• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

කලාකරුවො මතක් වෙන්නෙ ඡන්දෙට විතරයි

December 24, 2019
in Heart
Reading Time: 1 min read
A A
කලාකරුවො මතක් වෙන්නෙ ඡන්දෙට විතරයි
Share on WhatsAppShare on Facebook

බැලූ බැල්මට ඔහුට නපුරු පෙනුමක් ඇති බව ඔබට දැනෙනු ඇත. ඔහු ඒ ලෙසට නපුරුකම් කරන්නේ ඔබට නොව ඔහුගේ චරිතයේ සාර්ථකත්වය වෙනුවෙනි. රංගනයෙන් බැහැරව හිතට එකඟව චරිතයට පණ දෙන ඒ සංවේදී හදවත තමයි බුද්ධික ජයරත්න. චිත්‍රපට ගණනාවකට චරිත මවමින් ප්‍රේක්‍ෂක හදවත් දිනාගත් ඔහු අද සැඟවිලා ගිහින්. ඉතින් ඔහුගේ ඉදිරි කලා දිවිය ගැන අපි සමඟ කතා බහ කළේ මේ විදියට.
බුද්ධික ඉතින් කොහොමද ජීවිතේ?
ජීවිතේ මල් තමයි ඉතින්.
ජීවිතය මල් යහනක් වුණාට තරු අතර තරුවක් වුණු ඔබ දැන් දකින්න නැත්තේ ඇයි?
කරපු නිර්මාණ කිහිපයක්ම තිරගත වෙන්න තියෙනවා. ඒ ටික තිරගත වෙනකම් බුද්ධික සතුටින් බලාගෙන කලාව වෙනුවෙන් යමක් කරමින් ඉන්නවා.
ඒ ගැන පැහැදිලි කළොත්?
2020 වසර මගේ සිනමා ජීවිතයේ සන්ධිස්ථානයක් වෙයි. ජයන්ත චන්ද්‍රසිරිගේ මිදුණු විශ්වය, සුපර්ණ, කවුරුත් දන්නේ නැහැ, සුරංග ද අල්විස්ගේ ‘ද ගේම්,’ ශ්‍රී සිද්ධා චිත්‍රපට තිරගත වෙන්න තියෙනවා. එකිනෙකට වෙනස් චරිත හරහා මා දැක බලා ගන්නට පුළුවන් මගේ ආදර රසික, රසිකාවියන්ට.
ඔබ සිනමාවේ විතරක් නෙවේ 2020 පුංචි තිරයත් ආක්‍රමණය කරන බව ආරංචියි. ඇත්තද මේ කතාව?
එය ගැන මම දැන්ම කියන්න කැමැති නැහැ. දැවැන්ත ටෙලි නිර්මාණයක් නුදුරු දිනයකදීම සිදුවෙයි. එය කවුරුත් කතාබහට ලක්කරන විදියේ එකක්. අපි කිහිප දෙනකු එකතුවෙලා එහි සැලසුම් කටයුතු මේ දවස්වල කරගෙන යනවා.
ගොඩ දෙනෙක් ඔබව දන්නේ දුෂ්ට නළුවෙක් විදියට. ඔබ ඔබව හඳුනාගත්තේ මොන විදියටද?
මගේ රංග චාරිකාවේ වීරත්වය වගේම ප්‍රතිවීරත්වය දෙකම තිබුණා. දුෂ්ට චරිත මම ප්‍රතිනිර්මාණය කළේ නැහැ. මම කළු-සුදු චරිත රඟපෑවේ නැහැ. මම රඟපෑවේ අළු පාට චරිත තමයි. ප්‍රේක්‍ෂකයා මාව හඳුනාගත්තේ කළු චරිත විදියට තමයි. එහි සාර්ථකත්වයක් දැක්ක නම් මම චරිතයට සාධාරණයක් කළ බවයි මට දැනෙන්නේ.
විදේශීය ටෙලිනාට්‍ය රැල්ල නිසා අපේ නිර්මාණවලට දක්වන ප්‍රතිචාරය අඩුයි නේද?
මම රඟපාපු ටෙලිනාට්‍යයක් බලන්නවත් මට වරම් නැහැ. විදේශ නාට්‍ය ජාතික ප්‍රතිපත්තියක් වෙලා. දැන් විදේශීය නාට්‍ය කලාව රූපවාහිනිය ආක්‍රමණය කරගෙන. අපේ ගෙදර අය පවා එයට හුරු වෙලා. ඉතින් අපේ හොඳ නිර්මාණයක් බලන්නේ කොහොමද? හොඳ නිර්මාණයක් සිදුවන්නේ ඉතා කලාතුරකින්. මුලදී නාට්‍යයක නිර්මාණයක අයිතිය තිබුණේ අධ්‍යක්‍ෂට සහ තිර පිටපත් රචකයාට. ඒත් දැන් චැනල්වලට යටවෙලා. ශිල්පීන් චැනල්වලින් තමයි තෝරාගන්නේ. පරිපාලනයක් නැති වෙලා. අපි විදේශීය ‘හඬකැවීම්’ ටෙලිනාට්‍යවලට අපේ අය හුරු කළාම එයින් ඔවුන්ව ගලවගන්න බැහැ. ඉතින් අපේ තියෙන නිර්මාණ කලාව එතැනින්ම වැළලිලා යන එක කනගාටුවක්. ප්‍රේකක්‍ෂකයන් විදේශීය නිර්මාණවලින් ගලවාගෙන අපේ දෙයට හුරුකර ගැනීමයි වැදගත්.
ඔය ප්‍රශ්නෙට කළ යුත්තේ කුමක්ද?
අදහස් පළ කර තියෙනවා. නමුත් අදහස් පළකළත්, ඒ කිසිවක් ක්‍රියාත්මක වෙන්නැති එක තමයි ප්‍රශ්නය. මට කියන්න තේරෙන්නෙත් නැහැ. මේවා කාගේ වුවමනාවට ක්‍රියාත්මක වෙනවාද කියලා. සංස්කෘතිය ආක්‍රමණය වෙලා ඉවරයි. දඬුබස්නාමානය, කඩවර, වෙද හාමිනේ, දිමුතු මුතු බලපු අපේ හදවත්වලට අද වෙලා තියෙන්නේ කොපි අනුකරණයට රැවටිලා විදේශීය ටෙලිනාට්‍ය රසවිඳින්නයි.
මේ විකාශනය වන විදේශීය නිර්මාණත් එක්ක ලාංකේය ශිල්පීන්ට අත්වන ඉරණම කනගාටුවක් විය හැකියි නේද?
කලාවක් නැති රටක බිහිවන්නේ උන්මත්තකයො. කලාකරුවන් විනාශ කරලා ඔවුන්ට ඔවුන්ගේ වෘත්තියෙන් ජීවත් වෙන්න අවස්ථාවක් නැතිවෙලා. කලාකරුවො කියන්නේ හොඳට කාලා, බීලා සතුටින් හිටපු පිරිසක්. දැන් කලාකරුවා මතක් වෙන්නේ දේශපාලනයට. එය අවසන් වූ සැණින් එහෙම පුද්ගලයෙක් හිටියද කියලා මතක නැහැ. අපේ මහත්වරු ඡන්දෙට මොන ලැයිස්තුවෙ හිටියත් දිනුවට පස්සේ මොන ලැයිස්තුවේවත් නැහැ. ඉතින් කලාකරුවාට අත්වන ඉරණම ගැන කවර කතාද?
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

දිගාමඬුල්ලෙන් හමුවූ ඉතිහාසගත පුදබිම

Next Post

රාවණාගේ ගුවන් තොටුපොළේ ඉදන් ශ්‍රීපාදය බලන්න

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.