• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

තබ්ලාවෙන් සවන්පත් සැනසූ මනෝජ්

January 7, 2020
in Heart
Reading Time: 1 min read
A A
තබ්ලාවෙන් සවන්පත් සැනසූ මනෝජ්
Share on WhatsAppShare on Facebook

කලා පරපුරකින් බිහිවුණු වාද්‍ය විශාරද, සංගීත අධ්‍යක්‍ෂ, දේශබන්ධු, ලලිත කලාසූරි මනෝජ් පීරිස් කලාව වෙනුවෙන් කරන කැපකිරීම මිල කළ නොහැකිය. ඔහු බාධක, කම්කටොලු මැද ජීවිතයේ සිහින සැබෑ කරගත්තෙකි. ඔහුගේ අලුත් තොරතුරු, දිවියේ වගතුග ගැන කතා කරන්නට අපි ඔහුව සම්බන්ධ කරගත්තා.
මනෝජ් දැන් සංගීත සපයනවාට අමතරව කලාකරුවන් සම්බන්ධීකරණයටත් යොමුවෙලා නේද?
එය ලොකු බැරෑරුම් කටයුත්තක්. හිතන තරම් පහසු නැහැ. හැබැයි ක්‍ෂේත්‍රයේ ශිල්පීන් මා වෙනුවෙන් දක්වන ඒ ප්‍රතිචාර ඉතාමත් ඉහළයි. ඒ තරමට ඔවුන් මම සමඟත්, මම ඔවුන් සමඟත් බැඳිලා ඉන්නවා. හරියටම කිව්වොත් ගහට පොත්ත වගේ.
මේ දවස්වල කොහොමද ඔබගේ නිර්මාණ පෙරළිය?
ස්වාධීන රූපවාහිනියේ ක්‍ය්එ ්බා ඵමිසජ වැඩසටහන, දෙරණ ලිට්ල් ස්ටාර් තරගය, සියත 7 නෝට්ස් වැඩසටහන, දෙරණ අන් ලිමිටඞ්, ටී.එන්.එල්. පැදුරු පාටිය රූපවාහිනි වැඩසටහන් සඳහා පසුබිම් සංගීතය සපයන්නෙ මගේ කණ්ඩායමත් එක්ක එකතුවෙලා වැඩකටයුතු කරන අතර තමයි. ඒ වැඩසටහන් සඳහා ක්‍ෂේත්‍රයේ කලා ශිල්පීන් සම්බන්ධීකරණ වැඩකටයුතු කරන්නෙ.
මනෝජ් හා හා පුරා කියලා පොතක් එළිදක්වන්න කටයුතු කරනවලු නේද?
මම මේ දේවල් ඉගෙන ගත්තේ ගොඩාක් දුක්විඳලා. ඒකෙ වටිනාකම මට දැනෙනවා. මම වගේම මේ ක්‍ෂේත්‍රයට එන්න මේ තබ්ලා වාදනය හදාරන්න ඈත පිටිසර දක්‍ෂ ළමයින් ඇති. ඉතින් ඔවුන්ගේ දැනුම තවත් දියුණු කරගැනීමට අත්වැලක් විදියට තමයි ‘තබ්ලාව ඉගෙන ගනිමු’ කෘතිය මම නිර්මාණය කරගෙන යන්නේ. පෙබරවාරි මම මේ කෘතිය එළිදක්වන්න තමයි සැලසුම් කරගෙන යන්නේ.
ඔබ ඔය කරන වැඩසටහන් අතර ‘තඹර විල’ වැඩසටහන වැඩි කතාබහට ලක්වෙලා නේද?
ඇත්තටම ඔව්. ‘තඹර විල’ වැඩසටහනට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. අපි එයින් කරන්නේ ජීවතුන් අතර නැති ප්‍රවීණ කලාකරුවන්ගේ නිර්මාණ සඳහා ඔවුන් වෙනුවෙන් උපහාර දැක්වීමක්. ගීත රචකයන්, සංගීත ශිල්පීන්, ගායක-ගායිකාවන් වෙනුවෙන් කරන වැඩසටහනක්, ගොඩ දෙනෙක් එය නරඹනවා.
ඔබේ පවුලෙ තොරතුරු මතක් කළොත්?
ඇත්තටම මනෝජ් පීරිස් කියල කියපුවාම වර්තමානයේ ක්‍ෂේත්‍රයේ බිහිවෙලා ඉන්න අලුත් සහෝදර ශිල්පීන්වත් දන්නේ නැති තරමට මගේ පවුල් පසුබිම තාරකා චක්‍ර වළල්ලක්. මල්කාන්ති නන්දසිරි, කියන්නේ මගේ ලොකු අක්කා. ඇය විවාහ කරගත්තේ ප්‍රවීණ ගායන ශිල්පී සනත් නන්දසිරි. ඒ මගේ ලොකු මස්සිනා. ඒ විතරක් නෙවේ මගේ මුල්ම ගුරුවරයා. නිර්මලා රණතුංග මගේ සහෝදරියක්. ඇය විවාහ කරගත්තේ දර්ශනපති, විජේරත්න රණතුංග. ඇයගේ දියණිය සෙව්වන්දි රණතුංග. අනිත් අක්කා තමයි නෙරංජලා සරෝජනී. ඇය විවාහ වෙලා ඉන්නේ ප්‍රවීණ තබ්ලා වාදක අබේවර්ධන බාලසූරිය සමඟ. අනිත් අක්කා සකුන්තලා පීරිස්. මට වැඩිමල් සහෝදරයෙක් ඉන්නවා. ඔහු කලාවට සම්බන්ධ නැහැ. මම තමයි පවුලේ බාලයා.
ඔබ යටතේ මේ සංගීත රටාව රසවත් කිරීමට ගෝල පරපුරක් බිහි කළා. ඒත් අද ගොඩ දෙනෙක් මේ ගමන යන්න හදන්නේ පැරෂුට් ක්‍රමයට?
එතැන තමයි වරද. හැදෑරීමක් නැතුව කලාව විතරක් නෙවේ කිසිම ක්‍ෂේත්‍රයකට පිවිසෙන්න බැහැ. හැදෑරීමත් එක්ක අත්දැකීම්, පළපුරුද්ද අනිවාර්යයෙන් තිබිය යුතුයි. තමන්ගේ ගමනට පිටුපසින් ගුරුවරයෙක් සිටිය යුතුයි. සහජ හැකියා තිබුණට මදි. හරි දැක්මක් ඇති හොඳ මාර්ගයක් පෙන්වීමට ගුරුවරයෙක් අවශ්‍යයි. මම දොස් කියනවා නෙවේ. හැදෑරීමක් නැතුව කිසිම දෙයකට අතදාන්න එපා. තමන් අතරමං වේවි.
වර්තමානයේ ඇහෙන සින්දුවල කිසිම අරුතක් නැති බවයි අපට පෙනෙන්නේ. මෙය ගැන ඔබට මොකද හිතෙන්නේ?
දක්‍ෂයො ඉන්නවා. හැබැයි ඔවුන්ගේ සින්දුවල පද රචනය, තනුවල කිසිම අර්ථයක් නැහැ. ඔහේ කියවනවා. ඉස්සර බලන්න ජෝතිපාලගේ හඬ, හැම කලා ශිල්පියකුටම ගැළපුණා. තමන් කරන නිර්මාණ හරියට අර්ථවත් විදියට ප්‍රවීණ අයගේ උපදෙස්, අරගෙන කනට මිහිරි වන ලෙස සකසාගන්න පුළුවන්නම් මොන තරම් අපූරුද?
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

හන්තානේ කල්ලි ගැහුණු ජ`පුර සමනල්ලු

Next Post

මොකක්ද මේ ගස් වෙදකම

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.