• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

කොණ්ඩදෙණිය හිමියන්ගේ ගෝලයා හෙළිකරන රහස්

February 13, 2020
in Mahawanshaya
Reading Time: 2 mins read
A A
කොණ්ඩදෙණිය හිමියන්ගේ ගෝලයා හෙළිකරන රහස්
Share on WhatsAppShare on Facebook

එදා කොණ්ඩදෙණිය හාමුදුරුවෝ කෝච්චිය නවත්තද්දී මමත් හිටියා

නවත්තපු කෝච්චියෙ මාත් උන්නා. ඔය අල්ල පනල්ලේම චුට්ටේට ලොකු හාමුදුරුවෝ “ගමනක් යමු”යි කීවේය. ඉබ්බා දියට දාන කොට ඇන්නෑවේයි කීවා සේ කොල්ලා උන්නේ පස් වනක් ප්‍රීතියෙන් පිනා ගිහිල්ලාය. පන්සලේ හතර මුල්ලට කොටු වී උන්නා විනා චුට්ටාගේ ලෝකේ තිබ්බේම සීමා වෙලාය. කුඹුරට එහෙට්ට මෙහෙට්ට දුවා කියා ගන්නා වෙලා ඩිංග ඇර ලොකු සෙල්ලමක් උන්දාට තිබ්බේද නැත. ගමනක් යැවිල්ලම ලොකු දෙයක් වෙන්නේ ඔන්න ඔය හින්දාය.

“අපි කොහෙ හරි යනවය කියලා විතරයි මං දැන ගෙන තිබ්බෙ. කොහොමටත් නායක හාමුදුරුවන්ගෙන් ප්‍රශ්න අහන සිරිතක් අපේ නෑ. ඒ නිසා යමුය කිව්වා. ආවා…”

“ගමන පිටත් වුණේ කෝච්චියෙන්. කෝච්චි ගමන් මං දැන උන්නේ නෑ. මීරිගමින් යන කෝච්චිය හූ කියනවා විතරක් මයි මං අහලා තිබ්බේ. ඒ නිසා මං බොහෝම උජාරුවෙන් ඒ ගමන ආවා.”
“ගමනෙ කෙළෝර තිබ්බෙ කැලණි පන්සලේ. මාව එළියෙන් හිටෝලා උන්නාසෙ ගියා කැලණි පන්සලේ නායක හාමුදුරුවො මුණ ගැහෙන්ඩ. මං ඉතින් එහෙට මෙහෙට පැන පැන උන්නා. ඔය දැන් කාලෙ වගේ ඒ වංගියෙ පන්සල විශාල නෑ. මහා දාගැබයි, පිළිමගේයි, බෝධියයි ඔය විදියටම තිබ්බා. හැබැයි පන්සල ඔය තරමට විශාලෙට හදලා තිබ්බෙ නෑ.”

“කොහොමින් කොහොම හරි නායක හාමුදුරුවො දානෙ එහෙමත් වැළඳුවා. මටත් කතා කරලා බත් එකක් බෙදලා දුන්නා. අපේ වගේ ගමේ තාලෙ නෙමෙයි. ඒ බත් එක බොහෝම සාර සොබාවයි. බත් කෑවම කන්න පලතුරු අරක මේකත් තියෙනවා. ඒවා සප්පායන් වෙන කොට දවසෙන් බාගයක් ඉවර වුණා.

ආයෙත් ඉතින් කතා බතා කාරිය අහවරක් කරලා, ලොකු හාමුදුරුවො යන්ඩ හැරෙන කොට ඉර හැරිලා හුඟ වෙලා ගිහිල්ලා.”

“යමන් චුට්ටො, කෝච්චිය අල්ලා ගන්ඩ ඕනෙ කියලා උන්නාසෙ බොහෝ කඩිසරේට වැඩියා. මාත් ඒ පස්සෙන් දුවගෙන දුවගෙන ආවා. කොහොම හරි කෝච්චිය අල්ලාගත්තා. වෙලාවට ආව හින්දා හාමුදුරුවන්ටත් සන්තෝසයි. මොකද එදා ඒ වෙලාවෙන් පස්සෙ මහව නවත්තන්න කෝච්චියක් නෑ”

“ඔන්න ඒ පාර කියාපි, මේ කෝච්චිය මහව නවත්තන්නෙ නෑ කියලා…”
“හාමුදුරුවො ඒ මහත්තුරුන්ගෙන් ඇහුවා ඒ මොකෝ කියලා. එතකොට ඒ මහත්තුරු කිව්වා ‘ඒවා එහෙම තමයි කියලා’

“හාමුදුරුවො කිව්වා, එහෙම කරන්ට එපා. මේ ගංවල උදවියට වෙන කෝච්චියක් නෑය කියලා. උන්නැහැලා ඇහුණේ නෑ වගේ උන්නා. හාමුදුරුවොත් ආයෙ මොනවත්ම කතා බහ නොකර ඇවිදිල්ලා වාඩි වුණා”

“දැන් මම හිතාගෙන උන්නේ අපිට පන්සලට යන්ට බැරිවෙයිම කියලා. ඇයි යන කොට රෑ බෝ වෙනවා. මේක මහවවත් නවත්තන්නෙ නෑ. එතකොට කොහේ නවත්තාවිද දන්නෙ නෑ.කොහේ ගියත් එන්ට වෙන්නෙ පයින්. හාමුදුරුවො නම් වඩින්නෙ කඩියා වගේ. මං යන්ටත් එපෑ…”

“ඔහොම හිතාන හිතාන එනකොට කෝච්චිය ඩග් ගාලා නතර වුණා. මයෙ හිතේ මං උන්නේ නින්ද ගිහිල්ලා වෙන්ඩෑ.”
“හාමුදුරුවො,

බහිමු චුට්ටො කිව්වා. මම හාමුදුරුවො පස්සෙන් ගියා. හාමුදුරුවො බැස්සට මට බහින්ට බෑ. කෝච්චිය නවත්තලා තිබ්බෙ මඟ. ස්ටේෂමක් නෑ. හාමුදුරුවො මාව දර කොටයක් වාගෙ උස්සලා ගත්තා.”

“ඉතින් මං ඉස්සර වුණා. හාමුදුරුවො ඔහෙන් මෙහෙන් කීවා. මෙන්න බොලේ පන්සල මිදුල. මම හාමුදුරුවො දිහා බැලුවා. මට හරි සන්තෝසයි.

ඇයි අප්පේ කකුල් කෙඩෙත්තු වෙනකල් ඇවිදින්න වේවි කියලනෙ උන්නෙ. දැන් මේ අඩියයිනෙ. ස්ටේෂමෙන් බැස්සනම් මේ වගේ දහ ගුණයක් යන්ට ඕන”

“ඔහොම පන්සලට ගියා කියමුකො. හාමුදුරුවො කුටියට ගියා. මම ඔහෙ පන්සල මිදුලෙ උන්නා. විනාඩියක් දෙකක් වෙන්න ඇති. මෙන්න බොලේ මහත්තුරු වගයක් එනවා, කලබලෙන් කලබලෙන්”

“මං බැලුවා උඩ. මං පොඩි එකානෙ. උන්දලා උස මහතයි. යාන්තම් එක මහත්තයෙක් මට මතක් වුණා. ඒ අර කෝච්චිය නතර කරන්නෙ නෑමයි කියාපු කෙනා”

“පොඩි එකෝ හාමුදුරුවො ඉන්නවද?”

“උන්දා ඇවිල්ලා ඇහුවෙ මගෙන්. මං සුටුස් ගාල දුවලා ගියා ලොකු හාමුදුරුවො ළඟට. හාමුදුරුවනේ අර මහත්තුරු වගයක් ඇවිල්ලා, කිව්වම හාමුදුරුවො හිනා වුණා,

“ආ ඇවිල්ලද?” කියලා, හරියට හාමුදුරුවො දැනගෙන උන්නා වගේ.”

“හාමුදුරුවො හෙමීට හෙමීට බර අඩි තියලා ආවා”

“මොකෝ මේ මහත්තුරු?”

කියලා ඇහුවා, ඒ තුන්දෙනාම හාමුදුරුවන්ට වැන්දා. හාමුදුරුවො ඇඟිල්ල උළුක් කරලා මොකක්දෝ එකක් කිව්වා. හරියට බනිනවා වගේ.”

“ඕන්න ඊට පස්සෙ වැලි ඩිංගක් අරගෙන මොනවද සුටු සුටු ගාලා මතුරලා අර එක මහත්තයෙක්ගෙ අතට දුන්නා. ඒ ගොල්ලෝ කලබලෙත් අරගෙනම ආපහු ගියා”

“මං පස්සෙන් පහු දැන ගත්තේ ඒ අර කෝච්චියෙ ඩ්‍රයිවරුයි, ගාඞ් මහත්තයයි තව කෙනකුයිලු. අපේ හාමුදුරුවො අපිට ඕන තැනින් කෝච්චිය නතර කරලා බැහැලෑ ඇවිල්ලා. එහෙ එක විජ්ජුම්රේලු.

ඔය අස්සෙ කවුදෝ අහලා, හාමුදුරු කෙනෙක්ට එහෙම මොනවා හරි කිව්වද කියලා. ඊට පස්සෙ අපෙ හාමුදුරුවො එක්ක කතා බහ කරාපු විත්තිය උන්නැහැලා කියලා. ඒකයි ඇවිල්ලා තියෙන්නෙ පන්සලට. හාමුදුරුවො වැලි දීලා තියෙන්නෙ කෝච්චියට ඉහින්ඩ. ඉස්සයින් පස්සෙයි කෝච්චිය හූව කිව්වෙ, ඒක අපිටත් ඇහුණා. හූව කියලා කෝච්චිය පිටත් වුණා. අදත් එතැන ඒ කෝච්චිය නතර කරපු තැන ස්ටේෂම තියෙනවා ඔන්න…”

චුට්ටෙ ඒ කතාව එසේ අවසන් කළේය. ඔහුගේ මතකය ඔහු හරවන්නේ වචනයටය. එය අකුරට මුහුකිරීම මගේ කටයුත්තය. ඔබ විශ්වාස කළ යුත්තේ ඔහුවය. මමද විශ්වාස කරන්නේ ඔහුවය. මේ මතක රහ දැනෙන්නේ එවිටය.
ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

සෙලින්කෝ ලයිෆ් ‘Ceylena’’ කතන රොබෝවරිය හඳුන්වා දෙයි

Next Post

හදවත රත්තරන් ජෝතිට දැන් අසූවයි

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

මහබැංකුව සතුව තිබූ ඩොලර් සංචිතය මේ වනවිට ඩොලර් මිලියන 6800 සිට 6400 දක්වා අඩුවී ඇති බව හිටපු මුදල් අමාත්‍ය රවී...

Read more
ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.