• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

තොට්ටම ගමේ විස්මිත කෙම් ක්‍රම

November 27, 2019
in Mahawanshaya
Reading Time: 1 min read
A A
තොට්ටම ගමේ විස්මිත කෙම් ක්‍රම
Share on WhatsAppShare on Facebook

ඌව වෙල්ලස්ස කැරැල්ලෙන් ඇතිවූ පීඩනය නිසාම උපන් ගම්බිම් අත්හැර දමා දිගාමඬුල්ලේ වැව්ගම්පත්තුවට සංක්‍රමණය වූ ජන කොටස් පිළිබඳ අපි ඇති තරම් කතා කර ඇත්තෙමු.ලියා ඇත්තෙමු. ඒත් පරම්පරා ගණනාවක් තිස්සේ රැකගෙන පැමිණි ඔවුන්ගේ රහස් ගුරුකම් හා කෙම් පිළිබඳ අප දන්නේ ඉතාමත් සොච්චමක් යැයි පැවසීම නිවැරැදිය.

අපේ ආදි මිනිස්සු ඒවා පණ මෙන් රැකගෙන සිටියහ. ඒවා තවෙකෙකුට හෙළි කිරීමට මනාපයක් නොදැක්වීම පිළිබඳ අපට දොසක් කිව නොහැක. මන්ද? ඒවා හෙළි කිරීමෙන් ඒවායෙහි සත්ත (බලය) හීන වන බවට ඔවුන් තුළ පැවැති දැඩි විශ්වාසයයි. කිසිවකුගේ හව්හරණක් නොමැතිව තම හිසට සෙවණැල්ල දෙන්නේ තම අත පමණක් බව වටහා ගෙන හුදකලා කැලෑ ගම්මානවල සිට වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පැරැණි ගම්වැසියන් වූ ඔවුහු එදා ජීවිකාව සරු කර ගත්තේ මෙම රහස් කෙම් හා ගුරුකම් භාවිත කරමින් බව මහත් වූ උජාරුවකින් පවසති. ඔවුන්ගෙන් පසු මේවා වල් වැදී විනාශ වී යනු නො අනුමානය. හුදී ජනතාවගේ දැන ගැනීම සඳහා මෙම වටිනා රහස් එකක් දෙකක් හෝ හෙළි කිරීම යුතුකමකැයි පෙන්වා දුන්පසු මේ පැරැන්නන්ගේ තුන්වැනි පරපුරේ සාමාජිකයෙක් ඒ සඳහා ඉදිරිපත් විය. අපි දැන් ඔහුට කන් දෙමු.
“දේවයලාගේ ජයතු මගේ අම්මා. කිරි බන්දුවා රහුවා මගේ තාත්තා. කිරි බන්දුවා ඩිංගා මගෙ බාප්පා. මේ අයිය මලෝ දෙන්නට තමා එදා කැලේ රජ්ජු කීවේ. බදුලු පැත්තෙ ඉඳල කොටබෝව, බදුලුවෙල, බුද්දම, 6 කණුව, කෝන්ගස්ඔය, බක්මිටියාව හරහා තොට්ටම ගමට ආපු මේ දෙන්නම හොඳ වෙඩික්කාරයෝ. ඒ වගේම හේනක් කෙටුවත් පළාතේ තියෙන ලොකුම හේන් මේ අයිය මලෝ දෙන්නගෙ. තොට්ටම ගමේ පවුල් 35ක් විතර හිටියා.

“මහත්තැන්ල කරපු ඉල්ලීම සාධාරණයි. අපේ රහස් හඟවාගෙන හිටියොත් අපි මැරුණම ඒව වැළලිලා යනවා. මේවා රටේ තොටේ ඇත්තො දැන ගන්ටෝන. අපේ මුත්තල, කිරි කිත්තල, තාත්තල ජීවිකාව සරුසාර කර ගත්තෙ මේවැයින්. සාත්තරේ නොදැන හද්ද වනාන්තරේ ජීවත් වෙන්ට බෑ. උන්දල ළඟ පුදුම ඇදහිලි, විස්වාස, මන්තරගුරුකම්, යාග හෝම, අංගම් පිඹිලි, පේන කීම් වගේම නා නා ප්‍රකාර බේත් හේත් තිබුණා.

“පෝඩියාරෙ මාම තමා මෙතැන ඉන්න පරණ වයසකම මිනිහ. අපිට වඩා තොරතුරු දන්න හින්ද මාම ඒ විත්ති මේ මහත්තැන්ලට කියල හිටින්ට. ගමේ අයගෙන් දිරියක් ලැබුණ 82 හැවිරිදි ගුණතිලක පෝඩියාරේ කතාව පටන් ගත්ත. දවසක් අප්පච්චී පැණි කඩන්ට බැද්දෙ රිංගුවා. මොන කරුමෙකට හරි උන්ද එදා සිරිබද්දන කෝටුව ඇන්න ගිහින් නෑ. ඕමිරිගොඩ කැලේ හිටිය වලස් තඩියා ඇඟට කඩා පැනල උගුරු දණ්ඩ බරු ගහල. එතකොට තමා උන්දට සිරිබද්දන කෝටුව සිහි ගැන්විලා තියෙන්නේ. පස්සෙදි මන්තරයක් මතුරල වලස් තඩිය එළව ගත්තත් තුන් මාසයක් එක තැන දපල බුදිය ගෙන හිටියා. ගමේ වෙද්දු දන්නා තරම් බෙහෙත් කරල උන්ද ගොඩ ගත්තා.”

“බන්නායක උන්දගෙ ඔළු ගෙඩියට යකා වැහිල නිකම්ම බැද්දට රිංගුවට අපේ අප්පච්චිල එහෙම ආවට ගියාට බැද්දට රිංගන්නේ නෑ. කතා බහක් නැතුව කාටත් හොරෙන් සිරිබද්දන කෝටුවක් කපාගෙන ගියා නම් ඔය වින්නැහිය වෙන් නෑ. සිරිබද්දන කියන්නෙ හොඳ කැලෑ පලතුරක්. ඔය වැලි අනෝදා ගෙඩිය වගේ. ගහ දැක්ක එකා බඩ පැළෙන්ට කනව මිසක් වෙන කාටවත් පෙන්නල බෙදා හදාගෙන කන්ට පුළුවන් පලතුරක් නෙමේ. ගෙවල්වලට ඇන්න එන්ට පුළුවන් පලතුරකුත් නෙමේ. වෙනත් එකකුට පෙන්නුවාම ඌ ඒක කන්ට ගියොත් ගෙඩිය ඇතුළෙ පණුවො වැහි වහල වගේ ඉන්නවා. ඒ හින්දා සිරිබද්දන ගෙඩි දැක්ක එකා ඒව කන්නෙ හොරෙන්.

අපේ තාත්තල බැද්දට රිංගන්ට කලින් ගහක අත්තක් කඩාගෙන දෙයියන් බුදුන් සිහිපත් කරල ආරක්ෂාව ඉල්ලනවා. බැද්දට රිංගන කොට සමහරක් ගස් උඩ කිනිතුල්ලො දහස් ගානක් ඉන්න කිනිතුලු කූඩු තියෙනවා. බැරි වෙලාවත් කිනිතුලු කූඩුවක් ඉහ මත්තෙ කඩාගෙන වැටුණොත් ඇස්, කන්, නාස් පොලු ඇතුළටත් උන් රිංගනවා. වෙන විසාදිය කියල නිම කරන්ට බෑ. මේ ගැන දන්න එකා කිනිතුලු කූඩුව ඉහ මත්තට කඩා වැටුණ ගමන් ඇඳගෙන ඉන්න වස්තරේ ගලවල කණපිට පෙරළලා ආයෙත් ඇඳ ගන්නවා. ළඟ පාත ගහකින් කොළ අත්තක් කඩාගෙන ඉහේ ඉඳන් ඇඟ පිහදා ගන්නවා. අර සිය දහස් ගානක් ඉන්න කිනිතුල්ලො කොහේ ගියාද දන්නෑ. එකෙක් ඇඟේ නෑ. මේක අපේ පරම්පරාගත බලගතු කෙමක්.

මී, බඹර කඩන්ට කාණ්ඩයක්ම යනවා. යන්ට කලින් අඩි දෙකක් විතර දිගට වලස් පොල්ල කපා ගන්නවා. ඒකේ මුල පැත්තෙන් පෙත්ත ගැහුවාම කළුපාට තිත් වැටුණොත් හම්බු වෙන්නේ බිං මීයක්. අග පැත්තෙන් පෙත්ත ගැහුවාම කළු තිත් වැටුණොත් උඩ මීයක්. ඉන් පස්සෙ නඬේ ගුරා “කතා සද්දෙන්…කතා සද්දෙට. පොරෝ සද්දෙන්… පොරෝ සද්දෙට. මී හූ සද්දෙන්… මී හූ සද්දෙට. මීය බමරේ පෙන්නා දෙන්ට කියල දෙයියන්ට කන්නලව් කරල පැන් පුදනවා. ඉන් පස්සෙ බැද්දෙ කරක් ගහල ඇති පදම් මී කඩා ගත්තත් කටේ තියන් නෑ. මීය කඩපු ගහේ බෙනේට කොළ අතු තියල ඒ උඩට මී පැණි වක්කරල දෙයියන්ට පුදනවා. ගෙවල්වලට ආවාම හැම ගෙදරකටම මී වද බෙදනවා. තනියෙන් කන පුරුද්දක් අපේ ළඟ තිබුණෙ නෑ.

දඩයමේ ගියත් එහෙම තමා. ගෝනෙක් එළාගත්ත කියමුකෝ. ගෝන මස් කරල කුර හතර ඇර හැම ගෙදරකටම පංගුවක් දෙනවා. ගෝනගේ බෙල්ල ළඟ හම (කර හං) පුච්චල වේළල තියා ගන්නවා. සාගත කාලවලදී මේ හම්පොතු කෑල්ල තළල තලප ගිලින්ට කායම හදා ගන්නවා. කොටින්ම කියනවා නම් විසික් කරන්නෙ ගෝන කුර හතර විතරයි. ඒ දවස්වල අපි හිටිය ගෙවල්වල. වහලට ඉළුක් හෙවිළිකර ගන්නවා. අපිට තිබුණෙ කැත්තයි පොරොවයි විතරයි. ඒ හින්ද වෙලං වගේ තද නැති කෝටු කපාගෙන රැහල පැති දොරක් හදා ගන්නවා. ඒකෙන් ගෙට ඇතුළු වෙන කපොල්ල වහං කර ගන්ට පුළුවනි. අවුරුද්දෙ ගොයිතැන් වැඩ නැති කාලවලදි තමා වැඩිපුර දඩයමේ යන්නේ. පායන කාලවලදි කැලේ වතුර වළවල් හිඳෙන්ට පටන් ගන්නවා. එතකොට කුකුරුමං ඇට, පුස් වැල් එහෙමත් නැත්තන් කල වැල් මුල් තළල වළට දැම්මාම මාළුවෝ මත්වෙලා පාවෙන්ට පටන් ගන්නවා. මේ මාළු ඇන්න ගිහින් බෙදා හදාගෙන ඇති තරම් මාළු කාල ඉතුරුවා මැස්සක දාල වේළ ගන්නවා.

ඒ කාලෙ අපේ ගමේ දහස් ගානක් එළ හරක් මීහරක් පට්ටි තිබ්බා. දවාලට තණකොළ උලා කන මේ හරක් රාත්තිරියට ලගින්ට රෝද පාරට එනවා. එළිවෙන කොට රෝද පාර පුරාම ගොම. ඒ හින්දා අපේ ගමට ගොම තොට්ටම කියල නමකුත් පට බැඳුණා. පෝඩියාර්ල ගෙවල්වල කරත්ත තිබුණා. ඒ කරත්තවල නැඟිල තීත්තන් යනවා. (තිරුක්කෝවිල් කෝවිල) දීඝවාපිය වඳින්ට යනවා. අක්කරපත්තුව, කල්මුණ වගේ පළාත්වල ඉඳල හරක් ගන්ට එන මරක්කයෝ හරකගෙ දිගට රෙද්දක් අල්ලල ඒ රෙදි කෑල්ල කඩා දීල හරක ඇන්න යනවා. සමහරක් දවස්වල හරක් පට්ටි පිටින් කැලේ අතරමංවෙලා ගමට එන්නෙ නැතුව ඉන්නවා. මේක තොට්ටම කපුරාල මුත්තට කීවාම කැලේ ගහක් යට සුදු කරල (එළි පෙහෙළි කරල) උදේ ඉඳන් හවා වෙනකම් එක දිගටම ආවේශ වෙලා මල නටනවා. මෙන්න බොලේ අර කැලේ ගැහිල හිටි හරක් පට්ටිය පහුවදා උදේ ගාලට ඇවිත්. අපේ කාලෙදි නම් කෙනෙක් මියදුණාම දවස් දෙකක් ගෙදර තියාගෙන ඉඳල පැදුරක ඔතල වළ දැම්මා. ඒ වළ අඩි පහක් හයක් ගැඹුරට හෑරුවා. නැත්තන් මිනිහ නැඟිටලා එයි කියල බයක් තිබුණා.

බකිනිගහවෙල මුදියන්සේලාගේ කිරිබංඩා ගුරුන්නාන්සේ අංගමක් පිම්ඹොත් පිම්ඹම තමා. අංගම වැදුණ එකා නාහින් කටින් ලේ දාගෙන දෙරි ගැහෙනවා. කයට මතුරනවා. නූල් බඳිනවා. තෙල් මතුරනවා. තොවිල් පවිල් කරනවා. බක්මිටියාවේ බණ්ඩියාගොඩ උක්කුහාමි ගුරුන්නාන්සේ ඉසිවරයෙක් වගේ. අංගමක් කපන එක උන්දට කජු කනව වගේ සෙල්ලමක්. ඒ වගේම පිස්සු නරියෙක් හරි බල්ලෙක් හරි කාල පිස්සු බලු රෝගෙ හැදුණ කෙනාට පිස්සු වට්ටවල, නටවල තමා බෙහෙත් කළේ. අන්තිමේදී ඌරු මස් කන්ට දීල ලෙඬේ හොඳ බවට සත්ත පෙන්නනවා. ඔඩු දුවපු තුවාලයක් වුණත් මතුරල හොඳ කරන්ට පුළුවනි. ඒත් කවදාකවත් සල්ලියක් ගත්තෙ නෑ. කැමැත්තෙන් දෙන ගුරු පඬුරක් නම් බාර ගන්නවා.

රැග් විජයසිරි

SendShareShare
Previous Post

අතිප්‍රබල අසුබ යෝගය කේමදෘම

Next Post

දැදුරු ඔය අතුරුදන් වෙන සලාපුරේ වැලිතලාව

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.