ශ්‍රී ලාංකේය පුද්ගලික රෝහල් සහ රසායනාගාර සේවා ක්ෂේත්‍රය තුළ සිය විශිෂ්ටත්වය යළිත් තහවුරු කරමින් 2020 ජාතික තත්ත්ව හා ඵලදායිතා සම්මේලන සම්මාන උළෙලේදී සම්මාන 50ක් හිමි කර ගැනීමට හේමාස් රෝහල් සමූහය සමත් විය. මෙම සම්මාන අතුරින් රන් සම්මාන 36ක්ද, රිදී සම්මාන 12ක් සහ ලෝකඩ සම්මාන 2ක් දිනා ගැනීමට හේමාස් රෝහල් සමූහය සමත් වූ අතර සමස්ත සම්මාන උළෙලෙහි වැඩිම සම්මාන සංඛ්‍යාවක් හිමිකර ගත් සමාගම් සමූහය බවටද හේමාස් රෝහල් සමූහය පත්විය.
දකුණු ආසියාවේ අංක එකේ රෝහල බවට පත්වීමේ දැඩි අධිෂ්ඨානයෙන් සහ විධිමත් දැක්මක් සහිතව ක්‍රියාත්මක වන හේමාස් රෝහල් සහ රසායනාගාර සමූහය පසුගියදා පැවති 2020 ජාතික තත්ත්ව හා ඵලදායිතා සම්මේලන සම්මාන උළෙලේදී නව වාර්තාවක් තබමින් එක් සමාගමක් හිමිකර ගත් වැඩිම සම්මාන සංඛ්‍යාවට සහ සේවා ක්ෂේත්‍රයේ සමාගමක් ලද වැඩිම සම්මාන සංඛ්‍යාවකට හිමිකම් කියන්නට සමත් විය. එමෙන්ම මෙම සම්මාන උළෙලේ “Best Lean Six Sigma Projects” කාණ්ඩය යටතේ හිමිකර ගත් වැඩිම රන් සම්මාන සංඛ්‍යාවේ හිමිකරුවා බවටද පත් විය. ජාතික තත්ත්ව හා ඵලදායිතා සම්මේලන සම්මාන උළෙලේදී වැඩිම සම්මාන සංඛ්‍යාවකට හිමිකම් කීමෙන් අනතුරුව මෙම වසර අවසනදී ඉන්දියාවේ හයිද්‍රබාද් නුවරදී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර තත්ත්ව පාලන කව සම්මාන උළෙල සඳහා සුදුසුකම් ලැබීමටද හේමාස් රෝහල් සහ රසායනාගාර සමූහයට හැකි විය.