• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

ඕලන්දකාරයා හම්බන්තොට හදපු අමුතු තාලෙ කාලතුවක්කු අංගණය

May 3, 2021
in Mahawanshaya
Reading Time: 1 min read
A A
ඕලන්දකාරයා හම්බන්තොට හදපු අමුතු තාලෙ කාලතුවක්කු අංගණය
Share on WhatsAppShare on Facebook

සුද්දා අපිට කරපු විනාශය කියලා නිතර නිතර සුද්දටම දොස් කිව්වත් ඇතැම් දේවල් ගැන සුද්දට හොඳ කියන්නත් අපිට සිද්ධ වෙනවා. ඒ අතරින් ප්‍රධාන තැනක් ගන්නේ ඔවුන්ගේ ඉදිකිරීම්. ඇත්තම කිව්වොත් සුද්දා හදලා ගිය දේවල් තමයි දැනට වසර ගණනාවක් පුරා අපි භාවිත කරන්නෙත්. ඒ අතරින් සුද්දා හදපු කෝච්චි පාරවල් සහ ස්ටේෂන් ගැන නොකියාම බැරි වෙනවා. සමහර ස්ටේෂන්වල සමහර කොටස්වල තවමත් තියෙන්නෙ එදා සුද්දා ගාපු තීන්තමයි. ඉතින් එහෙම බැලුවාම අපි අපි ගැනම තව සැරයක් හිතන ගමන් සුද්දා හදපු වටිනා කියන ඉදිකිරීම් ගැන හොඳ දකින එකත් හොඳයි කියලයි හිතෙන්නේ.

මෙරට ඉදිකරපු ගොඩනැගිලි අතර ප්‍රධාන තැනක් ගන්නා නිර්මාණ රැසක් අපට දායාද කරපු බි්‍රතාන්‍ය සහ ඕලන්ද සමයේ එම කාල සීමාවන්වල ඉදිකරන ලද ඓතිහාසික ස්මාරකයන් රැසක් හම්බන්තොට කේන්ද්‍ර කර ගනිමින් ඉදිවූ අතර, හම්බන්තොට කොටුව නමින් එදා ප්‍රසිද්ධ වූ භූමියේ ඉදිවූ විශේෂ ඉදිකිරීම් රැසක් අදත් හම්බන්තොට කච්චේරි භූමියේ පිහිටා තිබෙනවා. ඒ අතර පැරැණි ප්‍රදීපාගාරය, පැරැණි තානායම, අශ්වගාල, එල්ලුම් ගස සහ සොහොන් භූමියට හිමිවන්නේ ප්‍රධාන තැනක්.

මේ සියල්ල අතර කාගෙත් අවධානය දිනාගත් අමුතු ආරක ගොඩනැඟිල්ලක් වරාය දෙසට මුහුණපා තරමක් උස් කඳු මුදුනක පිහිටා තිබෙනු දක්නට ලැබෙනවා. සිලින්ඩරාකාර මෙම ගොඩනැඟිල්ල කාගෙත් අවධානය දිනාගත්තේ එහි හැඩයත්, පිහිටි ස්ථානයත් නිසාමය. මාටෙලෝ කුලුන නමින් හැඳින්වූ මෙය එකල විශේෂ යුද අට්ටාලයක් ලෙස භාවිතයට ගන්නට හැකි අයුරිනුයි නිර්මාණය කර තිබෙන්නේ. ගොඩබිමින්, මුහුදෙන්, අහසෙන් යන මේ කුමන ආකාරයට සතුරා පැමිණියද එම සතුරු ප්‍රහාරයන්ට ඉතා සාර්ථකව මුහුණදීමට හැකි ආකාරයට අංශක 360කට කැරකැවිය හැකි කාල තුවක්කුවක් මාටෙලෝ ගොඩනැඟිල්ලේ ඉහළම මහලේ ස්ථාන ගතකර තිබූ බවත් පැවසෙනවා. එම කාලතුවක්කුව සවිකොට තිබූ වෘත්තාකාර වේදිකාව අදද එහි දක්නට පුළුවන්.

අඩි 25ක් උස්වූ අඩි 40ක විෂ්කම්භයක් ඇති සිලින්ඩරාකාර තාප්පයකින් හා වෘත්තාකාර පාදමකින් සමන්විත මෙම ගොඩනැඟිල්ල මහල් තුනකින් යුක්තය. එහි ඉහළම මහළ කොන්ක්‍රීට්වලින් නිමවා පෙර සඳහන් කළ දැවැන්ත කාලතුවක්කුව සවිකොට තිබී ඇති අතර දෙවැනි මහල ලෑලි තට්ටුවකින් නිමවා ඇත. එය යුද භටයන්ගේ නවාතැන ලෙස භාවිතා කොට තිබේ. බිම් මහලේ වෙඩිබෙහෙත් සහ පුපුරන ද්‍රව්‍ය ගබඩා කර තිබී ඇත. මෙයි සියලුම මහල් සඳහා ගමන් කිරීමට වෙනමම පඩිපෙල් ඉණිමං යොදාගෙන ඇති අතර, ආරක්ෂාව ගැන වැඩි අවධානයක් යොමුකර සියල්ල සිදුකර ඇති බවක්ද පෙනෙන්නට තිබේ.

අවට නිරීක්ෂණය කළ හැකි ආකාරයට බිත්තියේ විවිධ ස්ථානවල කුඩා වා කවුළු තබා ඇති අතර, කුලුන ඇතුළට පිවිසීම සඳහා ඉදිරිපසින් තරප්පු පෙළක් සහිත එක් දොරටුවක් පමණක් ඉදිකර තිබේ.

හම්බන්තොට මාටෙලෝ කුලුන ඉහළ කඳු මුදුනක් කේන්ද්‍ර කරගනිමින් හාත්පස සියලුම ඉසව් පෙනෙන අයුරින් ඉදිකර තිබීම හේතුවෙන් නගර සීමාවත් මහ සයුරත් ඉතා පහසුවෙන් නිරීක්ෂණය වෙයි. එනිසා සතුරු ප්‍රහාර කලින්ම හඳුනා ගැනීමේ හැකියාව ඇති අතර, මේ කුලුන ඉදිකර ඇති ක්‍රමය අනුව එය සතුරු ප්‍රහාරයකින් පහසුවෙන් බිඳහෙළිය නොහැකිය. තවද එහි ඉහළ මහලේ සිට එල්ල කරනු ලබන දැවැන්ත කාලතුවක්කු ප්‍රහාරවලින් සතුරු ආක්‍රමණ ඉතා පහසුවෙන් බිඳහෙළීමේ පහසුවද ලැබෙයි.

මාටෙලෝ කුලුන ලංකාවට පමණක් ආවේණික දෙයක් නොවුණද එය යටත්විජිත පාලන සමයන්හි වෙනස් යටත් විජිතවලද ඉදිකළ සාම්ප්‍රදායික ආරක්ෂක අට්ටාල වර්ගයක් බවත් පෙනී යන්නේ මෙවැනිම ආරක්ෂක ගොඩනැඟිලි එම රටවලද තිබූ බවට තොරතුරු හෙළිවීමෙනි. ලෝකයේද එවැනි ආරක්ෂක කුලුන ඇතැම් රටවල අදද දක්නට ලැබේ. ඇතැම් ඒවා නටබුන් බවට පත්ව තිබේ.

නැඟෙනහිර කෝසිකාවේ මාටෙලෝ කුලුනෙහි සැලැස්ම අනුගමනය කරමින් ලංකාවේ මාටෙලෝ කුලුන ගොඩනඟන ලද බව සඳහන් වන අතර, ලංකාවේ ඇති මාටෙලෝ වර්ගයේ කුලුන හම්බන්තොට ඇති මෙම කුලුන පමණකි. දකුණු ආසියාතික රටවල් ගත්තද හොඳින් ඉතිරිව ඇති එකම කුලුනද මෙයයි. තවද එය ලෝකයේ ඉතිරිව ඇති මෙවැනි නිර්මාණ අතරින් පැරැණිම කුලුනද වෙයි.

ඒ අනුව බලන කල මෙය සුවිශේෂී වටිනාකමක් සහිත ගොඩනැඟිල්ලක් සේම දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත හැකි දායාදයක් ලෙසටත් පෙන්වා දිය හැකිය.

කුමාර රත්නායක

SendShareShare
Previous Post

ඔක්සිජන් හිඟයට ගෝඨා මැදිහත් වෙයි

Next Post

සෙලාන් WNPS හවුලෙන් “නිර්මාණාත්මක ප්‍රතිචක්‍රීයකරණ තරඟාවලිය” පවත්වයි

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන රැඳවුම්...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.