• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

අවතාරයකට පෙම් කළ සඳුනිකාගේ බිහිසුණු කතාව

May 9, 2021
in Mahawanshaya
Reading Time: 2 mins read
A A
අවතාරයකට පෙම් කළ සඳුනිකාගේ බිහිසුණු කතාව
Share on WhatsAppShare on Facebook

රාත්‍රිය උදාවෙමින් තිබුණේ වෙනදාට වඩා සීතල අඳුරු පරිසරයක් මවාපාමිනි. ඈතින් ඈතට පෙනෙන මංමාවත්වල විදුලි පහන් කණු විදුලි බුබුළු පිළිවෙළකට රටාවකට දැල්වෙන අයුරු ඉහළ මහලේ සඳලුතලයට වී ඈත බලාගෙන සිටි සඳුනිකාට පෙනුණේ තරමක් අමුතු සුන්දරත්වයකිනි. වසර හයක් විදෙස්ගතව සිට ලංකාවට පැමිණ ගෙවීගොස් තිබුණේ පැය විසිහතරකටත් අඩු කාලයක් නිසාවෙන් තවමත් සඳුනිකාට තම නිවෙසේ දේශගුණයටවත්, පරිසරයටවත් හුරුවෙන්නට හැකියාවක් ලැබී නොතිබිණි. ඇය ගතට දැනුණු තද සීලත වළක්වා ගන්නා අදහසින් රාත්‍රී ඇඳුමට පිටතින් දෑත් පොරවා ගත්තාය.

බැල්කනිය කෙළවර තිබූ කහ පැහැයට හුරු ආලෝකයක් විහිදූ බල්බයේ එළියෙන් ඇගේ වත සුන්දරව පෙනුණාය. විටින් විට හමනා මඳ සුළඟින් ඇගේ රාත්‍රී ඇඳුම නිදහසේ ඔබමොබ සැලුණාය. තනිකම පාළුව හුදෙකලාව අරුමයක් නොවූ සඳුනිකාගේ සිත පෙර කිසි දිනෙක නොදැනුණු තනිකමක් දැනෙමින් තිබුණේත් ඇගේ නෙත යාබද නිවෙසේ සඳලුතලයට යොමු වුණේත් එකටමය. එහි කෙළවරක තරුණයකු සිටින සඳුනිකා දුටුවේ එවෙලේය. ඒ මොහොතේ දෙදෙනාගේ දෑස් එකිනෙක ගැටුණාය. තරුණයා හිනැහුණේය. සඳුනිකාද හිනැහුණාය.

‘ලස්සන කොල්ලෙක්’ ඇය තමාටම එසේ කියාගෙන කාමරයට ගොස් දොර වසා දැමුවාය. එහෙත් ඇගේ සිත තිබුණේ තවමත් තරුණයා ගැනය. ජනේලයේ පියන යන්තම් විවර කර එදෙස බලාගෙනම සඳුනිකා යහනේ වැතිරුණාය. ඔහු තාමත් බලාගෙන සිටියේය.

ඔහු එතැනින් ගිය වෙලාවක් හෝ තමාට නින්ද ගිය වෙලාවක් නොදැනම සඳුනිකා පසුදා උදෑසන අවදි වූයේ අමුතු ප්‍රබෝධයකිනි.

‘අද හිටියොත් හිනාවෙනවා’ ඇය සිතාගත්තාය.

එදින රාත්‍රිය වන තුරු ඇයට ඉවසිල්ලක් නොවීය. රාත්‍රිය උදාවන විට සිය දහස් වතාවක් සිය ඔරලෝසුව පරීක්ෂා කළ බව ඇයට මතකය. ඒ අනුව පෙරදා වගේම තරුණයා සඳලුතලයේ උන්නේය. සඳුනිකා අගයක් ආඩම්බරයක් නැතිව හිනැහුණාය. තරුණයාද හිනැහුණේ අමුතු බැඳීමකිනි.

දෙදෙනාගේ මෙම බැඳීම දවසින් දවස දලුලා වැඩුණේය. ඔහු නිතර නිතර ඇය දෙස බලා උන්නේය. වාහනයේ නැගී පිටත්ව යද්දී හෙතෙම යාබද නිවෙසේ සඳලුතලයට වී බලාගෙන උන්නේය. දිනක් නගරයේ සුපිරි වෙළෙඳසලකදී පය පැටලී වැටෙන්නට ගිය සඳුනිකාව වැටෙන්නට නොදී බේරාගත්තේ ඔහුය. තවත් දිනෙක වාහනය දුම්රිය හරස් මාර්ගයෙන් ගමන් කරන්නට සූදානම් වෙද්දී ඔහු වාහනය ඉදිරියට නොඑන්නට ඒත් සමගම පැමිණි දුම්ියේ ඇගේ රථය ගැටෙන්නට ඉඩ තිබුණේය.

මෙතරම් තමන්ට උදව් කරන ආදරය කරන තරුණයාව තවත් මඟහරින්නට ඇයට සිතක් නොවීය. එනිසාම දිනක් ඇය සිය ජංගම දුරකතන අංකය ඔහු දුන්නාය. එදින පටන් දෙදෙනාගේ අදහස් හුවමාරු විය. එකිනෙකා ආදරය කරන්නට පටන් ගත්තේය.

‘එයා මට ගොඩක් ආදරෙයි’ සඳුනිකා නිතරම සිතුවාය. දිනක් රාත්‍රියේ සඳලුතලයේ සිටි සඳුනිකා ඔහුට තමන් සිටින තැනට එන්නට බැරිදැයි ඇසුවේ ආදරයට කරන්නට හැකි දෙයක් නොවන බව ඇය දැනගෙන උන් නිසාය. එහෙත් විස්මයකි. පසුදා ඔහු ඇගේ කාමයර අසල සඳලුතලයටවී සිටියේ ඇයව මවිත කරමිනි.

‘කොහොමද ආවේ?’ ඇය ඇසුවේ මවිතයෙනි.

‘කොහොම හරි ආවා…’ ඔහු සිනාසෙමින් කීවේය.එදා පටන් සෑම දිනෙකම දෙදෙනා එලෙස හමුවිය. දෙදෙනාට දෙදෙනා නැතිවම බැරි විය. ඔහු මුළු රැයම ගතකළේ සඳුනිකාගේ කාමරයේ ඇයත් සමගය.

‘අපි මෙහෙම ඉඳලා දරුවෙක්වත් ලැබුණොත් සේරම අවුල් වෙනවා’

සඳුනිකා නිතරම කීවාය. එහෙත් තරුණයා නිතරම කීවේ එසේ නොවන බවත්, තම සම්බන්ධයෙන් ඇයට කිසිදා අයහපතක් නොවන බවත්ය. ඔහුට ඇති ආදරය නිසාම ඒ සියල්ල විශ්වාස කළ සඳුනිකා නිහඬ වූවා මිස කිසිවක් කියන්නට ගියේ නැත.

ඔය අතරේ දිනක් ඔහු කාමරයේ සිටියදීම නිවෙසේ මෙහෙකාරිය තේ රැගෙන පැමිණියද දෛවයේ හාස්කමකට මෙන් ඔහුව දැක තිබුණේ නැත.මෙම සිදුවීම ගැන සඳුනිකා සිටියේ යම් තරමක කුතුහලයෙනි.

කාලය දින සති ගෙවී ගියේය. දිනක් රාත්‍රියේ හිටි හැටියේම කොහේදෝ තැනකින් බෙර හඬක් ඇසී තරුණයා කලබල වූ අතර කඩිමුඩියේ කාමරයෙන් පිටවී අතුරුදන්ව ගියේය. ඔහුගේ ජංගම දුරකතනය පමණක් ඇගේ මේසය මත ඉතිරිව තිබුණේය.

දින කිහිපයක් බලා සිටියද ඔහු නොපැමිණි නිසා එම දුරකතන පරීක්ෂා කර බැලූ ඇයට දැකගන්නට ලැබුණේ ඊට වසර හයකට පෙර තමා ෆේස්බුක් පෙම්වතාට යැවූ කෙටි පණිවුඩයයි. එසේ නම් තමා වසර හයකට පෙර පෙම්කළ තරුණයා ඔහුම බව වටහා ගත් ඇය පසුදාම කාටත් නොකියා තරුණයා සොයා ඔහුගේ ගමට ගියාය.

විස්තර පවසා නිවැසියන්ගෙන් තරුණයා ගැන තොරතුරු අසද්දී දෑස් කඳුළින් බර කරගත් කාන්තාවක සඳුනිකාව නිවෙස තුළට එක්කරගෙන ගොස් මල් මාලාවක් දමා තිබූ තරුණයාගේ ඡායාරූපයක් පෙන්වූයේ හඬාවැටෙමිනි. එම ඡායාරූපයේ සිටියේ දින කිහිපයකට පෙර තමා හා සිටි ඔහුම බව සඳුනිකා හඳුනා ගත්තාය.

‘පුතා කෝච්චියට පැන්නෙ එයා ආදරය කරපු ළමයා රටගියා කියලා ආරංචියට දුවේ. ඒ දැනට අවුරුදු හයකට කලින්….’

කාන්තාවගේ කතාබහට සඳුනිකාගේ සිත හිරිවැටී ගියාය. ඇයගේ හිස කරකැවෙන්නට විය. ඇයට මතක යාබදව තිබූ අසුනකට බරවී දෑස් පියාගන්නවා පමණකි.

සත්‍ය කතාවක් ඇසුරින්
නම්ගම් මනඃකල්පිතයි.

සටහන – කුමාර රත්නායක

SendShareShare
Previous Post

සති 2කට පළාතම වහයි: දිනපු ගමන් ස්ටාලින් ගත් පළමු තීන්දුව!

Next Post

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් වෙතින් කල් යන්නේ නැතිව කලින්ම සල්ලි

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.