සම්පූර්ණ සහාය ඇතිව ක්‍රිස්තු ධර්මය ප්‍රචාරය රජයේ පාසල් මගින්ද රජයේ නිලධාරීන් විසින්ද ගෙන යන අවස්ථාවක ඊට විරුද්ධව කරුණු කියා පා ඔවුන්ගේ තර්ක බිඳදමා බුදුදහම රැකීමට භික්‍ෂූහු ඉදිරිපත් වූහ. 1865 බද්දේගම 1865 වරකාගොඩ 1866 උදන්විට, 1871 උදන්විට යන වාද ඇති වීමෙන් බෞද්ධ බව කියන්නට පවා මැළිව සිටි ජනයාට නව පණක් ලැබිණි. එහෙයින් මෙකල බෞද්ධාගම පුනරුදයේ සුවිශේෂී කාලයක් විය.