය.

චිකිත්සා මූලධර්මවලට වඩා ත්‍රිසිංහල නරපතියකු වූ බුද්ධදාස රජතුමාගෙන් කැඩුම්-බිඳුම් වෙදකමේ ආරම්භය හඳුනාගැනීම වටියි. වෙදකමට අනූපමේය සේවයක් කළ බුද්ධදාස රජතුමාගේ සාරාර්ථ සංග්‍රහය අනගි වෙද පොතකි. එහි භග්න චිකිත්සා යටතේ කැඩුම්-බිඳුම් පිළිබඳ බොහෝ කරුණු උගත හැකිය.

කැඩුම්-බිඳුම් ප්‍රතිකාර සඳහා එතුමන් පිරිසුදු වැව්, පොකුණු, මඩද උපයෝගී කරගත් බව පැවැසේ. මෙය මවිතයට පත්වන කරුණකි. වැව්, පොකුණු මඩ ඖෂධයක් ලෙස යොදා ගැනීම විරලය. වර්තමානයේ වැව් පොකුණු අපවිත්‍රවී ඇත. පාරිසරික හේතුන් මත නොවේ. මිනිසාගේ නූගත්කම මතය. රසායන භාවිතයෙන් පරිසරයට සිදුවන හානිය බලවත්ය. අතීතයේ වැව්, පොකුණු පුරා නෙලුම් පිරී පැවැතියේය. නෙලුම් පිරි වැවක අනෙකුත් ශාකයන් වැඩීම දුර්වලය. වැව කොපමණ විශාල වුවද, නෙලුම් පිරී පැවැතියද නෙලුම් අල ඇත්තේ ස්වල්පයකි. එයද වර්තමානිකයනට විහිළුවකි. නෙලුම් අල වර්තමානයේ සුපිරි වෙළෙඳසල් තුළද ඇත.
නෙලුම අල ඇති වන්නේ මඩ යටය. නෙලුම් අලයකින් දසත පැතිරී යන්නේ නෙලුම් දඬුය. වර්තමානයේ වෙළෙඳ පොළේ ඇත්තේ නෙලුම් අල නොව නෙලුම් දඬුය.

නෙලුම් පිරි වැවක ජලය ශීත ගුණයෙන් යුක්තය. එය නියතයකි. වර්තමානයේද නෙලුම් පිරි ජලයේ ශීත ගුණය හඳුනාගත හැකිය. එහෙත් ආභරණ පැලැඳ ස්නානයෙන් ආභරණ වර්ණය වෙනස් වෙයි. රිදී පැහැය වෙනස් වෙයි. බැර ලෝහ වර්ග විවිධ රසායන වර්ග එක්වීමෙන් සිදුවන ජලයේ වෙනස ශරීරයට කොතරම අහිතකර වේද? එම ජලය පානය කිරීමෙන් ඇති වන රෝග හඳුනාගත හැකිද? ගැටලුවකි.

අද නෙලුම් දඬු සුපිරි ආහාරයක් ලෙස සැලකෙයි. එදා ගැමි ගෙදර, ගැමි මාතාවද නෙලුම් දඬු ආහාරයට එක්කර ගත්තේ විෂ මැරීමෙනි. ඇය පළමුව නෙලුම් දඬු තැම්බීමේදී එම ජල බඳුනට කැකුළු හාල් දෙමිටක් එක් කළාය. වර්තමානයේ එම විෂ මැරීමේ ක්‍රමය ගෘහිණියන් කොතෙක් දුරට උපයෝගී කරගන්නේ දැයි ගැටලුවකි.
කැඩුම්-බිඳුම් වෙදකම ඇතැම් ගුරු පරපුරක වෙනස් මඟක් ගනියි. වර්ධනය ඉමහත්ය. ප්‍රතිඵල සාර්ථකය.

බත ඉදෙන විට සන්ධි වදින්නට – නව පැයට සන්ධි වදින්නට
තුන් වරුවෙන් සන්ධි වදින්නට – දවසට සන්ධි වදින්නට

යනුවෙන් ප්‍රතිකාරක විධි රැසකි. කැඩුණු, බිඳුණු තැන නිවැරැදිව යථා තත්ත්වයට පත්වන්නේ නම් කොතරම් යහපතක්ද? ගොයම වැඩෙන්නටද කලක් ගතවෙයි. කරල පැසෙන්නටද කලක් ගතවෙයි. ක්‍ෂණික සවිවීම් යථා තත්ත්වයට පත්වීමට නිසි කාලය ඇවැසි වෙයි.
නිසි කාලයකට පෙර දොරට වඩින කුරුලු පැටවා දුර්වලය. නිසි කාලයට පෙර බිහිවන බිලිඳාද දුර්වලය. සිරුරක ශක්තියට සහ ඔරොත්තු දීමේ ශක්තියටද කාලය නිසි පරිදි අවශ්‍ය වෙයි.
මාසාද්භග්නං කුමාරාණං – ද්විමාසාද් ප්‍රෞඪදේහිනාම්
ත්‍රිසමාසාජ්ජරඨානාංච – භග්නං සන්ධීයතේ ශනෛඃ
වසර 1-16 දක්වා බාලයන්ගේ අස්ථි සවිවීම මසකින්ද, වසර 17-55 දක්වා වැඩුණු අයකුගේ දෙමසකින්ද, මහල්ලන්ගේ තුන් මසෙක සිට ක්‍රමයෙන්ද අස්ථි සවිවීම සිදුවෙයි. (සාරාර්ථ සංග්‍රහය – භග්න චිකිත්සා)
ගමේ කැඩුම්-බිඳුම් එදිනෙදා දිවියටද ගොනු වී ඇත. එහි යහපතට මෙන්ම අයහපතටද මඟ පහදයි.

කැඩුම්-බිඳුම් වෙදකමට පොල් ගසද, කිතුල් ගසද අවශ්‍ය වෙයි. කිතුල් මලේ රා නොදුන් අරෝවකට අයෙක් කිතුල් ගසේ කඳට පොල් ලීයෙන් තැනූ මෝල්ගසකින් පහර තුනක් ගසන්නේ කිතුලේ මල ඇරී යෑමටය. රා නැති වීමටය.

ගෙඩි සහිත ගසකට නඟින දඬු ලේනාගෙන් ගැමියාට වන්නේ අනර්ථයකි. දඬු ලේනුන් සහිත ගසකට පොල් ලීයකින් තෙවරක් පහර දෙන්නේ නම් ඉදිරි පැය කිහිපයක් තුළ දඬු ලේනුන් ගස පහළ සිටින බල්ලන්ගේ ගොදුරක් වෙයි. පොල් රා කැඩුම්-බිඳුම් ප්‍රතිකාර සඳහා අවශ්‍ය වෙයි. පොල් විනාකිරි, පොල් පැණි, පොල් මුලද අවශ්‍ය වන අවස්ථා බොහෝය. සියල්ල නිවැරැදිව හඳුනා ගැනීමට ගහ-කොළ පිරි ගමට යා යුතුය. ගමේ ඇත්තේ නියම ගස් වෙදකමය
එය අපේ හෙළ රජ දරුවන් දුටු කැඩුම්-බිඳුම් වෙදකමයි.
මතුගම ජයනෙත්ති

SendShareShare
Previous Post

තබ්ලාවෙන් සවන්පත් සැනසූ මනෝජ්

Next Post

වන්ෂොට්ගේ සීඩී වැඩෙන් කට්ටියම ‌නොකවුට්

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

බලය ලැබුණේ පැලවත්තට බවත් පැලවත්තෙන් ආණ්ඩුව ගෙන යාමේ සැලසුම් සකස් කරන බවත් සභානායක බිමල් රත්නායක මහතා පැවසීය. Sri Lanka Latest...

Read more

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.