• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

දිගාමඬුල්ලෙන් හමුවූ ඉතිහාසගත පුදබිම

December 24, 2019
in Mahawanshaya
Reading Time: 1 min read
A A
දිගාමඬුල්ලෙන් හමුවූ ඉතිහාසගත පුදබිම
Share on WhatsAppShare on Facebook

බුදු පිළිම නිර්මාණය වීමට පෙරම යුගයේ බුදුන් වහන්සේ සංකේතවත් කරන ලද්දේ සිරිපතුල්, සේසත වැනි මූර්තිවලින් බව ඉන්දියාවේ සාංචි වැනි ස්ථානවල කැටයම්වලින් පැහැදිලි වෙයි. ලංකාවේද ඇතැම් බෞද්ධ මධ්‍යස්ථානයන්හිදීද සිරිපතුල් සටහන් කැටයම් කළ හතරැස් ගල්පුවරු හමුවී තිබේ. එවැනි ගල්පුවරු උස් ස්ථානයක තැන්පත් කොට බුදුන් වහන්සේ සිහපත් කරමින් වැඳුම් පිදුම් කළ බවට විශ්වාස කිරීමට හැකියාව ඇත. මෙවැනි පූජනීය පුවරු පුරාණ බෞද්ධ මධ්‍යස්ථානවලදී අදත් දැකගත හැකිය.

ඓතිහාසික දිගාමඬුල්ලේ ද ආදිම බෞද්ධ මධ්‍යස්ථාන රැසක් ඇති බව දන්නා අපි “මව්රට”පුවත්පත වෙනුවෙන් බුදුන්වහන්සේ සංකේතවත් කරමින් සැදැහැවතුන් විසින් වැඳුම් පිදුම් කරන මෙවැනි ආසන ඝරයක් සොයා ගියෙමු.

අම්පාර නගරයේ සිට අරන්තලාව හරහා දිවෙන ් 7 මාර්ගයේ කිලෝමීටර් 24ක් පමණ ගිය විටදී හමුවන පියංගල වන සෙනසුන ආසන්නයේ පිහිටි අම්/දිව්ලාන විදුහල පසුකර ගිය විටදී පාරේ දකුණු පසින් අප සොයා ගිය පුඵකුණාව රජ මහා විහාරය පිහිටා තිබේ. ප්‍රධාන මාර්ගයේ සිට කිලෝමීටර් දෙකක් පමණ ගිය පසු වනය විසින් ගිල ගත් බිම්කඩක ඉදිකර ඇති පුඵකුණාව රජ මහා විහාරයේ ආවාස ගෙය හමුවෙයි. එහිදී අප පිළිගත්තේ පුඵකුණාව පුරාණ රජමහා විහාරාධිපති, උතුරු නැඟෙනහිර දෙදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක කිරිදිවෙල සෝමරතන නාහිමිපාණෝ විසිනි. අපි උන්වහන්සේට කන් දෙමු. නැඟෙනහිර පළාතේ අති පෞරාණික නටබුන් විහාරස්ථානයක් ලෙස ඓතිහාසික පුඵකුණාව රජ මහා විහාරස්ථානය හඳුන්වන්ට පුඵවන්. ඉතිහාසගත සාක්ෂි අනුව වෙහෙරගල කන්ද රජමහා විහාරය පුඵකුණාව යනුවෙන් හඳුන්වා දී තිබෙනවා. මෙම පුණ්‍ය භූමිය අනුරාධපුර යුගයට අයත් විහාරස්ථානයක්. ඵුස්සදේව මහ රහතුන් වහන්සේ ඇතුඵ රහතන්වහන්සේලා වැඩ සිටිය පුණ්‍ය භූමියක්. අක්කර දහස් ගණනකින් යුක්ත මෙම පූජා භූමිය තුළ ගරා වැටුණු චෛත්‍ය කිහිපයක් දකින්නට ලැබෙනවා. විහාර, මාලිගා, පුරාණ නටබුන් රැසක් තිබෙනවා. මෙහි ඇති සුවිශේෂී වූ විශාලතම ආසනඝරය අදත් නිරුපද්ධිතව පවතිනවා. මෙවැනි කුඩා ආසනඝර අන්‍ය ලබ්ධිකයන් විසින් තම තමන්ගේ ස්ථානවලට ගෙන ගොස් ඒවා ඔවුන්ගේ ආගමික ස්ථාන බවට පත්කර ගෙන ඇති බව දැනගන්නට ලැබී තිබෙනවා. ශාන්තිමලේ ප්‍රදේශයේ පුරාණ ආගමික සිද්ධස්ථානය එලෙස ආගමික ස්ථානයක් බවට පත්කර ගෙන තිබෙනවා. අනුරාධපුර යුගයට අයත් මෙම පුණ්‍ය භූමිය ගොඩනැංවීමේ ගෞරවය සද්ධාතිස්ස මහ රජතුමාට හිමිවෙනවා. කාලයාගේ ඇවෑමෙන් වල් බිහිවී තිබූ මෙම ස්ථානය 1968දී උතුරු නැඟෙනහිර දෙපළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක අති පූජ්‍ය හෑගොඩ ඉන්දසාර අපේ ගුරු පියාණන් වහන්සේ විසින් සොයා ගත්තා. සංවර්ධන කටයුතු ආරම්භ කළා. අප සහෝදර හල්වල ඥානවිමල හිමියන්ට ස්ථානය බලා කිය ගන්ට බාර දුන්නා. 1980 පෙර ත්‍රස්තවාදී කාලයට පෙර සිට ද්‍රවිඩ අය විහාරස්ථානයට බාධා කළා. අපහසුතා ඇති කළා. ඥානවිමල හිමියන්ට නොයෙකුත් තාඩනපීඩන වලට මුහුණ පාන්නට සිදුවුණා. 1983-84 කාලයේදී අපේ නායක හිමියන් රටපුරා දැනුවත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස කොළඹ තරුණ බෞද්ධ සංගමයේ එවකට සභාපති ශර්ලි වික්‍රමසිංහ මැතිතුමා ඇතුඵ කණ්ඩායමක් මෙම ස්ථානයට ආවාසයක් ඇතුඵ කුඩා ධර්ම ශාලාවක් ඉදිකර දුන්නා. එහි පැත්තක වැඩ වාසය කරමින් අනෙක් පැත්ත බුද්ධ මන්දිරයක් කර ගනිමින් වන්දනාමාන කළා. මාස හයක් යන්නට පෙර මෙහි වැඩ සිටි හිමිවරුන් අසනීප වී රෝහල් ගතවී සිටින විට පැමිණි එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් මෙම ගොඩනැඟිල්ල බෝම්බ ගසා සම්පූර්ණයෙන් විනාශ කළා. රටේ ත්‍රස්තවාදය ව්‍යාප්ත වන විට අපේ ගුරු පියාණන් වහන්සේ එහි වැඩ සිටි හිමිවරුන් ආරක්ෂාව පතා විද්‍යානන්ද මහ පිරිවෙනට ගෙන්නා ගත්තා. ලාහුගල නීලගිරි සෑය සොයා ගෙන සංවර්ධනය කළාක් මෙන්ම මෙම ස්ථානය සංවර්ධනය කිරීමට විශාල කාර්යභාරයක් කළා. ත්‍රස්තවාදය උච්චස්ථානයකට පැමිණි පසු මෙම ස්ථානයට ත්‍රස්තවාදය දැඩි සේ බලපෑවා. අවට ගම්වල ජනතාව කපල කොටල මරල දැම්මා. ඒ නිසා ජනතාව පන්සලට යෑම අතහැරියා. ත්‍රස්තයන් බලය පතුරුවා ගෙන සිටියා. මොකද මෙම විහාරස්ථානය අයිති මඩකලපුව දිස්ත්‍රික්කයේ පට්ටිපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට. සම්පූර්ණයෙන් දෙමළ ජනතාවගෙන් වට වූ ස්ථානයක්. නැවතත් පෙර පරිදි වල් බිහි වී වනගත තත්ත්වයට පත් වුණා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ උපදෙසින් ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්තුමා විරෝදාර රණවිරුවන් සමඟ එක් වී ප්‍රභාකරන් නැතිකර දමා යුද්ධය අවසන් කර රට එක් සේසත් කළ පසු 2012 වසරේදී අපේ අවධානය මෙම ස්ථානයට යොමු කළා. නමුත් යුද්ධය අවසන් වූ කඩිනමින් දෙමළ ගම්මානයට යෑමට පුඵවන් කමක් නෑ. මොකද යුද කාලයේදී මෙම ස්ථානය ත්‍රස්තවාදීන්ගේ ලොකු යුද කඳවුරක් ලෙස පවත්වා ගෙන ගිය ස්ථානයක්. පුඵකුණාව එස්. ටීි.එෆ්. කඳවුරේ සෙබඵ ඝාතනය කරල කාලතුවක්කු දෙකක් අරගෙන ගියේ මේ පුඵකුණාවට යන පාර දිගේ තමයි. රජමහා විහාරය එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් මූලස්ථානයක් කර ගෙන හිටියා. කොටින්ම කියනවා නම් මේක දකුණේ සිතුල්පව්ව වැනි ස්ථානයක්. මේ නටබුන් දිහා බලන්න. මේවා බෞද්ධ සංකේත. මේ කොරවක් ගල්, සඳකඩ පහන්, මුරගල්, ආසනඝර, මේ උඩ පඩිපෙළ, ගල් කැටයම්, බෞද්ධ සංකේත අපේ උරුමය පැහැදිලිව පෙන්වා දෙනවා. එයින් වැඩි ප්‍රමාණයක් අලි වැටකට ඩෝසර් කර විනාශ කරල තිබුණා. මේක සිංහල, දෙමළ කාටත් අයිති ස්ථානයක්. මේවා අපි සියල්ල එකතු වී ආරක්ෂා කර ගන්නට ඕනෑ. මේ වන විට මඩකලපුව දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වෙලා ඇත්තේ ස්ථාන දෙකයි. එකක් මඩකලපුව කොටුව බෞද්ධ ස්ථානය, දෙවැන්න පුඵකුණාව පින් බිම.

ශ්‍රමදානයක් කරන කොට ආපු සංවිධානයක අය කෝ ඔප්පුව කියල ඇහුවා. ඔප්පුව පෙන්නන්නට කීවා. ඔප්පුව හොයා ගන්නට නම් දුටුගැමුණු රජු හමුවෙන්නට ඕනෑ කීවා. දුටුගැමුණු රජතුමා තමා මේවා කරල තියෙන්නෙ. එතුමා ළඟ තමා ඔප්පුව ඇත්තේ කියලත් මම කීව්වා. කොහොම කොහොම හරි බුද්ධසාසන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරගත්තා. දැන් පුඵකුණාව පුරාණ රජ මහා විහාරය බුද්ධ සාසන අමාත්‍යාංශයේ, සංස්කෘතික අමාත්‍යාංශයේ සහ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරන ලද වටිනා පුරාවිද්‍යා ස්ථානයක්. පුඵකුණාව හෙවත් වෙහෙර ගල්කන්ද විහාරය(විහාර කන්ද) පිළිබඳ ඉතිහාසය හාරා අවුස්සන විටදී පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් විසින් රචිත ඓතිහාසික වඳින පුදන තැන් නමැති ග්‍රන්ථයේ ලොකු විස්තරයක් ඉදිරිපත් කර තියෙනවා. මේධානන්ද හිමියන්ට අනුව පුඵකුණාව කන්දේ හා පාමුල පිහිටි නෂ්ටාවශේෂ කොටස් කිහිපයකට වර්ග කළ හැකිය. ගොඩනැඟිලි, ස්තූප, ලෙන් කර්මාන්ත, පිය ගැට පෙළවල්, මාර්ග සහ පොකුණු වශයෙනි. කඳු ගැටය පිහිටා ඇති ආකාරය අනුව, කන්දේ මැද පිහිටි සහ කඳු පාමුල පිහිටි ගොඩනැඟිලි වශයෙන් කොටස් දෙකකට බෙදිය හැකිය. දැනට පුඵකුණාව ගම්මානයට යන පාර වැටී ඇත්තේ මෙම නටබුන් තලයට මැදිනි.

මෙම පාර අසල කඳු පාමුල සමාන්තර සේ පිහිටි කණු දෙකකි. චාම් වූ නිමාව නිසාම මෙය පැරැණි ගොඩනැඟිල්ලක ශේෂයන් සේ සැලැකිය හැකිය.
එසේම පුරාවිද්‍යා ගවේෂණ වාර්තාවලින් කියැවෙන්නේ මෙවැන්නකි. මඩකලපු දිස්ත්‍රික්කයේ එරුවිල් පොරතිව් සහ මන්මුනෙයි පත්තු නම් වූ උප දිසාපති කොට්ඨාසයේ පුඵකුණාව නම් ගමේ පුඵකුණාව පිහිටා ඇත. අම්පාර උහන මහා මාර්ගයේ අම්පාරෙයි සිට සැතැපුම් 18ක් පමණ ගිය විට හැරී යන පාරකින් මෙම ස්ථානයට පැමිණිය හැකිය. පු`ඵකුණාව පුරාවිද්‍යා ආරක්ෂිත ප්‍රදේශය වනගත විශාල කන්දකි. එහි දකුණු බෑවුමෙහි කටාරම් සහිත ලෙන් විශාල සංඛ්‍යාවක් ඇත. ඒවා බෞද්ධ භික්ෂුන් වහන්සේලාට පූජා කරන ලද බවට වාර්තා කරන සෙල් ලිපි ඇත. කන්දට පහතින් තිබෙන සමතලා කුටියෙහි පැරැණි ගොඩනැඟිලි ගණනාවක නටබුන් දැකිය හැකිය. නිදන් හොරුන් විසින් හාරන ලද දාගැබක්ද කණු සහිත ගොඩනැගිලි කිහිපයක් සහ ජලය සිඳී ගිය පොකුණක්ද මේ අතර වෙයි. ගල් ආසනයක් සහිත ආසන ඝරය මෙම ස්ථානයේ තිබෙන ඉතාම වැදගත් ස්ථානයයි. මෙය ප්‍රමාණයෙන් දිග අඩි 14යි අඟල් 02ක් සහ පළල අඩි 06යි අඟල් 02ක් ද වෙයි. මෙම ස්ථානයෙහි ගොඩනැඟිලි ප්‍රාකාරයකින් (පැරැණි සීමා තාප්පයකින්) වට කර ඇත. මෙම ස්ථානයේ තිබෙන ශිලා ලේඛනමය සාක්ෂි අනුව එහි ඉතිහාසය ක්‍රිස්තු පූර්ව යුගය දක්වා විහිදී යයි. මෙම ස්ථානයෙහි තිබෙන වෙනත් නටබුන් සමහරක් ක්‍රි.ව. 6-7 සහ 8 වැනි ශතවර්ෂවලට අයත් බවට කාල නීර්ණය කළ හැකිය.
රැග් විජයසිරි

SendShareShare
Previous Post

‘ඌටි’ ගිය රනිල් මහින්දගේ යාලුවකුගේ ‌තැනක නැවතිලා

Next Post

කලාකරුවො මතක් වෙන්නෙ ඡන්දෙට විතරයි

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
හදිස්සියෙම මතුවෙන්නේ මාලිමාවෙ චන්ඩිද? ජනාධිපතිතුමා දැනුවත්ද? එයාලා මේකට සපෝර්ට්ද? Sri Lanka Latest News
Exclusive

මාලිමා චණ්ඩි ගමේ වැඩ පටන් අරන්ද? සභාවේ සද්ද දානවා වැඩියි කියලා කොටගල මන්ත්‍රීට ටවුම මැද්දදිම පහර දීලා! VIDEO I Sri Lanka Latest News

කොටගල ප්‍රා.සභා මන්ත්‍රීට මාලිමාවේ පිරිසක් පහරදී ඇති බවට චෝදනා. Sri Lanka Latest News

Read more
ඉන්න හිටින්න කන්න විතරක් නෙමෙයි මිනිස්සුන්ට බොන්නත් එපා වෙයි!

බීලත් හමාරයි! විස්කි බ්‍රැන්ඩි 100කින් නගී! අරක්කු 20කින් නගී! I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.