• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

උඩරට බලය සිංහලයාගෙන් ගිලිහුණේ මෙහෙමයි

December 13, 2019
in Mahawanshaya
Reading Time: 1 min read
A A
උඩරට බලය සිංහලයාගෙන් ගිලිහුණේ මෙහෙමයි
Share on WhatsAppShare on Facebook

අතීතයේ සිටම ලාංකේය දේශපාලනය කෙරෙහි විදේශීය බලපෑම නොමඳව ලැබී ඇති බව ඉතිහාසය පිරික්සීමේදී හඳුනාගත හැකි සුලබ දසුනකි. ඔවුන්ගේ බලපෑම සුහදශීලී ලෙසත් ආක්‍රමණශීලී සතුරු ලෙසත් සිදුවී ඇති බව පැහැදිලිය. විදේශ රටවල් සමඟ අපේ අතීත රජවරුන් තුළ පැවැති දේශපාලන ප්‍රතිපත්ති බොහෝ සෙයින් සමානය. ඔවුන් එහිදී සුහදශීලීව කටයුතු කිරීමට වෙහෙස ගෙන ඇති බව හැඳිනගත හැකි අතර සමහර අවස්ථාවලදී සිදුවූ අසාධාරණකම් නිසා ආක්‍රමණකාරී පිළිවෙතක් ද අනුගමනය කර ඇති බව සමහර අවස්ථාවලදී හැඳිනගත හැකිය. සුහදශීලීව කටයුතු කිරීමේදී වෙළෙඳාම් කටයුතු, හමුදා සේනා ලබාගැනීම පමණක් නොව විවාහක කටයුතුද සිදුවී ඇති බව පෙනේ.

අනුරාධපුර යුගයෙන් පසු එළඹුණු සෑම යුගයකදීම විදේශ රාජ්‍යයන් සමඟ පැවතියේ සුබවාදී පාලන තන්ත්‍රයකි. ලංකාව දූපතක් වශයෙන් හුදෙකලා නොවී විදේශයත් සමඟ ගනුදෙනු කිරීමේ මනා සාර්ථක පිළිවෙතක් අපගේ අතීත රජවරුන් අතර පැවතියේය. කෙසේ නමුත් විදේශයන් සමඟ පැවැත්වූ සබඳතාව නිසාම මහනුවර යුගයේදී සිංහලයන් අතින් රාජ්‍යය ගිලිහී ගිය බව ඇසුවොත් ඔබට පුදුම සිතෙනු ඇත. එහෙත් සත්‍යය එයයි. එය සිදු වූ ආකාරය ඉතා කෙටියෙන් මේ ලිපියෙන් දිගහැරේ.

මහනුවර යුගය වන විට යුරෝපීය බලපෑම තදින්ම ලැබුණු බව නොරහසකි. මේ හේතුව නිසා උඩරට රාජ්‍ය බලය ලබාගත් පළමු විමලධර්මසූරිය රජුට සමස්ත රටේම ආධිපත්‍යය පතුරුවා හැරීමට හැකියාව ලැබුණේ නැත. විමලධර්මසූරිය රජුගෙන් පසු බලය සුරතට ලබාගත් සෙනරත් රජතුමාගේ විදේශ ප්‍රතිපත්තිය නිසා නායක්කාර් වංශිකයන්ගේ ආගමනයක් ද සිදුවිණි. විශේෂයෙන්ම මේ කාලයේ සෙනරත් රජුගේ පුතුන්ගේ විවාහ සඳහා විදේශයෙන් කුමරියන් ගෙන්වා ගැනීම හා ඔවුන් සමඟ විවාහ කරවීම වැදගත් අවස්ථාවක් ලෙසින් සඳහන් කළ හැකිය. මෙසේ දේශීය කුල කාන්තාවන් සිටියදී විදේශීය තරුණියන් විවාහ කරදීමට බලපෑ හේතු සාධක හඳුනාගැනීම දුෂ්කරය. මේ අනුව දෙවැනි රාජසිංහ රජුත් දෙවැනි විමලධර්මසූරිය රජුත් පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුත් ඉන්දියාවෙන් කාන්තාවන් ගෙන්වා ගෙන ආවාහ කරගත් කුමාරවරු වූහ. ඔවුන්ගේ විවාහ කටයුතු සිදුවීමත් සමඟ ඔවුන්ගේ ඥාතීන්ද මෙරටට පැමිණි බව නොරහසකි. පසුකාලයේ දී මෙකී ඥාතීන්ට රාජ්‍යයේ උසස් තනතුරු ද පිරිනැමීමට රජු කටයුතු කර ඇත.
අතීතයේ පටන් ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ පාලන සමය දක්වාම මෙරට පැවතියේ රජතුමාගේ අගමෙහෙසියගේ පුත්‍රයාට රජකම හිමිවීමේ ප්‍රතිපත්තියකි. ඊට පසුව රජුගේ සහෝදරයාට හෝ සහෝදරියගේ පුතාට රජකම හිමි වූ අවස්ථාද දුර්ලභ නොවන අතර මෙසේ තිබුණු ප්‍රතිපත්තිය මේ රජුගේ කාලයේදී බිඳවැටී අලුත් ක්‍රමවේදයක් ඇතිවිය. මෙසේ ඉන්දීය කාන්තාවන්ගේ පවුල් සමඟ සමීප සම්බන්ධතා පැවැත්වීමට පූර්වයෙන් රටේ පරිපාලනය හා සම්බන්ධ වැදගත් තනතුරු හිමිවූයේ රජතුමාගේ ඉතා සමීප අයටයි. ඉන්දීය කුලකාන්තාවන්ගේ ඥාතීන් මෙරටට පැමිණීමත් සමඟ ක්‍රමයෙන් ඔවුන් මෙරට ජනයන් සමඟ මිශ්‍ර වන්නට විය. මුලින් ආගම, භාෂාව ඔවුනට ආගන්තුක වූ අතර කල්යත්ම සිංහලයන් පරිද්දෙන් ඔවුන්ද සමීපව කටයුතු කරන්නට වූ බැවින් සිංහලයන්ද නායක්කාර් වංශිකයන් අතර ආවාහ විවාහ කටයුතු සිදු කරගැනීමට පසුබට නොවූහ.

වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ මරණයත් සමඟ රජය භාර ගැනීම සඳහා සුදුස්සකු නොවූයේ ඔහුට පුතකු නොවුණු බැවිනි. මෙසේ නීත්‍යනුකූල භාරකාරයකු, උරුමකාරයකු නොමැති වීමෙන් රාජ්‍යය මහත් ව්‍යසනකාරී තත්ත්වයකට මුහුණපෑයේය. රජුගේ සිංහල මෙහෙසියක වූ කාන්තාවකගේ කුසින් ඉපදුණු උනම්බුවේ රාල නමැත්තාට රජකම ලබාදීමට සිංහලයා උත්සාහ කළද අවසානයේදී ඒ උත්සාහය ව්‍යර්ථ වී රජුගේ ඉන්දීය මෙහෙසියගේ සහෝදරයකු වූ ශ්‍රී විජය රාජසිංහට රජකම ලැබිණි. සිංහලයන්ද මීට යටින් උඩගෙඩි ලබාදුන් අතර සිංහලයා සිංහලයාටම විරසක වීම හේතුවෙන් මෙසේ උඩරට රාජ්‍යය ඉන්දීය පාලකයකු සන්තකයට පත්විය. මේ වන විටත් ශ්‍රී විජය රාජසිංහ රජු බෞද්ධ භික්ෂූන් වහන්සේලා ඇසුරු කරමින් උන්වහන්සේලාගේ සිත් තුළ තමා කෙරෙහි අහිතවත් බව දුරුකර ගෙන සිටි අතර එය තවදුරටත් සාර්ථක වූයේ ඔහු බුදුදහම වැළඳගෙන සිටීමයි. මේ නිසා ඔහු නායක්කාර හාමුදුරුවෝ නමින් ප්‍රසිද්ධ විය.

අලුත් රාජ්‍ය වංශයක් ආරම්භ කළ ශ්‍රී විජය රාජසිංහ රජු වැලිවිට සරණංකර හිමියන්ගේ ශිෂ්‍යයෙකි. මුල අමතක නොකළ රජු තම ගුරු හිමියන්ට රාජගුරු තනතුර ලබාදුන් අතරම රාජ්‍ය පාලනයේදී උන්වහන්සේගෙන් අවවාද අනුශාසනා ද ලබාගත්තේය. බුදුදහමේ උන්නතිය වෙනුවෙන් කැපවී කටයුතු කළ රජතුමා නැවත උපසම්පදාව මෙහි පිහිටුවීමට මහත් වෙහෙසක් ගත්තේය. දෙවැනි විමලධර්මසූරිය රාජ්‍ය කාලයේදී උපසම්පදාව මෙහි යළිත් පිහිටුවූ නමුදු මේ වන විට එය පරිහානියට පත්ව තිබුණේය. දූත පිරිසක් සහිතව අවස්ථා දෙකකදී බුරුම දේශයට නැව් යැවුණු අතර ඒ අවස්ථා දෙකේ දීම නැව් මුහුදුබත් විය. විජය රාජසිංහ රජු නායක්කාර් වංශික කාන්තාවක් විවාහ කරගත් අතර ඇයගේ ඥාතීන්ට රාජ්‍ය සභාවේ වැදගත් තනතුරුවලින් පුද දෙනු ලැබුවේය. ඒ අනුව බිසවගේ පියාණන් රජතුමාගේ ප්‍රධාන උපදේශකයා වශයෙන් තබා ගත්තේය.

උඩරට රාජ්‍යයේ බලය රජු සන්තකයේ තිබුණු අතර පහතරට පළාත්වල බලය මේ සමය වන විට පැවතියේ ලන්දේසීන් අතේය. ඒ නිසා උඩරට රාජ්‍යයත් විදේශ රාජ්‍යයන් සමඟත් වෙළෙඳ කටයුතු මනාව කරගෙන යෑමට මහත් බාධක ඇතිවිය. ලන්දේසීන් වරායන් වසා දැමූ අතර ඒවා විවෘත කරගැනීම සඳහා රජු දැරූ උත්සාහය ව්‍යර්ථවී ගියේය. මේ අතර විජය රාජසිංහ රජු තවත් නායක්කාර් වංශික කාන්තාවක් මෙහෙසිය වශයෙන් මෙරටට ගෙන්වාගත් අතර 1746දී තවත් කාන්තාවක් ගෙන්වා ගත්තාය. මේ කිසිවකුගෙන් වත් පුත්‍ර දායාදයක් ලැබුණේ නැත. ඔවුන් සියල්ලම මිය ගියේ දරු සම්පත් නොලබාය. විජය රාජසිංහ රජුද 1782දී කලුරිය කළ අතර ඔහුගෙන් පසු රාජ්‍යත්වයට පත් වූයේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාය. ඔහු ශ්‍රී විජය රාජසිංහ රජුගේ බිසවගේ සහෝදරයෙක් විය. ඔහු මේ වන විට වයස 16ක් තරම් ළාබාල තරුණයකු වූ නිසා ඔහු සිහසුනේ තබාගෙන රජයේ කටයුතු මෙහෙයවූයේ ඔහුගේ පියා වූ නරෙප්පා විසිනි.
ශ්‍රී විජය රාජසිංහ රජු මෙන් කීර්ති ශ්‍රී රාජසිංහ රජු ද නායක්කාර් වංශික කාන්තාවන් සිව්දෙනෙක් සරණපාවා ගෙන සිටි අතර ඔවුන්ගෙන් එකදු දරුවකු හෝ නොලැබුවේය. මේ අතර රජතුමා මාම්පිටිය දිසාවේගේ දියණියද විවාහ කරගෙන සිටියෙන් ඔහුට දාව ඇයට දරුවන් සයදෙනකු වූ අතර ඒ පිරිමි දරුවන් දෙදෙනෙක් හා ගැහැනු දරුවන් සිව්දෙනෙක් වශයෙනි. ශ්‍රී ලංකාවේ ආගමික සංස්ථාව කෙරෙහි සුවිශේෂ දායකත්වයක් ලබාදුන් රජකෙනකු ලෙසින් කීර්ති ශ්‍රී රාජසිංහ වැදගත් වේ. වැලිවිට සරණංකර හිමියන්ගේ අප්‍රතිහත ධෛර්යයෙන් නැවත උපසම්පදාව මෙහි පිහිටුවීම සඳහා කටයුතු කළ අතර සියම් දේශයෙන් උපාලි තෙරුන් ඇතුළු පිරිසක් මෙහි වැඩම කරවා ගෙන උපසම්පදාව නැවත ඇති කළේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.

මේ කාලයේ දී වැලිවිට සරණංකර හිමියන්ට ‘සංඝරාජ පදවිය’ රජු පිරිනැමූ අතර තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ හිමියන්ට මල්වතු මහාවිහාරයේ නායක පදවියත් උරුලෑවත්තේ විසුද්ධි හිමියන්ට අස්ගිරි මහාවිහාරයේ නායක පදවියත් පිරිනැමුයේ රජතුමාය. එතැනින් නොනැවතුණු රජතුමා උඩරට රාජ්‍යයේ පමණක් නොව දිවයින පුරා පැවති බෞද්ධ සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණය කරවා ඒවායේ භික්ෂූන් වහන්සේලා වැඩම කරවා සිව්පසයෙන් සංග්‍රහ කළේය. මෙතෙක් කාලයක් ඇසළ පෙරහැර දෙවියන් උදෙසා පවත්වා තිබුණු අතර එය දළදා පෙරහැර හා සම්බන්ධ කරමින් අත්‍යුත්කර්ෂවත් අයුරින් පවත්වන ලද්දේ මේ රජතුමාගේ කාලයේදීය. බෞද්ධාගමට පමණක් නොව හින්දු ආගමට ද එතුමා සමසේ සැලකුවේය. එක් අවස්ථාවක රජතුමා බෞද්ධයන් කෙරෙහි අතිශය හිතපක්ෂව කටයුතු කළ නිසා ඊට එරෙහි වූ නායක්කාර් වංශිකයන් රජුට විරුද්ධව කුමන්ත්‍රණද කළහ. ඔවුන්ගේ උපක්‍රමය වූයේ සියම් දේශයෙන් ගෙන්වන ලද කුමාරයකුට සිහසුන ලබාදීමයි. එසේම බොරු වළක් සකසා ඊට රජතුමා දමා මරා දැමීමට ඔවුන් ගත් ප්‍රයත්නයට රජුගේ දෙවැනි අධිකාරම් වූ සමරකොන් මූලිකත්වය ගත් අතර මැටිහත්ත දිසාවත් මොලදණ්ඬේ බත්තනරාලත් කඩුවෙල රාලත් සහයෝගය දැක්වීය. එහෙත් රජුට මේ පිළිබඳ ආරංචි වූයෙන් ඔහු ආරක්ෂා වූ අතර කුමන්ත්‍රණකාරීන් අල්ලා ගැනීමට රජුට හැකිවිය.
කීර්ති ශ්‍රී රාජසිංහ මරණයට පත්කොට රජකම ලබාගැනීමේ අරමුණින් භික්ෂු වේශධාරීව මෙහි පැමිණ සිටි සියම් දේශයේ තරුණයා අල්ලාගෙන ඔහු පිටුවහල් කිරීමට ලන්දේසීන්ට බාරදුන් රජතුමා මීට හවුල් වූ සියලු දෙනා ඝාතනය කරවීය. සහයෝගය දැක්වූ භික්ෂූන් වහන්සේලාද උඩරට ප්‍රදේශයෙන් පිටුවහල් කිරීමට රජු කටයුතු කළේය. මේ කාලයේදී ලන්දේසි බලපෑම් දැඩිව තිබූ අතර ඔවුන්ගේ අභිප්‍රාය වූයේ උඩරට පාලන බලය අඩපණ කිරීමයි. එය යථාර්ථයක් කරමින් 1765දී උඩරට රාජ්‍යය වැටලූ ලන්දේසීන් නුවර කොල්ලකා ගිනිබත් කළේය. මේ සිදුවීමෙන් රජු බොහෝ සේ අසරණ විය. රජයේ නිලධාරීන් අතරද විවිධාකාර මතගැටුම් ඇති විය. මෙය වාසියක් කරගත් ලන්දේසි පාලකයා 1766දී ගිවිසුමක් අත්සන් කරගත් අතර ඊට රජු හා ඇමතිවරුන් විරුද්ධවුවත් පලක් වූයේ නැත.

ලන්දේසීන්ගේ දැඩි බලපෑම්වලින් මිදීම සඳහා කීර්ති ශ්‍රී රාජසිංහ රජු ඉංග්‍රීසීන්ගේ සහාය පැතූ අතර එහෙත් ඔහුගේ උත්සාහය සාර්ථක වූයේ නැත. වර්ෂ 35ක් රාජ්‍ය කිරීමෙන් අනතුරුව 1782දී රජු මරණයට පත්විය. මේ අයුරින් යළිත් රාජ්‍ය බලය ලබාගත්තේ රාජාධිරාජසිංහ සහ කීර්ති ශ්‍රී රාජසිංහ රජවරුන්ය. ඔවුන්ද නායක්කාර් වංශිකයන් වූ අතර මෙලෙසින් සිංහලයන් අත තිබූ උඩරට රාජ්‍යය වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජුගෙන් පසු යළිත් කිසිම දිනෙක සිංහලයන් අතට පත් වූයේ නැත. අවසාන පාලකයා වශයෙන් පත් වූයේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුය. ඉංග්‍රීසීන්ගේ ආක්‍රමණ හමුවේ ඔහුටද සාර්ථක පාලනයක් ගෙන යාමට නොහැකි විය.
පදියතලාවේ ඥාණවිමල හිමි

SendShareShare
Previous Post

සියපත ෆිනෑන්ස් සාමාජිකයෝ දස්කම් දක්වති

Next Post

නැවත සාකච්ජා නෑ: කමිටුවෙන් සජිත් පිල ඉවත් ‌වෙයි

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන සිකුරාදා (24) විවාදයට ගැනීමට නියමිතය.Sri Lanka Latest...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.