• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

කල්යල් බලා හරියට කරපු අපේ ගොවිතැන

November 26, 2019
in Mahawanshaya
Reading Time: 1 min read
A A
කල්යල් බලා හරියට කරපු අපේ ගොවිතැන
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාව අතීතයේ පටන් කෘෂිකර්මාන්තයෙන් යැපුණු ආර්ථිකයෙන් යුක්ත වූ රටකි. අතීතයේ පමණක් නොව වර්තමානයේද අපගේ ප්‍රධාන ජීවනෝපාය කරගත් රැකියාව වන්නේ කෘෂි කර්මාන්තයයි. අතීතයේ පටන් මෙහි රාජ්‍ය විචාළ පාලකයන්ගේ මාහැඟි නිර්මාණ අදත් විද්‍යමාන වීමෙන් හෙළි කරන්නේ ඒ කාලයේදී කෙතරම් දුරට කෘෂිකර්මාන්තය දියුණුවී තිබුණේදැයි යන්නයි.

අපගේ ඉතිහාසය සෙවීමේදී වැඩි වශයෙන් සමීප කරගන්නේ ඓතිහාසික හා සාහිත්‍ය මූලාශ්‍රයන්ය. මහාවංසය, දීපවංසය ආදී කෘති මේ සඳහා සුවිශාල මෙහෙවරක් ඉටුකරයි. මීට අමතරව සෙල්ලිපිවලින් ද ලැබෙන දායකත්වය සුළුපටු නොවේ. ඒවා සලකන්නේ පුරාවිද්‍යා මූලාශ්‍රය ලෙසයි. මේ අනුව ලංකාව පුරා විසිරී පැතිරී ඇති ශිලාලේඛන මගින් බොහෝ තොරතුරු අප ඉදිරියේ තැබීමට සමර්ථ වී ඇත.

අතීතයේ දී කෘෂිකර්මාන්තයේ නියැළුණු පිරිස තම කටයුතු නොමසුරුව නොමැළිව ඉතා වුවමනාවෙන් සිදු කළ බවත් මේ සඳහා රජයෙන් සිදුවිය යුතු සියලු වගකීම්ද මනාව සිදු වූ බවත් මෙකී ලිපිලේඛන කියාපායි. කෘෂිකර්මාන්තයේදී යල-මහ- මැද කන්න තුනම වගා කළ බවත්, ගොඩ-මඩ දෙකම වගා කළ බවත් තොරතුරුවලින් දත හැකිය. එකල වගා කළ ධාන්‍ය මොනවාදැයි හෙළි කරන ලිපියක් තෝනිගලෙන් හමුවේ. එකී ලිපියේ දැක්වෙන්නේ එක් පුද්ගලයෙක් කලහුමනක නියම තන්හි වී, මුං, උඳු තැන්පත් කර ලැබෙන පොලිය යහිසපවය නම් විහාරයේ වාර්ෂිකව පවත්වන අරියවංස පූජාව සඳහා ලබා දුන් බවයි. ඒ අනුව වී වගාවට අමතරව මුං, උඳු වැනි කෘෂි බෝගයන් ද හේන් ගොවිතැනද එකල පැවති බව හඳුනාගත හැකිය. මෙම තොරතුරුවලින් හඳුනාගත හැකි වැදගත් කරුණක් නම් තාක්ෂණය දියුණු වර්තමාන සමාජයේ ගොවීන්ගේ කෘෂි ඥානය එකල තාක්ෂණය නොමැති කාලවකවානුවක් තුළ වුවද ජීවත් වූ ගොවියන්ගේ තිබූ බවයි. වගාකළ යුතු බීජ මොනවාද? ඒවා වගාකළ යුතුවන්නේ කුමන කාලයේද? ආදිය පිළිබඳ මනා අවබෝධයකින් එකල ගොවියන් පසු වූ බව හඳුනාගත හැකිය.
මෝසම් වර්ෂාව ආරම්භයට පෙරාතුව (ජූලි සිට අගෝස්තු දක්වා) කැලෑ එළි පෙහෙළි කිරීමත් අගෝස්තු සිට සැප්තැම්බර් මැද දක්වා කාල සීමාවේදී කැලෑව ගිනි තැබීමත් සැප්තැම්බර් මැද සිට සුන්බුන් ඉවත් කොට දඬුවැට සකස් කිරීමත් සැප්තැම්බරයේ අග සිට නොවැම්බර් මැද දක්වා බෝග සිටුවීමත් ඊළඟ වර්ෂයේ මාර්තු තෙක් අස්වනු නෙළා ගැනීම දක්වා ගොවියා ගත කරනුයේ කාර්යබහුල කාල වකවානුවකි. වී වගා කිරීම කළ යුතු කාලයේ වී ගොවිතැනත් හේන් ගොවිතැනේදී නවදැලි හේන සකස් කරගැනීමේ සිට අස්වනු නෙළාගැනීම දක්වා කළ යුතු කටයුතු, පිළිවෙත් පිළිබඳ දැනුමක් හා ඉවසිලිවන්තභාවයක් මෙකල සිටි ගොවියන් සතුව පැවති බව ශිලාලේඛනගත තොරතුරුවලින් මනාව හඳුනාගත හැකිවේ.

අතීතයේ පැවතියේ යැපුම් ආර්ථිකයකි. ලබාගන්නා අස්වැන්න පරිභෝජනය පිණිස පමණක් පැවති අතර ඊට අමතරව ඔවුන් ලැබූ අස්වැන්නෙන් විහාර දේවාල සඳහාද පුද පූජා සිදු කොට ඇති බව සෙල්ලිපි ඇසුරින් හැඳිනගත හැකිවේ. අතීතයේ සිට මෙරට විසූ සාමාන්‍ය ජනතාව ආගමට දහමට ළැදි පිරිසක් බවත් දැහැමි සමාජයකින් යුක්තව පැවති බවත් මේ සාධක අනුව දත හැකිය.

යල මැද මහ ආදී කන්නවල වගා කළ බෝග පිළිබඳ හඳුනාගැනීමෙන් පැහැදිලි වන කරුණක් වන්නේ මොවුන් විවිධ බීජ, බෝග ගැන මනා දැනුමකින් පසු වූ බවයි. විශේෂයෙන්ම වී හැරුණු කොට අතිරේක බෝග වගා ක්‍රම පිළිබඳත් ඒවා වගා කිරීමේදී අනුගමනය කළ යුතු උපක්‍රම පිළිබඳත් මනා හැඳිනීමකින් සිටි බව පැහැදිලිය. ඇතැම් අවස්ථාවල භූමියේ නිසරු බව ආදිය මඟහරවා ගැනීම සඳහා අතිරේක බෝග වගා කිරීම කෙරෙහි යොමු වූ බවද සිතිය හැකිය.
වර්තමානයේ තරම් තාක්ෂණික දියුණුවක් නොමැති යුගයක කෘෂිකර්මාන්ත කටයුතු සඳහා ගවයා, මී ගොනා ආදී සතුන්ගෙන් ලැබුණු දායකත්වය සුළුපටු සේ සැලකිය නොහැකිය. ශිලාලේඛනවල ගෙරි, මී, ගොන්, එළ ආදී සතුන් පිළිබඳ සඳහන් කර තිබීමෙන් මෙය තවදුරටත් සනාථ කරගත හැකිය. විශේෂයෙන්ම වී ගොවිතැනේ දී මී හරකුන් බහුල වශයෙන් යොදා ගන්නට ඇත. වර්තමානයේදීත් කෘෂි කර්මාන්ත කටයුතු සඳහා මී හරකුන් යොදා ගැනීම සිදු කරයි. මීට අමතරව කිරි වැනි ආහාර සඳහා ගවයා, එළුවා ආදී සතුන් ගෘහාශ්‍රිතකරණය කර ඇත. ඔවුන්ගෙන් ලැබෙන ගොම පොහොර සිය වගා කටයුතු සරුසාර කරගැනීමට යොදා ගන්නට ඇත. මේ අනුව වර්තමානයේ මෙන්ම අතීතයේදීත් ගවයා, එළුවා ආදී සතුන් කෘෂිකාර්මික කටයුතුවලදී ගොවියාට මහත් සේ උපකාර කළ, දායක වූ පිරිසක් ලෙසින් හඳුනාගත හැකිය. ඔවුන් ගැමි දිවිය හා බැඳුණු ස්වභාවය නොයෙක් ජන ගී ආශ්‍රයෙන් ද හැඳිනගත හැකිවේ.

අතීතයේ ජනතාවගේ ඥානය පරීක්ෂා කිරීමේදී හෙළිවන වැදගත් කරුණක් ඇත. එනම් අතීතයේ විසූවන් තුළ පවා බැංකු ක්‍රම පිළිබඳ අවබෝධයක් තිබූ බව හෙළි වීමයි. උතුරු මැද පළාතේ පිහිටුවා ඇති තෝනිගල සෙල්ලිපිය තුළ මුදලට ලැබෙන පොලී ප්‍රමාණය වීවලට 50ක්ද, බෝංචිවලට 25ක්ද ආදි වශයෙන් සටහන් වීමෙන් දත හැකිය. ඒ අනුව එකල බැංකු ක්‍රමයක් පිළිබඳ ජනතාවගේ තිබූ ඥානයේ ස්වභාවයද හැඳිනගත හැකිවේ. උතුරුමැද පළාතේ දිස්වන මහාපරිමාණයෙන් යුත් ජලාශ හා වැව් ආශ්‍රයෙන් එකල පැවති කෘෂි කර්මාන්තයේ ස්වභාවය හඳුනාගැනීමට සාක්ෂ්‍ය අප වෙත සපයයි. ඒ සාක්ෂ්‍ය නිරවද්‍ය කරගැනීම පිණිස සෙල්ලිපිවලින්ද මහඟු දායකත්වයක් ලබා දෙයි.

තෝනිගල ලිපියට අමතරව මේ කාලයේදී දැකගත හැකි තවත් ලිපියක් වන්නේ ඇටබැඳිගල ලිපියයි. එහි කහවණු තැන්පත් කර එයින් ලැබෙන පොලිය පිළිබඳ සඳහන් කර ඇත. ඊට අමතරව කුඹුරු, වැව්-අමුණු, ඉඩකඩම් ආදිය පිළිබඳ තොරතුරු ලැබෙන සෙල්ලිපි ගණනාවක් හමුවේ. හිඟුරේගල පර්වත ලිපිය, නාගිරිකන්ද ලිපිය, ගැරඬිගල ලිපිය ආදිය ක්‍රිස්තු වර්ෂ 4-5 වැනි සියවස්වල පිහිටුවා ඇති සෙල්ලිපියි. මේවා මගින් කෘෂිකාර්මික කටයුතු පිළිබඳ මනා දැනුමක් ලබාගත හැකිය.

මෙකී ශිලාලේඛන මඟින් එකල මෙරට කෘෂිකර්මාන්තය කෙතෙක් දුරට සමෘද්ධව පැවතියේදැයි හැඳිනගත හැකිය. ගොවියන් කෘෂිකාර්මික කටයුතුවලදී යොදාගත් බෝග පිළිබඳත් වගා කළ කාලවකවානු පිළිබඳත් කෘෂි කටයුතු සාර්ථක කරගැනීම පිණිස වාරි තාක්ෂණයේ බලපෑමත් ගොවිතැනේදී පිහිට වූ සතුන් පිළිබඳත් ඔවුන්ගේ පැවති බැංකු ක්‍රම පිළිබඳත් තොරතුරු රාශියක් හඳුනාගැනීමට මේ අනුව හැකියාව ලැබේ. ඒ කරුණු මගින් අතීතයේ පැවති ගොවිතැන පිළිබඳ දළ අදහසක් වර්තමානයේ ජීවත්වන අපට ලබාගත හැකි වේ.
පදියතලාවේ ඥාණවිමල හිමි

SendShareShare
Previous Post

ඇවිදිල්ල සෙල්ලමට ගන්නා කෙල්ලන්ට

Next Post

මෛත්‍රී මන්ත්‍රී කණ්ඩායම කැදවයි

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.