ලෝකයේ සුප්‍රසිද්ධ රාජකීය සොහොන් කොත් ගැන කතා කරද්දී චීනයේ ‘මිං’ සොහොන් මාලිගයට හිමිවන්නේ විශේෂ තැනකි. මෙය පිහිටා ඇත්තේ බීජිං නගරයට කිලෝමීටර් 50ක් පමණ දුරින් පිහිටි නිදහස් ස්ථානයකයි. ක්‍රි.ව. 1368 සිට 1644 දක්වා කාලයේ චීනයේ රජ කළ රජවරු කීපදෙනෙක් සහ බිසෝවරු කිහිපදෙනෙක් වෙනුවෙන් මෙය ඉදිකරවා ඇත. මෙය සොයාගෙන ඇත්තේ 1956 දීය.











