• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

ජීවිත මිලියන ගණනක් අරගෙන ගිය ‘කළුමාරයා’

April 18, 2020
in Mahawanshaya
Reading Time: 1 min read
A A
ජීවිත මිලියන ගණනක් අරගෙන ගිය ‘කළුමාරයා’
Share on WhatsAppShare on Facebook

මේ දිනවල මුළු ලෝකයෙන්ම ඇසෙන්නේ එකම බියකරු වචනයක් වෙන අතර මුළුමහත් ලෝකයටම සිටින්නේ ඒ වචනයෙන් අර්ථ ගැන්වෙන සැමට පොදු සතුරෙකි. ඒ වෙනකක් නොව “covid 19” හෙවත් අප හොඳින්ම දන්නා “කොරෝනා” නම් මාරයාය. මේ ලියන මොහොත වෙනවිට ලෝකය තුළ “කොරෝනා” මාරයා වෙතට ගොදුරුවී ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී සිටින සිටින අහිංසක මිනිසුන් ගණන ලක්ෂ පහළොවද ඉක්මවා ඇත. එමෙන්ම එම මාරයා වෙත ගොදුරු වී දෑස් පියාගත් අහිංසක ජීවිත ගණන දැන් අනූදහසද ඉක්මවා තිබේ. එසේ බැලූ කල “ covid 19” හෙවත් “කොරෝනා” යනු එසේ මෙසේ මාරයෙකුද නොවේ. මේ අතර මෙදා කොරෝනා වෛරසය පැමිණි ලෙසම එදාද විවිධ වසංගත රටට ලෝකයට පැමිණ තිබේ. ඊට හොඳම නිදසුන වන්නේ මිලියන ගණනක් එලොවට යවපු “කළු මරණය” හෙවත් “මහාමාරිය” වසංගතයයි. ඉතින් දන්නා අයගේ වැඩිදුර දැනගැනීම පිණිසත් නොදන්නා අයගේ දැනගැනීම පිණිසත් අපේ අද කතාවද එම “කළු මරණය” ගැනයි.

අතීතයේ ව්‍යාප්තව ඇති “කළු මරණය” හෙවත් “මහාමාරිය” (Black Death Plague) යන නමින් හැඳින්වූ වසංගතය ගැන කියවන ඔබ දැන් නොදන්නවා විය නොහැකිය. ඊට හේතුව එය එවකට මුළු ලෝකයක්ම කැළඹූ මිනිස් ජිවිත උඩු යටිකුරු කළ වසංගතයත් වීමයි. ලෝක ඉතිහාසය තුළ මිනිස් වර්ගයා ගොදුරු කරගත් විශාලම ව්‍යසනවලින් එකක් ලෙසද මෙය හැඳින්වෙයි. වර්ෂ 1346 සිට වර්ෂ 1353 අතර කාලය තුළ යුරෝපයේ සහ ආසියාවේ මිලියන ගණනාවක් මිනිසුන් ඊට ගොදුරු වී මියගොස් තිබේ. කළු මරණය හෙවත් මහාමාරිය නමින් හැඳින්වෙන එම වසංගතය මධ්‍යතන යුගයේදී මිනිස් වර්ගයා ගොදුරු කරගත් විශාලම ව්‍යසනයයි. පසුව ප්‍රංශ ජාතික ක්ෂුද්‍ර ජීවීන් පිළිබඳ විශේෂඥයෙකු වූ “අලෙක්සෝන්ද්‍ර යර්සැන්” මහතා ඊට හේතුකාරක වූ බැක්ටීරියාව සොයාගත් අතර ඒ වර්ෂ 1894 දී පමණය. ඔහුව සිහි කිරීම සඳහා එයට නම් තැබුවේද “යර්සැනියා පෙස්ටිස්” යනුවෙනි.

මෙම වසංගතය හේතුවෙන් එවකට ලෝකය පුරා සිදු වූ මුළු මරණ සංඛ්‍යාව මිලියන 75ක් පමණ බව පැවසෙයි. යුරෝපයේ පමණක් මරණ මිලියන 25ත්, 50ත් අතර විය. කළු මරණය හේතුවෙන් යුරෝපයේ එම ජනගහනයෙන් එදා 30%ත්, 60%ත් අතර ප්‍රමාණයක් මියගොස් තිබේ. මෙම වසංගතය කොතරම් දරුණුවට පැවතුණාද කිවහොත් එමඟින් වර්ෂ 1400දී ලෝක ජනගහනය මිලියන 450 සිට මිලියන 350ත් – 375ත් අතර ප්‍රමාණයකට අඩු වී ඇති බව පැවසෙයි. මෙසේ කළු මරණය ව්‍යාප්ත වීමත් සමඟින් යුරෝපියානු මුළු ජනගහණයට එය මහත් බලපෑමක් සිදුවූ අතර එරට ජන ජීවිතය පවා ඒ හරහා වෙනස්ව තිබේ. වසංගත රෝගය මුලින්ම හටගෙන තිබෙන්නේ චීනයේය. ඊට පසු ඉන්දියාවටත් යුරෝපයටත් එය ව්‍යාප්තව ගොස් තිබේ. එසේ ව්‍යාප්තවීමට හේතුව වූයේ ආසියාවේ සිට එරටට ගිය ඉතාලි ජාතික නැවියන්ය. මේ අතර මෙම වසංගතයට හේතුව මීයන්ය. මහාමාරිය රෝගයෙන් පෙළෙන මීයන් මිනිසුන්ව සපා කෑමෙන් මෙන්ම සිරුර තුළ වසන මැක්කන් මිනිසුන්ට දෂ්ඨ කළ විට ඒ හරහා මෙය ව්‍යාප්තව තිබේ.

මෙම වසංගතය “කළු මරණය” ලෙස හැඳින්වුයේ රෝගීන්ගේ සිරුර පුරා කළු පැහැති පුල්ලි මතුවීමත්, එයින් මිය ගිය අයගේ සිරුරු බෙහෙවින් කළු පැහැ ගැනීමත් නිසාය. එකල සිටිය කිසිම වෛද්‍යවරයෙකු වෙත රෝගය පිළිබඳව නිශ්චිත අවබෝධයක් මෙන්ම ඊට කළයුතු ප්‍රතිකාර පිළිබඳ දැනුමක් නොවීය. මෙය බැක්ටිරියා ආසාදනයක් වුවත් එකල ඊට ප්‍රතිජීවක නිපදවා නොමැතිවීමත් නිසා ඉතා ඉක්මනින් මෙම වසංගතය ව්‍යාප්ත වූ බව සඳහන්ය. මුල් අවස්ථාවේදී ඉස්මතු වූ රෝග ලක්ෂණ නම් අඩු නොවන උණ සහ ලේ වමනය කිරීමයි. ඊට ගොදුරු වූ පුද්ගලයෙකුට දින තුනකින් සිය ජීවිතය අහිමි විය. ග්‍රන්ථි මහාමාරිය එම වසංගතයේ ඉතිරි කාලය තුළ පැවතුණි. ඒ අවස්ථාවේ අඩු නොවන උණ රෝගය රෝග ලක්ෂණයක් වූ අතර ශරීරයේ බාහිරව ඇති කිහිල්ලේ සහ ඉකිලිවල සාරය සහිත ගෙඩි සහ විශාල සැරව බිබිලි පැමිණ ඇත. ඊට ගොදුරු වූ අයෙකු දින පහකින් මිය ගොස් තිබේ.

එකලද ලෝකයේ ඇතැම් රටවල යම් යම් මිථ්‍යා මත පැවතුනි. කළු මරණය සම්බන්ධයෙන්ද ඒ කතාව එසේ විය. ඒ අනුව එවකට තිබූ ආගමික බලපෑම් මත පොදු ජනතාවගේ ආකල්පය වූයේ මෙම වසංගතය දෙවියන් දුන් දඬුවමක් බවයි. එම කරුණ උඩ මෙම වසංගතය පාලනය කිරීමට අදාළ රටවල් මැළිකමක්ද දක්වා ඇත. මේ අතර කළු මරණය හෙවත් මහාමාරිය වසංගතය ව්‍යාප්ත වූ ආකාරය පිළිබඳ කිසිදු නිවැරදි වැටහීමක් එකල ජනතාවට නොතිබුණු නිසා එහිදී ඔවුන් බල්ලන් හා බළලුන් සැක කොට මරා දමා තිබේ. එහෙත් ඒ සතුන්ව එසේ මරා දැමීම නිසාම මීයන් තව තවත් එරටේ පැතිර යන්නට වූ බව සඳහන්ය. නමුත් සැබෑවටම සිදුවූයේ මහාමාරිය රෝගයෙන් පෙළෙන මීයන්ගේ සිරුරේ වසන මැක්කන් මිනිසුන්ට දෂ්ඨ කළ විට එම මැක්කන් තුළ වූ රෝග බීජ මිනිස් සිරුර තුළට ඇතුළු වී මිනිසුන් රෝගී කිරීමයි. සත්‍යය ලෙසම මෙම වසංගතය ව්‍යාප්ත වූයේ එසේය. එහෙත් එය තේරුම් ගැනීමට එදා මිනිසුන්ට නොහැකි විය.

අතීතයේ යම්කිසි නිවෙසක පුද්ගලයෙකුට මෙම මහාමාරිය වසංගතය ආසාදනය වූ විට එහි සෙසු නිවැසියන් කළේ නිසැකවම මරණය උරුම කරගත් රෝගියා නිවස තුළම අත්හැර දමා නිවෙසින් පිටවීමයි. එකල රෝගීන් සිටි මෙන්ම සිටින නිවෙස්වල ලොකු කුරුසියක් ඇඳ තැබීමේ සිරිතක්ද විය. ඉතාම සමීප අයුරින් සාදා තිබූ මුඩුක්කු බඳු කුඩා අපිරිසිදු නිවෙස් ආදියෙන් සමන්විත වූ යුරෝපීය නගරවල මහාමාරිය නම් මෙම වසංගතය ඉතා වේගයෙන් පැතිර ගිය බව සඳහන්ය. එහිදී නගරවල සිට ජනතාව පිටිසර පළාත් වෙත යන්නට වූ අතර එයින් සිදුවූයේ එම ප්‍රදේශවලද මෙම වසංගතය පැතිරී යෑමයි. යුරෝපයේ මේ තත්ත්වය වේගයෙන් පැතිර ගිය අතර කරන්නට කිසිවක් නොවූ කල ඔවුන්ට සිදුවූයේ බලසිටීම පමණි. මේ අතර මෙම වසංගතය සෑදුණු ඇතැම් පුද්ගලයින් සියදිවි නසාගත් පුවත්ද අපට අසන්නට ලැබුණි. කෙසේ හෝ මහාමාරිය ව්‍යාප්ත වූ රටවල් එකල එකම මළගෙයක් මෙන් විය.

කළු මරණයට ගොඳුරු වූ මිනිසුන්ගේ මළකඳන් පැටවූ කරත්ත සොහොන් බිම් කරා ගෙනයන දසුන් එකල යුරෝපයේ සෑම නගරයකම වූ සුලබ දසුනක් විය. මේ කාලයේම ලන්ඩන් නුවර මෙම රෝගයෙන් පීඩිතව සිටියදී අහම්බෙන් එහි හටගත් ඉතා විශාල ගින්නකින් එහි වූ නිවෙස් මුළුමනින්ම පාහේ දැවී අළු වී විනාශ වෙන්නට විය. ඉන්පසුව එම නඟරයේ තිබූ මහාමාරිය වසංගතය අඩු වී ගිය අතර ඊට හේතුව වූයේ නිවෙස් තුළ සැඟව සිටි මීයන් විශාල වශයෙන් මියයාමයි. නමුත් එකල ජනයාට එය වැටහුණේ නැත. මේ අතර මහාමාරිය වසංගතයේ ආරම්භයට හේතුව මීයන් වුවද එය පැතිරෙන්නේ මිනිසුන් හරහාය. මෙම මහාමාරිය වසංගතයේ ඉතිහාසය පිළිබඳ අධ්‍යයනය කිරීමේදී අපට පෙනීයන්නේ වර්ෂ 1350දී ඉතා විශාල වන්දනාකරුවන් පිරිසක් රෝමය බලා පැමිණීම නිසාද මෙම වසංගතයේ ව්‍යාප්තිය වේගවත් වූ බවයි. එදා 14 වෙනි සියවසේදී ඇති වූ මහාමාරිය වසංගතය නැවත වර්ෂ 1910දී මැන්චූරියාවේ ඇති වූ අතර නැවත එය වර්ෂ 2014 තුළ මැඩගස්කරය ප්‍රදේශයේ ඇති විය. මේ වසංගතය දෙස බැලීමේදී පෙනීයන්නේම “කොරෝනා” වසංගතයද මීට සමාන එකක් බවයි.
රුවන් එස්. සෙනවිරත්න

SendShareShare
Previous Post

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘විරු අභිමන්’ හඳුන්වාදෙයි

Next Post

පෝට්සිටි වෙතින් රු. ලක්ෂ 60කට අධික ද්‍රව්‍යමය පරිත්‍යාග

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.