නිල්වන් අහස් කුස පුරා සෞම්‍ය හිරු රැුස් විහිද යමින් තිබෙන්නට ඇත. නිල්වන් කෙත්වතු පිසගෙන ආ මද සුළග යෝධ ඇළේ ජල කදම්භය මත දැවටී තව තවත් සිසිල් වෙමින් අවට කෙත්වතුවල වැඩෙහි නිරතව සිටින්නන්ගේ ගතසිත නිවා සනසන්නට ඇත.
දහවල උදාවෙමින් තිබුණේය. කුඹුරු යායේ විවිධ කාර්යයන්හි නියැළෙමින් උන් ගොවීන් එකා දෙන්නා යෝධ ඇළෙහි ජලයෙන් මුව කඩ සෝදාගෙන හෙවනක් සොයා කුඹුක් ගස් යටට වූයේ මහත් භක්තියෙනි. යෝධ ඇලට සමාන්තරව වැටී තිබූ පටු මාර්ගයේ ගමන් කරන රජුගේ හේවායන් දුටු ගොවීන්ගේ මුහුණුවල සියුම් නිසා රැුල්ලක් මැවුණේය.
‘අපේ දෙවියෝ වඩින හැඩයි. ඕං අපේ වගාබිම්වලට අඩුපාඩු ඇද්ද බලන්නට වෙන්ටෑ’
මැදිවියේ ගොවියකු ඉතා ගරුසරු හඩින් අනෙකා සමග මිමිනුවේය. මාර්ගය දිගේ ගමන් කළ හේවායෝ යෝධ ඇළ අසල තිබූ මහා සියඹලා ගස ළග නතරවී වටපිට පරීක්ෂා කර බලා ගරුසරු සහිතව සීරුවෙන් සිටියෝය. ශක්තිමත් ලී කදන් යොදා පඩිපෙළක් සේ ඉදිකළ ආධාරකයක් යෝධ ඇලේ සිට ඉහළට ඒමට සකසා තිබූ අතර එතැන තොටුපොළක ස්වභාවය ගත්තේය. කුඹුරුපිටිවල විවිධ කාර්යයන්ගේ නිරතව සිටි ගොවියන් එකා දෙන්නා එම ස්ථානය අවටට එක්රැුස්ව එකත්පස්ව බලාගෙන උන්නේ ගරුසරු සහිත ළෙන්ගතුකමකිනි. යෝධ ඇළේ කුඹුක් ගස් අතරින් විපරම් කරමින් බලා සිටි හේවායෙක් රැුස්ව සිටි පිරිස දෙසට හැරුණේ කලබලයෙනි. ”රජතුමා සැපත් වෙනවා...” ගසකින් කොළයක් වැටෙන හඩ පවා ඇසෙන තරමට පරිසරය නිහඩ විය. යෝධ ඇළෙහි ජල තලය මත සීරුවට ඇදී ආ ඔරුවේ හේවායන් කිහිප දෙනකුත් සමග මහසෙන් රජතුමා ගරු ගාම්භීර ලෙස අවට පරීක්ෂා කරමින් පැමිණියේය. ”කෙසේද මෙහි ගොවියන්ගේ කටයුතු?” රජු ඔරුවෙන් තරප්පු පෙළට පය තැබුවේ එසේ අසන ගමන්ය. සියලූ දෙනා තම හිස් මත තිබූ ආවරණ අතට ගෙන එකස්පස්ව ගරුසරු ඇතිව සිටියෝය. හේවායෙක් රජුගේ ඔරුව මහා සියඹලා ගසේ ගැටගසා දැමුවේය. රජු එතැනින් නික්ම ඉදිරි කටයුතු සදහා ගමන් ගත්තේ මාර්ගය ඔස්සේය. රජු පිටව ගිය පසු යළිත් ගොවියන් සිය රාජකාරි සදහා පිටත්ව ගියේ රජුගේ ක‍්‍රියාවන් දේවත්වයේලා කතාබස් කරමිනි. මේ සිදුවීම එකල ගොවීන්ට මෙන්ම යෝධ ඇළ අවට ජනයාටත් හුරුපුරුදු දසුනක් වූයේ රජු සිය ගමන් සදහා යෝධ ඇළ දිගේ ඔරුවෙන් පැමිණ එතැන් පටන් ඉදිරියට මාර්ගය දිගේ ගමන් කිරීමට හුරුවී සිටි නිසාමය.
රජුගේ ඔරුව බැද දැමීමද සිදුවූයේ සුපුරුදු සියඹලා ගසේ සුපුරුදු කොටසේම වීමෙන් කෙමෙන් කෙමෙන් එම ස්ථානය රජුගේ ඔරුව බදින සියඹලා ගස ළග යනුවෙන් ජනයා අතර ප‍්‍රචලිත විය. කවුරුත් එතැන හැදින්වූයේ ‘ඔරුව බදින සියඹලා ගස’ කියාය. මේ හැදින්වීම වසර ගණනාවක් ගියද වෙනස් නොවීය. මහසෙන් රජුගෙන් පසුවද එම හැදින්වීම වෙනස් නොවීය. ඔරුව බදින සියඹලා ගස යන්න භාවිතයේදී ක‍්‍රමයෙන් වෙනස් වීම්වලට ලක්ව එතැන ‘ඔරුබැදි සියඹලාව’ නමින් ප‍්‍රසිද්ධ වූ බව ජනප‍්‍රවාද ඇසුරින් හදුනාගත හැකිය.
වසර සිය ගණනකට පෙර එදා මහසෙන් රජු සිය ඔරුව බැදදැමූ සියඹලා ගස මැරීගොස් එහි ශේෂ වූ කොටස් තවමත් එම ස්ථානයේ ඇති අතර එයින් හටගත් සියඹලා ගසක් අදටත් එතැන දැකගත හැකිය. ඇලහැර සිට බකමූණට යන යෝධ ඇළ පාරේ මෙම ඔරුබැදි සියඹලාව දැකගත හැකිය. එම ස්ථානයේම අද වෙද්දී කුඩා මින්නේරි දේවාලයද ඉදිකර තිබේ. වසභ රජු ඉදිකළ ඇලහැර අමුණ හා ඇලහැර යෝධ ඇළ ප‍්‍රමාණයෙන් විශාල කර නැවත ඉදිකිරීම සිදුකර ඇත්තේ මහසෙන් රජුය. ඒ මින්නේරි හා කවුඩුල්ල ජලාශවල ජල සැපයුම ස`දහාය. එයින් ගොවි ජනතාවට සිදුවූ සේවය අතිමහත්ය.
මහසෙන් රජු සිදුකළ සේවය අගයමින් අදද එම ප‍්‍රදේශවල ජනතාව එතුමන්ට පින් පමුණුවනු දැකිය හැකිය. එසේම එතුමන් දේවත්වයෙන් සැලකීමට තරම් ජනතාවට එතුමන් කළ සේවය විශාලය.
කුමාර රත්නායක










