• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

ඇවිදිල්ල සෙල්ලමට ගන්නා කෙල්ලන්ට

November 26, 2019
in Holiday
Reading Time: 1 min read
A A
ඇවිදිල්ල සෙල්ලමට ගන්නා කෙල්ලන්ට
Share on WhatsAppShare on Facebook

ඇත්තටම මුලින්ම කියන්න ඕනෑ මම මේ මාතෘකාව කතා කරන්නේ මගේ අත්දැකීම්වලින් පමණයි. ඒ වගේම මං ඒ අත්දැකීම්වලින් ගත්ත දේවල්වලින් පමණයි. ීදකද එර්ඩැක කරනවා කියන්නේ තමන්ගේ නිදහස උපරිමයෙන් ලබාගන්න පුළුවන් අවස්ථාවක්. ඉතින් මිනිස්සු නිතර ගැවසෙන තැන්වල වගේම මිනිස්සු ඇස නොගැටෙන තැන් කීපයකම මම සෝලෝ ට්‍රැවල් කරල තියෙනව. ඒවගේම ිදකද ජ්පචසබට අවස්ථා කීපයකම අත්දැකීම් මට තියෙනව.
උපරිම නිදහස වගේම තමා ගැන සියලු වගකීම් තමා සතුයි මේ ගමනේදී. එතකොට අපිට අපි විතරයි. ට්‍රැවල් කරන කෙනෙක් එහෙම නැත්තම් බැක්පැක් ට්‍රැවලර් කෙනෙක් හැටියට සෝලෝ අත්දැකීමක් හරිම වැදගත් දෙයක් කියලයි මම හිතන්නේ. විශේෂයෙන් තමන්ගේ ආරක්ෂාව මේවගේ අවස්ථාවකදී මුල් තැනට ගන්න ඕනි. අපි ට්‍රැවල් කරන්නේ අපි නාඳුනන ප්‍රදේශයක නැත්තම් අපි එම ප්‍රදේශයට පිටස්තරයෙක්. ඉතින් ඇත්තටම අනිත් අයගේ අවධානය විශේෂයෙන් අපි දිහාට වැටෙනවා.

මෙහෙම හිතන්නකෝ බැක්පැක් ට්‍රැවලර් කෙනෙක් තනියෙන් ටවුන් එකක ඉන්නකොට කීදෙනෙක් නම් බලනවද කීදෙනෙක්ගේ අවධානයට ලක්වෙනවද. ගෑනු ළමයෙක් වුණාම ඒක තවත් වැඩියි. ඇත්තටම සමහරවිට අපි අපහසුතාවට පත්වෙන තරමටම අපිව හයිලයිට් වෙනවා. බස් එකකට නැග්ගත් අපේ ලොකු බැක් පැක් එක, කූඩාරම දිහා කීදෙනෙක් බලනවද. කඬේකට තේ එකක් බොන්න ගියත් ඉන්න හැමෝගෙම අවධානය විනාඩියකට හරි බැක්පැක් ට්‍රැවලර් කෙනෙක්ට යොමුවෙනවා.

එතකොට අපි මිනිස්සු ගැවසෙන තැනක සෝලෝ ට්‍රැවල් කරනව නම් විශේෂයෙන් කැපී පෙනෙන දේවල්වලින් තොර වෙන්න ඕනි. ඇඳුමෙන් පැලඳුමෙන් මිනිස්සු මනින රටක් මේක. ඒ නිසා ට්‍රැවල් කරන වෙලාවට සාමාන්‍ය ඇඳුමක් ඇඳන් යන එක වඩාත් හොඳයි. විශේෂයෙන් ගැහැනු ළමයි සෝලෝ ට්‍රැවල් කරනකොට කැපී පෙනෙන ඇඳුම් අඳින එකෙන් වළකින්න ඕනි. ගොඩක් අවස්ථාවලදී ඇඳුම් නිසා අපහසුතාවට පත්වෙන්නෙ ගැහැනු ළමයි. මටත් ඒවගේ අත්දැකීම් කීපයක් තියෙනවා. හෙට්ටිපොළ බස් නැවතුම්පොළේ සහ මඩකලපුව බස් නැවතුම්පොළ අසලදි තමයි මම ඒ අත්දැකීම්වලට මුහුණ දුන්නේ.

එතකොට අපි සෝලෝ හයික් එකක් වගේ කරනව නම් ඒ කියන්නේ මිනිස්සු අඩු තැනක, ග්‍රාමීය ප්‍රදේශවල සංචාරය කරනකොට අපිට ගොඩක් පුද්ගලයන් හමු වෙනවා. තනියෙන් යන නිසා ගොඩක් අය බලන්නේ කතා කරලා අපේ විස්තරේ දැනගන්න. ඉතින් පුළුවන් තරම් අඩුවෙන් කතාකරලා අපි අපේ ගමන යන එකයි ඇඟට ගුණ. අනිත් දේ තමා අපේ විස්තර සම්පූර්ණයෙන් කියවන්න යන්න හොඳ නෑ. අපි බයයි කියල දැනෙන්නවත් දෙන්න හොඳ නෑ. අපි සියලු දෙයින් සන්නද්ධව ඉන්නෙ කියල දැනෙන්න අපි ඉන්න ඕනි. එතකොට වැඩිය කතාවට කවුරුත් එන්නෙ නෑ. අපිට අපේ ගමන පාඩුවේ ගිහින් එන්න පුළුවන් එහෙම වුණාමයි.

විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවල සෝලෝ ට්‍රැවල් කරනකොට කිසිම වෙලාවක මඟපෙන්වන්නන් හොයන්න යන්න එපා. තනියෙන් ගමනක් යනවනම් යන්න සතියකටවත් කලින් හැමදේම හොයල බලල ලෑස්ති කරගන්න. ලොකේෂන් එකට යනවිදියේ ඉඳන් තමන්ගේ අවශ්‍යතා සියල්ල සම්පූර්ණයෙන් තමා විසින්ම සපුරගන්න එක තමා හොඳ. ඒ වගේම ගමන යන්න කලින් තමන්ගේ විශ්වාසවන්තම කීපදෙනකුට ගමන ගැන සම්පූර්ණ විස්තරයක් හා ගමන අතරමඟ පොඩි අප්ඬේට් එකක් දෙන්න. ඒක ඔයාගේ ආරක්ෂාවට වැදගත්වෙයි.

සෝලෝ කෑම්ප් කරන්න කොහේහරි කැලේකට යනවනම්, මුලින්ම තමන්ගේ ගමන ගැන සම්පූර්ණ විස්තරයක් හොයාගන්න එක අනිවාර්යයෙන්ම කරන්න ඕනෙ. ඊටපස්සෙ තමන් යන ලොකේෂන් එක, නවතින තැන්, අරන්යන දේවල්, කෑම බීම ගැන උනන්දු වෙන්න. විශේෂයෙන් යන තැන ගැන හොඳ දැනුමක් ලබාගන්න යන්න කලින්. කෑම්ප් කරන්න පුළුවන් තැන්, බොන්න වතුර ගන්න පුළුවන් තැන්, ඒ ප්‍රදේශයේ ඉන්න සතුන් ගැන විතරක් නෙවෙයි වෙන්න පුළුවන් කියලා හිතෙන අනතුරු වගේ මේ හැමදෙයක් ගැනම දැනුවත් වෙන්න ඕනි. සෝලෝ කෑම්ප් කරන කෙනෙක් අරන් යන බඩු ටික අනිවාර්යයෙන් දෙපාරකට වඩා චෙක් කරලා පැක් කරගන්න එක හොඳයි. මොකද මොනව හරි දෙයක් මිස් වුණොත් අපිට ඉල්ලගන්න කෙනෙක් නෑ.
ඒවගේම සෝලෝ කෑම්ප් කරන තැන ආරක්ෂාව තමා තනියෙන් සලසගන්න ඕනි. ගොඩක් රෑ වෙලා කූඩාරම ඇරලා එළියෙ ඇවිදින්න යන්න එපා. මොකද කැලේ සත්තු ඉන්න පුළුවන්. ඒවගේම අපි නාන්න කොහේහරි වතුරකට බහිනවානම් ඒ තැන ගැනත් වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. ගැඹුරු තැන්වලට යන්න එපා. තමන්ට අවශ්‍ය ප්‍රථමාධාර තමන් ළඟ අනිවාර්යයෙන් තියාගන්න. තවදෙයක් වැඩිපුර මුදල් බෑග් එකේ වෙනත් තැනක තියාගන්න. ඒ වගේම මඟ පෙන්වන්නම් කියලා පස්සෙන් එන පුද්ගලයන් මඟහරින්න. ඔවුන් පිළිබඳව විමසිල්ලෙන් ඉන්න. විශේෂයෙන් මුදල් ගනුදෙනු මත දෙයක් කරනව නම් දෙපාරක් හිතන්න. තමන් ගාව තියෙන වටිනා දේවල් කැමරා, ෆෝන් වගේ දේවල් අනවශ්‍ය ලෙස පේන්න තියන් ඉන්න එපා. හැමදේම යන්න කලින් දෙපාරක් හිතල හොයල බලලා ලෑස්ති වෙලා යන්න. ඒ වගේම තමන්ගේ නම, ළඟම කෙනකුගේ දුරකතන අංකයක් බෑග් එකේ තියන් ඉන්න පුංචි පොතක ලියල දාගෙන තියාගන්න. ඒක හැමතැනටම වැදගත්. ඒවගේම අරන් යන කිසිදෙයක් දාල එන්නත් එපා. පරිසරේට හානි වෙන කිසිදෙයක් කරන්න එපා. පරිසරේට ආදරේ කරන්න. එතකොට පරිසරේ අපිව ආරක්ෂා කරනවා. මේ හැම දේම අත්දැකීමෙන් කියන්නේ.
සචින්තනී යහලේගෙදර

SendShareShare
Previous Post

මවකගේ හදගැස්ම

Next Post

කල්යල් බලා හරියට කරපු අපේ ගොවිතැන

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News
Exclusive

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

ශ්‍රී ලන්කන් ගුවන් සමා­ග­මට 2013 වස­රේදී යානා දහ­ය­කින් සම­න්විත ගුවන් බල­ඇ­ණි­යක් මිලදී ගැනී­මේදී යුරෝ­පීය ගුවන් සමා­ග­ම­කින් අමෙ­රි­කන් ඩොලර් මිලි­යන 2ක...

Read more
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

අද උදේ පාස්පෝට් පෝලිමේ සිටි මව ප්‍රසූත කළ දරුවා මියයයි! වැරැද්ද කාගේද?

අවුරුදු 4ක දැරියක් ඩෙංගු මාරයාට බිළිවෙයි! මරණ ගණන 56ට නගී! I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හෝමාගම කර්මාන්ත ශාලාවේ ගින්නෙන් 5ක් මරුට! හිරවී සිටින අය සොයා තවදුරටත් මෙහෙයුම්! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

රටම අහන ප්‍රශ්න 3ක් විපක්ෂනායක සජිත් අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් අහයි! මහාභාණ්ඩාගාරෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වගකීම ගන්නේ කව්ද? කව්ද මේ සල්ලි ආපහු ගෙවන්නේ..? වගකිවයුත්තන්ට ගත්ත විනය ක්‍රියාමාර්ග මොනවාද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.